ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )

   1. Burj Khalifa

   රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
   නගරය - ඩුබායි
   උස - මිටර 828  / අඩි 2,717

   තට්ටු ගණන - 163
   නිම කල වසර - 2010




   2. Shanghai Tower

   රට - චීනය
   නගරය - ෂැන්හයි
   උස -
මිටර 632  / අඩි 2,073  
   තට්ටු ගණන - 123   
   නිම කල වසර - 2015



 3. Abraj Al-Bait Clock Tower

 රට - සවුදි අරාබිය 
 නගරය - මක්කම් 
 
උස - මිටර 601  / අඩි 1,971
 තට්ටු ගණන - 120
 නිම කල වසර - 2012




   4. Ping An Finance Centre

  රට - චීනය
  නගරය - ෂෙන්ෂෙන් 
 
උස - මිටර 599  / අඩි 1,965 
  තට්ටු ගණන - 115
  නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)




 5. Goldin Finance 117

 රට - චීනය
 නගරය - ටියාන්ජින්  
 
උස - මිටර 596.5   / අඩි 1,957 
 තට්ටු ගණන - 117
 නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)




   6. One World Trade Center

   රට - ඇමරිකා එක්සත් ජනපදය 
   නගරය - නිව්යෝක්
   උස -
මිටර 541.3  / අඩි 1,776
   තට්ටු ගණන - 104
   නිම කල වසර - 2014




   7. CTF Finance Centre

   රට - චීනය
   නගරය - ගුවන්ශෝ
   උස -
මිටර 530  / අඩි 1,740  
   තට්ටු ගණන - 111
   නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)




 8. Taipei 101

 රට - තායිවානය 
 නගරය - තායිපේ
 උස -
මිටර 509 / අඩි 1,670  
 තට්ටු ගණන - 101
 නිම කල වසර - 2004




    9. Shanghai World Financial Center

    රට - චීනය
    නගරය - ෂැන්හයි
    උස -
මිටර 492  / අඩි 1,614  
    තට්ටු ගණන - 101  
    නිම කල වසර - 2008



10. International Commerce Centre

රට - හොංකොං
නගරය - හොංකොං
උස -
මිටර 484  / අඩි 1,588 
තට්ටු ගණන - 118
නිම කල වසර - 2010



( විකිපීඩියා ඇසුරෙනි )





ටුටන්කාමන් සොහොන - 2 කොටස (Tutankhamun)

පෙර ලිපියේ සඳහන් කර තිබු පරිදි ටුටන්කමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1922 දී Howard Carter ඇතුළු පිරිසටයි.

ටුටන්කාමන් සොහොන් ගැබ ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් සමන්විතවේ. එනම් Antechamber, Annex, Burial Chamber සහ Treasury Room ලෙස කාමර 4කින් ද ඇතුළු වීමේ කුටීරය ද ( Passage ) ලෙසය. මෙතෙක් හමුවූ පාරෝ සොහොන් ගැබ් අතරින්, එහි වස්තුව සොරුන් විසින් කොල්ල නොකන ලද සොහොන් පවතින්නේ දෙකක් පමණි. එකක් මෙම ටුටන්කාමන් සොහොන් ගැබ වන අතර අනෙක Psusennes I නම් පාරෝවරයාගේ සොහොන් ගැබයි.

  


විශාල කර බලන්න
Antechamber
පළමුව හමුවන කුටීරය මෙය වන අතර අනෙකුත් සියලු කුටීර මෙයට සම්බන්ධව පවතී. රජු එදිනෙදා භාවිතයට ගත් උපකරණ 700 කට අධික ප්‍රමාණයක්  මෙහි තැන්පත් කර ඇත. ඒවා අතර කවිච්චි, පෙට්ටගම්,කූඩ, විශාල ප්‍රතිමා, ඇදන් සහ කුඩා මේස ආදිය අයත් වේ. මේවා අතරින් වෙන
වෙනම  හිපපොටේමස් , සිංහ සහ ගව හිස් නිරුපනය වන ලෙස ලීයෙන් තනවා රත්‍රන් ආලේපිත කර තනවා තිබෙන කවිච්චි 3 න විශේෂ වේ. එක පසක රජු ගමන් බිමන් වලට යොදාගත් රථ ද අනෙක් පස මුහුණට මුහුණලා තබා ඇති රජුගේ ප්‍රතිමා දෙකක්ද ඇත.  


Annex Room
කුඩාම කුටීරය වන අතර විශාල ප්‍රමාණයක් භාණ්ඩ අපිළිවෙලට එකපිට ගොඩ ගසා තිබුණි.හමු වූ භාණ්ඩ අතර විවිධ තෙල් වර්ග, කෑම , වයින්,මැටි භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ සහ කුඩ වේ.     


Burial Chamber
රජුගේ මමිය තැන්පත් කර තිබු කුටීරය මෙයයි. අනෙක් සියලු කුටීර වලට වඩා අලංකාර ලෙස සකස් කර ඇත. බිත්ති සතරම සම්ප්‍රධායික ලෙස චිත්‍රවලින් අලංකාර කර ඇත. එක තුල අනෙක ලෙස රත්‍රන් මිනිපෙට්ට් වැනි තුනක් ඇතුලත් පාෂාණ මිනීපෙට්ටියක් තුල රජුගේ මමිය තැන්පත් කර තිබුණි. 



Treasury Roomමෙතුල විවිධ පුජාසන,පෙට්ටගම්,බෝට්ටු මෙන්ම රජුගේ මියගිය දරුවන් දෙදෙනාගේ ලෙස සැලකෙන මමී දෙකක් ද තැන්පත් කර ඇත. හිවල් මුහුණක් ඇති පුරාණ ඊජිප්තු දෙව්දුවක් වූ Anubis ගේ පිළිරුවක් ඇති පුජාසනයක් දොරටුවට මුහුණ ලා  ඇත. රජුගේ කුඩා ප්‍රමාණයේ පිලිප 34 ක් ද, බෝට්ටු 14 ක් ඇතුළු තවත් උපකරණ රාශියක් මෙතුල තිබී සොයාගෙන ඇත.



ටුටන්කමන් සොහොන් ගැබ තුල තිබි හමුවූ පෞරාණික භාණ්ඩ ගණන 5000 කට අධික යයි ගණන් බලා ඇත. මෙම බොහෝ භාණ්ඩ ඊජිප්තුවෙ කයිරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මේවා අතරින් ටුටන්කාමන්ගේ රත්‍රන් වෙස් මුහුණ මෙතෙක් ලොව වැඩිම පිරිසක් බලන ලද කෞතුක වස්තුවක් ලෙස සැලකේ .

රත්රන් වෙස් මුහුණ

 පළමු ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/1-tutankhamun.html

 Reference : http://www.kingtutone.com/

ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)

පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ ටුටන්කාමන් (Tutankhamun)  යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද වන්නේ ටුටන්කාමන්ගේ වීමයි. ඊට අමතරව ටුටන්කාමන්ගේ සාපය (Curse of the pharaohs) ආදී ලෙස ඔහු වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද මිට හේතු විය.  

1922 දී , පුරවිද්යඥයෙකු වූ  Howard Carter ඇතුළු පිරිස මෙම සොහොන් ගැබ සොයාගැනීමත් සමග වසර 3000 කට අධික කාලයක් ලොවෙන් වසන්ව තිබු ටුටන්කාමන් පිලිබඳ ලොවට හෙළිවිය,
  
ටුටන්කාමන් (Tutankhamun)  පුරාණ ඊජීප්තු වේ 18 වන රාජ වංශයට අයත් 11 වන පාලකයා නොහොත් පාරෝවරයායි.  "King Tut" යන නාමයෙන්ද හැදින්වෙන ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ (1332–1323) දක්වා වසර 9 ක වැනි ඉතා සීමිත කාලයකට සිමා වුවද  වර්තමානයේ දී ද ඊජිප්තු පාරෝවරුන්ගෙන් වැඩිම අවධානයට ලක් වීමට සමත් වී ඇත. 

1922 දී Howard Carter මමිය පරික්ෂා කිරීම

තම පියා වූ  Akhenaten ගෙන් පසු වයස අවුරුදු 9-10 ක් තරම් ලාබාල වයසේ දී පාලනයට පත් වූ මොහු අවුරුදු 19 ක් පමණ තරුණ වයසක දී ජිවිතක්ෂයට පත් විය  

ටුටන්කාමන් රජකමට පත්විමෙන් පසු තමාගේ අර්ධ - සහෝදරියක වූ Ankhesenpaaten (පසුව නම Ankhesenamun ලෙස වෙනස් කර ගන්නා ලදි.) විවාහ කර ගන්නා ලදි. ඔවුනට දාව දරුවන් නොසිටි අතර දෙදෙනෙකුම කුස තුල දීම නැති වූ බව සඳහන් වේ.

ටුටන්කාමන් ඉතාම අඩු වයසකින් රජකමට පත් වීම නිසා බොහෝ රාජතාන්ත්‍රික තීරණ Vizier නම් තනතුර දැරූ Ay නැමැති ඉහල නිලධාරියාත්, ඔහුගේ සහයට හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ Horemheb නැමැත්තාත් විසින් ගනු ලැබුවායයි සඳහන් වේ.

සිය තෙවන පාලන කාලය තුලදී ටුටන්කාමන් , සිය පියා විසින් ගෙන තිබූ එහෙත් බලවත් ජන-අප්‍රසාදයට හා කෝපයට ලක්ව තිබූ තීරණ කිහිපයක්ම වෙනස් කරන ලදි. ඔහු Aten නැමැති දෙවියන් ඇදහීම අත්හිටවූ අතර ඒ වෙනුවට පෙර තිබූ පරිදි Amun නම් දෙවියන් ඇදහීම ස්ථාපිත කර ඊට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.මෙතෙක් කාලයක් ප්‍රධාන අගනගරය වූ Akhetaten අතහැරදමා එය පෙර තිබූ ලෙස Thebes වෙත ගෙන යන ලදි. මේ සියලු කාරණා සන්කෙතවත් කිරීම පිණිස ඔහු සිය නම Tutankhamun ("Living image of Amun") ලෙස වෙනස් කර ගන්නා ලදි.


සොහොන් ගැබෙන් හමුවූ ටුටන්කාමන් ලි පිළිරුව
ටුටන්කාමන්ගේ මමිය පිලිබඳ පර්යේෂණය කිරීමෙන් ඔහුගේ දේහ ලක්ෂණ පිලිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. ඔහු උස සෙ.මී 180 (අඩි 5 අඟල් 11) පමණ උසකින් යුක්ත එතරම් ශක්තිමත් ශරීර සෞඛ්‍යකින් යුක්ත නොවූ කෙනෙකු ලෙස සැලකේ. ඔහුගේ පාදයක අස්ථිවල තිබූ අබාධයක් හේතුවෙන් හැරමිටියක ආධාරයෙන් ඇවිදීම කලබව සොයාගෙන ඇත. එමෙන්ම ඔහු කීපවරක්ම මැලේරියා වෙරසයටද ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත.

කෙසේ නමුදු ඔහු වයස 19 ක් පමණ තරුණ කාලයකදී මිය යාමට හේතු හරි හැටි අනාවරණය කර ගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැත. බොහෝ විට නිරන්තර රෝගාබාධ වලට ගොදුරු වී ශරීර සෞඛ්‍යය දුර්වල වීම, මියයාමට ආසන්නතම හේතුව ලෙස සැලකේ.තවද තරුණ රජු කිසියම් ආකාරයට ඝාතනය වූවාද යන සැකයක්ද පවතී.

තරුණ රජුගේ අකල් මරණයත් සමග අසරණ වූ  Ankhesenamun රැජිණ අසල් වැසි Hittites  රාජ්‍යයයේ රජු වෙත තමන් ඔහුගේ එක් පුත්‍රයෙකුට විවාහ කර දෙන මෙන් ඉල්ලා පණිවුඩයක් යැවූ බව සඳහන් වේ. කෙසේ වෙතත් එම කුමරු අතර මගදී ඝාතනයට අතර අවසානයේ
රැජිණ Ay සමග විවාහ වූ බව සඳහන් වේ. 



ටුටන්කාමන් රජුගේ මරණයත් සමග ඔහු, රජුන්ගේ නිම්නයේ (Valley of the Kings) තැනූ සොහොන් ගැබක් තුල තැන්පත් කරන ලදි. රජුගේ තත්වයත් සමග සැසඳීමෙදී එම තැන්පත් කල සොහොන් ගැබ කුඩා මෙන්ම නොගැලපෙන එකක් ලෙස පර්යේෂකයන්ගේ මතය වී ඇත. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජුගේ හදිසි මරණයත් සමග වෙන කෙනෙකු වෙනුවෙන් ඉදි කර තිබූ සොහොන් ගැබක රජු තැන්පත් කල බවයි. චාරිත්‍රානුකූල ව දින 70 ක මමීකරණ ක්‍රියාවෙන් පසුව රජුගේ දේහය අනෙකුත් ආම්පන්න සමග සොහොන් ගැබතුල තැන්පත් කර වසා දමන ලදි. 


දෙවන ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/2-tutankhamun.html

(විකිපීඩියා ඇසුරෙනි) 
 

බ්‍රසීලයේ ක්‍රිස්තූස් වහන්සේගේ ප්‍රතිමාව (Christ The Redeemer)

(නූතන ලෝක පුදුම හත - 6 කොටස)

නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන, ජේසු තුමන්ගේ කළා ප්‍රතිරුවක් වන Christ the Redeemer පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ  නගරයේය. මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන Paul Landowski  සහ තනවන ලද්දේ බ්‍රසීල ජාතික ඉන්ජිනේරුවකු වන Heitor da Silva Costa ගේ සහ ප්‍රංශ ඉන්ජිනේරුකු වන Albert Caquot ගේ සහයෝගයෙනි. පිළිරුවෙහි මුහුණ නිර්මාණය කරන ලද්දේ රුමනියානු කලාකරුවකු වන Gheorghe Leonida විසිනි.

මෙවැනි අති විශාල කතෝලික සිහිවටන ස්මාරකයක් තැනවීමට මුලින්ම යෝජනාව ගෙන එනු ලැබුවේ 1850 දී කතෝලික පූජකයෙකු වූ Pedro Maria Boss විසිනි.නමුත් ඉසබෙල් රැජිණ  මෙම අදහසෙහි කැමැත්තක් නොවුණු නිසා මූල්‍යමය කටයුතු සඳහා කල ඉල්ලීම ඉටු නොවුනි. 

1920 මුල් බාගයේදී රියෝ ද ජනයිරෝ හී Catholic Circle නම් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල පෙත්සමක්  සාර්ථක වූ අතර 1922 දී මෙය ඉදිකිරීම ආරම්භ විය. මෙහි වැඩ වසර 9ක් පුරා සිදුකර 1931 දී නිම කෙරුණි .
ඇතට පෙනෙන අයුරු
මෙම ප්‍රතිමාව සඳහා විවිධ සැලස්මන් තෝරාගන්නා ලද අතර ඉන් එකක් වුයේ ක්‍රිස්තියානු කුරුසයයි.අනික වුයේ ජේසුස්  ලෝක ගෝලය අතට ගෙන සිටින පිළිරුවයි.නමුත්  අවසානයේදී පිළිරුව සඳහා තෝරාගන්නා තේමාව වුයේ ජේසුස් වහන්සේ සියල්ලන්ටම ආදරය කරන බව හා ඔහු වෙත පැමිණෙන සියල්ලන්වම වැළඳ ගන්නා බව විදහා දැක්වෙන පිළිරුවයි.

පාදස්තලහි උස නොමැතිව  ප්‍රතිමාව අඩි 98ක් හා පළල මීටර් 30ක් වන අතර එහි පාදස්තලයේ උස අඩි 26ක් හා පළල මීටර් 8ක් වේ. එහි අතක වට ප්‍රමාණය මීටර් 28ක් හා අඩි 92ක් දිග වේ.


සමීප රුපයක්
ප්‍රතිමාව මෙට්‍රික් ටොන් 635 ක් අතර බර වන අතර පිහිටියේ රියෝ  නගරය ඉහලින්  පෙනෙන ආකාරයට Tijuca ජාතික උද්‍යානයේ Corcovado කඳු වලයි. මුළු ලෝකයේම ක්‍රිස්තියානු සංකේතයක් වන මෙම ප්‍රතිමාව  බ්‍රසීලයේ රියෝ  ජැනයිරෝ හී සංස්කෘතික සුරුවමක් ලෙස සැලකේ.  

මෙම ප්‍රතිමාව නිමවා ඇත්තේ මේද්‍යෝපාෂාණ  (soapstone) හා කොන්ක්‍රීට් වලිනි.අවශ්‍ය පාෂාණ ස්වීඩනයෙන් ගෙන්වා ඇති අතර කොටස් වශයෙන් නිමවා කඳු මුදුනේ දී එකලස් කර ඇත. 

2008 වසරේ සිදුවූ තදබල අකුණු ප්‍රහාරයකින් ප්‍රතිමාවට භානි සිදුවිය. නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණ අතර ක්‍රමවත් අකුණු සන්නායක පද්ධතියක් ද සවි කරන ලදි. 2010 දී පුද්ගලයෙකු ප්‍රතිමාවට තීන්ත ඉස භානි කල අතර පසුව ඔහු අත්අඩංගුවට ගන්න ලදී.

බ්‍රසීලයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව 2007 ජුලි 7 දින ලෝකයේ නුතන පුදුම හතෙන් එකක් ලෙසට නම් කරන ලදී.  

( විකිපීඩියා ඇසුරිනි ) 

බුධ ග්‍රහයා ( Mercury )

මෙහි සඳක් නොමැත.
ස්කන්ධය - පෘතුවියෙන් 5.5% කි.
විෂ්කම්භය - සැතපුම් 3031 කි.
පෘතුවියේ දින 60 ක් බුධ ග්‍රහයාගේ එක දිනයකි. එනම් එය තම අක්ෂය වටා කර කැවීමට දින 58 පැය 15 ක පමණ කාලයක් ගනී 
 බුධ ග්‍රහයා, සුර්යා වටා  ගමන් කිරීමට දින 87.97 (වසර 0.2) ක පමණ කාලයක් ගනී 

උෂ්ණත්වය - ෆැරන්හයිට් අංශක -300 සිට + 800 වේ. සූර්යයාගේ සිට දුර සැතපුම් මිලියන 36ක් වන අතර සූර්යයාට ලඟම ග්‍රහයා බුධ ග්‍රහයායි.

දැනට වර්ගීකරණය කර ඇති ආකාරයට Pluto ග්‍රහලෝකයක් නොවන නිසා බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වේ. බුධ ග්‍රහයාගේ මතුපිට පාෂාණ සහිත වන අතර එහි මධ්‍යයේ යකඩ ඇති බව සැලකේ. විශාල ග්‍රහයන් වන පෘතුවිය හා අඟහරු සමග සැසදීමේදී බුධ ග්‍රහයාගේ පිහිටි යකඩ ප්‍රමාණය ඉතා වැඩි බව සොයාගෙන ඇත.ඉතා කුඩා බුධ ග්‍රහයාගේ ප්‍රමාණයෙන් වැඩි පරාසයක්ම  යකඩ වලින් යුක්ත වේ.

ප්‍රමාණ සන්සන්ධනය

බුධ ග්‍රහයා නිසරු ග්‍රහයෙක් වන අතර එය ආවාට සහ ග්‍රහාංශ කොටස් වලින් වටවී ඇත.මෙය පෘතුවියේ සඳට ඉතා සමාන වේ.

බුධ ග්‍රහයාගේ එක අවුරුද්දක් ඉතා කෙටි වන අතර දිනයක් ඉතා දිගු වේ.හුස්ම ගැනීමට සුදුසු වායුවක් එහි නොමැත.උෂ්ණත්වයද දිනෙන් දින නපුරු ලෙස වෙනස් වේ.නමුත් මෙම ග්‍රහයාගේ මතුපිට නම් පෘතුවියේ ආකාරයටම ගල් සහිත වේ.

බුධ සහ පෘතුවිය සුර්යා වටා ගමන් කිරීම

ක්‍රිස්තු වර්ෂ 3000 දී පමණ Sumerian හා Babylonian ශිෂ්ටාචාර වලදී බුධ ග්‍රහයා සොයා ගනු ලැබිණි.වර්ෂ 1600 දී  Galileo විසින් මුලින්ම දුරදක්නය භාවිතා කොට බුධ ග්‍රහයා ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.
සූර්යයාට ඉතාම කිට්ටුවෙන්ම ඇති නිසා මෙම ග්‍රහයා ගවේෂණය කිරීමට ඉතා අසීරු වී ඇත.නමුත් මේ වනවිට අභ්‍යාවකාශ සොයා බැලීම් යානා දෙකක් බුධ ග්‍රහයා වෙත යවා ඇත.එහි පළමුවැන්න Mariner 10 ලෙස 1975 දී යැවුණු අතර ග්‍රහයාගේ සමීප ඡයාරූප ලබාගැනීමට හා එහි චුම්බක කලාපයක් ඇති බවට සාක්ෂි ලබාගෙන එන්නට එයට හැකිවිය. දෙවැනි යානය Messenger නම් වූ අතර 2008-2009 දී එය බුධ ග්‍රහයාට ලගා වන ලදී.

බුධ ග්‍රහයා ගැන සිත් අද ගන්නා කරුණු කීපයක්:

1. බුධ ග්‍රහයාට Caloris Basin නම් වූ විශාල ආවාටයක් ඇත.

2. මෙම ග්‍රහයාගෙන් රත්තරන් නිපදවිය හැකි බව රසවිද්‍යාඥයන්ගේ මතයක් ද විය.

3. Mercury නම් වූ රෝමානු දෙවියෙකු නිසා මෙම ග්‍රහලෝකයට එම නම ලැබුණු බව සැලකේ.ඔහු දෙවියන්ගේ පණිවිඩකරු වූ අතර සංචාරකයන්ගේ හා වෙළෙන්දන්ගේ ද දෙවියා ලෙස එකල විශ්වාස කරන ලදී.

4. අනෙකුත් සියලුම ග්‍රහයන්ට වඩා වේගයෙන් බුධ ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය  වේ.

5. අතීතයේ තාරක විද්‍යාඥයින් මෙම ග්‍රහයා ග්‍රහලෝක දෙකක් ලෙස දුටු අතර හිරු නැගෙනා විට එය දුටුවහොත් Apollo ලෙසද හිරු බැසීමෙන් පසු දුටුවහොත් Hermes ලෙසද නම් කරන ලදී.

6. අනෙකුත් සියලු ග්‍රහලෝක වලට වඩා වෙනස් වූ ඒකාකාර නොවූ කක්ෂයක් වටා මෙම බුධ ග්‍රහයා ගමන් කරයි.

Reference : http://www.ducksters.com