ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

අඟහරු ග්‍රහයා - Mars

චන්ද්‍රයන්    : 2 (Phobos සහ Deimos)
ස්කන්ධය   : පෘථිවියෙන්  11% ක්
විෂ්කම්භය  : සැතපුම් 4217
වර්ෂයක්     : පෘථිවි වර්ෂ:1.9 (දින 687)
දිනක්          :   පැය 24.6
උෂ්ණත්වය : -190 සිට +60 පමණ F
සූර්යයා සිට දුර: සූර්යයාගෙන් 4 වන ග්‍රහයා වේ. සැතපුම් මිලියන 142  (ඝන පාෂානමය මතුපිටක් ඇත)


අඟහරුගේ ස්වභාවය :

අඟහරු සූර්යයා සිට 4 වන ග්‍රහයා වේ. එය භූමියක් සහිත ග්‍රහලෝකයක් වන අතර එයින් අදහස් කරන්නේ මිනිසෙකුට ගමන් කල හැකි දෘඪ පාෂාණමය පෘෂ්ඨයක් ඇති බවයි. අඟහරු ග්‍රහයාගේ මතුපිට වියළි වන අතර එය බොහෝ රතු පැහැති දූවිලි හා පාෂාණයකින් ආවරණය වී ඇත. පෘථිවියේ සිට  බලන විට අඟහරු ග්‍රහයා රතු පාටින් පෙනේ.

සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ආකර්ෂණීය ස්වාභාවික භූගෝලීය ව්‍යුහයන් කිහිපයක් අඟහරුට ග්‍රහයාට ඇත. දැනට අක්‍රීය ගිනි කන්දක්  වන "Olympus Mons" සෞරග්‍රහ මණ්ඩලයේ උසම කඳුවැටිය වේ. එය එවරස්ට් කඳු වැටිය මෙන් තුන් ගුණයක් හා අඟහරු මතුපිටට වඩා සැතපුම් 16 ක් උසකින් යුක්ත වේ. අඟහරුගේ තවත් ප්‍රධාන භූගෝලීය ව්‍යුහයක්  වනුයේ "Great Canyon (ගැඹුරු දෝරුව) Valles Marineris ය. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම කැනියම වේ. සැතපුම් 4 ක් ගැඹුරින් පිහිටා මෙය සැතපුම් දහස් ගණනක් දිගට දිව යයි.

අඟහරු ග්‍රහයා මත කාලගුණික තත්වය : 

අඟහරු ග්‍රහලෝකයේ නිරන්තරයෙන්ම අධික වේගයෙන් සුළං සහිත දූවිලි කුණාටු ඇති වේ. මෙම දූවිලි කුණාටු සූර්ය බලයෙන් සවිමත් වන අතර එය විශාල  පරිමාණයන් වායුගෝලය තුලට දූවිලි වාෂ්ප යැවීමෙන් අඟහරුගේ  බොහෝ ප්‍රදේශයක් ආවරණය කරයි. ඇතැම් කුණාටු ඉතා විශාල වන අතර එම කුනාටු ආධුනික තාරකා විද්‍යාඥයින්ගේ නිරීක්ෂණ වලට හසුවී ඇත.

අඟහරු ග්‍රහයාගේ හා පෘතුවියේ සංසන්දනය :


බොහෝ කරුණු වලින් අඟහරු ග්‍රහයා පෘථිවියට සමාන වේ. අඟහරුගේ වසර හා දිනය අනෙකුත් ග්‍රහලෝක සමග සැසඳූ විට පෘථිවියට බොහෝ සමාන වේ. අඟහරු ග්‍රහයා වැනි පෘථිවිය මෙන්ම පොළවක් සහිත ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට වඩා ස්කන්ධයෙන් හා විශ්කම්භයෙන් තරමක් කුඩා වේ.

පෘථිවියේ මත මෙන් නොව අඟහරු මත ඇත්තේ  ඉතා තුනී වායු ගෝලයකි. එය ැඩි ප්‍රමාණයක්  කාබන්ඩයොක්සයිඩ් වලින් සමන්විත වේ. මෙකී හේතුව නිසා අඟහරු මත උෂ්ණත්වය පෘථිවියට වඩා  අඩු අගයක් ගනී.

විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයන්ට අනුව අඟහරු මත මීට බොහෝ කලකට පෙර ජලය පැවති බවට සැක කළ හැකි සාධක හමුවී ඇත.  මේ නිසා මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු මත ජීවයක් පවතින්නට ඇතැයි සැක කරනු ලබයි.

අඟහරු පිළිබඳව සිත් ඇදගන්නා කරුණු කිහිපයක්

පුරාණ  රෝමවරුන්ගේ යුද්ධයට අධිපති දෙවියන්ගේ  නමින් මෙය නම්කර ඇත

අඟහරුට Phobos සහ Deimos නමින් වූ  චන්ද්‍රයන් දෙදෙනෙක් පවතී.

අඟහරු මත සාගරයන් නොපවතින බැවින් එහි  මුළු බිම් ප්‍රමාණය පෘථිවියේ මුළු බිම්  ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වේ.

පුරාණ  ඊජිප්තු වරුන් අඟහරු නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් එය  රතු ග්‍රහයා ලෙස හඳුන්වා ඇත.

පෘථිවිය මත 45 Kg පමණ වන පුද්ගලයෙක් අඟහරු  මතදී 17 kg පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

අප සෞරග්‍රහ මන්ඩලයේ  දෙවනුවට කුඩාම ග්‍රහලෝකය වන්නේ අඟහරුයි





චිචන් ඉට්සා පුරාණ මායා නගරය ( Chichen Itza )

(නූතන ලෝක පුදුම හත - 7 කොටස)

"Chichen Itza" යනු වර්තමාන මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්විපයේ  උතුරට වන්නට පිහිටි පෞරාණික මායා නගරයක් විය. 

නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සලකන මෙය ක්‍රි.පූ. 600 සිට ක්‍රි.පූ .1221 වන තෙක් බලවත්ව පැවති බව සැලකේ.එකල විශාලතම මායා නගර අතරින් එකක් වන මෙම නගරය පසු කාලීන සාහිත්‍යයේ මිත්‍යා නගරය ලෙස සලකනු ලැබුණි.

පුරාවිද්‍යාඥයන් විසින් සදහන් කර ඇති ආකාරයට ක්‍රි.පූ. 900 සිට ක්‍රි.පූ.1050 අතර කාල සීමාව තුලදී මෙම පැරණි නගරය ඉතා බලවත්ව, මධ්‍යම සහ උතුරු යුකැටන් අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල පාලනය කල අගනගරය ලෙස පැවත ඇත.



Chichen Itza  ඉදිකර ඇත්තේ එය අවට විශාල ස්වාභාවික ජලය පිරුණු සිදුරු (ජල තටාක)  දෙකක පිහිටීම හේතුවෙන්  ප්‍රදේශයට වසර පුරා ජලය සැපයීමට ඇතිවූ හැකියාව නිසා විය හැකි බව සඳහන් වේ. මේවා හැරුණු කොට මෙම ප්‍රදේශය හරහා වෙනත්  ගංගා හෝ දිය ඇලි දක්නට නොතිබිණි.




"Sacred Cenote" ලෙස නම් කරනු ලැබ ඇති Chichen Itza හී ඇති විශාල ජල තටාකයක් මනුෂ්‍ය බිලිපුජාවන් සදහා යොදා ගෙන ඇතැයි විශ්වාස කෙරේ.තද ඉඩෝර කාලවලදී වැසි ලබා ගැනීම වෙනුවෙන් "Chac" නම් දෙවිකෙනෙකුගේ නාමයෙන් මෙම ගැඹුරු ජල තටාකයට පිරිමින්, ගැහැණුන් මෙන්ම කුඩා දරුවන්ද විසි කරමින් බිලි පුජාවන් සිදු කරන ලදී.




Chichen Itza හී පිහිටි පෞරාණික ගොඩනැගිළි :

El Castillo (Temple of Kukulcan)

 පිරමීඩ ස්වරූපයෙන් යුතු ස්මාරකයකි. මෙය සමහර විට Chichen Itza හී ගනු ලබන පින්තුරවලින් වඩාත් ප්‍රසිද්ධ එකක් වේ.මෙම ස්මාරකය මීටර් 30 ( අඩි 98) පමණ උසින් යුක්ත වේ.
මෙම බලකොටුවේ ඊසාන දිග පඩිපෙළවල් පාමුල කැටයම් කර ඇත්තේ නාගයකුගේ හිස් ආකාරයටය.




The Wall of Skulls 

Chichen Itza හි ඉදිකර ඇති "The Wall of Skulls" නම් ප්‍රාකාරහි  බිලිවුවන්ගේ හිස් තැන්පත් කර ඇති බවට විශ්වාස කෙරෙයි.




The Temple Of the warriors Complex

මෙම ගොඩනැගිල්ල සමන්විත වන්නේ විශාල පඩි වලින් යුත් පිරමීඩයකිනි. රණශූරත්වය නිරූපණය කරන ලද තීරු පඩි පේළි වලින් මෙය සමන්විත වේ.




Las Monjas 

මෙය Chichen Itzaa හී  වඩාත් කැපී පෙනෙන ව්‍යුහයකි. එය "Puuc " නම් වාස්තු විද්‍යාත්මක ශෛලියට අනුව ඉදිකරන ලද සම්භාවනීය පර්යන්ත ගොඩනැඟිලි සංකීර්ණයකි.




El Caracol Temple 

මෙම  ගොඩනැගිල්ල  මායාවරුන් අහස නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය ලෙස භාවිතා කරන්නට ඇතිබව විශ්වාස කෙරේ. එකල මොවුන් අඟහරු නිරීක්ෂණය පිළිබඳවද කිසියම් උනන්දුවකින් කටයුතු කර ඇති බව පර්යේෂකයන් පෙන්වාදෙයි  



Chichen Itzaa හී සියලු ගොඩනැගිලි ගල් වලින් නිමවා ඇති අතර මායාවරුන් විසින් ඔවුන්ගේ පන්සල්, පිරමිඩ හෝ මාලිගා සාදා ගැනීම සඳහා කිසිදු රෝද සහිත යන්ත්‍රයක් හෝ භාවිතා නොකළේ යැයි විශ්වාස කෙරේ.


1400 ගණන්වල දී Chichen Itzaa  නගරය එහි වැසියන් විසින් අත්හැර දමා ඇත. මේ සඳහා හේතුව තවමත් අපැහැදිලි වන අතර කෙසේ වෙතත්, ප්‍රදේශයේ නියඟය හා ජල හිඟය මීට හේතු විය හැකි බවට සිතිය හැකිය.

Chichen Itzaa නගරයේ ගොඩනැගිලි  මායා අධිරාජ්යයේ කුසලතා මනාව පෙන්නුම් කරයි. Chichen Itzaa හී බොහෝමයක් නටබුන් තවමත් ඉතිරිව පවතී. 



Chichen Itzaa හි ස්මාරකය පිහිටා ඇති ඉඩම 2010 මාර්තු 29 වන දින යුකැටන් රාජ්‍ය විසින් මිලදී ගන්නා තුරු එය පෞද්ගලික අයිතියට හිමිවී තිබුණි. 

පුරාණ ග්‍රීක ඉතිහාසයේ වැදගත් සිදුවීම් (Timeline of Ancient Greece )

පුරාණ ග්‍රීසිය - දෙවන කොටස


ඉතිහාසඥයන් පුරාණ ග්‍රීසියෙහි ඉතිහාසය කොටස් තුනකට බෙදා දක්වන ලදි. 

Greek Archaic Period (ක්‍රි.පූ 800 - ක්‍රි.පූ 480)

Greek Archaic Period (800 BC - 480 BC)
ක්‍රි.පූ 776 - පළමු ඔලිම්පික් තරගාවලිය පවත්වනු ලැබේ. සෑම අවුරුදු 4 කට වරක් ග්‍රීසියේ සියුස් දෙවියන් උදෙසා මෙම තරගාවලිය පවත්වනු ලැබේ.


ක්‍රි.පූ 757 - පළමු මෙසෙනියානු  යුද්ධය ආරම්භ වේ. මෙය වසර ගණනාවක් පුරා ස්පාටා හා මෙසෙනියා අතර යුද්ධයක් වනු ඇත

ක්‍රි.පූ 750 - හෝමර් විසින් ඉලියඩ් සහ ඔඩිසි ලිවීම ආරම්භ කරයි . මෙම කවි ග්‍රීක සාහිත්‍යයේ වඩාත්ම ජනප්‍රිය සාහිත්‍ය කෘතීන් දෙකක් බවට පත්ව වේ.


ක්‍රි.පූ 650 - ග්‍රීක පෞර රාජ්‍ය පාලකයන්ගේ බිහිවීම සිදුවේ. Cypselus කොරින්තියේ පළමු පාලකයා වේ.

ක්‍රි.පූ 621 - ඩ්රැකෝ නම් නීතිඥයා මරණයෙන් දඬුවම් පැමිණ විය හැකි වන ලෙස ඇතැන්ස් හි දැඩි නව නීති හඳුන්වා දෙයි. මේවා ඩ්රෝනියානු නීති ලෙස හඳුන්වයි.

ක්‍රි.පූ 600
- පළමු ග්‍රීක කාසි හඳුන්වා දෙනු ලැබේ.


පුරාණ ග්‍රීක කාසි
ක්‍රි.පූ 570 - පයිතගරස් උපත ලබයි . ඔහු විද්‍යාව, ගණිතය සහ දර්ශනය ආදී විෂයන්ගේ ප්‍රගමණයට විශාල සේවාවක් සිදු කළේය. ඔහුගේ  ජ්‍යාමිතිය පිලිබඳ පයිතගරස් ප්‍රමේය අදටද භාවිතා කරයි.


පයිතගරස්
ක්‍රි.පූ 508 - Cleisthenes විසින් ඇතන්ස්හිදී ප්‍රජාතන්ත්රවාදය හඳුන්වාදෙන ලදි. ඔහු ව්‍යවස්ථාවක් ස්ථාපිත කල අතර "ඇතිනියානු  ප්‍රජාතන්ත්රවාදයේ පියා" ලෙස හඳුන්වනු  ලබයි. මෙය ග්‍රීක සංස්කෘතියේ විශිෂ්ට ජයග්‍රහණයක් වේ. 


Greek Classical Period ( ක්‍රි.පූ 480 - ක්‍රි.පූ 323 )

ක්‍රි.පූ 490 - පර්සියානු රජෙකු වූ Xerxes විසින් ග්‍රිකයන්ට එරෙහි සටන අරඹයි 
Xerxes
ක්‍රි.පූ 490 - ග්‍රීකයන් සහ පර්සියානුවන් ග්‍රීක/පර්සියානු යුද්ධ වලදී සටන් කරයි. ක්‍රි.පූ. 490 දී මැරතන් සටන සහ ක්‍රි.පූ. 480 දී සලාමිස් සටන මෙහිදී සිදුවූ ප්‍රසිද්ධ සටන් දෙකකි. ග්‍රීකයන් ජයග්‍රහණය කල අතර පර්සියානුවන් පසු බැස්සේය.

ක්‍රි.පූ 480 - පර්සියානු හමුදාව සමග ස්පාර්ටන්වරුන් 300ක්  සටන් වැදුණු සුප්‍රසිද්ධ තර්මොපොලි සටන ( Battle of Thermopylae ) සිදුවේ.




ක්‍රි.පූ 468 - සොෆෝකලස් රඟ දැක්වීම සඳහා නාට්‍යය ලිවීම අරඹයි. ඉතා සුළු කාලයකදී නාට්‍ය කලාව ග්‍රීසියේ ජනප්‍රිය විනෝදාස්වාදය සපයන මාධ්‍යයක්  බවට පත් වේ.

ක්‍රි.පූ 461 - ස්පාටා සහ ඇතන්ස් අතර පළමු පෙලොපොනේසියානු යුද්ධය ආරම්භ වේ (ක්‍රි.පූ 461-446)


ක්‍රි.පූ 443 - ග්‍රේෂ්ට පාලකයෙකු වූ පෙරිකල්ස් ඇතන්ස්හි පාලකයා බවට පත්වේ. ( ක්‍රි.පූ 443 - 429 ) 

ක්‍රි.පූ 440 - ඇතන්ස්හි හොඳම නාට්‍යය සඳහා සුප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වන යුරිපීඩස් ප්‍රථම ත්‍යාගය දිනා ගනී.

ක්‍රි.පූ 432 - ඇතිනා දෙවගන වෙනුවෙන් පර්තිනන් දෙවොල ඇතන්ස් හි ඉදි කරණු ලබයි. අදටද මෙම ගොඩනැගිල්ල සුරැකිව පවතී 
 
පර්තිනන් දෙවොල

ක්‍රි.පූ 431 - ස්පාටා සහ ඇතන්ස් අතර දෙවන පෙලොපොනිසියානු යුද්ධ ආරම්භ වෙයි. වසර 27ක් පුරා ඇදුනු මෙම යුද්ධය අවසානයේ ක්‍රි.පූ 404 දී ස්පටාවරුන් ජයගනී.
 

ක්‍රි.පූ 399 - ප්‍රකට ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් ඔහුගේ රැඩිකල් ඉගැන්වීම් නිසා මරණයට පත් කරන ලදී.
 

ක්‍රි.පූ 386 - ග්‍රීක දාර්ශනිකයෙකු  සහ සොක්‍රටීස් ගේ සිසුවෙකු වූ  ප්ලේටෝ, බටහිර ලෝකයේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය "ඇකඩමි" ලෙස අරභයි.

ක්‍රි.පූ 384 - ඇරිස්ටෝටල් උපත ලබයි
 

ක්‍රි.පූ 359 - දෙවන පිලිප් ග්‍රීසියේ පාලකයා බවට පත් වේ 

ක්‍රි.පූ 356 - දෙවන පිලිප් රජුගේ පුත් මහා ඇලෙක්සැන්ඩර් උපත ලබයි  

ක්‍රි.පූ 342 - ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් ඇලෙක්සැන්ඩර් හට අධ්‍යාපනය ලබා දීම  ආරම්භ කරයි.
 

ක්‍රි.පූ 336 - තම පියා වූ පිලිප් රජු ගේ මරණින් පසු මහා ඇලෙක්සැන්ඩර් රජ වෙයි.  



ක්‍රි.පූ 333 - මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ විජයග්‍රහණයන් ආරම්භ කරමින් පර්සියානුවන් පරාජය කරයි
 

ක්‍රි.පූ 332 - ඇලෙක්සැන්ඩර් ඊජිප්තුව යටත් කරයි. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියාව  නව අගනුවර ලෙස පිහිටුවා ගන්නා ඔහු ඊළඟ වසර කිහිපය තුළ තම අධිරාජ්‍යය පර්සියාවේ සිට ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරයි 




ක්‍රි.පූ 323 - මහා ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාවේ දී මරණයට පත්වේ 

Greek Hellenistic Period (ක්‍රි.පූ 323  - ක්‍රි.පූ 146 )


ක්‍රි.පූ 323 - මහා ඇලෙක්සැන්ඩර්ගේ  මරණයත් Hellenistic යුගය ඇරබේ. පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ පරිහානිය ඇරබෙන අතර රෝම ශිෂ්ටාචාරය බලවත්ව වැඩෙයි.  

ක්‍රි.පූ 224 - රෝඩ්ස් හි සුවිසල් ප්‍රතිමාව භූමිකම්පාවකින් විනාශ වේ  


රෝඩ්ස් හි සුවිසල් ප්‍රතිමාව
ක්‍රි.පූ 146 - රෝමානුවන් ග්‍රීසිය යටත් කරගෙන එය තම රෝම අධිරාජ්‍යයට ඈදා ගනී 

ග්‍රීක ශිෂ්ටාචාරය ( Ancient Greek Civilization )


පුරාණ ග්‍රීසිය - පලමු කොටස 

පුරාණ ග්‍රීසිය යනු මීට වසර දහස් ගණනකට පෙර මධ්‍යධරණී ප්‍රදේශය පාලනය කළ ශිෂ්ඨාචාරයක් විය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ එහි උච්චතම අවස්ථාව විය. එකල ග්‍රීසිය යුරෝපයේ හා බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේය. ග්‍රීකවරුන් රෝමවරුන්ට පෙර බලවත්ව පැවති අතර රෝම සංස්කෘතියේ බොහෝ ලක්ෂණ ඔවුන් ග්‍රීකයන්ගෙන් ලබාගත් ඒවා විය.

ඉතිහාසඥයන් පුරාණ ග්‍රීසියෙහි ඉතිහාසය කොටස් තුනකට බෙදා දක්වන ලදි. 

1. Archaic Period - ක්‍රි.පූ. 800 දී ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවීමේ සිට ක්‍රි.පූ. 508 දී ප්‍රජාතන්ත්රවාදය හඳුන්වාදීම දක්වා වූ කාල පරාසය මිට අයත් වේ . ඔලිම්පික් උළෙලේ ආරම්භය හා හෝමර්ගේ ඔඩිසියස් සහ ඉලියඩ් කෘතීන් මෙකල බිහිවිය.

2. Classical Period - පුරාණ ග්‍රීසිය ගැන කතා කරන විට බොහෝ විට සලකනුයේ මෙම කාලය ගැනය. ඇතැන්ස්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වීමත් සොක්‍රටීස් හා ප්ලේටෝ වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ පහල වීමත් මෙකල සිදුවිය. එසේම ස්පාටා සහ ඇතන්ස් අතර යුධ ගැටුම් ද මේ අවධියේදී සිදුවිය. ක්‍රි.පූ. 323 දී මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමග මෙම කාලය අවසන් විය.


3. Hellenistic Period - මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් ක්‍රි.පූ. 146 දී රෝමය විසින් ග්‍රීසිය යටත් කර ගැනීමත් අතර අවසාන කාල පාරිච්චේදය මිට අයත් වේ 

බටහිරින් අයෝනියන් මුහුදටත් නැගෙනහිරින් ඊජියන් මුහුදටත් මැදිව මධ්‍යධරණී මුහුදට නෙරා පිහිටි අර්ධද්වීපය සහ ඊට දකුණින් ඇති ක්‍රීට දුපත ඇතුළු දුපත් සමුහය මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවිය. මෙම ශිෂ්ටාචාරයට අයත් දුපත් අතරින් විශාලතම් දුපත ක්‍රීට දිවයින වේ.



ග්‍රීක ශිෂ්ටාචාරය අරම්භ වීමට පෙර ක්‍රීට දිවයින මුල් කරගෙන පැරණි ශිෂ්ටාචාරයක් පැවතුනි.එය මිනොවන් ශිෂ්ටාචාරය ලෙස හැඳින්වේ.

අවට ප්‍රදේශවලින් විවිධ ජන කණ්ඩායම් පැමිණීම නිසා මිනොවන් ශිෂ්ටාචාරය පරිහානියට පත්විය.එසේ පැමිණි ජන කොටස් ඉන්දු යුරෝපියානු ජන කණ්ඩායම් ලෙස සැලකේ.එම ගෝත්‍ර සහ
ජන කොටස් කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන් ක්‍රි.පු 2000 පමණ වන විට ග්‍රීක ශිෂ්ටාචාරය ඇරඹිණි.   

ඉහත සඳහන් කල විවිධ ගෝත්‍ර සහ ජන කොටස් පිහිට වූ ගම් දියුණු වී නගර බිහිවිය. මෙසේ දියුණු වූ නගර ආශ්‍රිතව ක්‍රි.පු 700 පමණ වන විට නගර රාජ්‍යය (City-states) රැසක් බිහි විය. මෙම නගර රාජ්‍ය ක්‍රමය පෞර රාජ්‍ය ලෙස හැඳින්වුණු අතර



පුරාණ ග්‍රීසියේ බොහෝ ප්‍රදේශ පාලනය කළ ප්‍රධාන නගර දෙකක්  වූයේ  ඇතන්ස්(Athens) සහ ස්පාටා(Sparta) ය. ඔවුන් බොහෝ විට විරුද්ධවාදීන් ලෙස එකිනෙකා සමග සටන් කළහ. ග්‍රීක ඉතිහාසයේ සඳහන් වන පෙලොපොනේසියානු යුද්ධ (Peloponnesian wars) ලෙස හඳුන්වන්නේ මෙම නගර දෙක අතර වසර ගණනක් පුරා පැවති යුද්ධයයි. තවත් අවස්ථාවල දී ඔවුන් විදේශ ආක්‍රමණිකයන්ගෙන් ග්‍රීක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ විය.

නගර දෙකේ සංස්කෘතිය බෙහෙවින් වෙනස් විය. ස්පාටා වැසියන් යුද්ධය හා සටන් ක්‍රම පුරුදු පුහුණු කිරීමට මුලුමනින්ම පාහේ අවධානය යොමු කරන ලද අතර ඇතන්ස් වැසියන් කලාව සහ ඉගෙනුමට මුල් තැන දෙන ලදී.


ඇතන්ස් වැසියන්


ස්පාටා වැසියන්
ඊට අමතරව කොරින්ත්(Corinth),තෙබිස් (Thebes), ආර්ගෝස් (Argos), ඩෙල්ෆි (Delphi),රෝඩ්ස් (Rhodes) යන නගර රාජ්‍යය ද පැවතුනි. එම නගර රාජ්‍යය එකිනෙකාගෙන් වෙනස් ව පාලනය විය. මෙම රාජ්‍ය අතර ද වරින්වර සටන් ඇතිවිය.

නිරන්තර අභ්‍යන්තර  යුද්ධයන් හේතුවෙන්  කලක් බලවත්ව පැවති ස්පාටා, ඇතන්ස්, තීබ්ස් සහ කොරින්තියේ ආදී  රාජ්යයන් දුර්වල විය. මේ අතර ක්‍රි.පූ.338 දී උතුරු මැසිඩෝනියාවේ (උතුරු ග්‍රීසියේ) දෙවන පිලිප් බලයට පත්වූ අතර ඔහු ආක්‍රමණ මගින් ඇතන්ස්, තීබ්ස් ඇතුළු බොහෝ රාජ්‍යයන් යටත් කර ගත්තේය. ඔහුගේ මරණින් පසු රජ වූ මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා ඊජිප්තුව ද ඇතුළුව තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරිය.



මහා ඇලෙක්සැන්ඩර් ගේ මියයාමත් සමග ඔහු සතුව පැවතී අධිරාජ්‍යය ඔහුගේ සෙනෙවියන් අතර බෙදී ගියේය. ඉතා සුළු කලකදීම මෙම නව බෙදීම් අතර  සටන් ආරම්භ විය. 

මෙලෙස ග්‍රීකයන් පිරිහීමත් සමග ඉතාලියේ නව රෝමානු ශිෂ්ටාචාරය බලවත් වන්නට විය. කෙසේ හෝ බලවත් රෝමය ක්‍රි.පූ. 215 දී මැසිඩෝනියාව යටත් කර ගනිමින් ආරම්භ කල සටන තවත් වසර ගණනක දරුණු යුද්ධයන්ගෙන් පසුව අවසානයේ ක්‍රි.පූ 146 දී කොරින්ත් යටත් කර ගැනීමත් සමග අවසන් විය. ග්‍රීසිය සම්පුරණයෙන්ම රෝම අධිරාජ්‍යයට නතු විය 

අද බටහිර සංස්කෘතියේ පදනම බවට පත්ව ඇත්තේ පුරාණ ග්‍රීසියයි. ආණ්ඩුක්‍රමය, දර්ශනය, විද්‍යාව, ගණිතය, කලාව, සාහිත්‍යය මෙන්ම ක්‍රීඩාවට ද පදනම් වැටුනේ පුරාණ ග්‍රීසියෙනි.

ලොව ශ්‍රේෂ්ට පුද්ගලයන් රැසක් ඉපැරණි ග්‍රීසියෙන් බිහිවී ඇත . ඒ  අතර දාර්ශනිකයන් වන සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, කවීන් වන ඊසොප්, හෙසියොඩ්,හෝමර්, ඉතිහාසඥයන් වන හෙරෝඩෝටස්  , විද්‍යාඥයන් වන ආකිමිඩිස්,යුක්ලීඩ්,හිපොක්‍රොටිස්,පයිතගරස් කැපී පෙනෙන පුද්ගලයන් වේ.ග්‍රීක ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ට නායකයන් ලෙස මහා ඇලෙක්සැන්ඩර්, ක්ලෙයිස්ටර්න්, ඩෙමොස්තිනස්, ඩරෙකෝ, පෙරිකල්ස් ආදීන් හදුන්වා දිය හැක     
Athens and Sparta

Read more at: http://www.ducksters.com/history/ancient_greece.php
This text is Copyright © Ducksters. Do not use without permission.
Alexander the Great

Read more at: http://www.ducksters.com/history/ancient_greece/decline_and_fall_of_ancient_greece.php
This text is Copyright © Ducksters. Do not use without permissio

වැදගත් දින සහ සිදුවීම් - ජූලි මාසය

මාසයේ  වැදගත් දින
 
ජූලි 02 - ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය
ජූලි 07 - ලෝක චොකලට් දිනය
ජූලි 11 - ලෝක ජනගහන දිනය
ජූලි 15 - ලෝක යොවුන් හැකියා දිනය

ජූලි 17 -ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය
ජූලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
ජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනය
ජූලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
ජූලි 30 - නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය


මාසයේ වැදගත් සිදුවීම්

ජුලි 1
1881 ලොව ප්‍රථම ජාත්‍යන්තර දුරකථන ඇමතුම එක්සත් ජනපදය හා කැනඩාව අතර සිදුවිය.
1921 චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම.
1961 නැසීගිය ඩයනා කුමරියගේ උපන් දිනය
1961 ඇමරිකානු ධාවන ශූර කාල් ලුවිස්ගේ උපන් දිනය

ජුලි 2
1962 ප්‍රථම වෝල්මාර්ට් සාප්පුව නිල වශයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කරයි.

ජුලි 3
1819 "The Bank of Savings", එක්සත් ජනපදයේ පළමු ඉතිරිකිරීමේ බැංකුව බවට පත්වෙයි
1962 ඇමරිකානු රංගන ශිල්පී ටොම් කෘසගේ උපන් දිනය
1962 වසර 130 ක ප්‍රංශ පාලනය අවසන් කරමින් ඇල්ජීරියාවට නිදහස ලැබීම.

ජුලි 4
1776 ඇමරිකානු නිදහස් දිනය
1865 "Alice's Adventures in Wonderland" පළමුව ප්‍රකාශයට පත් කෙරේ.
1946  පිලිපීනය නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් වීම.

ජුලි 5
1687 අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ නීතිය පළමු වරට විස්තර කරයි.
1865 ගැලවීමේ හමුදාව පිහිටුවීම
1865 මෝටර් රථ සඳහා වන පළමු වේග සීමාව එංගලන්තය විසින්  පැනවීම

ජුලි 6
1785 ඩොලරය ඇමරිකා එක්සත් ජනපදය සඳහා වන මුදල් ඒකකයක් බවට පත් වෙයි.
1885 ජලභීතිකාවට එරෙහිව එන්නතක් ලුවී පාස්චර් විසින් සොයා ගන්නා ලදී.
1935 දලෙයි ලාමාතුමා උපන් දිනය  
1946 ඇමරිකානු රංගන ශිල්පී සිල්වෙස්ටර් ස්ටලොන්ගේ උපන් දිනය

ජුලි 8
951 පැරිස් නගරය පිහිටුවීම
1497 වස්කෝදගාමා  යුරෝපයේ සිට ඉන්දියාවට පළමු සෘජු නාවුක ගමන සිදුකරයි.
1889 Wall Street Journal පලමු කලාපය පළ වේ

ජුලි 9
1816 ආර්ජන්ටිනාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබයි
1956 ඇමරිකානු රංගන ශිල්පී ඇමරිකානු රංගන ශිල්පී ටොම් හැන්ක්ස්ගේ උපන් දිනය

ජුලි 10
1962 Telstar, ලෝකයේ ප්‍රථම සන්නිවේදන චන්දද්‍රිකාව කක්ෂ ගත කරයි
1856 විද්‍යාඥය නිකොලා ටෙස්ලාගේ උපන් දිනය

ජුලි 11
1987 ලෝක ජනගහනය බිලියන 5 සීමාවට ළගාවේ

ජුලි 12
1937 බිල් කොස්බිගේ  ගේ උපන් දිනය

ජුලි 13
1908 නූතන ඔලිම්පික් තරගාවලියේ පළමු වරට, කාන්තාවන් තරග කරයි
1923 හොලිවුඩ් නාම පුවරුව නිල වශයෙන් ස්ථාපනය කරයි .
1930 පළමු ලෝක පාපන්දු කුසලානය උරුගුවේ හිදී ආරම්භ වේ.
ක්‍රි.පූ 100 රෝම අධිරාජයෙකු වූ ජුලියස් සීසර් ගේ උපන් දිනය
1944 රුබික් ගණකයේ නිර්මාතෘ අරනෝ රුබික් ගේ උපන් දිනය

ජුලි 16
1969 සද මත මිනිසා ගොටබට පළමු අභ්‍යාවකාශ මෙහෙයුම ඇපලෝ 11 පෘතුවියෙන් පිටවේ

ජුලි 17
1821 Spain ceded Florida to the United States.
1955 කැලිෆෝනියාවේ ඩිස්නිලන්තය විවෘත වේ.

ජුලි 18
1968 Intel සමාගම ආරම්භවේ
1918 නෙල්සන් මැන්ඩෙලා ගේ උපන් දිනය

ජුලි 20
1810 කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ප්‍රකාශයට පත් කරයි.
1940 Billboard සඟරාව පළමුවරට එහි ජනප්‍රිය ගීත ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි.
1969 සද මත මිනිසා ගොටබට පළමු අභ්‍යාවකාශ මෙහෙයුම බවට ඇපලෝ 11 පත් වේ
ක්‍රි.පු 356 ග්‍රීක අධිරාජයෙකු මහා ඇලෙක්සැන්ඩර්ගේ  උපන් දිනය

ජුලි 21
1969 නීල් ආම්ස්ට්රෝන් සහ එඩ්වින් ඕල්ඩ්රින් මුල්ම වරට සඳ මත පා තැබූ පළමු මිනිසා බවට පත් විය.

ජුලි 23
1829 යතුරු ලියනය සොයාගන්නා ලදී

ජුලි 24
1969 ඇපලෝ 11, පැසිෆික් සාගරය තුල ආරක්ෂිතව ගොඩ බස්සවයි .
1802 ඇලෙක්සැන්ඩර් ඩුමාගේ  උපන් දිනය 
1969 ජෙනිෆර් ලෝපේස් ගේ  උපන් දිනය

ජුලි 26
1908 ඇමරිකානු FBI ආයතනය පිහිටුවයි
1856 ජෝර්ජ් බර්නාඩ් ෂෝ ගේ  උපන් දිනය

ජුලි 27
1953 වසර 3 ක සටනකින් පසුව කොරියානු යුද්ධය අවසන් වේ.

ජුලි 28
1821 පේරු ස්පාඤ්ඤයෙන් නිදහස ප්‍රකාශයට පත් කරයි.
1914 පළමු ලෝක යුද්ධය ආරම්භ කරමින් ඔස්ට්‍රියාව සහ හංගේරියාව , සර්බියාවට  එරෙහිව යුද ප්‍රකාශ කරයි.

ජුලි 29
1958 නාසා ආයතනය ආරම්භ කරයි
2005 10 වන ග්‍රහලෝකය සොයා ගැනීම තාරකා විද්යාඥයින් නිවේදනය කරයි

ජුලි 30
1930 පළමු පාපන්දු ලෝක කුසලානය පැවැත්වේ.
1863 හෙන්රි ෆෝඩ් ගේ  උපන් දිනය
1947 අර්නෝල්ඩ් ස්වාසනේගර් ගේ  උපන් දිනය



බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )

බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යාකරමින් ඇතැයි සැලකෙන මන:කල්පිත ප්‍රදේශයකටයි. 

මෙම ප්‍රදේශය තුලදී සිදුවූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් වීමත් සමග ලෝකයේම අවධානය මේ ප්‍රදේශය වෙතට යොමු විය. යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil’s Triangle) ලෙසින්ද හඳුන්වන මෙම ප්‍රදේශය වර්ග සැතැපුම් 500,000 ක් පුරා පැතිර පවතී.     




ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා යාත්‍රා කල ප්‍රථම නාවුක ගමනේදී, වරෙක මෙම ප්‍රදේශයේ දී විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු  දුටු බව සඳහන් කර ඇත. ඊට සති කීපයකට පසුව ඇතින් විශාල අද්භූත ආලෝකයක් දුටු බවද ඔහු සදහන් කර ඇත. තවද මේ ප්‍රදේශයේදී මාලිමා යන්ත්‍රවල අසාමාන්‍ය  කියවීම් ඇතිවූ බවද ඔහු සඳහන් කර ඇත .


බර්මියුඩා කලාපය තුල අභිරහස් අතුරුදහන් වීම් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වීමට පටන් ගනු ලැබුවේ, 1918 මාර්තු මස මැන්ගනිස් ලෝහ පස් ටොන් 10,000 ක් පමණ පටවා ගත්  ඇමරිකානු USS Cyclops නම් අඩි 542 ක් දිග නාවුක බඩු ප්‍රවාහන යාත්‍රාව  එහි සිටි 300 ක පිරිස ද සමග අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමගය. නවුකාව කිසිම විටක අනතුරු සඥයාවක්  නිකුත් කර නොතිබූ අතර කිසිම දිනක නැවේ සුන්බුන් කොටස් හමු නොවිණි. 1941 දී මෙම මාර්ගයේ ගමන් කල තවත් නැව් දෙකක්ද අතුරුදහන් විය. 




1945 දෙසැම්බර් දිනක ඇමරිකානු ගුවන් යානා 5ක් 14 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග බෝම්බ හෙලීමේ පෙර පුහුණුවක් සඳහා ෆ්ලොරිඩා හි ගුවන් තොටුපලකින් පිටත් වුන අතර බර්මියුඩා කලාපය තුලදී ඔවුන්ගේ දිශාව දැන ගැනීමේ උපාංග ක්‍රියාවිරහිත වී තිබුණි. මෙනිසා හරි මාර්ගය සොයා ගැනීමට නොහැකිව යානා ඉන්ධන අවසන් වනතුරුම පියාසර කර ඉන් අනතුරුව අතුරුදන් වී තිබුණි. 

එදිනම ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්ව ගිය ගුවන් යානවද 13ක කාර්යය මණ්ඩලය ද සමග අතුරුදන් විය. සති ගණනාවක්  යනතුරු ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුනද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේ සම්බන්දව නිකුත් කෙරුණු නාවුක හමුදා නිල නිවේදනයේ සදහන් වුයේ "ඔවුන් අඟහරු ලොවට ගියා සේ අතුරුදහන් වූ බවයි".

මෙම ප්‍රදේශය හරහා ගමන් කල තවත් නාවුක යාත්‍රා කිහිපයක්ම අතුරුදන් වී තිබුන අතර තවත් නැව් අත්හැර දමන ලදව හමු වී තිබුණි.



1964 දී Vincent Gaddis නම් කතුවරයා "argosyනම් සඟරාවකට "Bermuda Triangle" යන නම යොදා ගනිමින් ලියු ලිපියත් සමගම මුළු ලෝකයම එම ප්‍රදේශය බර්මුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වීම ඇරඹුණි.


බර්මියුඩා ත්‍රිකෝණය ප්‍රදේශයේ මෙම අභිරහස ලෝකය එතෙක් මෙතෙක් කාලයක් තුල සඳහන් කල ජනප්‍රියම මාතෘකාවකි. සමහරුන් මෙය විවිධ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශයක් ලෙසද තවත් සමහරුන් මෙය කාලය හරහා ගමන් කල හැකි දොරටු සහිත ප්‍රදේශයක් ලෙසද හඳුන්වා දී ඇත. තවත් මතයකින් කියවෙන්නේ ලොවෙන් අතුරුදන් වුවයයි සැලකෙන් පුරාණ ඇට්ලන්ටිස් "Atlantis" නගරය පිහිටා තිබුනේ මෙම ප්‍රදේශයේ බවය. අද්භූත මුහුදු මකරුන් ජිවත්වන ප්‍රදේශයක් බවට ද, ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියා කරන ප්‍රදේශයක් බවට ද විවිධ මත පලවී තිබේ. 


විද්‍යාත්මක පර්යේෂකයන්ද මෙය ගැන විවිධ මත පළකර තිබේ. ඔවුන් පෙන්වා දෙන පරිදි ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්‍රයේ සිදුවන විවිධ සංකුලතා, ක්ෂණිකව අහසට නැඟෙන දියසුළි, මුහුදු පතුලේ සිදුවන විශාල ගිණි කඳු පිපිරීම් සහ ඉන් පිටවන විෂ වායු මෙම සිදුවීම් වලට හේතු විය හැක.  

එහෙත් මෙම කිසිදු මතයක් තවමත් සනාථකර ගැනීමට නොහැකි වී ඇති අතර මෙකි සියලු සිදුවීම් අදටද ලොවට අභිරහසක් ව පවතී. 

වැදගත් දින සහ සිදුවීම් - ජුනි මාසය

මාසයේ  වැදගත් දින

ජූනි 01 - ලෝක දෙමාපිය දිනය
ජුනි 04 - අාක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය
ජූනි 05 - ලෝක පරිසර දිනය
ජුනි 08 - ලෝක සාගර දිනය
ජුනි 12 - ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය
ජුනි 13 - ඇලිතාවය පිළිබඳ (Albinism ) ලෝක දිනය
ජුනි 14ලෝක රුධිර දන්දීම පිළිබඳ  දිනය
ජුනි 15 - වැඩිහිටි අපයෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය
ජුනි 17 - කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන්වැදීමේ ලෝක දිනය
ජුනි 20 -  ලෝක සරණාගත දිනය
ජූනි 21 - ලෝක සංගීත දිනය
ජූනි 21 - පියවරුන්ගේ දිනය
ජුනි 21 - යෝගා පිළිබද වූ ලෝක දිනය 
ජුනි 23 - එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය
ජුනි 23 - ජාත්‍යන්තර වැන්දඹු දිනය
ජුනි 23 - මහජන සේවය පිළිබද වූ ලෝක දිනය
ජුනි 26 - මත්ද්‍රව්‍ය අපයෝජනය සහ නීති විරෝධී ප්‍රවාහනයයට එරෙහි ජාත්‍යන්තර දිනය
ජුනි 26 - වද හිංසනයට ගොදුරුවූවන්ට සහාය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය
ජුනි 29 - ජාත්‍යන්තර නිවර්තන දිනය
ජුනි 30 - ජාත්‍යන්තර ග්‍රාහක දිනය 

මාසයේ වැදගත් සිදුවීම්

ජුනි 3
ගගනගාමී Edward White අභ්‍යවකාශයේ ගමන්  කල ප්‍රථම ඇමරිකානුවා  බවට පත්වේ. - 1965

ජුනි 9
රෝම අධිරාජ්යෙකු වූ නීරෝ මිය යයි - ක්‍රි.ව 68
ප්‍රකට ගත්කතුවරයෙකු වූ චාල්ස් ඩිකන්ස් එංගලන්තයේ Godshill හිදී මිය යයි - 1870
ප්‍රථම ඇමෙරිකානු බැලස්ටික් මිසයිල සබ්මැරීනය එළිදක්වයි - 1959
  
ජුනි 14
ඇමෙරිකානු යුධහමුදාව ස්ථාපනය කරයි - 1775 

ජුනි 18
ගගනගාමී Sally K. Ride අභ්‍යවකාශයේ ගමන්  කල ප්‍රථම ඇමරිකානු කාන්තාව බවට පත්වේ. - 1983

ජුනි 19
ඇමරිකානු ජනපදවල වහල් සේවාව තහනම් කෙරේ  - 1862

ජුනි 23
යතුරු ලියනය සදහා පේටන්ට් බලපත්‍රය හිමි කර ගනී - 1868

ජුනි 26
කොරියානු යුද්ධය අවසන් වේ - 1953

ජුනි 30
නැපෝලියන් බොනපාර්ට් මියයි - 1821

පෝෂේ ( Porsche )

ජර්මනියට අයත් සුපිරි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පෝෂේ (Porsche) හි මුලස්ථානය පිහිට ඇත්තේ ජර්මනියේ Stuttgart නගරයේය.මෙහි  ආරම්භය ලෙස සැලකෙන්නේ 1931 වසරයි. ආරම්භකයා වන්නේ Ferdinand Porsche මහතාය. 

පෝෂේ (Porsche) සමාගම පළමුව තම නාමය යටතේ මෝටර් රථ නිපද වීමක් සිදු නොකෙරුණි. ඒ වෙනුවට අනෙක් මෝටර් සමාගම් වෙනුවෙන් මෝටර් රථ නිපද වීමත් උපදේශනය සැපයීමත් සිදු කෙරුණි. 
 
Ferdinand Porsche

මේ අනුව ජර්මානු Volkswagen සමාගමෙන් මහජනයාට භාවිතයට ගත හැකි මෝටර් රථයක් නිපදවීමේ කාර්යය Porshe සමාගම වෙත පැවරුණි. මෙහිදී ඔවුන් නිපද වූ මෝටර් රථය වන්නේ මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ සාර්ථකම නිර්මාණයක් වන “Volkswagen Beetle” රථයයි.

Volkswagen Beetle
1939 දී Volkswagen Beetle රථයේ උපාංග උපයෝගී කර ගනිමින් Porsche 64 රථය නිපදවන ලදී. 1945 දී දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග Volkswagen කර්මාන්ත ශාලාව බ්‍රිතාන්‍ය යටතට පත්විය. එහි සමාගම් ප්‍රධානි තනතුර දෑරූ Ferdinand ඉවත් කෙරුණු අතර යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ මාස 20ක් සිරබත් කෑමටද සිදු වුනි. 
Porsche 356
මේ අතර තුර ඔහුගේ පුත් Ferry Porsche, Porche නාමය යටතේ රථයක් නිපද වීමේ කාර්යය සැලසුම් කෙරුණි. මෙහි ප්‍රතිපලයක් ලෙස Porche 356 නිපද වන ලදී. මෙය ඔවුන්ගේ ප්‍රථම නිර්මාණය ලෙස බොහෝ දෙනා සලකනු ලබයි.මෙම රථයට සැදීමට Volkswagen රථයේ කොටස් භාවිතා කරන ලද  අතර  Porsche නාමය දැරූ  පළමු roadster මෝටර් රථය විය. 

"Coat of Arms of the Free People State" යන තේමාවෙන් Porsche සිය ලාංඡනය නිර්මාණය කලේද මෙම කාලය තුලයි. 1951 දී Ferdinand Porsche හෘදයාබාධයකින් මරණයට පත්වීමත් සමග  ඔහුගේ පුත්‍රයා වන Ferry  Porsche හට  සමාගමේ අයිතිය පැවරුණි.

Porsche 550 Spyder
1953 වන විට ඔවුන් තම වඩාත්ම ප්‍රසිද්ධ මෝටර් රථය  වූ Porsche 550 Spyder වෙළද පලට නිකුත් කිරීම අරඹන ලදී. එය වාහන කර්මාන්තය තුල වඩාම සාර්ථක මෝටර් රථය බවට පත් විය. ඉන් වසර තුනකට පසුව Porsche සමාගම තම 25 වන සංවත්සරය  සැමරුයේ  තම 10,000 වන නිෂ්පාදිත මෝටර් රථයත් වෙළඳපොළට නිකුත් කරමිනි. 

1961 දී Porsche සමාගම Ferry  Porsche ගේ පුතු වූ  Alexander  Porsche ගේ නිර්මාණ සැලසුමකට අනුව කරන ලද නව මෝටර් රථය වූ 
Porsche 911 එලි දැක්වීය. 

 Porsche 911 (1967)
1974 දී, 911 Turbo මෝටර් රථයත් 1988 දී , 911 Carrera 4 මෝටර් රථයත් Porsche සමාගම විසින් වෙළඳ පලට නිකුත් කරන ලදී.

1993 දී Detroit මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Boxter සංකල්පය යටතේ මෝටර් රථයක් එලි දැක්වීමත් සමඟ එයට ලැබූ සීග්‍ර ඉල්ලුම නිසා  Porsche සමාගම ඉන්  වසර දෙකකට පසු නව 911 Turbo මෝටර් රථය එලි දක්වන ලදී.


වර්තමානයේ Porsche හි අයිතිය සතු වන්නේ Volkswagen සමාගමටයි.
 
Porche Boxter