ටජ් මහල් ( Taj Mahal )

නූතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ටජ්මහල්, ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය "ෂා ජෙහාන්" (Shah Jahan) නම් මෝගල් අධිරාජ්‍යා විසින් තම තෙවන වූ දේවිය "මුම්ටාස් මහල්" (Mumtaz Mahal) සිහිවීම පිණිස  ඉදිකරන ලද ආදරයේ සංකේතයකි

1631 දී මෝගල් අධිරාජ්‍යයාගේ තෙවන දේවිය වන "මුම්ටාස් දේවිය" ඔවුන්ගේ 14 වන දරුවගේ උපත සිදුවන අතර තුර මරණයට පත්විය. මේ පිළිබඳව බලවත් කම්පාවට පත් වු අධිරාජ්‍යයා ටජ්මහල කරවු බව වංශ කථා වල සඳහන් වේ. 


කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් ගෙන් සමන්විත 22000 පමණ පිරිසකගෙන්ද අලි ඇතුන් 1000 පමණ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය.


මෙහි ප්‍රධාන සොහොන් ගැබ 1648 දි ඉදිකර නිමකර ඇති අතර පරිවාර
රජුගේ සහ බිසවගේ සොහොන් කොත් 

ගොඩනැඟිලි එයින් වසර පහකට පමන පසු ඉදිකර ඇත. ප්‍රධාන කුටීරයේ "ෂා-ජෙහාන්" රජුගේ හා "මුම්ටාස්" දේවියගේ ව්‍යා සොහොන් කොත් පිහිටයිසත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහලින්ය.


මෙම මන්දිර සංකීර්ණය තුන් දිශාවකින් රතුවැලි ගලින් නිමවු බිත්ති වලින් වටවී ඇති අතර නදිය දෙසට මුහුනලා ඇති දිශාව විවෘතව පවතී. මෙම බිත්ති වලින් පිටත තවත් සොහොන් ගැබ් පිහිටා ඇත. ඒ අතර "ෂා-ජෙහාන්" රජුගේ අනෙක් දේවියන්ගේ හා "මුම්ටාස්" දේවියගේ වැඩකරුගේ සොහොන ප්‍රධාන වේ. මේවා රතු වැලි ගලින් නිම වී ඇති අතර සාපේක්ෂව කුඩා සොහොන් ගැබ් වේ.

ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී "Ustad Ahmad Lahauri" විශේෂ වේ.


මෙය ඉන්දියාවේ ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හදුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකණු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැක.

1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. 

(අන්තර්ජාලය සහ විකිපීඩියා ඇසුරේනි)  

2 comments: