ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ලොව උසම කඳු 10 - ( Highest Mountains )

1. එවරස්ට් කන්ද ( Mount Everest )

උස - මීටර් 8848 / අඩි 29029
ප්‍රදේශය - නේපාල සහ ටිබෙට් දේශ සීමාව

කඳු පන්තිය - හිමාලය   


2. K2- ගුඩ්වින් ඔස්ටන් ( Mount Godwin Austen)

උස - මීටර් 8611 / අඩි 28251
ප්‍රදේශය - පකිස්ථාන සහ චීන දේශ සීමාව 

කඳු පන්තිය - කරකොරම්    

3. කැනචේන්ජුන්ගා ( Mount Kangchenjunga)

උස - මීටර් 8586 / අඩි 28169
ප්‍රදේශය - නේපාල සහ ඉන්දීය දේශ සීමාව 

කඳු පන්තිය - හිමාලය   


4. ලුට්සී කන්ද ( Mount Lhotse)

උස - මීටර් 8516 / අඩි 27940
ප්‍රදේශය -
නේපාල සහ ටිබෙට් දේශ සීමාව
කඳු පන්තිය - හිමාලය   



5. මකලු කන්ද ( Mount Makalu)

උස - මීටර් 8485 / අඩි 27838
ප්‍රදේශය -
නේපාල සහ ටිබෙට් දේශ සීමාව
කඳු පන්තිය - හිමාලය   


6. චෝ ඔයූ කන්ද ( Mount Cho Oyu)

උස - මීටර් 8188 / අඩි 26864
ප්‍රදේශය -
නේපාල සහ ටිබෙට් දේශ සීමාව
කඳු පන්තිය - හිමාලය   


7. ඩව්ලජිරී කන්ද ( Mount Dhaulagiri)

උස - මීටර් 8167 / අඩි 26795
ප්‍රදේශය -
නේපාල 
කඳු පන්තිය - හිමාලය   


8. මනස්ලු කන්ද ( Mount Manaslu )

උස - මීටර් 8163 / අඩි 26781
ප්‍රදේශය -
නේපාල 
කඳු පන්තිය - හිමාලය   

9. නැන්ග පාබට් ( Mount Nanga Parbat )

උස - මීටර් 8126 / අඩි 26660
ප්‍රදේශය -
පකිස්ථානය  
කඳු පන්තිය - හිමාලය   


10. ඇනාපුර්නා කන්ද ( Mount Annapurna)

උස - මීටර් 8091 / අඩි 26545
ප්‍රදේශය -
නේපාල 
කඳු පන්තිය - හිමාලය  







දෙව් ලොව සටන ( Titanomachy )

(ග්‍රීක සාහිත්‍ය කථා - 3) 

තම පියා වූ යුරේනස් (Uranus) බලයෙන් පහකර දෙව්ලොව පාලනයට පත් වූ ක්රෝනස් (Cronus) තම සහෝදරිය වූ  රියා (Rhea) සමග විවාහ වූ අතර ඔවුනට දාව  Hera, Demeter, Hestia, Poseidon, Hades සහ Zeus ලෙස දරුවන් හයක්ද උපත ලැබීය. "ඔලිපිම්පියන්" දෙවිවරු (Olympians) ලෙස මොවුන් හදුන්වයි.


කෙසේ වුවද ක්රෝනස් (Cronus) තමා  තම පියා බලයෙන් පහ කර සේම තම දරුවෙකුගෙන්ද තමාට එම ඉරණම ඇත වේ යි බිය විය.ඒ නිසා ඔහු තමාගේ දරුවන්ද උපත ලද විගස ගිල දැමීම සිදු කෙරිණි.මෙයට බිරිද වූ රියා (Rhea) බලවත් කම්පාවට පත් වූ අතර තම බාලම  දරුවා වූ සීයුස් (Zeus) මෙයින් ගලවා ගැනීමේ අරමුණින් තම ස්වාමියා වූ ක්රෝනස් (Cronus ) හට Zeus වෙනුවට විශාල පාෂාණයක්  ගිල දැමීමට සලස්වන ලදී.

ඉන් අනතුරුව රියා (Rhea) කුඩා සීයස්ව ( Zeus ) ආරක්ෂාව සදහා ක්‍රීට් දූපතට පිටත් කර යැවුනි. එහිදී Amaltheia නම් එළු දෙනක් කුඩා zeus  රැකබලා ගත් අතර, පරවියන් දිව්‍යමය ආහාරද (Ambrosia) උකුස්සන් පානය කිරීමට දිව්‍යමය පානයක් වන  Nectar ද ගෙන එන ලදී,

වැඩිවියට පත් වූ සීයුස් තම අනන්‍යතාවය සඟවාගෙන තම පියා  වූ ක්රෝනස්ගේ මත් පැන් බෙදන්න බවට පත් විය.එහිදී මෙටිස් (Metis) නමැති ටයිටන් දෙවුදුගේ (ඇය පසුව සීයුස්ගේ පළමු බිරිද බවට පත් විය.) උදව් ඇතිව වයීන්  සහ අබ මිශ්‍රණයක් ක්රෝනස්ට පානය කිරීමට සලසවන ලදී. එමගින් ඇතිවූ වමනයත් සමග ඔහු විසින් ගිල දමන ලද දරුවන් 5 දෙනාම ඉවතට පැමිණෙන ලදී.

තම සහෝදර සහෝදරියන්ද එකතු කරගත් Zeus තම පියා ඇතුළු ටයිටන්වරුන්ට එරෙහිව සටන ඇරඹීය. මෙතෙක් කලක් Tatarus හි සිරකර සිටි Hecatonchires සහ  Cyclopes වරුන්ද, Zeus මුදවා ගත් අතර ,ඔවුන්ගේ සහයද Zeus  ඇතුළු ඔලිම්පියන්වරුන් හට ලැබුණි. 

Hecatonchires විශාල කදු කඩා වේගයෙන් ටයිටන්වරුනට දමා ගැසූ අතර Cyclopes, Zeus ගේ ප්‍රබල අවිය වූ  අකුණු සැරය (Thunderbolts) සාදා  දෙන ලදී. Giants ටයිටන්වරුන්ගේ සහයට සටන් කල අතර, ටයිටන්වරු අතරින් Themis සහ  Prometheus යන දෙදෙනා පමණක් ඔලිම්පියන්වරුන්ට සහයට සටන් කලෝය.

දස වසරක් පුරාවට සටන් පැවති අතර අවසානයේ Zeus ඇතුළු ඔලිම්පියන්වරුන්ට ජය අත්වුණි. Cronus ඇතුළු ටයිටන්වරු Tatarus හි සිරගත කෙරිණි. එහි මුරට බිහිසුණු Hecatonchires යොදවන ලදී. ඉන් පසු Zeus  ඇතුළු ඔලිම්පියන්වරු විශ්වයේ පාලනයට පත් විය.

ලොව නිපැයුම් ( Inventions ) - 01

1. පාපැදිය ( Bicycle ) 

1839 - ස්කොට්ලන්ත ජාතික කම්මල්කරුවකු වූ Kirkpatrick MacMillan, විසින් පළමු පාපැදිය නිපද වූ බව සැලකේ. 1860 දී පමණ ප්‍රංශ ජාතිකයන් වූ Pierre Michaux සහ Pierre Lallement විසින් වැඩි දියුණු කල පාපැදිය හදුන්වා දෙනු ලැබිය

ටෙරාකොටා හමුදාව (Terracotta Army)

පළමු වන චීන අධිරාජයා වූ ක්වීන් ෂී හුවන්ජිගේ (ක්‍රි.පූ 260–210)  සොහොන අවට ප්‍රදේශය පුරා මෙම ටෙරාකොටා හමුදාව මීට වසර 2500 කට පමණ පෙර නිර්මාණය කර තිබුනි. ක්‍රි.පූ 246 දී ඇරඹි මෙම කර්තව්‍යය නිම කිරීමට වසර 38ක් පමන ගත වූ බව සඳහන් වේ. මේ සඳහා ලක්ෂ 7 ක පමණ පිරිසකගේ සහය ලැබුන බව සැලකේ.

එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus)

( ලොව ඉපැරණි ලෝක පුදුම 7 - 5 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙම දේවස්ථානය පුරාණ ග්‍රීක දෙවඟනක වූ ආටිමස් දෙවඟන වෙනුවන් ක්‍රි.පූ 800 දී පමණ ඉදිකරණ ලද්දකි. වර්තමාන තුර්කියේ සෙල්තුක් ආසන්නයේ එපිසස් හි මෙය පිහිටා තිබී ඇත. ඩයනා දේවස්තානය නමින් ද හැඳින්වී ඇති මෙහි වර්තමානයේ කිසිවක් දක්නට නොලැබේ.

ආර්ටිමස් යනු ග්‍රික දෙවියෙන් වූ සියුස් සහ ලෙටෝ ගේ දියණිය මෙන්ම ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට සහ දඩයමට අධිපති දෙවියන් ලෙස සැලකේ.