ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ඔලිම්පියාහි "සීයුස්" ගේ පිළිරුව (Statue of Zeus at Olympia)

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - හතරවන කොටස


සීයුස්" ගේ පිළිරුවේ චිත්‍රයකි
ඉපැරණි ග්‍රීකයන්ට අනුව සියලු දෙවියන්ට අධිපති වූ සියුස් දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද මෙය අඩි 42 (මීටර 13) ක් පමණ උසකින් යුතු වූවයි සැලකෙන හිඳි පිලිමයකි. 

ක්‍රි.පූ 435 දී පමණ ග්‍රීක මූර්ති ශිල්පියෙකු වූ ෆීඩියස් ( phidias ) විසින් සාදන ලද්දකි. මෙය තැන්පත් කර තිබුනා යයි සැලකෙන්නේ පුරාණ ඔලිම්පියාහි සියුස්ගේ දෙවොලේය. (Temple of Zeus)

ලොව ඉපැරණි ලෝක පුදුම අතරටද අයත් මෙම පිළිමය සෑදීමට ෆීලියස් හට වසර 12ක් පමණ ගත වුනි යයි සැලකේ. ඔහු විසින් නිමකරන ලද මෙම පිලිමයේ තොරතුරු පුරාණ ග්‍රීක පොත පත් වල සහ ඉපැරණි කාසි වල නිරූපණ කර ඇත. දෙවොලට ආසන්න ප්‍රදේශයක ඔහුගේ වැඩ බිම පිටුවා තිබී ඇත.

හොලිවූඩ් නාම පුවරුව (Hollywood Sign)

ඇමෙරිකාවේ ජාතික මෙන්ම සංස්කෘතික සංකේතයක් ලෙසද සැලකෙන හොලිවූඩ් නාම පුවරුව "HOLLYWOOD"  sign ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවල ලොස් ඇන්ජලිස් හි පිහිටි , Santa Monica නම් කඳු පන්තියේ Lee නම් කඳු මුදුනේ පිහිටා ඇත.

මෙය 1923 දී ඉදිකෙරුන අතර එහි අරමුණ වූයේ Los Angeles Times පුවත්පත් ආයතනයේ හිමිකරුවූ  Harry Chandler ට අයත් එම ප්‍රදේශයේ  තිබු නිවාස හා ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරිමයි. මෙම ව්‍යාපෘතියේ නම "Hollywoodland" ලෙස ඔවුන් නම් කල අතර, එම අකුරු 13 නිර්මාණය කිරීම Thomas Fisk Goff හට පැවරුනි. 

පාම් දූපත් - ඩුබායි ( The Palm Islands Dubai )

ඩුබායි හි කෘත්‍රීම දූපත් - දෙවන කොටස 

palm jumeirah
Palm Jumeirah
Palm දූපත් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ කෘතිමව සාදන ලද දූපත් දෙකකි. මෙයට  Palm Jumeirah  සහ Palm Jebel Ali යන දූපත් අයත් වේ. පලමුව මෙය  Palm Deira නමින් තවත් විශාල දූපතක්ද සහිතව දූපත් තුනක් ලෙස සෑදීමට සැලසුම් කර තිබුනද පසුව මෙය  Deira Island නමින් වෙනස් කරන ලදි. 2014 වන විට සාදා නිම කර ඇත්තේ Palm Jumeirah නම් කුඩා දූපත පමණි.

මෙම දූපත් සංකල්පය ඩුබාහි පාලකයා වූ ෂේක් Mohammed bin Rashid Al Maktoum ගේ වන අතර, කෙමෙන් කෙමෙන් අඩුවන් තෙල් ආදායමට ඉදිරි කාලයේ විකල්පයක් ලෙස සංචාරක කර්මාණ්තය දියුණු කිරීම අරමුණ වී තිබේ. 

ඩුබායි හි කෘත්‍රීම දූපත් (Dubai Artificial Islands)

මෑත ඉතිහාසයේ මිනිසා නිර්මානය කල ඉතා අපූරු නිර්මානයක් ලෙස මෙම දූපත් සමූහය හඳුන්වා දිය හැක.මෙවා ඩුබායි නොගැඹුරු මුහුදු තීරයේ වැලි ගොඩකර නිර්මාණය කර ඇත.

මෙහි පාම් දූපත් 2ක් (Palm Islands), "ලෝකය" (The World) ලෙස නම් කරන ලද දූපත් සමූහය, "Deira" නම් දූපත් (Deira Islands)  සහ "විශ්වය" (The Universe) නම් දූපත් පිහිටා ඇත. මින් බොහෝමයක් දූපත් තවම ඉදි කෙරෙමින් පවතී. මෙවැනි දූපත් නිර්මාණය කිරිමේ අදහස පහලවී ඇත්තේ ඩුබයි හි පාලකයා වූ ශෙක් "Sheikh Mohammed bin Rashid Al Maktoum"හටය. ඉදිකිරීම් කටයුතු පැවරුනේ ඩුබායි සමාගමක් වන " Nakheel Properties " නම් සමාගමටයි. 

අවසාන රාත්‍රී භෝජනය ( The Last Supper )

මෙය 15 වන සියවස අවසානයේ පමණ "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි. ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ.

මෙමගින් යෙසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග අවසාන රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරු දිනකදීම පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොත නිරූපණය වෙතැයි සැලකේ. මෙවිට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් සිතුවමෙන් අපූරුවට ඉස්මතු කර ඇත.  

චීන මහා ප්‍රාකාරය (Great Wall of China)

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් (Qin Shihuang) විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය (Ming dynasty) තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.