ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

කොලෝසියම ( The Colosseum )

( නූතන ලෝක පුදුම හත  - 5 කොටස )

නූතන ලෝක පුදුම 7 න් එකක් ලෙසද සැලකෙන කොලෝසියම හෙවත් ෆ්ලේවියන් රංග පීඨය ( Flavian Amphitheater ) රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස හඳුන්වා දිය හැක.

මෙය ඉදිකෙරීම් ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව 72 දී (72 A.D) පමණ රෝමයේ ෆ්ලේවියන් අධිරාජ්‍යයේ ( Flavian Dynasty ) ආරම්භකයා වූ වෙස්පාසියන් අධිරාජ්‍යයාය. ( Emperor Vespasian ). ඉදිකිරීම් අවසන් කරන ලද්දේ ඔහුගේ මරණින් වසරකට පසු එනම් ක්‍රි.ව 80 දී (80 A.D) ඔහුගේ පුතා වූ ටයිටස් ( Titus ) විසිනි. ඔහු විසින් මෙය විවෘත කිරීම සනිටුහන් කිරීමට දින 100ක් පුරා නොකඩවා ග්ලැඩියේටර්වරුන්ගේ සටන්, වනසතුන්ගේ සටන් ඇතුලු විවිධ උත්සව මෙතුල පවත්වා ඇත.

ග්ලැඩියේටර් සටනක චිත්‍රයකි
ඉලිප්සාකාර හැඩයක් ගන්නා කොලෝසියම දිග අතට මීටර 190 ක් ද පළල අතට මීටර 155 ක් පමණ ද වේ. මෙහි ඉදිකිරීම් කටයුතු කොන්ක්‍රීට් සහ ගල් යොදා නිමවා මාර්බල් මගින් අලංකාර කර ඇත. පොලොවේ සිට තට්ටු හතරකට වනසේ නිර්මාණය කර ඇති අතර මුලු උස ප්‍රමාණය මීටර 48 ක් පමණ වේ.

ඉහලට පෙනෙන අයුරු
ප්‍රේක්ෂකයන් 50,000 කට පමණ එකවර ආසන ගැනීමේ හැකියාව මෙතුල තිබී ඇත. ඇතුල් වීමේ දොරටු 80 ක් පමණ තිබේ. ආසන පැනවීම සිදුකර ඇත්තේ සමාජ තත්වයට අදාලවයි. එනම් ඉහලම මහල කාන්තාවන්ට සහ පහල පැලැන්තියට ද ක්‍රමයෙන් පහලම මහල වංශාධිපතියන්ට ද වන ලෙසය. රෝම අධිරාජ්‍යයා ඇතුලු සම්භාවනීය විශේශ අමුත්තන්ට ආසන ගැනීමට විශේෂ පීඨිකාවක් සකස් කර තිබී ඇත. පොලොව තුල ඉදිකර තිබූ කාමර තුල ක්‍රීඩා සඳහා ගෙන ආ සතුන්, උපකරණ ආදිය රඳවා තබා ඇත.

හිරු එලියෙන් සහ වර්ෂාවෙන් ප්‍රේක්ශකයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවන් වලදී, රංග පීඨය වටා ඉහලින් රෙදි යොදා ආවරණය කිරීමේ හැකියාවද තිබී ඇත.

රෝම අධිරාජ්‍යයන් විසින් මෙහි තරඟ සියල්ල ජනතාවට නොමිලයේ නැරඹීමට ලබා දී ඇත. එමගින් පොදු ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමත් තම කීර්තිය සහ බලය පෙන්වීමත් ඔවුන්ගේ අරමුණ වී ඇත.

වසර 400ක පමණ  කාලයක් පුරා භාවිතයට ගත මෙම රංග පීඨය රෝම අධිරාජ්‍යයන්ගේ ඇති වූ ගැටුම්, භූමිකම්පා ආදියත් නිසා ක්‍රමයෙන් භාවිතයෙන් ඇත්වන්නට විය. පසු කාලීනව මෙහි කඩා වැටුන කොටස් , මාබල් ආදිය වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමට රැගෙන ගිය බව සඳහන් වේ.

1990 දී පමණ මෙහි සංරක්ෂණ කටයුතු ඇරබිනි. වර්තමානයේ ලෝකයේ වැඩිම සංචාරක පිරිසක් නරඹන ස්තාන අතරට මෙයද එක් වේ. 
පසුගිය ලිපි:

Reference: 
http://www.history.com/topics/ancient-history/colosseum
http://www.aviewoncities.com/rome/colosseo.htm

ග්‍රීක දෙවියන්ගේ බිහිවීම ( Age of the Gods )

( ග්‍රීක සාහිත්‍ය කථා - 2 )

ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ලෝකයේ ඉතිහාසය කොටස් 3කට බෙදා දැක්විය හැක. එනම්

1.දෙවියන්ගේ බිහිවීම සහ විකාශනය (Theogonies,"births of gods")
මෙම කාලපරිච්චේජය මගින් ලෝකයේ, දෙවියන්ගේ සහ මිනිස් වර්ගයාගේ මූලාරම්භය පිළිබඳව සඳහන්වේ.

2.දෙවියන් සහ මිනිසුන් (Mortals) එකිනෙකා සමග සම්බන්ද වන කාලපරිච්චේදය.
මෙමගින් දෙවියන්, දෙවි-මිනිස් දෙමුහුන් (demigods) සහ මිනිසුන් (mortals) අතර පැවති විවිද අන්තර් සම්බන්ධතා පිලිබඳ කතා කෙරේ.

3. ග්‍රීක වීරයන්ගේ කාලපරිච්චේදය.
මෙම පරිච්චේදයේදී දෙවියන් පිලිබඳ කතා කිරීම ඉතා අල්ප වන අතර විවිද ග්‍රීක වීරයන්ගේ පුරාවෘත දිග හැරේ. මේවා අතරින් විශිෂ්ථම නිර්මාණය ලෙස සැලකෙන්නේ අවසාන වශයෙන් ලියැවුන Trojan War පිලිබන්ද කතා පුවතයි. සමහරුන් මෙම Trojan War පිළිබඳ ලියැවුන කාලය 4 වන පරිච්චේදය ලෙසද සලකයි

මේවාට අමතරව Hesiod ගේ "Works and Days" කෘතියට අනුව දෙවියන් විසින් මිනිස් වර්ගයාගේ නිර්මාණය Golden,Silver,bronze සහ iron ලෙස අවධි 4 කට බෙදා ඇත.

ග්‍රීක දෙවියන්ගේ බිහිවීම (Age of the Gods)

Hesiods ගේ "Theogony" කෘතියට අනුව පලමුව ලෝකයේ පැවතෙන්නේ Chaos නමින් හැඳින්වෙන ශූන්‍යතාවයයි. Chaos තුලින් පලමු දෙවිවරු 5 දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකෙන Gaea (Mother Earth) ගේ පහල වීම සිදුවිය. ඇය ජීවයෙන් සහ බලයෙන් පරිපූරණ වූ අතර පෘතුවිය මත උස් කඳු (Mountains), ගංගා, ඇළ දොළ, සාගර ( Pontus), පහත් බිම් නිර්මාණය කරන ලදි. ඉන් අනතුරුව Tartarus (the underworld), Erebus (the darkness that covers the underworld), Nyx (darkness that covers Earth), and Eros (Love). යන ඉතිරි දෙවිවරු සතර දෙනාගේ පහල වීම සිදුවිය.

Gaea සහ Tartarus එකතුව Typhoeus(Typhoon) නම් හිස් සියයකින් යුතු ගිනි පිම්බින විශාල බියකරු සත්වයා නිර්මාණය කරන ලදි.(මොවුන් පිලිබඳ විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.) Erebus සහ Nyx ගේ එකතුවෙන් Aether (the Atmosphere) සහ Hemera (the Day). බිහිවිය.

පිරිමි පාර්ශවයක් නොමැතිවම Gaea විසින් Uranus (the Sky) බිහි කරන ලදි. පසුව Gaea  සහ Uranus පෙම්වතුන් බවට පත්වුන අතර මොවුන් විශ්වය මත බිහිවූ පලමු පෙම් යුවල ලෙස සැලකේ. 


Uranus / Gaea

මොවුන්ගේ එකතුවෙන් ටයිටන්වරු (Titans) 12ක් බිහිවිය. එනම්  Coeus, Crius, Cronus, Hyperion, Iapetus, Oceanus ලෙස පිරිමි ටයිටන්වරු 6 කුත්  Mnemosyne, Phoebe, Rhea, Theia, Themis, and Tethys ලෙස ගැහැණු ටයිටන්වරු 6 ක් වන ලෙසය.මීට අමතරව එක් ඇසක් පමණක් ඇති දැවැන්තයන් වන Cyclopes වරු 3ක් සහ අත් සියයක් ඇති දැවැන්තයින්වන Hecatonchires වරු 3ක් ද ඔවුනට දාව උපත ලැබීය.



කෙසේ වුවද Uranus තම දරුවන්වූ Cyclopes වරුන්ට සහ Hecatonchires වරුන්ට කැමැත්තක් නොදැක්වීය. එබැවින් ඔහු විසින් ඔවුන්ව අල්ලා Tatarus හි සිර කරන ලදි. මෙයට මව වූ Gaea කෝපවූ අතර තම බාලම සහ නිර්භීතම පුත්‍රයාවූ Cronus යොදා ගෙන Uranus නිදා සිටියදී ඔහුගේ ප්‍රජනන ප්‍රදේශය කපා මුහුදට විසි කරන ලදි. 


Cronus තම පියා වූ Uranus ට පහර දෙන සිතුවමක්
මින් ගලා ගිය රුධිරයෙන් Giants ,  Erinyes (Furies) සහ  Meliai (ash tree nymphs) යන ග්‍රීක මිත්‍යා වල එන චරිතවල බිහිවීම සිදුවිය. තවද මුහුදට වැටුන කොටස මගින්  Aphrodite දෙවඟන්ගේ බිහිවීම සිදුවිය. මෙයත් සමග Cronus ගේ නායකත්වයෙන් ටයිටන්වරු (Titans) දෙව්ලොව පාලනයට පත්විය.


Cyclopes
Zeus ප්‍රමුඛ ඔලිම්පියන්වරුගේ (Olympians) උපත මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.