ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

සූර්යයා - The Sun

සූර්යයා ක්ෂීර පථයේ මධ්‍යයේ ඇති කහ පැහැති ක්ෂුද්‍ර තාරකාවකි. සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයින් සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා සහ සියලුම ග්‍රහයන් ක්ෂීර පථය මධ්‍යයේ භ්‍රමණය වේ.

සූර්යයා, විශ්වයේ සාපේක්ෂව කුඩා තාරකාවක් වුවත් එය සෞරග්‍රහ මණ්ඩලයට ඉතා විශාලම බන්ධනයක් ඇති ආකාශ වස්තුවයි.

ස්කන්ධය - පෘතුවියේ ස්කන්ධය  මෙන් 333,000 ගුණයක් පමණ වේ.
විෂ්කම්භය - පෘතුවියේ විෂ්කම්භය  මෙන් 109 ගුණයක් විශාල වේ.එය තුල පෘතුවියේ ප්‍රමාණයේ වස්තු 1,300,000 පමණ අන්තර්ගත කල හැකි බව පැවසේ.   
උෂ්ණත්වය - මතුපිට උෂ්ණත්වය 5,500 degrees C (10,000 degrees F) වේ.
පෘතුවියේ සිට දුර - සැතපුම් මිලියන 93 ( කි. මි මිලියන 149.6 ) ක් වේ.
වයස - අවුරුදු බිලියන 4.5ක් වේ.



බ්‍රහස්පති හා සෙනසුරු ආදී වායුන් සහිත විශාල ග්‍රහයන් සිටියත් සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% ක් ම අත්පත් කරගෙන සිටී.
සූර්යයා සෑදී ඇත්තේ අධිතප්ත හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලිනි.එහි හයිඩ්‍රජන් ප්‍රතිශතය 74%ක් වේ. හයිඩ්‍රජන් වායුව දැවීමෙන්  සූර්යාගේ ශක්තිය පිටවන අතර , එම ශක්තිය අපට ආලෝකය හා තාපය ලෙස ලැබේ. 


සූර්යයාගෙන් පිටවන ආලෝක කිරණ, කි.මී.මිලියන 150ක දුරක් ගෙවාගෙන පෘථීවියට ළඟා වීම සඳහා විනාඩි 8ක කාලයක් ගතවේ. ආලෝකයේ වේගය තත්පරයට කි.මී. තුන්ලක්ෂයකි (300,000) කි.

සූර්යයා කලාප 6කට බෙදා ඇත. ඇතුලත සිටගත් කල ඒවා වන්නේ 

1.  මධ්‍යය (The core)
2.  විකිරණ කලාපය (The radioactive zone)
3.  සංවහන කලාපය (The convective zone)
4.  ප්‍රකාශ ගෝලය (The Photosphere)
5.  වර්ණ ගෝලය (The Chromosphere )
6.  පිටත රැස් වළල්ල (The corona)



මිහිපිට ඇති ප්‍රධානම ශක්ති ප්‍රභවය සූර්යයා වන අතර ශාක ප්‍රභාසංස්ලේෂණය  කිරීමද මෙම සන්නද්ධ ශක්තියෙන් සිදුවේ. එමෙන්ම තෙල් වැනි පොසිල ඉන්ධන වලින් අප ලබාගන්නා ශක්තියත් සූර්යයාගේ ආධාරයෙන් හිමි වූවකි.

සූර්ය කෝෂ මගින් සූර්යාගේ ශක්තිය පරිවර්තනය කිරීමෙන්ද විදුලිය නිපදවා ගත හැකිය.

1900 දී Albert Einstein නම් විද්‍යාඥයා E=MC^2 යන සූත්‍රය යොදා ගනිමින් මෙතරම් ශක්තියක් සූර්යයා විසින් නිපදවන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලදී.

1920 දී  Arthur Eddington විසින් තවදුරටත් සූර්යයා මධ්‍යස්තයේ ඇති අධි බලති පීඩනය මගින් න්‍යෂ්ටික සංයෝජනයන්, අධික තාපයන් හා   ශක්තියන් නිපදවන අයුරු සොයාගන්නා  ලදී.

මළ මුහුද ( Dead Sea )

ලුණු මුහුද ලෙසද හඳුන්වන මළ මුහුද, නැගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ්‍රායලයට මායිම්ව පිහිටා තිබේ. එය සැබැවින්ම පෘථිවියේ අද්විතීය ස්ථානවලින් එකක් වේ.

අධි ලවණතාවයක් ඇති මළ මුහුද දේ ගැඹුර මීටර් 377 ක් (අඩි 1237)  පමණ  වේ. මෙහි සෝඩියම් ක්ලෝරයිඩ් හා වෙනත් ඛනිජ ලවණ සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගු වේ.  

33.7% ක් ලවණ සමඟ මළ මුහුද ජල ලෝකයේ ලවණතාවයෙන් වැඩිම මුහුද වේ. මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසා බැක්ටීරියා වර්ග වලට හැර එහි කිසිදු ජීවියෙකුට හෝ පැලෑටියකට ජිවත් වීමට නොහැක. මළ මුහුදට  ඒ නම වැටීමට  හේතුව වී ඇත්තේ මෙම කාරණාවයි. 

මළ මුහුද පළලින් වැඩිම තැන කිලෝ මීටර් 18 (11 සැත) ක් හා දිගින්  වැඩිම තැන කිලෝ මීටර් 67 (42 සැත)  ක් වේ.  එය ජෝර්දාන්  Rift නිම්නය තුල පවතිප්‍රධාන  අතු ගංඟාව වන්නේ ජෝර්දාන් නදියයි. 


මළ මුහුදේ අසාමාන්‍ය  ඉහල ලුණු සාන්ද්‍රණය නිසා මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය.අනෙක් සාගර වලට  වඩා දළ වශයෙන් 8.6 ගුණයක් ලවණතාවයෙන් වැඩි මෙය එක්සත් ජනපදයේ ඌටා හී Great Salt Lake එකට සමාන වේ.



ඔෂදිය ගුණය සැලකීමේදී ,මළ මුහුදදිගු ඉතිහාසයක් ඇතමෙහි ඇති මඩවල සුවපත් කිරීමේ සුවිශේෂී ගුණයක් ඇතැයි සැලකේ. එබැවින් ඇරිස්ටෝටල්,  සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින යන මේ  අය පවා අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට මළ මුහුදේ ජලය සහ මඩ භාවිතා කල යයි සදහන් වේ. 

ජෝර්දානයේ පරිසරවේදීන් විසින් මළ මුහුදේ වත්මන් අනුපාතය පහත වැටීම දිගටම සිදුවුවහොත්  එය  වසර 2050 වන විට අතුරුදහන් වනු ඇති  බවට අනතුරු අඟවති.