ටෙරාකොටා හමුදාව (Terracotta Army)

පළමු වන චීන අධිරාජයා වූ ක්වීන් ෂී හුවන්ජිගේ (ක්‍රි.පූ 260–210)  සොහොන අවට ප්‍රදේශය පුරා මෙම ටෙරාකොටා හමුදාව මීට වසර 2500 කට පමණ පෙර නිර්මාණය කර තිබුනි. ක්‍රි.පූ 246 දී ඇරඹි මෙම කර්තව්‍යය නිම කිරීමට වසර 38ක් පමන ගත වූ බව සඳහන් වේ. මේ සඳහා ලක්ෂ 7 ක පමණ පිරිසකගේ සහය ලැබුන බව සැලකේ.
චීන මහාප්‍රාකරයේ පළමු අදියර ද ක්වීන් ෂී හුවන්ජී අධිරාජයාගේ සමයේ ඇරඹි බව සඳහන් වේ. ඔහු වයස 13 දී බලයට පත් වූ අතර වසර 50 දී අභාවයත් සමග ක්‍රි.පූ 209-210 අතර කාලයේ මෙම ටෙරකොටා පිළිම ඔහුගේ සොහොන් ගැබෙහි තැන්පත් කරන්නට ඇතැයි සැලකේ.
පලමුවන චීන අධිරාජයා වු ක්වින් ෂී හුවන්ජි
මීට සොල්දාදුවන් 8000 කට වැඩි පිරිසකගේත්, අශ්වයන් 500 කින් සමන්විත යුධ රථ 130 කුත්, 150 ක් පමණ අශ්වාරෝහක හමුදාවකත් පිළිම අයත් වේ. මෙලෙස පිළිම තැනීමේ අරමුණ ලෙස සැලකෙන්නේ මරණින් මතු ද අධිරාජයාට ආරක්ෂාව සැලසීමයි.




සොල්දාදුවන් නිර්මාණය කිරීමේ දී එහි ප්‍රමාණය සොල්දාදුවන්ගේ සිට ජෙනරාල් දක්වා තනතුරුවලට අනුව විශාල වන ලෙස නිර්මාණය කර ඇත. මෙම පිළිම වල උස අඩි 6- 6 1/2 පමණ වේ. විවිධ වර්ණ ගන්වා ඉතා අලංකාර ලෙස මෙවා නිර්මාණය කර තිබූ බවට සාදක හමු වී ඇත.

පිළිම නිර්මාණය කිරීමේදී එවායේ මුහුණු එකිනෙකට වෙනස් වන ලෙස විවිද හැඟීම් පිළිබිඹු වන ලෙස ඉතා තාත්වික ලෙස නිර්මාණය කර තිබේ. මේවාට සැබැම යුධ උපකරණ පලඳා තිබූ බවටද සාධක හමු වී ඇත.


ටෙරාකොටා රණවිරුවන්
වසර දහස් ගනනක් පසෙන් වැසී තිබූ මෙම පිළිම සහිත ප්‍රදේශය අහම්බෙන් මෙන් සොයා ගැනුනෙ 1974 දී චීන ගොවියෙකු ලිඳක් හැරීමේදී නටඹුන් මතුවීමත් සමගය.


6 comments:

  1. ඉස්සර ලොක්කොත් දැන් ලොක්කෝ වගේමයි මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එකේ වෙනසක් නැ වගේ තමයි. :-)

      Delete
  2. චිත්‍රපටිවල දැකලා තිබ්බට ඇත්ත සීන් එක දන්නෙ දැන්නෙ............ ස්තූතියි......!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි . තවත් මේවගේ ගොඩක් දේවල් ලියන්න හිතන් ඉන්නවා. දිගටම එන්න.

      Delete
  3. Wow adai me gana dana gaththe, Thanks a lot, It's just changing only the time and technology, not people, we have the same people just like them who are doing same thing in present :)

    ReplyDelete
    Replies
    1. Yes that's true. Different people,same old stuff. :) Thank a lot for commening.

      Delete