ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries )

1. රුසියාව (Russia) - ව.කි.මි 17,098,242




2. කැනඩාව (Canada) -  ව.කි.මි 9,984,670





3. ඇමරිකා එක්සත් ජනපදය (USA)-  ව.කි.මි 9,826,675






4. චීනය (China) - ව.කි.මි 9,596,960





5. බ්‍රසීලය (Brazil) -  ව.කි.මි 8,514,877





6. ඔස්ට්‍රේලියාව (Australia) -  ව.කි.මි 7,741,220




7. ඉන්දියාව (India) - ව.කි.මි 3,287,263




8. ආර්ජන්ටිනාව (Argentina) -  ව.කි.මි 2,780,400




9. කසකස්ථානය (Kazakhstan) - ව.කිමි 2,724,900





10. ඇල්ජිරියාව (Algeria) - ව.කිමි 2,381,741








සිංහ තරු රටාව ( Leo Constellation)

  • රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. 
  • මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. 
  • ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. 
  • මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. 
  • දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. 
  • දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. 
  • Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. 
  • රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000 කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. 
  • මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.

ග්‍රීක පුරාවෘත්තය 



අනෙකුත් බොහෝ තරු රටා සේම සිංහ තාරකා රටාවද පැවත එන්නේ ග්‍රීක ප්‍රබන්ධ වල වීරයා සහ Zeus ගේ පුතණුවන්  වන Hercules ගේ වික්‍රමයන්ගෙනි. තම කුඩම්මාගේ නොමග යැවීම නිසා උන්මාද ස්වාභාවයට පත්වුණු මොහු තම ලෙයින් උපන් පිරිමි දරුවන් සය දෙනාම ඝාතනය කරන ලදී.පසුව තමන්ගේ තාවකාලික උන්මන්තක බවින් සිදුවූ අපරාධයන්  මහත් කලකිරීමට පත් විය.

කෙසේ හෝ පසුව මොහු  Eurystheus රජුගේ ඉල්ලීම පරිදි ඔහු වෙනුවෙන් රාජකාරි 12ක්  ඉටු කිරීමට පොරොන්දු විය . මුල්ම රාජකාරිය වුයේ Nemea නම් වූ නගරයට බිහිසුණු ක්‍රියා සිදු කල සිංහයෙකු  මරා දැමීමයි. 

මෙම සිංහයාගේ ලෝම රන්වන් වූ අතර ඊතල, කඩු වලට පසාරු කිරීම නොහැකි විය.මෙය නොදත් Hercules සතුව තිබුනේ සිංහයා පසාරු කරගෙන යාමට තරම් සවිමත් නොවන ඊතල ඇති දුන්නක් සහ කඩුවකි. ඔහු මුලින්ම සිංහයාගේ  විදින  ඊතල සිංහයාගේ ඇගේ වැදී නැවත ආපස්සට විසිවිය. නමුත් දෙවැනි වර  විශාල මුගුරකින් සිංහයාට පහරදී සිංහයා මරණයට පත්කරවන ලදී. කෙසේ වුවද සිංහයා ප්‍රධාන තරු රටා අතරට පැමිණි අකාරය පිලිබඳ පැහැදිලි සටහනක් නොමැත.

ප්‍රධාන තරු
Denebola, Zosma, Chort, Regulus, Algieba, Adhafera
 උත්තර අර්ධද්ගෝලයේ දක්නට ලැබෙන ආකාරය


දක්ෂිණ අර්ධද්ගෝලයේ දක්නට ලැබෙන ආකාරය


 Source : www.solarsystemquick.com