ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals )

#1 චීටා ( Cheetah )  
වේගය : පැ.කි 109.4–120.7 (පැ.සැ 68.0–75.0)
චිටා හට තත්පර 3ක් වැනි සුළු කාලයක් තුල වේගය පැ.කි 0 සිට 96.6 දක්වා වේගය වැඩි කර ගත හැක. එසේ වුවද දරා ගැනීමේ හැකියාව අඩු බැවින් බොහෝ විට එක වරකට තත්පර 60 ක පමණ කාලයක් වේගයෙන් ධාවනය කෙරේ. 


#2 ප්රොන්ග්න් හෝර්න් ( Pronghorn )  
වේගය : පැ.කි 88.5 (පැ.සැ 55.0)
දිගු දුරක් වේගයෙන් දිවිය හැකි සත්වයා ලෙස සැලකේ. American Antilope ලෙසද හඳුන්වයි. කි.මි 0.8  ක පමණ දුරක් පැ.කි 88.5 ක වේගයෙන් ද , කි.මි 1.6  ක පමණ දුරක් පැ.කි 67 ක වේගයෙන් ද ,කි.මි 6 ක පමණ දුරක් පැ.කි 56 ක වේගයෙන් ද දිවිය හැක.


#3 ස්ප්‍රින්ග්බොක් ( Springbok )   
වේගය : පැ.කි 88  (පැ.සැ 55)  
දකුණු ඇමරිකාවට ආවේනික මුව වර්ගයක් වේ. දුවන අතර තුර දිගු දුරක් පැනීමටත්, ක්ෂණයකින් වෙනත් දිශාවකට හැරීමටත් හැකියාවක් ඇත. දක්ෂ දිගු දුර ධාවකයන් නොවේ.


#4 වයිල්ඩ් බීස්ට් ( Wildebeest ) 
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)   
blue wildebeest සහ black wildebeest ලෙස වර්ග දෙකක් ඇත. දෙවර්ගයටම ඉතා වේගයෙන් දිව යාමේ හැකියාව ඇත. කෙටි දුර දිවීමට වට දිගු දුර දිවීමේ ධක්ෂයන් වේ


#5 සිංහයා ( Lion )   
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)    
බලල්  පවුලට අයත් දෙවන විශාලතම මෙන්ම දෙවන වේගවත්ම සත්වයා වේ. උපරිම වේගයෙන් ඉතා කෙටි දුරක් පමණක් දිවිය හැකි බැවින් ගොදුරක් ඇල්ලීමට පැනීමට පෙර හැකිතාක් එයට ලංවිම සිදු කරයි.
 

#6 බ්ලැක් බක් ( Blackbuck )   
වේගය : පැ.කි 80  (පැ.සැ 50) 
කි.මි  1.5 ක පමණ දුරක් පැ.කි 80 ක වේගයක් පවත්වා ගෙන දිවීමේ හැකියාවක් ඇත.



#7 හාවා ( Hare )   
වේගය : පැ.කි 80  (පැ.සැ 50)    
මීටර 20 ක පමණ දුරක් උපරිම වේගයෙන් දිවිය හැක




#8 ග්රේහවුන්ඩ් ( Greyhound )   
වේගය : පැ.කි 74  (පැ.සැ 46)  
ලොව වේගවත්ම සුනඛ වර්ගය වේ. ප්‍රධාන වශයෙන්ම දඩයම් ක්‍රීඩාවට සහ දිවීමේ තරග ක්‍රීඩාව සඳහා යොදා ගනී.



#9 ජැක් රැබිට් ( Jackrabbit )   
වේගය : පැ.කි 72  (පැ.සැ 45)  
එකවර සාමාන්‍යයෙන් මීටර 3ක ( අඩි 9.8 ) පමණ පිම්මක් පැනීමේ හැකියාව ඇත. සමහර අවස්ථාවලදී එය මීටර 6 ක් පමණ වන බව සඳහන් වේ .



#10 කැන්ගරු ( Kangaroo )   
වේගය : පැ.කි 71 (පැ.සැ 44)
පැ.කි 21–26 ක පමණ පමණ සාමාන්‍ය වේගයෙන් දිවීම කරන අතර පැ.කි 71 ක උපරිම වේගයෙන් ඉතා කෙටි වෙලාවක් දිවීමට හැක. වේගයෙන් දුවන විට සාමාන්‍ය වේගය පැ.කි 40 පමණ වන අතර,  කි.මි 2ක පමණ දුරක් එම වේගයෙන් දිවීමට හැක 

( විකිපීඩියා ඇසුරෙනි )

සෞරග්‍රහ මණ්ඩලය ( The Solar System )

සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ  වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ.
සෞරග්‍රහ  මණ්ඩලයේ මාධ්‍යය ලක්ෂය වන්නේ සූර්යයායි.

අපේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක අටකින් සමන්විත වේ. සූර්යයාට කිට්ටුම ග්‍රහයාගෙන් පටන්ගතහොත් පිලිවෙලින් බුධ (Mercury), සිකුරු (Venus), පෘතුවි (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter) , සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නෙප්චූන් (Neptune) යන ග්‍රහයින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.

සූර්යාට කිට්ටුම ග්‍රහයින් හතර වන බුධ ,සිකුරු, පෘතුවි හා අඟහරු භෞමික ග්‍රහයින් වේ.එනම් ඒවායෙහි ඉතා තද ගල් සහිත පෘෂ්ටයක් පවතී.

සූර්යාට දුරින් පිහිටි ග්‍රහයන් හතර වන බ්‍රහස්පති,සෙනසුරු, නෙප්චූන් හා යුරේනස්  වායු දැවැන්තයින් ලෙස සැලකේ. ඒවායෙහි මතුපිට විෂ වායු අංශු පවතින අතර ඉන් බොහොමයක් හයිඩ්‍රජන් වායුව වේ.

අනෙකුත් අකාශ  වස්තූන්

සූර්යයා හා ග්‍රහලෝක අට හැරුනුකොට වෙනත්  ආකාශ වස්තූන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත්වේ.

Dwarf planets (ක්ෂුද්‍ර ග්‍රහලෝක)

මේවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලටම සමානකමක් ඇති ආකාශ වස්තූන් වන අතර ප්‍රමාණයෙන් ඉතාමත් කුඩාද වේ.සෞරග්‍රහ  මණ්ඩලයේ ඇති ක්ෂුද්‍ර  ග්‍රහලෝක අතර Pluto, Ceres, Eris, Haumea, and Makemake  ප්‍රධාන වේ.



Comets (වල්ගා තරු) 

සූර්යයා වට කක්ෂීය වන වල්ගා තරු සැදී ඇත්තේ අයිස්, දුවිලි සහ පාෂාණ කැබලි වලිනි.එහි වලිගයක් දකින්නට ලැබෙන අතර එය සූර්ය විකිරණ වලින් පිටවන වායු වලින් සැදී ඇත. වල්ගා තරුවල පැවතෙන්නේ  Kuiper belt සහ Oort cloud මගිනි.

 
Asteroid belt (ග්‍රහාංශ කලාපය) 

අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර මෙය පවතී.මෙම කලාපය තුල දහස් ගණන් පාෂාණ කැබලි සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී. මේවා දුවිලි අංශු ලෙස 'Ceres' ක්ෂුද්‍ර ග්‍රහයා දක්වා පැතිරේ.

 


Kuiper belt 

මෙය කුඩා අකාශ වස්තූන් දසදහස් ගණනකින් සමන්විත කලාපයක් වන අතර කක්ෂයෙන් පිටත මෙම කලාපය පිහිටයි. අයිස් ,වතුර,ඇමෝනියා සහ මීතේන් වායු වලින් මෙය සමන්විත වේ.

 
Oort cloud
 
Kuiper belt කලාපයයට වඩා ඈතින් පිහිටන අතර සූර්යයා  වටා වට දහස් ගණනක් ඈතින් ද මෙය පිහිටයි.දැනට විද්‍යාඥයන් අනුමාන කර ඇති ආකාරයට අයිස් වලින් සමන්විත ඉතා කුඩා ආකාශ වස්තුන් දහස් ගණනකගෙන් Oort cloud හී පැවැත්ම රඳා පවතියි. Oort cloud සෞරග්‍රහ මණ්ඩලයේ අග කෙලවරෙහි පවතී.




සෞරග්‍රහ මණ්ඩලය ගැන සිත් ඇදගන්න කරුණු කීපයක්

1. Uranus සහ Neptune යන ග්‍රහයන් වතුර, මීතේන් සහ ඇමෝනියා වායු වලින් පිරී ඇති නිසා අයිස් යෝධයන්" ලෙස හදුන්වනු ලැබේ.
2. ක්ෂීර පථයේ තාරකා බිලියන 200ක් පමණ ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි.
3. Pluto මුලින් සම්පූර්ණ ග්‍රහලෝකයක් බවට සැලකුනත් පසුව 2006 දී නැවතත් Dwarf planet (නොවැඩුණු ග්‍රහලෝකයක් ) ලෙස නම් කරන ලදී.
4. සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.85% ක්ම සූර්යයාගෙන් පිරී ඇති අතර අනෙකුත් සියලුම ග්‍රහාංශ කලාප, කුඩා ග්‍රහලෝක සහ සඳ ආදී වන සියලුම ආකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය පුරවාලන්නේ 0.15% වැනි කුඩා ප්‍රමාණයක් පමණි.
5. සියලුම ග්‍රහයින් සූර්යයා වටා වාමාවර්තව ගමන් කරයි.
6. සෞරග්‍රහ මණ්ඩලය හා පරසක්වලය ගැන පර්යේෂණ කරනා විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් හෝ නක්ෂත්‍ර විද්‍යාඥයින් ලෙස හදුන්වනු ලැබේ.

Reference : http://www.ducksters.com


ෆෙරාරි ( Ferrari )


ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික  Enzo Ferrari මහතාය. ඔහු 1898 පෙබරවාරි 18 දින ඉතාලියේ Modena හි උපත ලැබිය.තරුණ වියේදී  ඔහු Alfa Romeo මොටරථ ධාවකයෙකු ලෙසද කටයුතු කලේය.

ෆෙරාරි සමාගමේ ආරම්භක අඩිතාලම ලෙස සැලකෙන්නේ 1929 දී Enzo Ferrari විසින් පිහිටවනු ලැබූ Scuderia Ferrari නම් මෝටර් රථ ධාවකයන්ට තරග වලදී  අනුග්‍රහය දක්වන ආයතනයයි. 1933 දී Alfa Romeo සමාහම තම මෝටර් රථ ධාවන කණ්ඩායම විසුරුවා හැර එය Scuderia Ferrari කණ්ඩායම වෙත පවරන ලදී. නැවත 1938 දී Alfa Romeo සමාහම ඔවුන්ගේම කණ්ඩායම ලෙස Alfa Corse පිහිටුවා ගත් අතර Enzo Ferrari මහතා කළමණාකරු ලෙස පත් කරන ලදී. මේ සමගම Scuderia Ferrari කණ්ඩායම විසුරුවා හරින ලදී.



Ferrari 458 Speciale A
1939 දී එයින් ඉවත් වූ ඔහු Auto Avio Costruzioni නමින් මුලිකවම ගුවන් යානා අමතර කොටස් සහ විවිධ යන්ත්‍ර කොටස් නිපදවන තමාගේම ව්‍යාපාරයක් අරඹන ලදී .1949 දී ඔවුන් Tipo 815 නමින් ධාවන තරඟ වලට භාවිතා කරන මෝටර් රථයක් නිපදවන ලදී. දෙවන ලෝක යුද සමයේ 1944 දී මිත්‍ර හමුදා විසින් බෝම්බ දැමීම නිසා කර්මාන්ත ශාලාව විනාශයට පත්විය. දෙවන් ලෝක යුද්ධය නිමවීමත් සමග 1946 දී නැවත කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කල අතර මෙවර සාමාන්‍ය මාර්ගවල ගමන් කල හැකි (road cars) මෝටර් රථ නිපද වීමද ආරම්භ කර තිබුණි.

මෙහි ප්‍රතිපලයක් ලෙස 1947 දී පළමු Ferarri මෝටර් රථය ( Road Car)  වූ 125 S එළිදක්වන ලදී. මෙය Ferarri මෝටර් රථ වල ඇරඹුම ලෙස සැලකේ.

Ferarri ලාංජනය ලෙස යොදා ගන්නා අශ්වයාගේ සංකේතය (cavallino rampante) පිලිබඳ ද ඉතිහාස කතාවක් පවතී. එනම් එම සංකේතය පළමුව භාවිතා කර ඇත්තේ පළමු  ලෝක යුද්ධ සමයේ ඉතාලිය වෙනුවෙන් සටන් කර දිවි පිදු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම පළමු ලෝක යුධ විරුවෙකු වූ  Francesco Baracca ය. ඔහු  තම ගුවන් යානයේ බඳ කොටසේ මෙම අශ්වයාගේ රුපය සිතුවම් කරගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි. 


1923 දී Enzo මෝටර් රථ ධාවන තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Francesco Baracca ගේ මව මුණ ගැසිනි.එහිදී
ය කල ඉල්ලීමකට අනුව විවිධ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව 1929 සිට එය තම නිල ලාංජනය ලෙස භාවිතා කිරීම ඇරඹිය. තම උපන් ගම වූ Modena හි සංකේතත්මක් වර්ණය වූ කහ ලාංජනයේ පසුබිම ලෙස යොදා ගැනුන අතර මුදුනේ ඉතාලි ජාතික කොඩියේ වර්ණ වූ කොළ සුදු සහ රතු සිතුවම් කරන ලදී. S F යන අක්ෂර දෙකෙන් Scuderia Ferrari යන්න නිරුපනය වේ .



Ferarri මෝටර් රථ වලට බොහෝ විට යොදා ගන්නා රතු වර්ණයට හේතු වී ඇත්තේ 1920 ගණන් වල සිට මෝටර් රථ ධාවන තරග වලදී රථ නිරුපන කරන රට වෙන්ව හඳුනා ගැනීමට යොදා ගන්නා වර්ණය අනුවයි. ඒ අනුව Alfa Romeo, Maserati,Ferrari, Abarth ආදී ඉතාලි මෝටර රථ රතු වර්ණයෙන්ද , Bugatti වැනි ප්‍රංශ මෝටර් රථ නිල් වර්ණයෙන්ද , Benz වැනි ජර්මානු මෝටර් රථ සුදු වර්ණයෙන්ද (1934 සිට රිදී පැහැය), බ්‍රිතාන්‍ය මෝටර් රථ කොළ පැහැයෙන්ද වර්ණ ගන්වයි .

තවත් සුපිරි ඉතාලි මෝටර් රථ සමාගමක් වන Lamborghini සමාගමේ ආරම්භයට ද පාදක වී ඇත්තේ Enzo Ferarri මහතා සහ Ferruccio Lamborghini මහතා අතර ඇති වූ මත ගැටුමකි. (එය කියවන්න )   

1969 දී Fiat සමාගම Ferarri හි 50% ක කොටස් මිලදී ගන්නා ලද අතර 1988 වන විට 90% ක කොටස් මිල දී ගන්නා ලදී. වර්තමානය වන විට (2015) 80% ක කොටස්  Fiat Chrysler සමාගම සතුවන අතර තවත් 10% ක් කොටස් මහජනයා වෙත නිකුත් කොට තිබුණි.ඉතිරි 10% ක කොටස් Enzo Ferarri මහතාගේ  පුත්‍රයකු වන Piero Ferrari සතු වේ.

වර්තමානයේ වෙළඳපොල ඇති Ferrari මෝටර් රථ කිහිපයක් පහත දක්වා ඇත  

Ferrari 488 GTB


Ferrari 458 Speciale


Ferrari California


www.ferrari.com වෙබ් අඩවිය ඔස්සේ වැඩි තොරතුරු ලබාගත හැක

ඔස්කාර් සම්මාන උළෙල ( Academy Awards )

ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන සිනමා උළෙලකි. මෙය සංවිධානය කරනු ලබන්නේ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ටතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ ත්‍යාග ප්‍රධානය කරනු ලබයි. 

මෙහි නියම නාමය ඇකඩමි සම්මාන උළෙල වුවත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ " ඔස්කාර් " යන සුරතල් නාමයෙනි.  

පළමු ඔස්කාර් සම්මාන උළෙල පවත්වන ලද්දේ 1929 මැයි 16 දින ආරාධිතයන් 270 කගේ සහභාගිත්වයෙන්  Hollywood Roosevelt හෝටලයේදීය . එහිදී විවිධ අංශ ඔස්සේ සම්මාන 15ක් පමණ ප්‍රධානය කිරිනි. 2015 පවත්වන ලද 87 වන ඔස්කාර් සම්මාන උළෙල වන විට මෙතෙක් ප්‍රධානය කරන ලද මුලු සම්මාන ගණන 2,947 ක් පමණ වේ.

ඉතිහාසයේ පලමු ඔස්කාර් සම්මානයට හිමිකම් කියන ලද්දේ Emil Jannings ය.  The Last Command සහ The Way of All Flesh  යන චිත්‍රපට වල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමි විය. 

ඉතිහාසයේ වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට හිමිකම් කියූ රංගන ශිල්පිනිය වන්නේ සම්මාන 4 කට හිමිකම් කියූ Katharine Hepburn ය. සම්මාන 3 කට බැගින්  හිමිකම් කියූ Walter Brennan සහ Jack Nicholson වැඩිම සම්මාන ලැබූ රංගන ශිල්පින් වේ   

වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපට වන්නේ සම්මාන 11 බැගින් ලබා ගත් Ben-Hur (1959), Titanic (1997) සහ The Lord of the Rings: The Return of the King (2003) යන චිත්‍රපටය.


ඔස්කාර් සම්මානය
සම්මාන සඳහා පිළිගන්වන කුඩා පිළිරුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ Cedric Gibbons නම් නිර්මාණ ශිල්පියා හටය. මෙය අඟල් 13.5 ක් පමණ උසකින් ද , පවුම් 8.5 ක් බරකින් ද යුතු britannium නම් ලෝහ මිශ්‍රණයෙන් සදා රත්‍රන් අලේප කරන ලද පිළිමයකි.

ඔස්කාර් සම්මාන ලාභීන් හට එය මුදල් පිණිස අලෙවි කිරීම තහනම් වන අතර විකිණීමට අවශ්‍යය නම් පළමුව එය ප්‍රධානය කල පාර්ශවය වන Academy of Motion Picture Arts and Sciences (AMPAS) වෙත ඩොලර් 1 කට විකිණිය යුතු බවට ගිවිසුම් අත්සන් කල යුතු වනවා .

ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල සජීවීව රුපවාහිනිය  ඔස්සේ විකාශනය කරන ලද්දේ 1953 දිය. වර්තමානය වන විට රටවල් 200 ක පමණ රුපවාහිනිය ඔස්සේ සජීවීව විකානය කෙරේ. 

2002 වසරේ සිට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඇමරිකාවේ ඩොල්බි රංග ශාලාවේය (Dolby Theatre),

විනෝදාත්මක වැඩසටහන් සඳහන් වූ සම්මාන අතරින් පැරණිම උළෙල වන්නේ මෙයයි. මීට සමාන අනෙකුත් සම්මාන උළෙලවල් වන්නේ රුපවාහිනී වැඩසටහන් සඳහා වූ Emmy Awards, වේදිකා නාට්‍ය සඳහා වූ Tony Awards සහ සංගීතය සඳහා වූ Grammy Awards ය.  

ලොව නිපැයුම් ( Inventions ) - 02

1. ඩිජිටල් කැමරාව ( Digital Camera )

1975 - ඇමරිකානු ජාතිකයෙකු වූ Steve Sasson . ඔහු Eastman Kodak නම් ප්‍රසිද්ධ ආයතනයේ ඉංජිනේරුවෙක් විය 




 2. ගුවන් යානය ( Airplane )
 
1903 - Wilbur Wright සහ Orville Wright යන රයිට් සහෝදරවරු  




3. වෙඩි බෙහෙත් ( Gun Powder )

නවවන සියවස - චීන ජාතිකයන් විසිනි. 





 

4. විදුලි බුබුල ( Light Bulb )

1879 - ඇමරිකානු ජාතිකයෙකු වූ තෝමස් අල්වා  එඩිසන් 






 
5. බැටරිය ( Battery )

1800 - ඉතාලි ජාතිකයෙකු වූ Alessandro Volta විසිනි 





6. දූරේක්ෂය ( Telescope )
 
1608 - ලන්දේසි ජාතික Hans Lippershey







7. ඩයිනමයිට්  ( Dynamite )

1867 - ස්වීඩන් ජාතික Alfred Nobel


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ( International Space Station )

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසුන් කිහිප දෙනෙකුට වාසය කල හැකි වන ලෙස පහල පෘතුවි කක්ෂය තුල රඳවා ඇති විශාල කෘතීම චන්ද්‍රිකාවකි (යානාවකි).

මෙය  ඇමරිකානු  NASA, රුසියානු Roscosmos (Russia's Federal Space Agency), ජපාන JAXA (Japan Aerospace Exploration Agency), යුරෝපා ESA (European Space Agency), සහ කැනේඩියානු  CSA (Canadian Space Agency) යන අන්තර්ජාතික අභ්‍යාවකාශ ඒජන්සි 5ක ( රටවල් 15ක් අයත් වේ ) ඒකාබද්ධ ව්‍යාපෘතියකි. 

ලොව උසම කඳු 10 - ( Highest Mountains )

1. එවරස්ට් කන්ද ( Mount Everest )

උස - මීටර් 8848 / අඩි 29029
ප්‍රදේශය - නේපාල සහ ටිබෙට් දේශ සීමාව

කඳු පන්තිය - හිමාලය   


2. K2- ගුඩ්වින් ඔස්ටන් ( Mount Godwin Austen)

උස - මීටර් 8611 / අඩි 28251
ප්‍රදේශය - පකිස්ථාන සහ චීන දේශ සීමාව 

කඳු පන්තිය - කරකොරම්    

3. කැනචේන්ජුන්ගා ( Mount Kangchenjunga)

උස - මීටර් 8586 / අඩි 28169
ප්‍රදේශය - නේපාල සහ ඉන්දීය දේශ සීමාව 

කඳු පන්තිය - හිමාලය   


4. ලුට්සී කන්ද ( Mount Lhotse)

උස - මීටර් 8516 / අඩි 27940
ප්‍රදේශය -
නේපාල සහ ටිබෙට් දේශ සීමාව
කඳු පන්තිය - හිමාලය   



5. මකලු කන්ද ( Mount Makalu)

උස - මීටර් 8485 / අඩි 27838
ප්‍රදේශය -
නේපාල සහ ටිබෙට් දේශ සීමාව
කඳු පන්තිය - හිමාලය   


6. චෝ ඔයූ කන්ද ( Mount Cho Oyu)

උස - මීටර් 8188 / අඩි 26864
ප්‍රදේශය -
නේපාල සහ ටිබෙට් දේශ සීමාව
කඳු පන්තිය - හිමාලය   


7. ඩව්ලජිරී කන්ද ( Mount Dhaulagiri)

උස - මීටර් 8167 / අඩි 26795
ප්‍රදේශය -
නේපාල 
කඳු පන්තිය - හිමාලය   


8. මනස්ලු කන්ද ( Mount Manaslu )

උස - මීටර් 8163 / අඩි 26781
ප්‍රදේශය -
නේපාල 
කඳු පන්තිය - හිමාලය   

9. නැන්ග පාබට් ( Mount Nanga Parbat )

උස - මීටර් 8126 / අඩි 26660
ප්‍රදේශය -
පකිස්ථානය  
කඳු පන්තිය - හිමාලය   


10. ඇනාපුර්නා කන්ද ( Mount Annapurna)

උස - මීටර් 8091 / අඩි 26545
ප්‍රදේශය -
නේපාල 
කඳු පන්තිය - හිමාලය  







දෙව් ලොව සටන ( Titanomachy )

(ග්‍රීක සාහිත්‍ය කථා - 3) 

තම පියා වූ යුරේනස් (Uranus) බලයෙන් පහකර දෙව්ලොව පාලනයට පත් වූ ක්රෝනස් (Cronus) තම සහෝදරිය වූ  රියා (Rhea) සමග විවාහ වූ අතර ඔවුනට දාව  Hera, Demeter, Hestia, Poseidon, Hades සහ Zeus ලෙස දරුවන් හයක්ද උපත ලැබීය. "ඔලිපිම්පියන්" දෙවිවරු (Olympians) ලෙස මොවුන් හදුන්වයි.


කෙසේ වුවද ක්රෝනස් (Cronus) තමා  තම පියා බලයෙන් පහ කර සේම තම දරුවෙකුගෙන්ද තමාට එම ඉරණම ඇත වේ යි බිය විය.ඒ නිසා ඔහු තමාගේ දරුවන්ද උපත ලද විගස ගිල දැමීම සිදු කෙරිණි.මෙයට බිරිද වූ රියා (Rhea) බලවත් කම්පාවට පත් වූ අතර තම බාලම  දරුවා වූ සීයුස් (Zeus) මෙයින් ගලවා ගැනීමේ අරමුණින් තම ස්වාමියා වූ ක්රෝනස් (Cronus ) හට Zeus වෙනුවට විශාල පාෂාණයක්  ගිල දැමීමට සලස්වන ලදී.

ඉන් අනතුරුව රියා (Rhea) කුඩා සීයස්ව ( Zeus ) ආරක්ෂාව සදහා ක්‍රීට් දූපතට පිටත් කර යැවුනි. එහිදී Amaltheia නම් එළු දෙනක් කුඩා zeus  රැකබලා ගත් අතර, පරවියන් දිව්‍යමය ආහාරද (Ambrosia) උකුස්සන් පානය කිරීමට දිව්‍යමය පානයක් වන  Nectar ද ගෙන එන ලදී,

වැඩිවියට පත් වූ සීයුස් තම අනන්‍යතාවය සඟවාගෙන තම පියා  වූ ක්රෝනස්ගේ මත් පැන් බෙදන්න බවට පත් විය.එහිදී මෙටිස් (Metis) නමැති ටයිටන් දෙවුදුගේ (ඇය පසුව සීයුස්ගේ පළමු බිරිද බවට පත් විය.) උදව් ඇතිව වයීන්  සහ අබ මිශ්‍රණයක් ක්රෝනස්ට පානය කිරීමට සලසවන ලදී. එමගින් ඇතිවූ වමනයත් සමග ඔහු විසින් ගිල දමන ලද දරුවන් 5 දෙනාම ඉවතට පැමිණෙන ලදී.

තම සහෝදර සහෝදරියන්ද එකතු කරගත් Zeus තම පියා ඇතුළු ටයිටන්වරුන්ට එරෙහිව සටන ඇරඹීය. මෙතෙක් කලක් Tatarus හි සිරකර සිටි Hecatonchires සහ  Cyclopes වරුන්ද, Zeus මුදවා ගත් අතර ,ඔවුන්ගේ සහයද Zeus  ඇතුළු ඔලිම්පියන්වරුන් හට ලැබුණි. 

Hecatonchires විශාල කදු කඩා වේගයෙන් ටයිටන්වරුනට දමා ගැසූ අතර Cyclopes, Zeus ගේ ප්‍රබල අවිය වූ  අකුණු සැරය (Thunderbolts) සාදා  දෙන ලදී. Giants ටයිටන්වරුන්ගේ සහයට සටන් කල අතර, ටයිටන්වරු අතරින් Themis සහ  Prometheus යන දෙදෙනා පමණක් ඔලිම්පියන්වරුන්ට සහයට සටන් කලෝය.

දස වසරක් පුරාවට සටන් පැවති අතර අවසානයේ Zeus ඇතුළු ඔලිම්පියන්වරුන්ට ජය අත්වුණි. Cronus ඇතුළු ටයිටන්වරු Tatarus හි සිරගත කෙරිණි. එහි මුරට බිහිසුණු Hecatonchires යොදවන ලදී. ඉන් පසු Zeus  ඇතුළු ඔලිම්පියන්වරු විශ්වයේ පාලනයට පත් විය.

ලොව නිපැයුම් ( Inventions ) - 01

1. පාපැදිය ( Bicycle ) 

1839 - ස්කොට්ලන්ත ජාතික කම්මල්කරුවකු වූ Kirkpatrick MacMillan, විසින් පළමු පාපැදිය නිපද වූ බව සැලකේ. 1860 දී පමණ ප්‍රංශ ජාතිකයන් වූ Pierre Michaux සහ Pierre Lallement විසින් වැඩි දියුණු කල පාපැදිය හදුන්වා දෙනු ලැබිය

ටෙරාකොටා හමුදාව (Terracotta Army)

පළමු වන චීන අධිරාජයා වූ ක්වීන් ෂී හුවන්ජිගේ (ක්‍රි.පූ 260–210)  සොහොන අවට ප්‍රදේශය පුරා මෙම ටෙරාකොටා හමුදාව මීට වසර 2500 කට පමණ පෙර නිර්මාණය කර තිබුනි. ක්‍රි.පූ 246 දී ඇරඹි මෙම කර්තව්‍යය නිම කිරීමට වසර 38ක් පමන ගත වූ බව සඳහන් වේ. මේ සඳහා ලක්ෂ 7 ක පමණ පිරිසකගේ සහය ලැබුන බව සැලකේ.

එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus)

( ලොව ඉපැරණි ලෝක පුදුම 7 - 5 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙම දේවස්ථානය පුරාණ ග්‍රීක දෙවඟනක වූ ආටිමස් දෙවඟන වෙනුවන් ක්‍රි.පූ 800 දී පමණ ඉදිකරණ ලද්දකි. වර්තමාන තුර්කියේ සෙල්තුක් ආසන්නයේ එපිසස් හි මෙය පිහිටා තිබී ඇත. ඩයනා දේවස්තානය නමින් ද හැඳින්වී ඇති මෙහි වර්තමානයේ කිසිවක් දක්නට නොලැබේ.

ආර්ටිමස් යනු ග්‍රික දෙවියෙන් වූ සියුස් සහ ලෙටෝ ගේ දියණිය මෙන්ම ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට සහ දඩයමට අධිපති දෙවියන් ලෙස සැලකේ. 

රෂ්මෝර් කන්දේ පිළිම ( Mount Rushmore )

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩකෝටාවේ කීස්ටෝන් ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති විශාල ගල් පර්වතයක් මත නෙලන ලද ප්‍රතිමා 4 කි. එකක උස අඩි 60 ක් පමණ වේ. මෙහි නිරූපණය වන්නේ ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරුන් 4 ක් වන George Washington (1732–1799), Thomas Jefferson (1743–1826), Theodore Roosevelt (1858–1919), සහ Abraham Lincoln (1809–1865). අයයි. මෙහි නිර්මාපකයන් වන්නේ Gutzon Borglum සහ ඔහුගේ පුත් Lincoln Borglum ය.

කොලෝසියම ( The Colosseum )

( නූතන ලෝක පුදුම හත  - 5 කොටස )

නූතන ලෝක පුදුම 7 න් එකක් ලෙසද සැලකෙන කොලෝසියම හෙවත් ෆ්ලේවියන් රංග පීඨය ( Flavian Amphitheater ) රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස හඳුන්වා දිය හැක.

මෙය ඉදිකෙරීම් ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව 72 දී (72 A.D) පමණ රෝමයේ ෆ්ලේවියන් අධිරාජ්‍යයේ ( Flavian Dynasty ) ආරම්භකයා වූ වෙස්පාසියන් අධිරාජ්‍යයාය. ( Emperor Vespasian ). ඉදිකිරීම් අවසන් කරන ලද්දේ ඔහුගේ මරණින් වසරකට පසු එනම් ක්‍රි.ව 80 දී (80 A.D) ඔහුගේ පුතා වූ ටයිටස් ( Titus ) විසිනි. ඔහු විසින් මෙය විවෘත කිරීම සනිටුහන් කිරීමට දින 100ක් පුරා නොකඩවා ග්ලැඩියේටර්වරුන්ගේ සටන්, වනසතුන්ගේ සටන් ඇතුලු විවිධ උත්සව මෙතුල පවත්වා ඇත.

ග්ලැඩියේටර් සටනක චිත්‍රයකි
ඉලිප්සාකාර හැඩයක් ගන්නා කොලෝසියම දිග අතට මීටර 190 ක් ද පළල අතට මීටර 155 ක් පමණ ද වේ. මෙහි ඉදිකිරීම් කටයුතු කොන්ක්‍රීට් සහ ගල් යොදා නිමවා මාර්බල් මගින් අලංකාර කර ඇත. පොලොවේ සිට තට්ටු හතරකට වනසේ නිර්මාණය කර ඇති අතර මුලු උස ප්‍රමාණය මීටර 48 ක් පමණ වේ.

ඉහලට පෙනෙන අයුරු
ප්‍රේක්ෂකයන් 50,000 කට පමණ එකවර ආසන ගැනීමේ හැකියාව මෙතුල තිබී ඇත. ඇතුල් වීමේ දොරටු 80 ක් පමණ තිබේ. ආසන පැනවීම සිදුකර ඇත්තේ සමාජ තත්වයට අදාලවයි. එනම් ඉහලම මහල කාන්තාවන්ට සහ පහල පැලැන්තියට ද ක්‍රමයෙන් පහලම මහල වංශාධිපතියන්ට ද වන ලෙසය. රෝම අධිරාජ්‍යයා ඇතුලු සම්භාවනීය විශේශ අමුත්තන්ට ආසන ගැනීමට විශේෂ පීඨිකාවක් සකස් කර තිබී ඇත. පොලොව තුල ඉදිකර තිබූ කාමර තුල ක්‍රීඩා සඳහා ගෙන ආ සතුන්, උපකරණ ආදිය රඳවා තබා ඇත.

හිරු එලියෙන් සහ වර්ෂාවෙන් ප්‍රේක්ශකයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවන් වලදී, රංග පීඨය වටා ඉහලින් රෙදි යොදා ආවරණය කිරීමේ හැකියාවද තිබී ඇත.

රෝම අධිරාජ්‍යයන් විසින් මෙහි තරඟ සියල්ල ජනතාවට නොමිලයේ නැරඹීමට ලබා දී ඇත. එමගින් පොදු ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමත් තම කීර්තිය සහ බලය පෙන්වීමත් ඔවුන්ගේ අරමුණ වී ඇත.

වසර 400ක පමණ  කාලයක් පුරා භාවිතයට ගත මෙම රංග පීඨය රෝම අධිරාජ්‍යයන්ගේ ඇති වූ ගැටුම්, භූමිකම්පා ආදියත් නිසා ක්‍රමයෙන් භාවිතයෙන් ඇත්වන්නට විය. පසු කාලීනව මෙහි කඩා වැටුන කොටස් , මාබල් ආදිය වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමට රැගෙන ගිය බව සඳහන් වේ.

1990 දී පමණ මෙහි සංරක්ෂණ කටයුතු ඇරබිනි. වර්තමානයේ ලෝකයේ වැඩිම සංචාරක පිරිසක් නරඹන ස්තාන අතරට මෙයද එක් වේ. 
පසුගිය ලිපි:

Reference: 
http://www.history.com/topics/ancient-history/colosseum
http://www.aviewoncities.com/rome/colosseo.htm

ග්‍රීක දෙවියන්ගේ බිහිවීම ( Age of the Gods )

( ග්‍රීක සාහිත්‍ය කථා - 2 )

ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ලෝකයේ ඉතිහාසය කොටස් 3කට බෙදා දැක්විය හැක. එනම්

1.දෙවියන්ගේ බිහිවීම සහ විකාශනය (Theogonies,"births of gods")
මෙම කාලපරිච්චේජය මගින් ලෝකයේ, දෙවියන්ගේ සහ මිනිස් වර්ගයාගේ මූලාරම්භය පිළිබඳව සඳහන්වේ.

2.දෙවියන් සහ මිනිසුන් (Mortals) එකිනෙකා සමග සම්බන්ද වන කාලපරිච්චේදය.
මෙමගින් දෙවියන්, දෙවි-මිනිස් දෙමුහුන් (demigods) සහ මිනිසුන් (mortals) අතර පැවති විවිද අන්තර් සම්බන්ධතා පිලිබඳ කතා කෙරේ.

3. ග්‍රීක වීරයන්ගේ කාලපරිච්චේදය.
මෙම පරිච්චේදයේදී දෙවියන් පිලිබඳ කතා කිරීම ඉතා අල්ප වන අතර විවිද ග්‍රීක වීරයන්ගේ පුරාවෘත දිග හැරේ. මේවා අතරින් විශිෂ්ථම නිර්මාණය ලෙස සැලකෙන්නේ අවසාන වශයෙන් ලියැවුන Trojan War පිලිබන්ද කතා පුවතයි. සමහරුන් මෙම Trojan War පිළිබඳ ලියැවුන කාලය 4 වන පරිච්චේදය ලෙසද සලකයි

මේවාට අමතරව Hesiod ගේ "Works and Days" කෘතියට අනුව දෙවියන් විසින් මිනිස් වර්ගයාගේ නිර්මාණය Golden,Silver,bronze සහ iron ලෙස අවධි 4 කට බෙදා ඇත.

ග්‍රීක දෙවියන්ගේ බිහිවීම (Age of the Gods)

Hesiods ගේ "Theogony" කෘතියට අනුව පලමුව ලෝකයේ පැවතෙන්නේ Chaos නමින් හැඳින්වෙන ශූන්‍යතාවයයි. Chaos තුලින් පලමු දෙවිවරු 5 දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකෙන Gaea (Mother Earth) ගේ පහල වීම සිදුවිය. ඇය ජීවයෙන් සහ බලයෙන් පරිපූරණ වූ අතර පෘතුවිය මත උස් කඳු (Mountains), ගංගා, ඇළ දොළ, සාගර ( Pontus), පහත් බිම් නිර්මාණය කරන ලදි. ඉන් අනතුරුව Tartarus (the underworld), Erebus (the darkness that covers the underworld), Nyx (darkness that covers Earth), and Eros (Love). යන ඉතිරි දෙවිවරු සතර දෙනාගේ පහල වීම සිදුවිය.

Gaea සහ Tartarus එකතුව Typhoeus(Typhoon) නම් හිස් සියයකින් යුතු ගිනි පිම්බින විශාල බියකරු සත්වයා නිර්මාණය කරන ලදි.(මොවුන් පිලිබඳ විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.) Erebus සහ Nyx ගේ එකතුවෙන් Aether (the Atmosphere) සහ Hemera (the Day). බිහිවිය.

පිරිමි පාර්ශවයක් නොමැතිවම Gaea විසින් Uranus (the Sky) බිහි කරන ලදි. පසුව Gaea  සහ Uranus පෙම්වතුන් බවට පත්වුන අතර මොවුන් විශ්වය මත බිහිවූ පලමු පෙම් යුවල ලෙස සැලකේ. 


Uranus / Gaea

මොවුන්ගේ එකතුවෙන් ටයිටන්වරු (Titans) 12ක් බිහිවිය. එනම්  Coeus, Crius, Cronus, Hyperion, Iapetus, Oceanus ලෙස පිරිමි ටයිටන්වරු 6 කුත්  Mnemosyne, Phoebe, Rhea, Theia, Themis, and Tethys ලෙස ගැහැණු ටයිටන්වරු 6 ක් වන ලෙසය.මීට අමතරව එක් ඇසක් පමණක් ඇති දැවැන්තයන් වන Cyclopes වරු 3ක් සහ අත් සියයක් ඇති දැවැන්තයින්වන Hecatonchires වරු 3ක් ද ඔවුනට දාව උපත ලැබීය.



කෙසේ වුවද Uranus තම දරුවන්වූ Cyclopes වරුන්ට සහ Hecatonchires වරුන්ට කැමැත්තක් නොදැක්වීය. එබැවින් ඔහු විසින් ඔවුන්ව අල්ලා Tatarus හි සිර කරන ලදි. මෙයට මව වූ Gaea කෝපවූ අතර තම බාලම සහ නිර්භීතම පුත්‍රයාවූ Cronus යොදා ගෙන Uranus නිදා සිටියදී ඔහුගේ ප්‍රජනන ප්‍රදේශය කපා මුහුදට විසි කරන ලදි. 


Cronus තම පියා වූ Uranus ට පහර දෙන සිතුවමක්
මින් ගලා ගිය රුධිරයෙන් Giants ,  Erinyes (Furies) සහ  Meliai (ash tree nymphs) යන ග්‍රීක මිත්‍යා වල එන චරිතවල බිහිවීම සිදුවිය. තවද මුහුදට වැටුන කොටස මගින්  Aphrodite දෙවඟන්ගේ බිහිවීම සිදුවිය. මෙයත් සමග Cronus ගේ නායකත්වයෙන් ටයිටන්වරු (Titans) දෙව්ලොව පාලනයට පත්විය.


Cyclopes
Zeus ප්‍රමුඛ ඔලිම්පියන්වරුගේ (Olympians) උපත මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.