ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

රෂ්මෝර් කන්දේ පිළිම ( Mount Rushmore )

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩකෝටාවේ කීස්ටෝන් ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති විශාල ගල් පර්වතයක් මත නෙලන ලද ප්‍රතිමා 4 කි. එකක උස අඩි 60 ක් පමණ වේ. මෙහි නිරූපණය වන්නේ ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරුන් 4 ක් වන George Washington (1732–1799), Thomas Jefferson (1743–1826), Theodore Roosevelt (1858–1919), සහ Abraham Lincoln (1809–1865). අයයි. මෙහි නිර්මාපකයන් වන්නේ Gutzon Borglum සහ ඔහුගේ පුත් Lincoln Borglum ය.