නුතන ලෝක පුදුම හත ( New 7 Wonders of the World )

හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර පිහිටා ඇති සංවිධානය විසින් නූතන ලෝක පුදුම 7 එලිදක්වන ලදි.

ලොවපුරා දැනට පවතින සුවිශේෂී සිහිවටන 200ක් මීට යොදා ගත් අතර අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ වර්ෂ 2001 සිට 2007 දක්වා මත විමසීම සිදුකිරිනි. 

අන්තර්ජාලය ඔස්සේ එක් කෙනෙකුට  එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර දුරකතන ඔස්සේ කෙනෙකුට කැමති ගණනක් ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව තිබුනි. මීට ලොවපුරා මිලියන 100ක පමණ ජන්ද ලැබී තිබුනි. ඒවා අතරින් 20ක් අවසාන වටයට තේරීපත් වූ අතර ජයග්‍රාහි සිහිවටන 7 , 2007/07/07 දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී එලිදක්වන ලදි. ඒවා පහත දක්වා ඇත.  


ඉපැරණි ලෝක පුදුම අතරින් අදටද ඉතිරිව තිබෙන එකම සිහිවටනය වූ ගීසා හි පිරමීඩ මෙම තරගය සඳහා යොදා නොගත් අතර එයට ගෞරව ස්තානයක් හිමි විය


නම ස්ථානය,රට පින්තුරය වර්ෂය
1 Taj Mahal
ටජ්මහල්
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරය
ක්‍රි.ව 1632
2 Machu Picchu
මාචු පීචු නගරය
ජේරු
ක්‍රි.ව 1438
3 Great Wall of China
චීන මහා ප්‍රාකාරය
චීනය
ක්‍රි.පූ 700
4 Petra
පෙට්‍රා නගරය
ජෝර්දානය
ක්‍රි.පූ 312
5 Colosseum
කොලෝසියම
ඉතාලියේ රෝම නගරය
ක්‍රි.ව 70
6 Chichen Itza
චිචෙන් ඉට්සා පූජනීය නගරය
මෙක්සිකෝව
ක්‍රි.ව 600
7 Christ the Redeemer
ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව
බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර
ක්‍රි.ව 1931
8 Pyramids of Giza
ගීසා හි පිරමිඩ
ගීසා, ඊජීප්තුව
ක්‍රි.පූ 2589

මීට සම්බන්ධ අනෙකුත් ළිපි මෙතනින් :

ටජ්මහල් Taj Mahal , මාචු පීචු නගරය Machu Picchu , චීන මහා ප්‍රාකාරය Great Wall of China , ගීසා හි පිරමිඩ Pyramids of Giza


11 comments:

  1. වටිනා ලිපියක්

    ReplyDelete
  2. වටිනවා වටිනවා වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක ඉන්න . :)

      Delete
  3. වටිනා ලිපියක්..

    ReplyDelete
  4. ගොඩක් වැදගත් කාරුනූ තියෙනවා

    ReplyDelete
  5. ප්‍රයොජනවන් දේ ගොඩක් තියෙනවා
    සුනෙත් ගම්ලත්

    ReplyDelete