ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

Showing posts with label ඉපැරණි ලෝක පුදුම. Show all posts
Showing posts with label ඉපැරණි ලෝක පුදුම. Show all posts

මොසලෝනස් ගේ සොහොන් ගෙය (Mausoleum at Halicarnassus)

ඉපැරණි ලෝක පුදුම - 8 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම සොහොන්ගෙය, Artemisia රැජිණවිසින් තම සැමියා  වු  Mausolus  රජු ක්‍රි.පූ  353 දී මිය ගිය පසු Halicarnassus (වර්තමාන තුර්කියේ Bodrum නම් ප්‍රදේශය) හීදී    ඉදි කරන ලදී

Halicarnassus හා අවට ප්‍රදේශය  Mausolus රජු හා Artemisia රැජිණ  විසින් වසර 24ක් පාලනය කර ඇත.

Mausolus රජු විවාහ කරගෙන සිටි Artemisia රැජිණ ඔහුගේ සහෝදරියයි. එකල තම සහෝදරිය වවාහ කරගැනීම රජ පවුල් වල සම්ප්‍රධායක් වී තිබුණි. ක්‍රි.පූ 353 දී තම සැමියා මිය  ගිය පසු බලවත් කම්පාවට පත් Artemisia රැජිණ ලෝකයේ වඩාත් චමත්කාරජනක සොහොන් ගෙය නිර්මාණය කිරීම වෙනුවෙන්  අතිදක්ෂ ග්‍රීක චිත්‍ර ශිල්පීන් කුලියට ගන්නා ලදී.



Mausoleum at Halicarnassus යන නාමය Mausolus නමෙන් මුලාරම්භයක් ලෙස ගෙන මෙම සොහොන් ගැබට නම් තබන ලදී.
ප්‍රකට ග්‍රීක චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු වූ Pytheos හා Satyros සොහොන් ගෙයි හැඩය නිර්මාණය කර ඇති බව සදහන් වේ. ග්‍රීක, Lycian හා ඊජිප්තු ඇතුළුව විවිධ සංස්කෘතික කලාකරුවන්  සොහොන් ගෙය නිර්මාණයට දායක විය.

Mausolus රජු මියගොස් අවුරුදු දෙකකින්, Artemisia රැජිණ  මරණයට පත් විය. සොහොන් ගැබ  නිමකිරීමට පෙර ඇය මරණයට පත්වී තිබුණි.
කෙසේ හෝ වැඩ නිම කරන විට  මෙම සොහොන්ගේය  අඩි 147 ක් උස වූ අතර සම්පුර්ණ Halicarnassus ප්‍රදේශයම පෙනෙන ලෙස එය කඳු ඉස්මත්තේ පිහිටා ඇත.




කිරිගරුඬ වලින්  මෙම  සොහොන් ගැබම නිර්මාණය කර ඇති අතර සොහොන් ගැබට නැගීමට කළුගලින් සෑදු සිංහයන් ඇති පඩිපෙළක්  සාදා ඇතසොහොන් ගැබෙහි බිත්ති මත යුධකාමී ස්ත්‍රීන්ගේ  හා රණශුරයන්ගේ සිතුවම්ද දක්නට ලැබේ.



මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි.පූ 334 දී මෙම නගරය යටත් කර ගත්තත් මෙම සොහොන් ගැබට කිසිඳු හානියක් වුයේ නැත. ක්‍රි.පූ 58 දී හා 62 දී මුහුදු කොල්ලකරුවන් විසින් නැවතත් මෙම ප්‍රදේශයට පහර දුන්නත් සොහොන් ගැබ ආරක්ෂාවී තිබුණි. නමුත් 13 වන සියවසේ ඇතිවූ භුමිකම්පාවකින් මෙම සොහොන් ගැබ බොහෝ දුරට විනාශයට පත් වූ බව සදහන් වේ.

13 වන සියවසේ දී කුරුස යුද්ධ භටයන් මෙම  නගරය අල්ලා ගන්නා ලද අතර  ඔවුන් තම ගොඩනැගිලි ඉදි කිරීමට මෙම සොහොන් ගෙ කොටස් යොදා ගත් බව පැවසේ. 

ක්‍රි.ව 1401 වන විට සොහොන් ගෙහි ඉතිරි වී තිබුනේ පදනම පමණකි .
පුරාවිද්යාඥ චාර්ල්ස් නිව්ටන් විසින් ක්‍රි.ව 1800 දී Artemisia රැජිණ ගේ  හා  Mausolus රජු ගේ ප්‍රතිමාවන් සමග තවත් පෞරාණික කොටස්   කීපයක් සොයා ගන්නා ලදී. දැන් මේවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇතැයි සඳහන් වේ.



පුරාතන ලෝකයේ පුදුම ලැයිස්තුව සැකසුවා යයි සැලකෙන  Sidon හි ඇන්ටිපේටර් විසින් මෙම දැවැන්ත නිර්මාණයේ තිබු විශ්මිත බව නිසා ඉපැරණි ලෝක පුදුම අතරට මෙය ඇතුලත් කල බව සදහන් වේ 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Alexandria )

ඉපැරණි ලෝක පුදුම -7 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම ප්‍රදීපාගාරය පුරාතන ඊජීප්තුවෙ ටොලමික් රාජ සමයේ (ක්‍රි.පූ 247-280) දී ඉදිකරන ලද්දකි. මෙය පිහිටා තිබුනේ බටහිර නයිල් තුඩුව ආසන්නයේ Pharos නම් කුඩා දූපතේ වරායේය. උසින් මීටර 120-137 අතර වූ මෙය සියවස් ගනණාවක් යනතුරුම ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස පිලිගැනුනි.තවද ඉපැරණි ලෝක පුදුම අතරින් තුන්වනුවට වැඩිම කාලයක් පැවතුනු පුදුමය ලෙස ද මෙය සඳහන්වේ.

මහා ඇලෙක්සැන්ඩ්‍ර රජුගේ අකල් මරනයෙන් පසු ක්‍රි.පූ 305 දී පමණ පලමු ටොලමි (Ptolemy I Soter) ඊජීප්තුවෙ රාජත්වයට පත්විය. ප්‍රදීපාගාරයේ වැඩ ඇරම්බුනෙ ඔහුගේ රාජ සමයේ වුවද එහි වැඩ නිමාකිරීමට හැකි වුයේ ඔහුගේ ඇවෑමෙන් රජකමට පත් වු පුත් දෙවන ටොලමි (Ptolemy II Philadelphus. ) හටය. ප්‍රදීපාගාරයේ වැඩනිමා කිරීමට වසර 12ක කාලයක් ගත වූ බව සඳහන් වේ. නූතන ප්‍රදීපාගාරවල ආකෘතියට පාදක වුයේ මෙම ප්‍රදීපාගාරයයි.




ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කොටස් 3කට  තිබුණි. එනම් පාදම කොටස සමචතුරස්‍රාකාර පෙට්ටියක් හැඩයටත් දෙවැනි කොටස පැති 8ක් සහිතව උසට ද තෙවන කොටස සිලින්ඩරාකාර වන ලෙසටය.ඉහල කොටසේ බොහෝ දුරට  රාත්‍රියට පෙනෙන ලෙස විශාල ගිනිමැලයක් ගසන්නට ඇතය සැලකේ . මෙහි මුදුනේ ජලයට අදිපති පොසේයිඩන් දෙවියන්ගේ පිළිරුවක් තිබු බවද සඳහන් වේ.

ඉතිහාසයේ සඳහන් ආකාරයට මෙහි විනාශයට හේතු වී ඇත්තේ විටින් විට ඇති වූ භූමිකම්පාය. ක්‍රි.ව 956 සහ 1303 ඇති වූ භූමිකම්පා වලින් හානියට පත්ව නැවත ප්‍රතිසන්ස්කරනය කල ද 1323 දී පමන ඇති වූ භූමිකම්පාවෙන් විනාශ වූ පසු නැවත ගොඩ නැගීමක් සිදුනොකිරිනි. 


ඉපැරණි ලෝක පුදුම පිලිබඳ අනෙකුත් ලිපි මෙතනින් 
http://goo.gl/rICLJc

රෝඩ්ස් හි සුවිසල් ප‍්‍රතිමාව (Colossus of Rhodes)

 ( ඉපැරණි ලෝක පුදුම  -  6 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙය  පුරාණ ග්‍රීක ටයිටන් දෙවියෙකු වූ "හිලියස් " ගේ මීටර 30 (අඩි 98) ක් වූ දැවැන්ත හිටි පිළිමයකි. මෙය ඉදිකර තිබුනා යයි සැලකෙන්නේ ග්‍රීක රෝඩ්ස් දුපතේ,රෝඩ්ස් නගරයේය. ක්‍රි.පු 292 දී පමණ ඉදිකිරීම් ආරම්භ කල මෙම ප්‍රතිමාව ක්‍රි.පු 280 දී වැඩ නිමවන විට එකල ලොව තිබු උසින් වැඩිම ප්‍රතිමාව බවට පත්ව තිබුණි. නමුත් ක්‍රි.පු 226 දී පමණ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශ වීම නිසා අද වන විට දක්නට නොලැබේ.

මෙය ඉදිකිරීමට මුලිකම හේතුව වී ඇත්තේ ක්‍රි.පු 305 දී පමණ රෝඩ්ස් දූපත ආක්‍රමණය කල සයිප්‍රස් පාලකයා පරාජය කිරීම සමරනුවස්ය. පරාජය වී පළාගිය සයිප්‍රස් ආක්‍රමණිකයන් අත්හැර දමාගිය උපකරණ සම්භාරය විකුණා ලැබූ අදායමින් සහ ඉතිරි වූ ලෝහමය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන ප්‍රතිමාව ඉදිකිරිම පැවරුනේ මිට පෙර විශාල ප්‍රතිමා නිමවා අත්දැකීම ඇති
Lindos හි Chares නැමැත්තාටය. 


යකඩ රාමුව මත පිත්තල/තඹ  තහඩු ආවරණය කර ප්‍රතිමාව නිර්මාණය කර තිබු බව පැවසේ. අඩි 98 ක් උස ප්‍රතිමාව අඩි 50ක් පමණ වන පාදමක් මත ඉදිකර අතර නිම කිරීමට වසර 12ක් ගත විය. 


වසර 50 කට අධික කාලයක් රෝඩ්ස් හි වරාය පිවිසුම තුල පැවති මෙම දැවැන්ත පිළිමය ක්‍රි.පු 226 දී ඇතිවූ භුකම්පනයක් හේතුවෙන් විනාශයට පත් විය. එකල ඊජිප්තු පාලකයා වූ Ptolemy III නැවත ප්‍රතිමාව ඉදිකිරීමට ආධාර දීමට ඉදිරිපත් වුවද, ප්‍රතිමාව විනාශ වීම හිලියස් දෙවියන්ගේ කෝපවිමක් නිසා සිදුවුවක්  ලෙස සැලකු රෝඩ්ස් වැසියන් එය ප්‍රතික්ෂේප කළහ.   

වසර දහසකට අධික කාලයක් විනාශ වූ ප්‍රතිමාවේ සුන්බුන් කොටස් ඒ අවට විසිරි තිබු බව සඳහන් වන අතර ක්‍රි,ව 654 දී රෝඩ්ස් ආක්‍රමණය කල අරාබි ජාතිකයන් මෙම ලෝහ කොටස් කැබලි කොට විකිනු බව පැවසේ.

(විකිපීඩියා ඇසුරෙනි.)

අනෙකුත් ලිපි බලන්න  : http://goo.gl/9FebwQ

එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus)

( ලොව ඉපැරණි ලෝක පුදුම 7 - 5 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙම දේවස්ථානය පුරාණ ග්‍රීක දෙවඟනක වූ ආටිමස් දෙවඟන වෙනුවන් ක්‍රි.පූ 800 දී පමණ ඉදිකරණ ලද්දකි. වර්තමාන තුර්කියේ සෙල්තුක් ආසන්නයේ එපිසස් හි මෙය පිහිටා තිබී ඇත. ඩයනා දේවස්තානය නමින් ද හැඳින්වී ඇති මෙහි වර්තමානයේ කිසිවක් දක්නට නොලැබේ.

ආර්ටිමස් යනු ග්‍රික දෙවියෙන් වූ සියුස් සහ ලෙටෝ ගේ දියණිය මෙන්ම ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට සහ දඩයමට අධිපති දෙවියන් ලෙස සැලකේ. 

ඔලිම්පියාහි "සීයුස්" ගේ පිළිරුව (Statue of Zeus at Olympia)

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - හතරවන කොටස


සීයුස්" ගේ පිළිරුවේ චිත්‍රයකි
ඉපැරණි ග්‍රීකයන්ට අනුව සියලු දෙවියන්ට අධිපති වූ සියුස් දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද මෙය අඩි 42 (මීටර 13) ක් පමණ උසකින් යුතු වූවයි සැලකෙන හිඳි පිලිමයකි. 

ක්‍රි.පූ 435 දී පමණ ග්‍රීක මූර්ති ශිල්පියෙකු වූ ෆීඩියස් ( phidias ) විසින් සාදන ලද්දකි. මෙය තැන්පත් කර තිබුනා යයි සැලකෙන්නේ පුරාණ ඔලිම්පියාහි සියුස්ගේ දෙවොලේය. (Temple of Zeus)

ලොව ඉපැරණි ලෝක පුදුම අතරටද අයත් මෙම පිළිමය සෑදීමට ෆීලියස් හට වසර 12ක් පමණ ගත වුනි යයි සැලකේ. ඔහු විසින් නිමකරන ලද මෙම පිලිමයේ තොරතුරු පුරාණ ග්‍රීක පොත පත් වල සහ ඉපැරණි කාසි වල නිරූපණ කර ඇත. දෙවොලට ආසන්න ප්‍රදේශයක ඔහුගේ වැඩ බිම පිටුවා තිබී ඇත.

බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - තෙවන කොටස

එල්ලෙන උයනේ චිත්‍රයකි
මෙය පැවතුනායයි සැලකෙන්නේ පුරාණයේ බැබිලෝනියාව ලෙස සැලකුන වර්තමාන ඉරාකයේ බාබිල් ප්‍රාන්තයේ හිලාල් නම් ප්‍රදේශයේය.( Hillah, Babil province, in Iraq ). පුරාණ ලේඛනවල සදහන් වුවද මෙය පැවති බවට මෙතෙක් පුරාවිද්‍යාත්මක සාධක හමුවී නොමැත.

පලමු වරට මෙම එල්ලෙන උයන පිලිබඳ සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරයකු වූ Berossus විසින් 280 BC දී පමණ ලියන ලද Babyloniaca නම් ග්‍රන්ථයේය. එහිදී මෙය ශ්‍රේෂඨ බැබිලෝනියා රජෙකු වූ දෙවන Nebuchadnezzar (Nebuchadnezzar II) ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත.

ගීසා හි පිරමිඩ ( The Pyramids of Giza - Egypt )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - දෙවන කොටස


මෙය ඊජීප්තුවේ cairo නගරයට උතුරින්, නයිල් නදියේ බටහිර ඉවුරේ Giza හි පිහිටා ඇත. ලෝක පුදුම අතරින් පැරණිම සහ අදට ද පවතිනින එකම නිර්මාණය මෙයයි.

ඊජීප්තුවේ පාරෝවරුන් (pharaohs) මරණින් පසු දෙවිවරුන් විමේ අපේක්ෂාවෙන් දෙවියන් උදෙසා දෙවොල්ද (Temples) තමන් සඳහා විශාල පිරමිඩාකාර සොහොන් ගෙවල්ද තනවන ලදි. මෙම පිරමිඩ තුල මරණින් මතු ලෝකයේ දී ඔවුනට අවශ්‍යය සියලු දේ ද තැන්පත් කරන ලදි. මෙහි විශාල පිරමිඩ 3ක් ඇත. ඒවානම්  Khufu (Cheops), Khafra (Chephren) සහ Menkaura (Mycerimus).

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - පලමු කොටස

හෙරඩෝටස් (Herodotus) නම් ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් (Callimachus) විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. 

නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත. පලමු සහ දෙවන සියවස, නැගෙනහිර මධ්‍යධරණී  මුහුදු තීරයේ තිබු විශිෂ්ට නිරමාන 7ක් මීට අයත්ව ඇත. ඒවා නම්,