ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

"පීසා" හි ඇලවෙන කුළුණ ( Leaning Tower of Pisa )

ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන දෙව්මැදුරේ පිහිටා තිබෙන ඝණ්ටා කුළුණවන මෙය එක් පසකට ඇල්වී තිබීම නිසා ලොව පුරා අතිශය ප්‍රසිද්ධියට පත්විය. මෙය හුණු ගලින් නිමවා පිටත කිරිගරුඩයෙන් තනා තිබෙන අතර ඝණ්ටා කුටීරයද සමග මහල් 8 කින් සමන්විත වේ.  මෙසේ කුළුණ ඇලවීමට හේතුවී තිබෙන්නේ එය නිර්මාණය කරන අවස්ථාවේ යටිපස ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වී නොතිබීමයි.

පිසා හි කුළුණ නිර්මාණය වර්ෂ 1173 දී ඇරඹුන අතර  වසර 199 කට ආසන්න කාලයක් පුරා අවස්ථා 3කට නිර්මාණය කර ඇත. 1178 කුළුණේ දෙවන මහල නිමකරන අතරතුර ප්‍රථම වතාවට එක් පසකට ඇලවීම ආරම්භවිය. මෙනිසා මෙහි වැඩ කටයුතු ශතවර්ෂයක් පමන නතර විනි. නැවත 1272 පමණ කුළුණේ වැඩකටයුතු ආරම්භ වුන අතර ඇලවීම වැලැක් වීමට අනෙක් මහල් වල එක පැත්තක උස වැඩි වනලෙස නිර්මාණය කරන ලදි. ඒවන විට පසද ශක්තිමත් වී තිබුනි.

Easter දූපතේ "Moai" පිලිම ( Moai Statues - Easter Island )

Easter Island නොහොත් Rapa Nui යනු පැසිෆික් සාගරයේ පිහිටි චිලී රාජ්‍යට අයත් පොලිනීශියානු (Polynesian) දූපතකි. එය චිලී හි බටහිර ඉවුරට සැතපුම් 2300ක් දුරින් පිහිටා ඇත. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි ප්‍රථම යුරෝපීයා වූ ලන්දේසි  ජාතික Jacob Roggeveen  1722 අප්‍රේල් 5, Easter ඉරිදාවක ගොඩ බැසි නිසාය.

මෙම දූපත, එහි පිහිටුවා ඇති "Moai" ලෙස හඳුන්වන අතිවිශාල ගල් පිලිම 887 නිසා ලොව ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. මේවා 1100 -1680 AD අතර කාලය තුල එහි විසූ Rapa Nui ජනතාව විසින් ඉදිකර ඇතය සැලකේ.