ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

චිචන් ඉට්සා පුරාණ මායා නගරය ( Chichen Itza )

(නූතන ලෝක පුදුම හත - 7 කොටස)

"Chichen Itza" යනු වර්තමාන මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්විපයේ  උතුරට වන්නට පිහිටි පෞරාණික මායා නගරයක් විය. 

නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සලකන මෙය ක්‍රි.පූ. 600 සිට ක්‍රි.පූ .1221 වන තෙක් බලවත්ව පැවති බව සැලකේ.එකල විශාලතම මායා නගර අතරින් එකක් වන මෙම නගරය පසු කාලීන සාහිත්‍යයේ මිත්‍යා නගරය ලෙස සලකනු ලැබුණි.

පුරාවිද්‍යාඥයන් විසින් සදහන් කර ඇති ආකාරයට ක්‍රි.පූ. 900 සිට ක්‍රි.පූ.1050 අතර කාල සීමාව තුලදී මෙම පැරණි නගරය ඉතා බලවත්ව, මධ්‍යම සහ උතුරු යුකැටන් අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල පාලනය කල අගනගරය ලෙස පැවත ඇත.



Chichen Itza  ඉදිකර ඇත්තේ එය අවට විශාල ස්වාභාවික ජලය පිරුණු සිදුරු (ජල තටාක)  දෙකක පිහිටීම හේතුවෙන්  ප්‍රදේශයට වසර පුරා ජලය සැපයීමට ඇතිවූ හැකියාව නිසා විය හැකි බව සඳහන් වේ. මේවා හැරුණු කොට මෙම ප්‍රදේශය හරහා වෙනත්  ගංගා හෝ දිය ඇලි දක්නට නොතිබිණි.




"Sacred Cenote" ලෙස නම් කරනු ලැබ ඇති Chichen Itza හී ඇති විශාල ජල තටාකයක් මනුෂ්‍ය බිලිපුජාවන් සදහා යොදා ගෙන ඇතැයි විශ්වාස කෙරේ.තද ඉඩෝර කාලවලදී වැසි ලබා ගැනීම වෙනුවෙන් "Chac" නම් දෙවිකෙනෙකුගේ නාමයෙන් මෙම ගැඹුරු ජල තටාකයට පිරිමින්, ගැහැණුන් මෙන්ම කුඩා දරුවන්ද විසි කරමින් බිලි පුජාවන් සිදු කරන ලදී.




Chichen Itza හී පිහිටි පෞරාණික ගොඩනැගිළි :

El Castillo (Temple of Kukulcan)

 පිරමීඩ ස්වරූපයෙන් යුතු ස්මාරකයකි. මෙය සමහර විට Chichen Itza හී ගනු ලබන පින්තුරවලින් වඩාත් ප්‍රසිද්ධ එකක් වේ.මෙම ස්මාරකය මීටර් 30 ( අඩි 98) පමණ උසින් යුක්ත වේ.
මෙම බලකොටුවේ ඊසාන දිග පඩිපෙළවල් පාමුල කැටයම් කර ඇත්තේ නාගයකුගේ හිස් ආකාරයටය.




The Wall of Skulls 

Chichen Itza හි ඉදිකර ඇති "The Wall of Skulls" නම් ප්‍රාකාරහි  බිලිවුවන්ගේ හිස් තැන්පත් කර ඇති බවට විශ්වාස කෙරෙයි.




The Temple Of the warriors Complex

මෙම ගොඩනැගිල්ල සමන්විත වන්නේ විශාල පඩි වලින් යුත් පිරමීඩයකිනි. රණශූරත්වය නිරූපණය කරන ලද තීරු පඩි පේළි වලින් මෙය සමන්විත වේ.




Las Monjas 

මෙය Chichen Itzaa හී  වඩාත් කැපී පෙනෙන ව්‍යුහයකි. එය "Puuc " නම් වාස්තු විද්‍යාත්මක ශෛලියට අනුව ඉදිකරන ලද සම්භාවනීය පර්යන්ත ගොඩනැඟිලි සංකීර්ණයකි.




El Caracol Temple 

මෙම  ගොඩනැගිල්ල  මායාවරුන් අහස නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය ලෙස භාවිතා කරන්නට ඇතිබව විශ්වාස කෙරේ. එකල මොවුන් අඟහරු නිරීක්ෂණය පිළිබඳවද කිසියම් උනන්දුවකින් කටයුතු කර ඇති බව පර්යේෂකයන් පෙන්වාදෙයි  



Chichen Itzaa හී සියලු ගොඩනැගිලි ගල් වලින් නිමවා ඇති අතර මායාවරුන් විසින් ඔවුන්ගේ පන්සල්, පිරමිඩ හෝ මාලිගා සාදා ගැනීම සඳහා කිසිදු රෝද සහිත යන්ත්‍රයක් හෝ භාවිතා නොකළේ යැයි විශ්වාස කෙරේ.


1400 ගණන්වල දී Chichen Itzaa  නගරය එහි වැසියන් විසින් අත්හැර දමා ඇත. මේ සඳහා හේතුව තවමත් අපැහැදිලි වන අතර කෙසේ වෙතත්, ප්‍රදේශයේ නියඟය හා ජල හිඟය මීට හේතු විය හැකි බවට සිතිය හැකිය.

Chichen Itzaa නගරයේ ගොඩනැගිලි  මායා අධිරාජ්යයේ කුසලතා මනාව පෙන්නුම් කරයි. Chichen Itzaa හී බොහෝමයක් නටබුන් තවමත් ඉතිරිව පවතී. 



Chichen Itzaa හි ස්මාරකය පිහිටා ඇති ඉඩම 2010 මාර්තු 29 වන දින යුකැටන් රාජ්‍ය විසින් මිලදී ගන්නා තුරු එය පෞද්ගලික අයිතියට හිමිවී තිබුණි.