ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

නස්කා රටා ( Nazca Lines )

නස්කා රටා යනුවෙන් හඳුන්වන්නේ දකුණු දිග පේරු හි නස්කා කාන්තාරයේ පොලොව මත මිට වසර දහස් ගණනකට පෙර නිර්මාණය කරන ලද  විශාල ප්‍රමාණයේ රුප සමුහයකටයි. මේවා ක්‍රි.පු 500 සහ ක්‍රි.ව 500 අතර කාලය තුල විසු නස්කා වැසියන් විසින් නිර්මාණය කරන්නට ඇතයි සැලකේ .එහෙත්  මේවා නිර්මාණය කිරීමේ පරමාර්ථය තවමත් ලොවට අබිරහසක්ව පවතී. 

පළමු වරට නස්කා රටා පිලිබඳ සඳහන් වන්නේ 1553 Pedro Cieza de
León විසින් ලියන ලද කෘතියකය. එහිදී ඔහු මේවා ගමනාගමනයට යොදා ගන්නා අඩි පාරවල් ලෙස වරදවා වටහා ගෙන තිබුණි. කෙසේ නමුත් 1927 පේරු ජාතික පුරවිද්යඥයෙකු වූ Toribio Mejia Xesspe, නස්කා අවට කඳු නැගීමේදී මෙම විවිධාකාර රටා නිරීක්ෂණය කිරීමත් සමග ලෝකයේම අවධානය මිට යොමු විය. පළමු වරට නස්කා රටා පිලිබඳ ක්‍රමවත් පර්යේෂණයක් නියුතු වුවයයි සැලකෙන්නේ Paul Kosok ය. 1940 දී පමණ ඔහු ගුවන් යානයක නැගී නස්කා කාන්තාරය ප්‍රදේශය නිරීක්ෂණය කල අතර එහිදී විවිධ හැඩයේ නිර්මාණ නිරීක්ෂණය කරන ලදී.   



නස්කා රටා ප්‍රදේශයේ රුපසටහනක්
කාන්තාරයේ රතු පැහැයට හුරු ඝන අයන් ඔක්සයිඩ් මිශ්‍ර බොරළු පොලොව  ඉවත්කර, නොගැඹුරු සුදට හුරු අදුරු මැටි සහිත පස මතු කිරීම මගින් මෙම රටා සියල්ල නිමවා තිබේ. බොහෝ විට මේවා   සෙ.මි 10-15 අතර ගැඹුරු වේ. ප්‍රදේශයේ වසර මුළුල්ලේම තිබෙන වියලි සුළං රහිත කාලගුණය නිසා වසර දහස් ගණනක් මුළුල්ලේ මේවා සුරැකිව පැවතුනි.

වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක්  පුරා විවිධ හැඩතල වලින් යුත් රුප 300 කට අධික ප්‍රමාණයක් දක්නට ඇත. ඒවා අතරින් බොහොමයක් විවිධ ජ්‍යාමිතික හැඩතල නිරුපනය කරන අතර 70 කට අසන්න ප්‍රමාණයක් විවිධ සතුන්ගේ, මිනිසුන්ගේ රුප නිරුපනය කෙරේ. ඒවා අතර කුරුල්ලන්,වදුරන්,මකුළුවන්,මිනිසුන්,මාළුන් ජගුවර් කොටියන් ආදීන් ද  විවිධ ගස් සහ මල් වල රුප ද නිරුපනය වේ.

සමහර ජ්‍යාමිතික නිර්මාණ මීටර 270 ක් ( අඩි 890) පමණ විශාල වේ. කුරුළු රුපය (hummingbird) මීටර 93 ( අඩි 310 ) ක් ද , රාජාලිය (condor ) මීටර 134 ( අඩි 440 ) ක් ද, වඳුරු රුපය (monkey ) මීටර 93 ( අඩි 310 ) ක් ද , මකුළු රුපය (spider) මීටර 47 ( අඩි 150 ) ක් ද වෙතයි ගණන් බලා ඇත.

 
Monkey

Condor
Hand

Shark
Spider

Astronut
Humming Bird

නස්කා රටා කුමන අරමුණක් උදෙසා නිර්මාණය කලාද යන්න පිලිබඳ විවිධ අදහස් පවතී. ඉන් එකකින් කියවෙන්නේ පුරාණ නස්කා වැසියන් ආගමික අරමුණු උදෙසා ඉහල සිටින දෙවියන්ට දිස්වන පරමාර්ථයෙන් මේවා නිර්මාණය කරන්නට ඇතය කියාය. තවකකින් කියවෙන පරිදි ඉපැරණි වැසියන් විශ්වය පිලිබන්ධ අවබෝධයකින් සහ වඩා සම්බන්ද තාවයකින් සිට ඇති බවත්,මේවා මගින් විශ්වයේ යම්කිසි සම්බන්ධයක් නිරුපනය වන බවත්ය. ඔවුන් පවසන පරිදි විවිධ තාරකා මණ්ඩල සහ නස්කා රටා අතර කිසියම් සම්බන්ධතාවයක් පවතී. ඊට උදාහරණ ලෙස ඔරයන් තාරකා මණ්ඩලය සහ වඳුරු රුපය අතර සම්බන්ධතාවයක් ගෙන හැරපායි. එමෙන්ම මේවා ඉපැරණි ආගමික විස්වාස හා බැඳුනු වාරිමාර්ග පද්ධතික් ලෙසටද මත පවතී. 

1994 සිට මෙම ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී.

 වීඩියෝව මෙතනින් බලන්න 

ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals )

#1 චීටා ( Cheetah )  
වේගය : පැ.කි 109.4–120.7 (පැ.සැ 68.0–75.0)
චිටා හට තත්පර 3ක් වැනි සුළු කාලයක් තුල වේගය පැ.කි 0 සිට 96.6 දක්වා වේගය වැඩි කර ගත හැක. එසේ වුවද දරා ගැනීමේ හැකියාව අඩු බැවින් බොහෝ විට එක වරකට තත්පර 60 ක පමණ කාලයක් වේගයෙන් ධාවනය කෙරේ. 


#2 ප්රොන්ග්න් හෝර්න් ( Pronghorn )  
වේගය : පැ.කි 88.5 (පැ.සැ 55.0)
දිගු දුරක් වේගයෙන් දිවිය හැකි සත්වයා ලෙස සැලකේ. American Antilope ලෙසද හඳුන්වයි. කි.මි 0.8  ක පමණ දුරක් පැ.කි 88.5 ක වේගයෙන් ද , කි.මි 1.6  ක පමණ දුරක් පැ.කි 67 ක වේගයෙන් ද ,කි.මි 6 ක පමණ දුරක් පැ.කි 56 ක වේගයෙන් ද දිවිය හැක.


#3 ස්ප්‍රින්ග්බොක් ( Springbok )   
වේගය : පැ.කි 88  (පැ.සැ 55)  
දකුණු ඇමරිකාවට ආවේනික මුව වර්ගයක් වේ. දුවන අතර තුර දිගු දුරක් පැනීමටත්, ක්ෂණයකින් වෙනත් දිශාවකට හැරීමටත් හැකියාවක් ඇත. දක්ෂ දිගු දුර ධාවකයන් නොවේ.


#4 වයිල්ඩ් බීස්ට් ( Wildebeest ) 
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)   
blue wildebeest සහ black wildebeest ලෙස වර්ග දෙකක් ඇත. දෙවර්ගයටම ඉතා වේගයෙන් දිව යාමේ හැකියාව ඇත. කෙටි දුර දිවීමට වට දිගු දුර දිවීමේ ධක්ෂයන් වේ


#5 සිංහයා ( Lion )   
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)    
බලල්  පවුලට අයත් දෙවන විශාලතම මෙන්ම දෙවන වේගවත්ම සත්වයා වේ. උපරිම වේගයෙන් ඉතා කෙටි දුරක් පමණක් දිවිය හැකි බැවින් ගොදුරක් ඇල්ලීමට පැනීමට පෙර හැකිතාක් එයට ලංවිම සිදු කරයි.
 

#6 බ්ලැක් බක් ( Blackbuck )   
වේගය : පැ.කි 80  (පැ.සැ 50) 
කි.මි  1.5 ක පමණ දුරක් පැ.කි 80 ක වේගයක් පවත්වා ගෙන දිවීමේ හැකියාවක් ඇත.



#7 හාවා ( Hare )   
වේගය : පැ.කි 80  (පැ.සැ 50)    
මීටර 20 ක පමණ දුරක් උපරිම වේගයෙන් දිවිය හැක




#8 ග්රේහවුන්ඩ් ( Greyhound )   
වේගය : පැ.කි 74  (පැ.සැ 46)  
ලොව වේගවත්ම සුනඛ වර්ගය වේ. ප්‍රධාන වශයෙන්ම දඩයම් ක්‍රීඩාවට සහ දිවීමේ තරග ක්‍රීඩාව සඳහා යොදා ගනී.



#9 ජැක් රැබිට් ( Jackrabbit )   
වේගය : පැ.කි 72  (පැ.සැ 45)  
එකවර සාමාන්‍යයෙන් මීටර 3ක ( අඩි 9.8 ) පමණ පිම්මක් පැනීමේ හැකියාව ඇත. සමහර අවස්ථාවලදී එය මීටර 6 ක් පමණ වන බව සඳහන් වේ .



#10 කැන්ගරු ( Kangaroo )   
වේගය : පැ.කි 71 (පැ.සැ 44)
පැ.කි 21–26 ක පමණ පමණ සාමාන්‍ය වේගයෙන් දිවීම කරන අතර පැ.කි 71 ක උපරිම වේගයෙන් ඉතා කෙටි වෙලාවක් දිවීමට හැක. වේගයෙන් දුවන විට සාමාන්‍ය වේගය පැ.කි 40 පමණ වන අතර,  කි.මි 2ක පමණ දුරක් එම වේගයෙන් දිවීමට හැක 

( විකිපීඩියා ඇසුරෙනි )

සෞරග්‍රහ මණ්ඩලය ( The Solar System )

සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ  වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ.
සෞරග්‍රහ  මණ්ඩලයේ මාධ්‍යය ලක්ෂය වන්නේ සූර්යයායි.

අපේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක අටකින් සමන්විත වේ. සූර්යයාට කිට්ටුම ග්‍රහයාගෙන් පටන්ගතහොත් පිලිවෙලින් බුධ (Mercury), සිකුරු (Venus), පෘතුවි (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter) , සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නෙප්චූන් (Neptune) යන ග්‍රහයින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.

සූර්යාට කිට්ටුම ග්‍රහයින් හතර වන බුධ ,සිකුරු, පෘතුවි හා අඟහරු භෞමික ග්‍රහයින් වේ.එනම් ඒවායෙහි ඉතා තද ගල් සහිත පෘෂ්ටයක් පවතී.

සූර්යාට දුරින් පිහිටි ග්‍රහයන් හතර වන බ්‍රහස්පති,සෙනසුරු, නෙප්චූන් හා යුරේනස්  වායු දැවැන්තයින් ලෙස සැලකේ. ඒවායෙහි මතුපිට විෂ වායු අංශු පවතින අතර ඉන් බොහොමයක් හයිඩ්‍රජන් වායුව වේ.

අනෙකුත් අකාශ  වස්තූන්

සූර්යයා හා ග්‍රහලෝක අට හැරුනුකොට වෙනත්  ආකාශ වස්තූන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත්වේ.

Dwarf planets (ක්ෂුද්‍ර ග්‍රහලෝක)

මේවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලටම සමානකමක් ඇති ආකාශ වස්තූන් වන අතර ප්‍රමාණයෙන් ඉතාමත් කුඩාද වේ.සෞරග්‍රහ  මණ්ඩලයේ ඇති ක්ෂුද්‍ර  ග්‍රහලෝක අතර Pluto, Ceres, Eris, Haumea, and Makemake  ප්‍රධාන වේ.



Comets (වල්ගා තරු) 

සූර්යයා වට කක්ෂීය වන වල්ගා තරු සැදී ඇත්තේ අයිස්, දුවිලි සහ පාෂාණ කැබලි වලිනි.එහි වලිගයක් දකින්නට ලැබෙන අතර එය සූර්ය විකිරණ වලින් පිටවන වායු වලින් සැදී ඇත. වල්ගා තරුවල පැවතෙන්නේ  Kuiper belt සහ Oort cloud මගිනි.

 
Asteroid belt (ග්‍රහාංශ කලාපය) 

අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර මෙය පවතී.මෙම කලාපය තුල දහස් ගණන් පාෂාණ කැබලි සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී. මේවා දුවිලි අංශු ලෙස 'Ceres' ක්ෂුද්‍ර ග්‍රහයා දක්වා පැතිරේ.

 


Kuiper belt 

මෙය කුඩා අකාශ වස්තූන් දසදහස් ගණනකින් සමන්විත කලාපයක් වන අතර කක්ෂයෙන් පිටත මෙම කලාපය පිහිටයි. අයිස් ,වතුර,ඇමෝනියා සහ මීතේන් වායු වලින් මෙය සමන්විත වේ.

 
Oort cloud
 
Kuiper belt කලාපයයට වඩා ඈතින් පිහිටන අතර සූර්යයා  වටා වට දහස් ගණනක් ඈතින් ද මෙය පිහිටයි.දැනට විද්‍යාඥයන් අනුමාන කර ඇති ආකාරයට අයිස් වලින් සමන්විත ඉතා කුඩා ආකාශ වස්තුන් දහස් ගණනකගෙන් Oort cloud හී පැවැත්ම රඳා පවතියි. Oort cloud සෞරග්‍රහ මණ්ඩලයේ අග කෙලවරෙහි පවතී.




සෞරග්‍රහ මණ්ඩලය ගැන සිත් ඇදගන්න කරුණු කීපයක්

1. Uranus සහ Neptune යන ග්‍රහයන් වතුර, මීතේන් සහ ඇමෝනියා වායු වලින් පිරී ඇති නිසා අයිස් යෝධයන්" ලෙස හදුන්වනු ලැබේ.
2. ක්ෂීර පථයේ තාරකා බිලියන 200ක් පමණ ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි.
3. Pluto මුලින් සම්පූර්ණ ග්‍රහලෝකයක් බවට සැලකුනත් පසුව 2006 දී නැවතත් Dwarf planet (නොවැඩුණු ග්‍රහලෝකයක් ) ලෙස නම් කරන ලදී.
4. සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.85% ක්ම සූර්යයාගෙන් පිරී ඇති අතර අනෙකුත් සියලුම ග්‍රහාංශ කලාප, කුඩා ග්‍රහලෝක සහ සඳ ආදී වන සියලුම ආකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය පුරවාලන්නේ 0.15% වැනි කුඩා ප්‍රමාණයක් පමණි.
5. සියලුම ග්‍රහයින් සූර්යයා වටා වාමාවර්තව ගමන් කරයි.
6. සෞරග්‍රහ මණ්ඩලය හා පරසක්වලය ගැන පර්යේෂණ කරනා විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් හෝ නක්ෂත්‍ර විද්‍යාඥයින් ලෙස හදුන්වනු ලැබේ.

Reference : http://www.ducksters.com


ෆෙරාරි ( Ferrari )


ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික  Enzo Ferrari මහතාය. ඔහු 1898 පෙබරවාරි 18 දින ඉතාලියේ Modena හි උපත ලැබිය.තරුණ වියේදී  ඔහු Alfa Romeo මොටරථ ධාවකයෙකු ලෙසද කටයුතු කලේය.

ෆෙරාරි සමාගමේ ආරම්භක අඩිතාලම ලෙස සැලකෙන්නේ 1929 දී Enzo Ferrari විසින් පිහිටවනු ලැබූ Scuderia Ferrari නම් මෝටර් රථ ධාවකයන්ට තරග වලදී  අනුග්‍රහය දක්වන ආයතනයයි. 1933 දී Alfa Romeo සමාහම තම මෝටර් රථ ධාවන කණ්ඩායම විසුරුවා හැර එය Scuderia Ferrari කණ්ඩායම වෙත පවරන ලදී. නැවත 1938 දී Alfa Romeo සමාහම ඔවුන්ගේම කණ්ඩායම ලෙස Alfa Corse පිහිටුවා ගත් අතර Enzo Ferrari මහතා කළමණාකරු ලෙස පත් කරන ලදී. මේ සමගම Scuderia Ferrari කණ්ඩායම විසුරුවා හරින ලදී.



Ferrari 458 Speciale A
1939 දී එයින් ඉවත් වූ ඔහු Auto Avio Costruzioni නමින් මුලිකවම ගුවන් යානා අමතර කොටස් සහ විවිධ යන්ත්‍ර කොටස් නිපදවන තමාගේම ව්‍යාපාරයක් අරඹන ලදී .1949 දී ඔවුන් Tipo 815 නමින් ධාවන තරඟ වලට භාවිතා කරන මෝටර් රථයක් නිපදවන ලදී. දෙවන ලෝක යුද සමයේ 1944 දී මිත්‍ර හමුදා විසින් බෝම්බ දැමීම නිසා කර්මාන්ත ශාලාව විනාශයට පත්විය. දෙවන් ලෝක යුද්ධය නිමවීමත් සමග 1946 දී නැවත කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කල අතර මෙවර සාමාන්‍ය මාර්ගවල ගමන් කල හැකි (road cars) මෝටර් රථ නිපද වීමද ආරම්භ කර තිබුණි.

මෙහි ප්‍රතිපලයක් ලෙස 1947 දී පළමු Ferarri මෝටර් රථය ( Road Car)  වූ 125 S එළිදක්වන ලදී. මෙය Ferarri මෝටර් රථ වල ඇරඹුම ලෙස සැලකේ.

Ferarri ලාංජනය ලෙස යොදා ගන්නා අශ්වයාගේ සංකේතය (cavallino rampante) පිලිබඳ ද ඉතිහාස කතාවක් පවතී. එනම් එම සංකේතය පළමුව භාවිතා කර ඇත්තේ පළමු  ලෝක යුද්ධ සමයේ ඉතාලිය වෙනුවෙන් සටන් කර දිවි පිදු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම පළමු ලෝක යුධ විරුවෙකු වූ  Francesco Baracca ය. ඔහු  තම ගුවන් යානයේ බඳ කොටසේ මෙම අශ්වයාගේ රුපය සිතුවම් කරගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි. 


1923 දී Enzo මෝටර් රථ ධාවන තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Francesco Baracca ගේ මව මුණ ගැසිනි.එහිදී
ය කල ඉල්ලීමකට අනුව විවිධ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව 1929 සිට එය තම නිල ලාංජනය ලෙස භාවිතා කිරීම ඇරඹිය. තම උපන් ගම වූ Modena හි සංකේතත්මක් වර්ණය වූ කහ ලාංජනයේ පසුබිම ලෙස යොදා ගැනුන අතර මුදුනේ ඉතාලි ජාතික කොඩියේ වර්ණ වූ කොළ සුදු සහ රතු සිතුවම් කරන ලදී. S F යන අක්ෂර දෙකෙන් Scuderia Ferrari යන්න නිරුපනය වේ .



Ferarri මෝටර් රථ වලට බොහෝ විට යොදා ගන්නා රතු වර්ණයට හේතු වී ඇත්තේ 1920 ගණන් වල සිට මෝටර් රථ ධාවන තරග වලදී රථ නිරුපන කරන රට වෙන්ව හඳුනා ගැනීමට යොදා ගන්නා වර්ණය අනුවයි. ඒ අනුව Alfa Romeo, Maserati,Ferrari, Abarth ආදී ඉතාලි මෝටර රථ රතු වර්ණයෙන්ද , Bugatti වැනි ප්‍රංශ මෝටර් රථ නිල් වර්ණයෙන්ද , Benz වැනි ජර්මානු මෝටර් රථ සුදු වර්ණයෙන්ද (1934 සිට රිදී පැහැය), බ්‍රිතාන්‍ය මෝටර් රථ කොළ පැහැයෙන්ද වර්ණ ගන්වයි .

තවත් සුපිරි ඉතාලි මෝටර් රථ සමාගමක් වන Lamborghini සමාගමේ ආරම්භයට ද පාදක වී ඇත්තේ Enzo Ferarri මහතා සහ Ferruccio Lamborghini මහතා අතර ඇති වූ මත ගැටුමකි. (එය කියවන්න )   

1969 දී Fiat සමාගම Ferarri හි 50% ක කොටස් මිලදී ගන්නා ලද අතර 1988 වන විට 90% ක කොටස් මිල දී ගන්නා ලදී. වර්තමානය වන විට (2015) 80% ක කොටස්  Fiat Chrysler සමාගම සතුවන අතර තවත් 10% ක් කොටස් මහජනයා වෙත නිකුත් කොට තිබුණි.ඉතිරි 10% ක කොටස් Enzo Ferarri මහතාගේ  පුත්‍රයකු වන Piero Ferrari සතු වේ.

වර්තමානයේ වෙළඳපොල ඇති Ferrari මෝටර් රථ කිහිපයක් පහත දක්වා ඇත  

Ferrari 488 GTB


Ferrari 458 Speciale


Ferrari California


www.ferrari.com වෙබ් අඩවිය ඔස්සේ වැඩි තොරතුරු ලබාගත හැක