ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

මොනාලිසා ( Mona Lisa )

ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලාකරුවා අතින් නිමවුන මොනාලිසා  සිතුවම ලොව අතිවිශිෂ්ට කලා නිර්මාණයකි. මෙම සිතුවම නිර්මානය කර ඇත්තේ 1505-1517 කාල වකවානුව තුල දී යයි සැලකේ.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ  Lisa Gherardini නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. ඇය ධනවත් සිල්ක් වෙලෙන්දෙකු වූ Francesco del Giocondo ගේ බිරිඳ විය. තම නව නිවසේ  කටයුතු අවසන් වීමත් දෙවන පුතුගේ උපත සැමරීමත් සඳහා Francesco del Giocondo තම බිරිඳගේ සිතුවමක් නැගීම ලියනාඩෝ ඩාවින්චි හට පවරන ලදි. 

ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty ) පිහිටුවා තිබෙන්නේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ  පිහිටි Liberty Island නම් කුඩා දූපතකය.මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්‍රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇතිවූ මිතුදම සංකේතවත් කිරීම සදහාය.

මෙය නිර්මාණය කරන ලද්දේ  Frédéric Auguste Bartholdi නම් වූ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියාය. ඇමෙරිකානු සහ ප්‍රංශ ජනතාවගේ ඒකාබද්ධ ව්‍යායාමයක් ලෙස නිමවුන ලිබර්ටි ප්‍රතිමාවේ පාදස්තලය ( Pedestal ) සෑදීමේ වගකීම ඇමෙරිකාවට පැවරුන අතර ප්‍රතිමාව නිර්මාණය කිරීම ප්‍රංශයට පැවරුනි. ප්‍රතිමාව ප්‍රංශයේදි කොටස් වශයෙන් නිපදවා ඇමෙරිකාවේදී එකලස් කිරීමට තීරණය කෙරිනි. 

අවුඩි ( Audi )

Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ  Ingolstadt, Bavaria හිය.
මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින  August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි


නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි

ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )

ටින්ටින් ගේ වීරක්‍රියා (The Adventures of Tintin ) යනු Gerges Remi හෙවත් Herge යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත.

ටින්ටින් නම්වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවි වටා ගෙතුනු ත්‍රාසජනක කථා මෙයට පාදක වූ අතර පසුව Captain Haddock,  Professor Calculus, Thomson and Thompson  සහ  Bianca Castafiore. යන චරිත ඊට ඇතුලත් විය

ටින්ටින් කථා මාලාවේ පළමුවැන්න වූ  Tintin in the Land of the Soviets බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත් පතක් වූ  Le Vingtième Siècle හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පලවිනි. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවන සහ තෙවන කථා වූ Tintin in the Congo (1930–1931) සහ Tintin in America (1930–1931) එම පුවත්පතේම පලවිය.