ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

මිථුන තරු රටාව ( Gemini Constellation )

Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ.

දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ  උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි.

ග්‍රීක පුරාවෘත්තය 


Gemini  යනු ලතින් භාෂාවෙන් නිවුන් දරුවන් වේ. ග්‍රීක මිත්‍යාවන්ට අනුව මිථුන තාරකා මණ්ඩලය නිවුන් සහෝදරයන් නියෝජනය කරයි. එයට අනුව මිථුන රාශියේ චරිත සංයෝජනයන් වන Pollux සහ Castor එකම මවකගේ දරුවන් දෙදෙනෙකු  වුවත් ඔවුන්ට පියවරුන් දෙදෙනෙකු වේ.ඔවුන් දෙදෙනාගේම  මව sparta රැජින Leda වූ අතර Castor ගේ පියා Sparta රජු Tyndarus ද, Pollux ගේ පියා ග්‍රීක දෙවියන් වන Zeus (සියුස් ) ද බව පැවසේ.


එක කථාවකට අනුව  Sparta රැජිනගේ රුපයට වශීවී Zeus හංසයෙකු ලෙසින් වෙස්වලා ගෙන ඇය සමග එකතු වීමෙන් Pollux බිහිවූ බව පැවසේ.එනිසා Pollux අමරණිය කෙනෙක් විය.නමුත් Castro සාමාන්‍ය මනුෂ්‍යයෙකු විය. ඔවුන්ගේ සහෝදරිය වන්නේ Trojan යුද්ධයට මුලිකවූ හෙලන්ය (Helen of Troy).

Castro කීර්තිමත් අසරුවෙකු වූ අතර Pollux අසිමිත් කාය ශක්තිය පිලිබදව ප්‍රසිද්දියට පත්ව තිබුණි.

ජිවිත කාලයක් පුරාවට එකට ජීවත්ව බොහෝ වික්‍රමයන්ට එකට මුහුණ දී අවසානයේ Castro මරණයට පත්වන අවස්ථාව පැමිණියේය. මහත් කණගාටුවට පත් Pollux සිය පියා වූ Zeus ගෙන් උදවු පැතුවේය. Pollux අමරණිය බැවින් ඔහු මරණයට පත්කිරීම පලක් නොවන බැවින් Zeus, Castro ද අමරණිය බවට පත් කරන ලදී.    

Pollux සහ  Castor පුරාණ නාවිකයන් විසින් නැවියන්ගේ ආරක්ෂකයින් ලෙසද  සලකන ලදී.

මිථුන තාරකා මණ්ඩලය චක්‍ර දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වේ.

මිථුන තරු රාශියේ ප්‍රධාන තාරකාවන්:




Pollux
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 34 ක් පමණ දුරින් පිහිටා ඇති එය තැඹිලි පැහැති  යෝධ තරුවකි , එය  එහි ස්කන්ධය දෙවරක් සමග  ඉරට වඩා නව ගුණයක් විශාල වේ.
Pollux වන මිථුන රාශියේ දීප්තිමත්ම තරුව වන අතර මෙය බීටා Geminorum ලෙසද  හැඳින්වේ.

Castor
Alpha Geminorum ලෙසද මෙම තාරකාව හැදින්වේ.
එකිනෙකා වටා පරිභ්‍රමණය වන ද්විතීය තරු තුන බැගින් ඇති තාරකා සයකින් යුතු පද්ධතියකි.

Wasat
Delta Geminorum ලෙසද හැදින්වේ.පෘතුවියේ සිට ආලෝක වර්ෂ 60ක් පමණ ඇති මෙම තාරකාව තරු තුනකින් යුත් පද්ධතියකි.

Mekbuda
Zeta Geminorum ලෙසද හැදින්වේ.හිරු හා සමාන මතුපිට උෂ්ණත්වයක් මෙහි ඇති බව සැලකේ. 

තවද Mebsuta, Alzirr , Alhena හා  Tejat Posterior යන තාරකාද මිථුන තාරකා මණ්ඩලයේ ප්‍රධාන තාරකා වේ.