ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

වැදගත් දින සහ සිදුවීම් (මැයි මාසය)

මැයි 01 - ලෝක කම්කරු දිනය                  
මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය 
මැයි 04 - මළවුන් සිහි කිරීමේ දිනය *
මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය 
මැයි 08 - ලෝක රතු කුරුස දිනය 
මැයි 08 - ලෝක තැලිසීමියා දිනය 
මැයි 10 - 11 ලෝක සංක්‍රමණික පක්ෂි දිනය 
මැයි 12 - ජාත්‍යන්තර හෙද දිනය 
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය 
මැයි 17 - ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය 
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය 
මැයි 21 - ලෝක සංස්කෘතික දිනය 
මැයි 22 - ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය 
මැයි 23 - ලෝක කැස්බෑ දිනය *
මැයි 25 - ජාත්‍යන්තර අතුරුදන් වූ ළමුන් සිහිපත් කිරීමේ දිනය*  
මැයි 29 - එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිලිබඳ ජාත්‍යන්තර දිනය 
මැයි 31 - ලෝක දුම්කොළ විරෝධී දිනය 

* එක්සත් ජාතීන්ගේ නොවන දින 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Alexandria )

ඉපැරණි ලෝක පුදුම -7 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම ප්‍රදීපාගාරය පුරාතන ඊජීප්තුවෙ ටොලමික් රාජ සමයේ (ක්‍රි.පූ 247-280) දී ඉදිකරන ලද්දකි. මෙය පිහිටා තිබුනේ බටහිර නයිල් තුඩුව ආසන්නයේ Pharos නම් කුඩා දූපතේ වරායේය. උසින් මීටර 120-137 අතර වූ මෙය සියවස් ගනණාවක් යනතුරුම ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස පිලිගැනුනි.තවද ඉපැරණි ලෝක පුදුම අතරින් තුන්වනුවට වැඩිම කාලයක් පැවතුනු පුදුමය ලෙස ද මෙය සඳහන්වේ.

මහා ඇලෙක්සැන්ඩ්‍ර රජුගේ අකල් මරනයෙන් පසු ක්‍රි.පූ 305 දී පමණ පලමු ටොලමි (Ptolemy I Soter) ඊජීප්තුවෙ රාජත්වයට පත්විය. ප්‍රදීපාගාරයේ වැඩ ඇරම්බුනෙ ඔහුගේ රාජ සමයේ වුවද එහි වැඩ නිමාකිරීමට හැකි වුයේ ඔහුගේ ඇවෑමෙන් රජකමට පත් වු පුත් දෙවන ටොලමි (Ptolemy II Philadelphus. ) හටය. ප්‍රදීපාගාරයේ වැඩනිමා කිරීමට වසර 12ක කාලයක් ගත වූ බව සඳහන් වේ. නූතන ප්‍රදීපාගාරවල ආකෘතියට පාදක වුයේ මෙම ප්‍රදීපාගාරයයි.




ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කොටස් 3කට  තිබුණි. එනම් පාදම කොටස සමචතුරස්‍රාකාර පෙට්ටියක් හැඩයටත් දෙවැනි කොටස පැති 8ක් සහිතව උසට ද තෙවන කොටස සිලින්ඩරාකාර වන ලෙසටය.ඉහල කොටසේ බොහෝ දුරට  රාත්‍රියට පෙනෙන ලෙස විශාල ගිනිමැලයක් ගසන්නට ඇතය සැලකේ . මෙහි මුදුනේ ජලයට අදිපති පොසේයිඩන් දෙවියන්ගේ පිළිරුවක් තිබු බවද සඳහන් වේ.

ඉතිහාසයේ සඳහන් ආකාරයට මෙහි විනාශයට හේතු වී ඇත්තේ විටින් විට ඇති වූ භූමිකම්පාය. ක්‍රි.ව 956 සහ 1303 ඇති වූ භූමිකම්පා වලින් හානියට පත්ව නැවත ප්‍රතිසන්ස්කරනය කල ද 1323 දී පමන ඇති වූ භූමිකම්පාවෙන් විනාශ වූ පසු නැවත ගොඩ නැගීමක් සිදුනොකිරිනි. 


ඉපැරණි ලෝක පුදුම පිලිබඳ අනෙකුත් ලිපි මෙතනින් 
http://goo.gl/rICLJc

මායාවරුන්ගේ දින දර්ශනය (Maya Calendar)

මායා දින දර්ශනය ලෙස හඳුන්වනු ලබන්නේ ඉපැරනි මධ්‍යම ඇමරිකානු ශිෂ්ඨාචාර වල විශේෂයෙන්ම මායාවරුන් භාවිතා කරන ලද දින ගණන් කිරිමේ ක්‍රියා පටිපාටියකටයි. මෙහි භාවිතය ක්‍රි.පු 5 වන සියවසතෙක් ඇතට දිව යයි. අදටද විවිධ මායාවරුන්ගෙන් පැවතෙන්නන් මෙය භාවිතා කරනු ලබයි. මෙය මායා දින දර්ශනය ලෙස හැඳින්වුවද මෙහි නිර්මාපකයන් ඔවුන් නොවන බව පැවසේ. 

මෙහි ප්‍රධානම දින දර්ශන 3න ලෙස "Tzolkin", "Haab" සහ "
Long Count
"
දින දර්ශන හඳුන්වා දිය හැක.

මෙම දින දර්ශන විවිධ දින ගණන් වලින් යුක්ත චක්‍ර කිහිපයකින් සමන්විතවේ.දින 260 කින් සමන්විත චක්‍රය "Tzolkin" ලෙස හැඳින්වේ. එයට ඈඳුනු දින 365 චක්‍රය "Haab" ලෙස හැඳින්වේ. මෙම දින දර්ශන දෙකහි එකතුව "Calender Round" එකක් ලෙස හඳුන්වනු ලබන අතර සැම "Haab" 52 කට වරක්ම දින දර්ශන වල පිහිටීම මුල් අවස්ථාවට පැමිනේ. මෙකී දින දර්ශන කෙටි කාලින සිදුවීම් සඳහා පමණක් යොදා ගනී.

දිගුකාලීන දින ගණනය සඳහා මොවුන් තවත් වෙනස් දින දර්ශනයක් භාවිතා කරනු ලබයි.එය "Long Count." ලෙස හඳුන්වනු ලබයි.


Tzolkin
මෙය දින 20 ක නම් සමග දින 13 ක අංක වල සංකලනයෙන් සෑදුන,  දින 260 ක දින දර්ශනයකි. බොහෝ දුරට විවිධ ආගමික උත්සව සඳහා වූ දිනයන් හඳුනා ගැනීමට මෙය භාවිතා කරන්නට ඇතැයි සැලකේ.   





Haab
මෙය මසකට දින 20 බැගින් වූ මාස 18 කින්ද, අවසානයට තවත් අමතර දින 5 කින්ද සමන්විත වූ දින 365ක  දින දර්ශනයකි. වසර අවසානයට යෙදෙන මෙම අමතර දින 5 ක කාලය අසුබ කාල පරිච්චේදයක් ලෙස සැලකිය. එනිසා විවිධ ආගමික වතාවත් වල නියෙලෙමින් එම කාලය ගත කිරීමට එකල වැසියන් ගේ සිරිතක් වූ බව සැලකේ. 




Calendar Round
Tzolkin කැලැන්ඩරය සමග Haab කැලැන්ඩරය එකතු කිරිම මගින් මෙම දින ගණනය කරනු ලබයි. Calendar Round එකක් Haab වසර 52 කට හෙවත් දින 18,980 කට සමාන වේ. ඉන් පසු නැවත කැලැන්ඩරය මුල් අවස්ථාවේ සිට ගණනය කිරීම අරඹයි. 


Long Count

වර්තමානයේ අප භාවිතා කරනු ලබන දින දර්ශනයේ ආරම්භය ක්‍රි.ව 1 ලෙස සැලකුවද, මායා "Long Count."  දින දර්ශනයේ ආරම්භක දිනය ලෙස ක්‍රි.පූ 3114 අගෝස්තු 11 දිනය සලකනු ලබයි.

මෙහි දින ගණනය 13.0.0.0.0 හෙවත් ක්‍රි.පූ 3114 අගෝස්තු 11 දින සිට සිදු කරණු ලබයි.  මෙහි ඉලක්කම් 5 පිලිවෙලින් Baktun. Katun. Tun. Uinal. Kin. ලෙස හඳුන්වනු ලබයි.

Kin = 1 Day.
Uinal = 20 kin = 20 days.
Tun = 18 uinal = 360 days.
Katun = 20 tun = 360 uinal = 7,200 days.
Baktun = 20 katun = 400 tun = 7,200 uinal = 144,000 days.   


kin, tun සහ katun 0-19 දක්වාද, uinal 0-17 දක්වාද , baktun 0-13 (මෙය මතභේදයට ලක්විය )  දක්වාද ගණනය කරනු ලබයි.
උදා : 13.18.10.15.16 - 13 (baktun ) .18 (Katun) . 10 (Tun) . 15 (Uinal) . 16 (Kin) 


මෙලෙස ගත් කල Long Count දින දර්ශනයේ එක චක්‍රයක් baktun 13 ක කාලයක් හෙවත් දින  1.872.000 (වසර 5125.36) ක් පමණ වේ.
 

2012.12.21 ලෝක විනාශය
මෙම මතය ලොව පුරා පැතිරිමට හේතුව වුයේ මෙම Long Count දින ගණනයයි. එනම් දින දර්ශනයට අනුව අප මේ සිටින කාලයට පෙර ලෝකය 12.19.19.17.19 දින විනාශ වී  13.0.0.0.0 දින සිට නැවත ඇරම්භිනි. 2012,12.21 දිනට නැවත මායා Long Count දින දරශනය 12.19.19.17.19 දිනය පෙන්නුම් කරන ලදි. 


2012.12.21 ලෝක විනාශය

පර්යේෂකයන්ට අනුව මෙම ලෝක විනාශය පිලිබඳ මිත්‍යාමතය බොහෝ අය හුදෙක් වෙලඳ ප්‍රචාරනයක් ලෙස භාවිතා කල සත්‍යයෙන් තොර මතයකි.