ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

Showing posts with label තාරකා විද්‍යාව. Show all posts
Showing posts with label තාරකා විද්‍යාව. Show all posts

අඟහරු ග්‍රහයා - Mars

චන්ද්‍රයන්    : 2 (Phobos සහ Deimos)
ස්කන්ධය   : පෘථිවියෙන්  11% ක්
විෂ්කම්භය  : සැතපුම් 4217
වර්ෂයක්     : පෘථිවි වර්ෂ:1.9 (දින 687)
දිනක්          :   පැය 24.6
උෂ්ණත්වය : -190 සිට +60 පමණ F
සූර්යයා සිට දුර: සූර්යයාගෙන් 4 වන ග්‍රහයා වේ. සැතපුම් මිලියන 142  (ඝන පාෂානමය මතුපිටක් ඇත)


අඟහරුගේ ස්වභාවය :

අඟහරු සූර්යයා සිට 4 වන ග්‍රහයා වේ. එය භූමියක් සහිත ග්‍රහලෝකයක් වන අතර එයින් අදහස් කරන්නේ මිනිසෙකුට ගමන් කල හැකි දෘඪ පාෂාණමය පෘෂ්ඨයක් ඇති බවයි. අඟහරු ග්‍රහයාගේ මතුපිට වියළි වන අතර එය බොහෝ රතු පැහැති දූවිලි හා පාෂාණයකින් ආවරණය වී ඇත. පෘථිවියේ සිට  බලන විට අඟහරු ග්‍රහයා රතු පාටින් පෙනේ.

සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ආකර්ෂණීය ස්වාභාවික භූගෝලීය ව්‍යුහයන් කිහිපයක් අඟහරුට ග්‍රහයාට ඇත. දැනට අක්‍රීය ගිනි කන්දක්  වන "Olympus Mons" සෞරග්‍රහ මණ්ඩලයේ උසම කඳුවැටිය වේ. එය එවරස්ට් කඳු වැටිය මෙන් තුන් ගුණයක් හා අඟහරු මතුපිටට වඩා සැතපුම් 16 ක් උසකින් යුක්ත වේ. අඟහරුගේ තවත් ප්‍රධාන භූගෝලීය ව්‍යුහයක්  වනුයේ "Great Canyon (ගැඹුරු දෝරුව) Valles Marineris ය. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම කැනියම වේ. සැතපුම් 4 ක් ගැඹුරින් පිහිටා මෙය සැතපුම් දහස් ගණනක් දිගට දිව යයි.

අඟහරු ග්‍රහයා මත කාලගුණික තත්වය : 

අඟහරු ග්‍රහලෝකයේ නිරන්තරයෙන්ම අධික වේගයෙන් සුළං සහිත දූවිලි කුණාටු ඇති වේ. මෙම දූවිලි කුණාටු සූර්ය බලයෙන් සවිමත් වන අතර එය විශාල  පරිමාණයන් වායුගෝලය තුලට දූවිලි වාෂ්ප යැවීමෙන් අඟහරුගේ  බොහෝ ප්‍රදේශයක් ආවරණය කරයි. ඇතැම් කුණාටු ඉතා විශාල වන අතර එම කුනාටු ආධුනික තාරකා විද්‍යාඥයින්ගේ නිරීක්ෂණ වලට හසුවී ඇත.

අඟහරු ග්‍රහයාගේ හා පෘතුවියේ සංසන්දනය :


බොහෝ කරුණු වලින් අඟහරු ග්‍රහයා පෘථිවියට සමාන වේ. අඟහරුගේ වසර හා දිනය අනෙකුත් ග්‍රහලෝක සමග සැසඳූ විට පෘථිවියට බොහෝ සමාන වේ. අඟහරු ග්‍රහයා වැනි පෘථිවිය මෙන්ම පොළවක් සහිත ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට වඩා ස්කන්ධයෙන් හා විශ්කම්භයෙන් තරමක් කුඩා වේ.

පෘථිවියේ මත මෙන් නොව අඟහරු මත ඇත්තේ  ඉතා තුනී වායු ගෝලයකි. එය ැඩි ප්‍රමාණයක්  කාබන්ඩයොක්සයිඩ් වලින් සමන්විත වේ. මෙකී හේතුව නිසා අඟහරු මත උෂ්ණත්වය පෘථිවියට වඩා  අඩු අගයක් ගනී.

විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයන්ට අනුව අඟහරු මත මීට බොහෝ කලකට පෙර ජලය පැවති බවට සැක කළ හැකි සාධක හමුවී ඇත.  මේ නිසා මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු මත ජීවයක් පවතින්නට ඇතැයි සැක කරනු ලබයි.

අඟහරු පිළිබඳව සිත් ඇදගන්නා කරුණු කිහිපයක්

පුරාණ  රෝමවරුන්ගේ යුද්ධයට අධිපති දෙවියන්ගේ  නමින් මෙය නම්කර ඇත

අඟහරුට Phobos සහ Deimos නමින් වූ  චන්ද්‍රයන් දෙදෙනෙක් පවතී.

අඟහරු මත සාගරයන් නොපවතින බැවින් එහි  මුළු බිම් ප්‍රමාණය පෘථිවියේ මුළු බිම්  ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වේ.

පුරාණ  ඊජිප්තු වරුන් අඟහරු නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් එය  රතු ග්‍රහයා ලෙස හඳුන්වා ඇත.

පෘථිවිය මත 45 Kg පමණ වන පුද්ගලයෙක් අඟහරු  මතදී 17 kg පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

අප සෞරග්‍රහ මන්ඩලයේ  දෙවනුවට කුඩාම ග්‍රහලෝකය වන්නේ අඟහරුයි





මිථුන තරු රටාව ( Gemini Constellation )

Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ.

දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ  උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි.

ග්‍රීක පුරාවෘත්තය 


Gemini  යනු ලතින් භාෂාවෙන් නිවුන් දරුවන් වේ. ග්‍රීක මිත්‍යාවන්ට අනුව මිථුන තාරකා මණ්ඩලය නිවුන් සහෝදරයන් නියෝජනය කරයි. එයට අනුව මිථුන රාශියේ චරිත සංයෝජනයන් වන Pollux සහ Castor එකම මවකගේ දරුවන් දෙදෙනෙකු  වුවත් ඔවුන්ට පියවරුන් දෙදෙනෙකු වේ.ඔවුන් දෙදෙනාගේම  මව sparta රැජින Leda වූ අතර Castor ගේ පියා Sparta රජු Tyndarus ද, Pollux ගේ පියා ග්‍රීක දෙවියන් වන Zeus (සියුස් ) ද බව පැවසේ.


එක කථාවකට අනුව  Sparta රැජිනගේ රුපයට වශීවී Zeus හංසයෙකු ලෙසින් වෙස්වලා ගෙන ඇය සමග එකතු වීමෙන් Pollux බිහිවූ බව පැවසේ.එනිසා Pollux අමරණිය කෙනෙක් විය.නමුත් Castro සාමාන්‍ය මනුෂ්‍යයෙකු විය. ඔවුන්ගේ සහෝදරිය වන්නේ Trojan යුද්ධයට මුලිකවූ හෙලන්ය (Helen of Troy).

Castro කීර්තිමත් අසරුවෙකු වූ අතර Pollux අසිමිත් කාය ශක්තිය පිලිබදව ප්‍රසිද්දියට පත්ව තිබුණි.

ජිවිත කාලයක් පුරාවට එකට ජීවත්ව බොහෝ වික්‍රමයන්ට එකට මුහුණ දී අවසානයේ Castro මරණයට පත්වන අවස්ථාව පැමිණියේය. මහත් කණගාටුවට පත් Pollux සිය පියා වූ Zeus ගෙන් උදවු පැතුවේය. Pollux අමරණිය බැවින් ඔහු මරණයට පත්කිරීම පලක් නොවන බැවින් Zeus, Castro ද අමරණිය බවට පත් කරන ලදී.    

Pollux සහ  Castor පුරාණ නාවිකයන් විසින් නැවියන්ගේ ආරක්ෂකයින් ලෙසද  සලකන ලදී.

මිථුන තාරකා මණ්ඩලය චක්‍ර දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වේ.

මිථුන තරු රාශියේ ප්‍රධාන තාරකාවන්:




Pollux
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 34 ක් පමණ දුරින් පිහිටා ඇති එය තැඹිලි පැහැති  යෝධ තරුවකි , එය  එහි ස්කන්ධය දෙවරක් සමග  ඉරට වඩා නව ගුණයක් විශාල වේ.
Pollux වන මිථුන රාශියේ දීප්තිමත්ම තරුව වන අතර මෙය බීටා Geminorum ලෙසද  හැඳින්වේ.

Castor
Alpha Geminorum ලෙසද මෙම තාරකාව හැදින්වේ.
එකිනෙකා වටා පරිභ්‍රමණය වන ද්විතීය තරු තුන බැගින් ඇති තාරකා සයකින් යුතු පද්ධතියකි.

Wasat
Delta Geminorum ලෙසද හැදින්වේ.පෘතුවියේ සිට ආලෝක වර්ෂ 60ක් පමණ ඇති මෙම තාරකාව තරු තුනකින් යුත් පද්ධතියකි.

Mekbuda
Zeta Geminorum ලෙසද හැදින්වේ.හිරු හා සමාන මතුපිට උෂ්ණත්වයක් මෙහි ඇති බව සැලකේ. 

තවද Mebsuta, Alzirr , Alhena හා  Tejat Posterior යන තාරකාද මිථුන තාරකා මණ්ඩලයේ ප්‍රධාන තාරකා වේ.


සූර්යයා - The Sun

සූර්යයා ක්ෂීර පථයේ මධ්‍යයේ ඇති කහ පැහැති ක්ෂුද්‍ර තාරකාවකි. සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයින් සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා සහ සියලුම ග්‍රහයන් ක්ෂීර පථය මධ්‍යයේ භ්‍රමණය වේ.

සූර්යයා, විශ්වයේ සාපේක්ෂව කුඩා තාරකාවක් වුවත් එය සෞරග්‍රහ මණ්ඩලයට ඉතා විශාලම බන්ධනයක් ඇති ආකාශ වස්තුවයි.

ස්කන්ධය - පෘතුවියේ ස්කන්ධය  මෙන් 333,000 ගුණයක් පමණ වේ.
විෂ්කම්භය - පෘතුවියේ විෂ්කම්භය  මෙන් 109 ගුණයක් විශාල වේ.එය තුල පෘතුවියේ ප්‍රමාණයේ වස්තු 1,300,000 පමණ අන්තර්ගත කල හැකි බව පැවසේ.   
උෂ්ණත්වය - මතුපිට උෂ්ණත්වය 5,500 degrees C (10,000 degrees F) වේ.
පෘතුවියේ සිට දුර - සැතපුම් මිලියන 93 ( කි. මි මිලියන 149.6 ) ක් වේ.
වයස - අවුරුදු බිලියන 4.5ක් වේ.



බ්‍රහස්පති හා සෙනසුරු ආදී වායුන් සහිත විශාල ග්‍රහයන් සිටියත් සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% ක් ම අත්පත් කරගෙන සිටී.
සූර්යයා සෑදී ඇත්තේ අධිතප්ත හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලිනි.එහි හයිඩ්‍රජන් ප්‍රතිශතය 74%ක් වේ. හයිඩ්‍රජන් වායුව දැවීමෙන්  සූර්යාගේ ශක්තිය පිටවන අතර , එම ශක්තිය අපට ආලෝකය හා තාපය ලෙස ලැබේ. 


සූර්යයාගෙන් පිටවන ආලෝක කිරණ, කි.මී.මිලියන 150ක දුරක් ගෙවාගෙන පෘථීවියට ළඟා වීම සඳහා විනාඩි 8ක කාලයක් ගතවේ. ආලෝකයේ වේගය තත්පරයට කි.මී. තුන්ලක්ෂයකි (300,000) කි.

සූර්යයා කලාප 6කට බෙදා ඇත. ඇතුලත සිටගත් කල ඒවා වන්නේ 

1.  මධ්‍යය (The core)
2.  විකිරණ කලාපය (The radioactive zone)
3.  සංවහන කලාපය (The convective zone)
4.  ප්‍රකාශ ගෝලය (The Photosphere)
5.  වර්ණ ගෝලය (The Chromosphere )
6.  පිටත රැස් වළල්ල (The corona)



මිහිපිට ඇති ප්‍රධානම ශක්ති ප්‍රභවය සූර්යයා වන අතර ශාක ප්‍රභාසංස්ලේෂණය  කිරීමද මෙම සන්නද්ධ ශක්තියෙන් සිදුවේ. එමෙන්ම තෙල් වැනි පොසිල ඉන්ධන වලින් අප ලබාගන්නා ශක්තියත් සූර්යයාගේ ආධාරයෙන් හිමි වූවකි.

සූර්ය කෝෂ මගින් සූර්යාගේ ශක්තිය පරිවර්තනය කිරීමෙන්ද විදුලිය නිපදවා ගත හැකිය.

1900 දී Albert Einstein නම් විද්‍යාඥයා E=MC^2 යන සූත්‍රය යොදා ගනිමින් මෙතරම් ශක්තියක් සූර්යයා විසින් නිපදවන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලදී.

1920 දී  Arthur Eddington විසින් තවදුරටත් සූර්යයා මධ්‍යස්තයේ ඇති අධි බලති පීඩනය මගින් න්‍යෂ්ටික සංයෝජනයන්, අධික තාපයන් හා   ශක්තියන් නිපදවන අයුරු සොයාගන්නා  ලදී.

සිංහ තරු රටාව ( Leo Constellation)

  • රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. 
  • මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. 
  • ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. 
  • මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. 
  • දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. 
  • දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. 
  • Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. 
  • රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000 කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. 
  • මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.

ග්‍රීක පුරාවෘත්තය 



අනෙකුත් බොහෝ තරු රටා සේම සිංහ තාරකා රටාවද පැවත එන්නේ ග්‍රීක ප්‍රබන්ධ වල වීරයා සහ Zeus ගේ පුතණුවන්  වන Hercules ගේ වික්‍රමයන්ගෙනි. තම කුඩම්මාගේ නොමග යැවීම නිසා උන්මාද ස්වාභාවයට පත්වුණු මොහු තම ලෙයින් උපන් පිරිමි දරුවන් සය දෙනාම ඝාතනය කරන ලදී.පසුව තමන්ගේ තාවකාලික උන්මන්තක බවින් සිදුවූ අපරාධයන්  මහත් කලකිරීමට පත් විය.

කෙසේ හෝ පසුව මොහු  Eurystheus රජුගේ ඉල්ලීම පරිදි ඔහු වෙනුවෙන් රාජකාරි 12ක්  ඉටු කිරීමට පොරොන්දු විය . මුල්ම රාජකාරිය වුයේ Nemea නම් වූ නගරයට බිහිසුණු ක්‍රියා සිදු කල සිංහයෙකු  මරා දැමීමයි. 

මෙම සිංහයාගේ ලෝම රන්වන් වූ අතර ඊතල, කඩු වලට පසාරු කිරීම නොහැකි විය.මෙය නොදත් Hercules සතුව තිබුනේ සිංහයා පසාරු කරගෙන යාමට තරම් සවිමත් නොවන ඊතල ඇති දුන්නක් සහ කඩුවකි. ඔහු මුලින්ම සිංහයාගේ  විදින  ඊතල සිංහයාගේ ඇගේ වැදී නැවත ආපස්සට විසිවිය. නමුත් දෙවැනි වර  විශාල මුගුරකින් සිංහයාට පහරදී සිංහයා මරණයට පත්කරවන ලදී. කෙසේ වුවද සිංහයා ප්‍රධාන තරු රටා අතරට පැමිණි අකාරය පිලිබඳ පැහැදිලි සටහනක් නොමැත.

ප්‍රධාන තරු
Denebola, Zosma, Chort, Regulus, Algieba, Adhafera
 උත්තර අර්ධද්ගෝලයේ දක්නට ලැබෙන ආකාරය


දක්ෂිණ අර්ධද්ගෝලයේ දක්නට ලැබෙන ආකාරය


 Source : www.solarsystemquick.com

සිකුරු ග්‍රහයා - Planet Venus


මෙහි සඳක් නොමැත.
ස්කන්ධය පෘතුවියෙන් 82% කි.
විෂ්කම්භය සැතපුම් 7520කි.
අවුරුද්දක් පෘතුවි දවස් 225කි.
දවසක් පෘතුවි දවස් 243 කි.
උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 850කි.
සූර්යයාගේ සිට දෙවෙනි ග්‍රහලෝකයි.
සූර්යයාට දුර සැතපුම් මිලියන  67කි.

සිකුරු ග්‍රහයා වලාකුලින් පිරි උෂ්ණත්වයෙන් ඉතා ඉහල ග්‍රහලෝකයකි.සිකුරු ග්‍රහයාගේ මතුපිට පදාසයම වලාකුලින් වැසී ඇත.මෙම වලාකුළු ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් සැදී ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකය සිකුරු ග්‍රහලෝකයයි.මෙය සූර්යයාට ඉතාම කිට්ටු වූ බුධ ග්‍රහයාටත් වැඩ උෂ්ණත්වයෙන් වැඩිය.

සිකුරු ග්‍රහයාද බුධ, පෘතුවි හා අඟහරු මෙන් පොලොවකින් යුක්ත ග්‍රහලෝකයකි.මෙහි තේරුම එහිද පාෂණ සහිත මතුපිටක් තිබීමයි.එහි භූගෝලීය වශයෙන් ගත්  විට පෘතුවියේ භූගෝලයට සමාන කඳු.මිටියාවත්,සානු හා ගිනි කඳු වලින් සමන්විත ආකාරය පෙනී යන අතර එහි දහස් ගණනින් ලෝදිය සහිත ගංගා හා ගිනිකඳු ඇති බව පිළිගැනේ.100km වඩා උසැති යෝධ ගිනි කඳු 100කට වඩා ඇති බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

දුරදක්නයක් නැතිවද සිකුරු ග්‍රහයා පෘතුවියේ සිට දැක ගත හැකි වුවත් මුලින්ම මෙම ග්‍රහයා සොයා ගත්තේ කව්ද යන්න වග සොයාගෙන නොමැත.ඉපැරණි ශිෂ්ටාචාරයන් පිළිගත් ආකාරයට එය ග්‍රහලෝක දෙකක් හෝ එක දීප්තිමත් තරුවක් විය.ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී  ග්‍රීක ගණිතඥයෙකු වූ Pythagoras එය තනි ග්‍රහලෝකයක් බව සොයා ගන්නා  ලදී.ක්‍රිස්තු වර්ෂ 1600 දී Galileo විසින් මෙම ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය වන බව සොයා ගත්තේය.

සිකුරු ග්‍රහයා නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා යැවුණු අතර ඉන් පළමුවන්න Venera 7 විය.සිකුරු ග්‍රහයා මත ගොඩබැස්සවූ මෙම යානාව රුසියානු නෞකාවකි.පසුව 1989 සිට 1994 දක්වා Magellan Probe නම් යානාව රේඩාර් මගින් සිකුරු ග්‍රහයාගේ මතුපිට  සිතියම් ගත කර වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කරගන්නා ලදී.

සිකුරු ග්‍රහයා පෘතුවි කක්ෂයෙන් ඇතුලත පිහිටි නිසා දහවල් කාලයේදී එය බැලීම සූර්ය එළියෙන්  බාධා වන  අතර හිරු නැගීමට පෙර හෝ හිරු බැසීමෙන් පසු සිකුරු ග්‍රහයා ඉතා දෙප්තිමත්ව බැබළෙනු දැකගත හැකිය.රාත්‍රී අහසේ ඇති දීප්තිමත්ම අකාෂ වස්තුව මෙයයි.

සිකුරු ග්‍රහයා ගැන සිත් අද ගන්න කරුණු කීපයක් 

සිකුරු ග්‍රහයා අනෙකුත් ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ .කිසියම් යෝධ ග්‍රාහකයක හෝ වල්ගා තරුවක බලපෑමෙන් මෙම ප්‍රතිවිරුද්ධ භ්‍රමණය සිදුවන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

පෘතුවියට වඩා  සිකුරු ග්‍රහයාගේ වායු පීඩනය 92 ගුණයක් වැඩිය.

සිකුරු ග්‍රහලෝකයටම විශේෂ වූ ලෝදියක් "pancake" ලෙස හදුන්වනු ලබයි.

සිකුරු ග්‍රහයාව නම් කරන ලද්දේ ආදරය සදහා ග්‍රීක දෙවතාවියක් වූ "Venus " නිසාවෙනි.කාන්තාවකගේ නම් ලද එකම ග්‍රහලෝකය මෙයයි.

සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 6වෙනි විශාලම ග්‍රහලෝකයයි.


ඔරයන් තරු රටාව (Orion Constellation)

  • තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක.
  • උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැක 
  • මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් සමන්විතවේ 
  • මිට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී
  • මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එහි අරය අප සුර්යාගේ මෙන් දහස් ගුණයක් පමණ විශාලවේ   
  • Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යාමෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි  
  • ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තරු 3න මෙහි විශේෂත්වයක් උසුලයි 
ග්‍රීක පුරාවෘත්ත

ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ඔරායන් යනු ඉතා ජවසම්පන්න දඩයක්කරුවෙකි.ඔහුගේ මරණයෙන් පසු සියුස් දෙවියන් විසින් ඉහල අහසේ තරු අතර රැඳ වූ බව පැවසේ. රාත්‍රී අහසේ ඔරායන් ,ඊට ආසන්න තරු රටාව වූ ගවයා (Taurus) සමග සටනේ යෙදෙන බව පුරාණ ග්‍රීකයන්ගේ මතය විය.

ඔරායන් පිලිබඳ විවිධ පුරාවෘත්ත රාශියක් පවතී.ඉන් එකකින් පැවසෙන පරිදි ඔහු, සාගරයට අදිපති ග්‍රීක දෙවියන් වූ පොසේයිඩන් (Poseidon) ගේ පුත්‍රයෙකි. තම පිය උරුමයෙන් දියමත ඇවිදයාමේ හැකියාවක් ඔහු සතු විය. දිනක් අධික ලෙස මත්පැන් පානය කල ඔහු දියමත ඇවිද ගොස් Chios නම් දුපතට පැමිණ එහි ප්‍රධානියාගේ දියණියට බලපෑම් කරන ලදී. එහිදී ප්‍රධානියා විසින් කල පහරදීමකදී ඔරායන් අන්ධභාවයට පත්විය. පසුව ග්‍රීක හිරු දෙවියන්වූ හිලියස් විසින්  නැවත පෙනීම ලබා දෙන ලදී. 

තම දඩයම් කිරීමේ හැකියාව පිලිබඳ මහත් ආඩම්බරයට පත් ව හිස උදුම්මවා ගත් ඔරායන්, තමා විසින් මිහිපිට සිටින සියලුම දෙන විනාශ කරන බවට සපත කරන ලදී. මින් කෝපයට පත් පොළොවට අදිපති දෙවගන වූ Gaia විසින් දැවැන්ත ගොනුස්සෙකු (scorpion) ඔරායන් විනාශ කිරීමට එවන ලදී.එහිදී ඇතිවූ බිහිසුණු සටනින් දෙදෙනාම ජිවිතක්ෂයට පත් වූ අතර, දෙදෙනාම ඉහල අහසේ තරු අතර රඳවන ලදී    
රාත්‍රී අහසේ පෙනෙන අයුරු 

   

ඔරායන් තරු රටාවේ ප්‍රධාන තරු ලෙස Betelgeuse, Meissa, Bellatrix, Alnitak, Alnilam,Mintaka,Saiph,Rigel,M42 ආදී තරු හඳුන්වා දිය හැක. 

බුධ ග්‍රහයා ( Mercury )

මෙහි සඳක් නොමැත.
ස්කන්ධය - පෘතුවියෙන් 5.5% කි.
විෂ්කම්භය - සැතපුම් 3031 කි.
පෘතුවියේ දින 60 ක් බුධ ග්‍රහයාගේ එක දිනයකි. එනම් එය තම අක්ෂය වටා කර කැවීමට දින 58 පැය 15 ක පමණ කාලයක් ගනී 
 බුධ ග්‍රහයා, සුර්යා වටා  ගමන් කිරීමට දින 87.97 (වසර 0.2) ක පමණ කාලයක් ගනී 

උෂ්ණත්වය - ෆැරන්හයිට් අංශක -300 සිට + 800 වේ. සූර්යයාගේ සිට දුර සැතපුම් මිලියන 36ක් වන අතර සූර්යයාට ලඟම ග්‍රහයා බුධ ග්‍රහයායි.

දැනට වර්ගීකරණය කර ඇති ආකාරයට Pluto ග්‍රහලෝකයක් නොවන නිසා බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වේ. බුධ ග්‍රහයාගේ මතුපිට පාෂාණ සහිත වන අතර එහි මධ්‍යයේ යකඩ ඇති බව සැලකේ. විශාල ග්‍රහයන් වන පෘතුවිය හා අඟහරු සමග සැසදීමේදී බුධ ග්‍රහයාගේ පිහිටි යකඩ ප්‍රමාණය ඉතා වැඩි බව සොයාගෙන ඇත.ඉතා කුඩා බුධ ග්‍රහයාගේ ප්‍රමාණයෙන් වැඩි පරාසයක්ම  යකඩ වලින් යුක්ත වේ.

ප්‍රමාණ සන්සන්ධනය

බුධ ග්‍රහයා නිසරු ග්‍රහයෙක් වන අතර එය ආවාට සහ ග්‍රහාංශ කොටස් වලින් වටවී ඇත.මෙය පෘතුවියේ සඳට ඉතා සමාන වේ.

බුධ ග්‍රහයාගේ එක අවුරුද්දක් ඉතා කෙටි වන අතර දිනයක් ඉතා දිගු වේ.හුස්ම ගැනීමට සුදුසු වායුවක් එහි නොමැත.උෂ්ණත්වයද දිනෙන් දින නපුරු ලෙස වෙනස් වේ.නමුත් මෙම ග්‍රහයාගේ මතුපිට නම් පෘතුවියේ ආකාරයටම ගල් සහිත වේ.

බුධ සහ පෘතුවිය සුර්යා වටා ගමන් කිරීම

ක්‍රිස්තු වර්ෂ 3000 දී පමණ Sumerian හා Babylonian ශිෂ්ටාචාර වලදී බුධ ග්‍රහයා සොයා ගනු ලැබිණි.වර්ෂ 1600 දී  Galileo විසින් මුලින්ම දුරදක්නය භාවිතා කොට බුධ ග්‍රහයා ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.
සූර්යයාට ඉතාම කිට්ටුවෙන්ම ඇති නිසා මෙම ග්‍රහයා ගවේෂණය කිරීමට ඉතා අසීරු වී ඇත.නමුත් මේ වනවිට අභ්‍යාවකාශ සොයා බැලීම් යානා දෙකක් බුධ ග්‍රහයා වෙත යවා ඇත.එහි පළමුවැන්න Mariner 10 ලෙස 1975 දී යැවුණු අතර ග්‍රහයාගේ සමීප ඡයාරූප ලබාගැනීමට හා එහි චුම්බක කලාපයක් ඇති බවට සාක්ෂි ලබාගෙන එන්නට එයට හැකිවිය. දෙවැනි යානය Messenger නම් වූ අතර 2008-2009 දී එය බුධ ග්‍රහයාට ලගා වන ලදී.

බුධ ග්‍රහයා ගැන සිත් අද ගන්නා කරුණු කීපයක්:

1. බුධ ග්‍රහයාට Caloris Basin නම් වූ විශාල ආවාටයක් ඇත.

2. මෙම ග්‍රහයාගෙන් රත්තරන් නිපදවිය හැකි බව රසවිද්‍යාඥයන්ගේ මතයක් ද විය.

3. Mercury නම් වූ රෝමානු දෙවියෙකු නිසා මෙම ග්‍රහලෝකයට එම නම ලැබුණු බව සැලකේ.ඔහු දෙවියන්ගේ පණිවිඩකරු වූ අතර සංචාරකයන්ගේ හා වෙළෙන්දන්ගේ ද දෙවියා ලෙස එකල විශ්වාස කරන ලදී.

4. අනෙකුත් සියලුම ග්‍රහයන්ට වඩා වේගයෙන් බුධ ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය  වේ.

5. අතීතයේ තාරක විද්‍යාඥයින් මෙම ග්‍රහයා ග්‍රහලෝක දෙකක් ලෙස දුටු අතර හිරු නැගෙනා විට එය දුටුවහොත් Apollo ලෙසද හිරු බැසීමෙන් පසු දුටුවහොත් Hermes ලෙසද නම් කරන ලදී.

6. අනෙකුත් සියලු ග්‍රහලෝක වලට වඩා වෙනස් වූ ඒකාකාර නොවූ කක්ෂයක් වටා මෙම බුධ ග්‍රහයා ගමන් කරයි.

Reference : http://www.ducksters.com

සෞරග්‍රහ මණ්ඩලය ( The Solar System )

සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ  වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ.
සෞරග්‍රහ  මණ්ඩලයේ මාධ්‍යය ලක්ෂය වන්නේ සූර්යයායි.

අපේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක අටකින් සමන්විත වේ. සූර්යයාට කිට්ටුම ග්‍රහයාගෙන් පටන්ගතහොත් පිලිවෙලින් බුධ (Mercury), සිකුරු (Venus), පෘතුවි (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter) , සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නෙප්චූන් (Neptune) යන ග්‍රහයින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.

සූර්යාට කිට්ටුම ග්‍රහයින් හතර වන බුධ ,සිකුරු, පෘතුවි හා අඟහරු භෞමික ග්‍රහයින් වේ.එනම් ඒවායෙහි ඉතා තද ගල් සහිත පෘෂ්ටයක් පවතී.

සූර්යාට දුරින් පිහිටි ග්‍රහයන් හතර වන බ්‍රහස්පති,සෙනසුරු, නෙප්චූන් හා යුරේනස්  වායු දැවැන්තයින් ලෙස සැලකේ. ඒවායෙහි මතුපිට විෂ වායු අංශු පවතින අතර ඉන් බොහොමයක් හයිඩ්‍රජන් වායුව වේ.

අනෙකුත් අකාශ  වස්තූන්

සූර්යයා හා ග්‍රහලෝක අට හැරුනුකොට වෙනත්  ආකාශ වස්තූන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත්වේ.

Dwarf planets (ක්ෂුද්‍ර ග්‍රහලෝක)

මේවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලටම සමානකමක් ඇති ආකාශ වස්තූන් වන අතර ප්‍රමාණයෙන් ඉතාමත් කුඩාද වේ.සෞරග්‍රහ  මණ්ඩලයේ ඇති ක්ෂුද්‍ර  ග්‍රහලෝක අතර Pluto, Ceres, Eris, Haumea, and Makemake  ප්‍රධාන වේ.



Comets (වල්ගා තරු) 

සූර්යයා වට කක්ෂීය වන වල්ගා තරු සැදී ඇත්තේ අයිස්, දුවිලි සහ පාෂාණ කැබලි වලිනි.එහි වලිගයක් දකින්නට ලැබෙන අතර එය සූර්ය විකිරණ වලින් පිටවන වායු වලින් සැදී ඇත. වල්ගා තරුවල පැවතෙන්නේ  Kuiper belt සහ Oort cloud මගිනි.

 
Asteroid belt (ග්‍රහාංශ කලාපය) 

අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර මෙය පවතී.මෙම කලාපය තුල දහස් ගණන් පාෂාණ කැබලි සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී. මේවා දුවිලි අංශු ලෙස 'Ceres' ක්ෂුද්‍ර ග්‍රහයා දක්වා පැතිරේ.

 


Kuiper belt 

මෙය කුඩා අකාශ වස්තූන් දසදහස් ගණනකින් සමන්විත කලාපයක් වන අතර කක්ෂයෙන් පිටත මෙම කලාපය පිහිටයි. අයිස් ,වතුර,ඇමෝනියා සහ මීතේන් වායු වලින් මෙය සමන්විත වේ.

 
Oort cloud
 
Kuiper belt කලාපයයට වඩා ඈතින් පිහිටන අතර සූර්යයා  වටා වට දහස් ගණනක් ඈතින් ද මෙය පිහිටයි.දැනට විද්‍යාඥයන් අනුමාන කර ඇති ආකාරයට අයිස් වලින් සමන්විත ඉතා කුඩා ආකාශ වස්තුන් දහස් ගණනකගෙන් Oort cloud හී පැවැත්ම රඳා පවතියි. Oort cloud සෞරග්‍රහ මණ්ඩලයේ අග කෙලවරෙහි පවතී.




සෞරග්‍රහ මණ්ඩලය ගැන සිත් ඇදගන්න කරුණු කීපයක්

1. Uranus සහ Neptune යන ග්‍රහයන් වතුර, මීතේන් සහ ඇමෝනියා වායු වලින් පිරී ඇති නිසා අයිස් යෝධයන්" ලෙස හදුන්වනු ලැබේ.
2. ක්ෂීර පථයේ තාරකා බිලියන 200ක් පමණ ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි.
3. Pluto මුලින් සම්පූර්ණ ග්‍රහලෝකයක් බවට සැලකුනත් පසුව 2006 දී නැවතත් Dwarf planet (නොවැඩුණු ග්‍රහලෝකයක් ) ලෙස නම් කරන ලදී.
4. සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.85% ක්ම සූර්යයාගෙන් පිරී ඇති අතර අනෙකුත් සියලුම ග්‍රහාංශ කලාප, කුඩා ග්‍රහලෝක සහ සඳ ආදී වන සියලුම ආකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය පුරවාලන්නේ 0.15% වැනි කුඩා ප්‍රමාණයක් පමණි.
5. සියලුම ග්‍රහයින් සූර්යයා වටා වාමාවර්තව ගමන් කරයි.
6. සෞරග්‍රහ මණ්ඩලය හා පරසක්වලය ගැන පර්යේෂණ කරනා විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් හෝ නක්ෂත්‍ර විද්‍යාඥයින් ලෙස හදුන්වනු ලැබේ.

Reference : http://www.ducksters.com


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ( International Space Station )

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසුන් කිහිප දෙනෙකුට වාසය කල හැකි වන ලෙස පහල පෘතුවි කක්ෂය තුල රඳවා ඇති විශාල කෘතීම චන්ද්‍රිකාවකි (යානාවකි).

මෙය  ඇමරිකානු  NASA, රුසියානු Roscosmos (Russia's Federal Space Agency), ජපාන JAXA (Japan Aerospace Exploration Agency), යුරෝපා ESA (European Space Agency), සහ කැනේඩියානු  CSA (Canadian Space Agency) යන අන්තර්ජාතික අභ්‍යාවකාශ ඒජන්සි 5ක ( රටවල් 15ක් අයත් වේ ) ඒකාබද්ධ ව්‍යාපෘතියකි. 

නාසා ආයතනය ( NASA )

නාසා ආයතනය 1958 ජූලි 29 දින ඇමරිකාවේ වොශිංටන් නගරයේ දී එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ Dwight D. Eisenhower මහතාගේ මූලිකත්වයෙන් ඇරඹිනි.නාසා යන නාමය ඉංග්‍රීසියෙන් National Aeronautics and Space Administration ලෙස හඳුන්වන අතර  මුලකුරු කෙටිකර NASA ලෙස හඳුන්වනු ලබයි. මෙහි සිංහල අරුත වන්නේ "ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය" යන්නයි.

නාසා ආයතනය ඇරඹීමට ආසන්නතම හේතුව වන්නේ 1957 ඔක්තෝබර් 4 දින සෝවියට් රුසියාව ලෝකයේ ප්‍රතම වරට "ස්පුට්නික් 1" නැමති චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමයි. ඇමරිකාව මෙය තම රාජ්‍යය ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙසද තම අභිමානයට වූ කැලැලක් ලෙසද සැලකීය. ඒවන විට  ඔවුන්ගේ අභ්‍යාවකාශ කටයුතු හා පර්යේෂන සිදුකෙරුනේ 1915 දී ස්ථාපිත කරණ ලද NACA (National Advisory Committee for Aeronautics) නම් ආයතනය මගිනි. එය 1958 දී විසුරුවා හැරුනු අතර ඒ වෙනුවට තවත් පුලුල් බලතල සහ පසුකම් සහිතව නාසා ආයතනය ආරම්භ කරන ලදි.

නාසා මූලස්ථානය

මේ කාලය වනවිට සෝවියට් රුසියාව සහ ඇමරිකාව අතර අභ්‍යාවකාශ තරගය ඇරඹී තිබුනි. පළමුව මිනිසෙකු අභ්‍යාවකාශයට යැවීමේ කීර්තිය අත්කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුනි.මේ සඳහා නාසා ආයතනය "Project Mercury" නමින් ව්‍යාපෘතියක් ආරම්භකර තිබුනි.මෙය නාසා අයතනය දියත් කල ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතියයි.  1961 මැයි 5 වන දින ඔවුන් Freedom 7 නම් යානයෙන්  Alan Shepard නම් ගගනගාමියා අභ්‍යාවකාශගත කොට තම අරමුන සපුරාලීය. නමුත් ඊට මසකට පෙර සෝවියට් රුසියාව  Vostok යානයෙන් යූරි ගගාරින් ( Yuri Gagarin) ආභ්‍යාවකාශගත කොට පියවරක් ඉදිරියෙන් සිටියේය.

මිනිසුන් දෙදෙනෙකු අභ්‍යාවකාශයට යැවිය හැකි යානයක් නිපද වීමේ අරමුණෙන් "Project Gemini" ව්‍යාපෘතිය 1961 දී ඇරඹුනි. මෙයට සමගාමීව මිනිසෙකු පලමුව හඳට යැවීමේ අරමුනෙන් ඇපලෝ ව්‍යාපෘතියද (Project Apollo) ආරම්භ කිරිනි. ඇපලෝ ව්‍යාපෘතියට මූලිකත්වය ගෙන කටයුතු කලේ එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතාය. සෝවියට් රුසියාව අභිබවා අභ්‍යාවකාශ තරගය ජය ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

ප්‍රථම සඳ තරණය

අවසානයේ 1969 ජූලි මස ඇපලෝ 11 යානයෙන් මිනිසුන් සඳමත ගොඩබස්වා නාසා ආයතනයත් ඇමරිකාවත් තම අරමුන සපුරා ගන්නා ලදි. එතෙක් මෙතෙක් තුල ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්තානය ඉදිකිරීම ඇතුලුව ලෝකයේ අභ්‍යාවකාශ පර්යේෂණ වල පෙරමුන ගෙන කටයුතු කරන්නේ නාසා ආයතනයයි.

නාසා ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේය. 18000 කට අධික සේවක පිරිසක් නාසා ආයතනයට සම්බන්ධව කටයුතු කරයි.

අභ්‍යාවකාශ වැඩ සටහන් වලට අමතරව එය දිර්ඝ කාලීන සමාජයීය සහ යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. නාසා ආයතනයේ ප්‍රධානතම පාලකයා ලෙස කටයුතු කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාය. මෙමගින් සිදුකරන ලබන සියලුම අභ්‍යාවකාශ ව්‍යාපෘති වලට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සහ උපකරණ සපයා දෙමින් ජනාධිපතිවරයා නාසාහි කටයුතු වලට සෘදුවම මැදිහත්වේ.  


Related Links:
http://en.wikipedia.org/wiki/NASA
http://history.nasa.gov/brief.html