ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

පේරූ හි "මචූ පිචූ" නගරය ( Machu Picchu )

Machu Picchu යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි (Peru), "Urubamba" නිම්නයේ අඩි 8000 පමන උසින් කඳු මුදුනක පිහිටා ඇත.

මෙම නගරය 1450 දී පමන ඉන්කා අධිරාජයෙකුවූ Pachacuti විසින් ඉදි කෙරුන බව සැලකේ. එහෙත් ඊට වසර 100 කට පමන පසු ඇති වූ ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමග මෙම නගරය අතහැර දමන ලදි. කෙසේ නමුදු නගරය පිලිබඳ ස්පාඤ්ඤනයන්ට දැන ගන්නට නොලැබුන අතර ස්වදේශික වැසියන් පිරිසක් පමනක් මෙය පිලිබඳ දැන සිට ඇත. කාලයත් සමග මෙම නගරය මුලුමනින්ම ගස් වලින් වැසී ගොස් තිබුනි.1911 දී පමන ඇමරිකානු ඉතිහාසඥ්නයෙකු වූ Hiram Bingham විසින් මෙම සැඟවී ගිය නගරය නැවත සොයා ගැනීමත් සමග Machu Picchu පිලිබඳ අභිරහස ලොවට හෙලිවිනි.