අඟහරු ග්‍රහයා - Mars

චන්ද්‍රයන්    : 2 (Phobos සහ Deimos)
ස්කන්ධය   : පෘථිවියෙන්  11% ක්
විෂ්කම්භය  : සැතපුම් 4217
වර්ෂයක්     : පෘථිවි වර්ෂ:1.9 (දින 687)
දිනක්          :   පැය 24.6
උෂ්ණත්වය : -190 සිට +60 පමණ F
සූර්යයා සිට දුර: සූර්යයාගෙන් 4 වන ග්‍රහයා වේ. සැතපුම් මිලියන 142  (ඝන පාෂානමය මතුපිටක් ඇත)


අඟහරුගේ ස්වභාවය :

අඟහරු සූර්යයා සිට 4 වන ග්‍රහයා වේ. එය භූමියක් සහිත ග්‍රහලෝකයක් වන අතර එයින් අදහස් කරන්නේ මිනිසෙකුට ගමන් කල හැකි දෘඪ පාෂාණමය පෘෂ්ඨයක් ඇති බවයි. අඟහරු ග්‍රහයාගේ මතුපිට වියළි වන අතර එය බොහෝ රතු පැහැති දූවිලි හා පාෂාණයකින් ආවරණය වී ඇත. පෘථිවියේ සිට  බලන විට අඟහරු ග්‍රහයා රතු පාටින් පෙනේ.

සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ආකර්ෂණීය ස්වාභාවික භූගෝලීය ව්‍යුහයන් කිහිපයක් අඟහරුට ග්‍රහයාට ඇත. දැනට අක්‍රීය ගිනි කන්දක්  වන "Olympus Mons" සෞරග්‍රහ මණ්ඩලයේ උසම කඳුවැටිය වේ. එය එවරස්ට් කඳු වැටිය මෙන් තුන් ගුණයක් හා අඟහරු මතුපිටට වඩා සැතපුම් 16 ක් උසකින් යුක්ත වේ. අඟහරුගේ තවත් ප්‍රධාන භූගෝලීය ව්‍යුහයක්  වනුයේ "Great Canyon (ගැඹුරු දෝරුව) Valles Marineris ය. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම කැනියම වේ. සැතපුම් 4 ක් ගැඹුරින් පිහිටා මෙය සැතපුම් දහස් ගණනක් දිගට දිව යයි.

අඟහරු ග්‍රහයා මත කාලගුණික තත්වය : 

අඟහරු ග්‍රහලෝකයේ නිරන්තරයෙන්ම අධික වේගයෙන් සුළං සහිත දූවිලි කුණාටු ඇති වේ. මෙම දූවිලි කුණාටු සූර්ය බලයෙන් සවිමත් වන අතර එය විශාල  පරිමාණයන් වායුගෝලය තුලට දූවිලි වාෂ්ප යැවීමෙන් අඟහරුගේ  බොහෝ ප්‍රදේශයක් ආවරණය කරයි. ඇතැම් කුණාටු ඉතා විශාල වන අතර එම කුනාටු ආධුනික තාරකා විද්‍යාඥයින්ගේ නිරීක්ෂණ වලට හසුවී ඇත.

අඟහරු ග්‍රහයාගේ හා පෘතුවියේ සංසන්දනය :


බොහෝ කරුණු වලින් අඟහරු ග්‍රහයා පෘථිවියට සමාන වේ. අඟහරුගේ වසර හා දිනය අනෙකුත් ග්‍රහලෝක සමග සැසඳූ විට පෘථිවියට බොහෝ සමාන වේ. අඟහරු ග්‍රහයා වැනි පෘථිවිය මෙන්ම පොළවක් සහිත ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට වඩා ස්කන්ධයෙන් හා විශ්කම්භයෙන් තරමක් කුඩා වේ.

පෘථිවියේ මත මෙන් නොව අඟහරු මත ඇත්තේ  ඉතා තුනී වායු ගෝලයකි. එය ැඩි ප්‍රමාණයක්  කාබන්ඩයොක්සයිඩ් වලින් සමන්විත වේ. මෙකී හේතුව නිසා අඟහරු මත උෂ්ණත්වය පෘථිවියට වඩා  අඩු අගයක් ගනී.

විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයන්ට අනුව අඟහරු මත මීට බොහෝ කලකට පෙර ජලය පැවති බවට සැක කළ හැකි සාධක හමුවී ඇත.  මේ නිසා මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු මත ජීවයක් පවතින්නට ඇතැයි සැක කරනු ලබයි.

අඟහරු පිළිබඳව සිත් ඇදගන්නා කරුණු කිහිපයක්

පුරාණ  රෝමවරුන්ගේ යුද්ධයට අධිපති දෙවියන්ගේ  නමින් මෙය නම්කර ඇත

අඟහරුට Phobos සහ Deimos නමින් වූ  චන්ද්‍රයන් දෙදෙනෙක් පවතී.

අඟහරු මත සාගරයන් නොපවතින බැවින් එහි  මුළු බිම් ප්‍රමාණය පෘථිවියේ මුළු බිම්  ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වේ.

පුරාණ  ඊජිප්තු වරුන් අඟහරු නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් එය  රතු ග්‍රහයා ලෙස හඳුන්වා ඇත.

පෘථිවිය මත 45 Kg පමණ වන පුද්ගලයෙක් අඟහරු  මතදී 17 kg පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

අප සෞරග්‍රහ මන්ඩලයේ  දෙවනුවට කුඩාම ග්‍රහලෝකය වන්නේ අඟහරුයි





0 comments:

Post a Comment