ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

අයිෆල් කුළුණ ( Eiffel Tower )

ප්‍රංශයේ පැරිස් නුවර Champ de Mars හි පිහිටා ඇති අයිෆල් කුළුණ, 1889 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු වූ Gustave Eiffel (ඔහුට අයත් ඉදිකිරීම් සමාගම) විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රංශ විප්ලවයේ සියවන වර්ෂය සැමරීම සඳහා 1889 දී ප්‍රංශය "World's Fair " නම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරිනි. මෙහි  ඇතුල් වීමේ දොරටුව ලෙස නොයෙකුත් නිර්මාණ සැලසුම් රාශියක් ඉදිරිපත් කර තිබූ අතර මේවා අතරින් අයිෆල් කුළුණ තෝරා ගන්නා ලදි

මෙහි දල සැකසුම නිර්මාණය කරන ලද්දේ එවකට Gustave Eiffel ට අයත් ව තිබූ සමාගමේ සිටි ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ය. පළමුව මෙය නිර්මාණය කිරීමේ දී එවකට සමාජයෙන් බොහෝ විරෝධයක් මතු විය. මෙතරම් උස කුළුණක් ඉදිකිරීම කල නොහැක්කක් ලෙස ඔවුන් සැලකීය.

වැනීසිය ( Venice )

Grand Canal
ඊසාන දිග ඉතාලියේ, වැනීසියානු වගුරුබිම් සහිත කළපුවේ පිහිටා ඇති වැනීසිය කුඩා දූපත් 117 ක එකතුවකි. මෙවා ඇළ මාර්ග 177 කින් වෙන් වී තිබෙන අතර පාලම් 409 කින් එකිනෙක හා සම්බන්ධ වී පවතී. 

වැනීසිය ජනාවාස වීම ආරම්භ වූ වා යැයි සැලකෙන්නේ විවිධ ආක්‍රමණ හමුවේ අවට රෝම අධිරාජ්‍යට අයත් විවිධ නගර වලින් සංක්‍රමණය වූවන් ගෙන්ය.

වර්ශ 400 පමණ වනවිට ඉතාලි අධිරාජ්‍යය විවිධ බටහිර මිලේච්ච
ආක්‍රමණික ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරුවිය. මෙයට වඩා භයානක ලෙස මුහුන දුන්නේ ඊසාන දිග ඉතාලියේ නගරවල විසූ ජනයාය. මෙවන් ආක්‍රමණ අවස්ථාවල තම ගම්බිම අතහැර ඔවුන් ඒ සමීපයේ පිහිටා තිබූ වැනීසියා කළපුවේ ඇති වගුරුබිම් සහිත කුඩා දූපත් වලට තාවකාලිකව පැන යාම පුරුද්දක් ලෙස සිදු කිරීය. ආක්‍රමණ අවසන් වී ටික කලකට පසු ඔවුන් තම සුපුරුදු ගම් බිම් වලට නැවත පැමිනියේය.

බුගාටි ( Bugatti )

බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.

Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය.