රෂ්මෝර් කන්දේ පිළිම ( Mount Rushmore )

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩකෝටාවේ කීස්ටෝන් ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති විශාල ගල් පර්වතයක් මත නෙලන ලද ප්‍රතිමා 4 කි. එකක උස අඩි 60 ක් පමණ වේ. මෙහි නිරූපණය වන්නේ ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරුන් 4 ක් වන George Washington (1732–1799), Thomas Jefferson (1743–1826), Theodore Roosevelt (1858–1919), සහ Abraham Lincoln (1809–1865). අයයි. මෙහි නිර්මාපකයන් වන්නේ Gutzon Borglum සහ ඔහුගේ පුත් Lincoln Borglum ය.

පිලිම සෑදීමේ මූලිකම අදහස ලබා දී තිබෙන්නේ Doane Robinson  නම් ඉතිහාසඥයා විසිනි.එනම් ඇමරිකා ඉතිහසයේ 150 වන සැමරුම වෙනුවෙනි. මෙය 1927 ඇරඹි අතර අවසන් කිරීමට වර්ශ 14 ක් (1941) පමණ ගත විය.

කන්දේ මුහුණු මතු කර ඇත්තේ George Washington,Thomas Jefferson ,Abraham Lincoln  සහ Theodore Roosevelt යන අනුපිලිවෙලටය. කෙසේ නමුදු අවසාන පිලිමය නෙලීම අවසාන වීමට ප්‍රථමයෙන් එහි නියමුවා වූ Gutzon හදිසියේ මිය ගිය නිසාවෙන් ඉතිරි කටයුතු නිම කෙරුනේ ඔහුගේ පුත් Lincoln විසිනි. ඔහුට මේ කටයුත්ත නිමකිරීමට තවත් 400 කගේ පමණ සහය හිමිවී තිබුනි.

Lincoln ජනාධිපතිතුමාගේ හිසට පිටුපසට වන්නට ගල් ගුහාවක්ද මෙහි ඉදිකර තිබෙනවා. Hall of Records ලෙස හඳුන්වන මෙය අඩි 20 ක් උස වන අතර අඩි 12 ක් පළල වනවා. මෙය තුල ඇමරිකාවට වැදගත් වන ලේඛන 16ක් තැන්පත් කර තිබෙනවා. ඒවා අතර ඇමරිකාවේ ව්‍යවස්ථාව, නිදහස් ප්‍රකාශය,එරට ඉතිහාසය, මෙම පිළිම නෙලීමට හේතු සහ ඒවා ඉදිකල ආකාරය මෙන්ම එම ජනාධිපතිවරු පිළිබඳ තොරතුරුද ඇතුලත් වනවා. 

0 comments:

Post a Comment