ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ගූගල් සමාගම ( Google )

අප කවුරුත් හොඳින් දන්නා  Google  හි ආරම්භකයන් වන්නේ, 1996 දී එවකට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ (Stanford University , California.) පශ්චාත් 
අධ්‍යන සිසුන් (PhD) දෙදෙනෙකුවූ Larry Page(වයස 22) සහ Sergey Brin(වයස 21) ය. ඔවුන් තම පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස මෙය අරඹන ලදි.

එවකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල (Web search engines) භාවිතා වූ ක්‍රමයට වඩා වෙනස් වූ නව ක්‍රමයක් වූ PageRank  ක්‍රමය ඔවුන් හඳුන්වා දෙන ලදි.

පලමුව මෙම සෙවුම් යන්ත්‍රය "BackRub" ලෙස නම් කරන ලදි. පසුව එහි නම "googol" ලෙස නම් කිරීමට අවශ්‍ය වුවත් අකුරු ගැලපීමෙදී වූ අත්වැරදීමක් නිසා එය "google" බවට පත් විය. Google සෙවුම් යන්ත්‍රය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ වෙබ් පිටුවෙහි google.stanford.edu  සහ  z.stanford.edu  යන domain යටතේ භාවිතය ඇරඹ්නි.

ලැම්බොගිනි ( Lamborghini )

සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත.

මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ  Ferruccio Lamborghini  මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන ඇරඹූ අතර එමගින් හා තවත් ව්‍යාපාර නිසා 1960 ගනන් වන විට මහත්
ධනවතෙකු බවට පත්විය. දිනක් ඔහු එවකට ඔහු සතුව තිබූ මෝටර් රථ අතරින් ( Ferrari ) රථයේ ඇතිවූ දෝෂයක් නිරාකරණය කර ගැනීම සඳහා ඒ ආසන්නයේ  පිහිටි ( Ferrari ) ආයතනයේ සිටි එහි හිමිකරුවූ  Enzo Ferrari මහතා හමුවීමට ගිය අතර,  Enzo Ferrari මහතා ඔහු හමුවීමට කැමැත්තක් දක්වා නැත. මෙයින් කෝපයටපත්  Ferruccio Lamborghini  මහතා තමාගේම මෝටර් රථ ව්‍යාපාරයක් වූ Automobili Lamborghini  1963 දී අරඹන ලදි. ඔහු ගවපොර ( bullfighting ) පිලිබඳ මහත් උනන්දුවක් දැක්වූ අතර Lamborghini  මෝටර් රථ ලාංඡනය ලෙස fighting bull තෝරා ගන්නා ලදි.

බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - තෙවන කොටස

එල්ලෙන උයනේ චිත්‍රයකි
මෙය පැවතුනායයි සැලකෙන්නේ පුරාණයේ බැබිලෝනියාව ලෙස සැලකුන වර්තමාන ඉරාකයේ බාබිල් ප්‍රාන්තයේ හිලාල් නම් ප්‍රදේශයේය.( Hillah, Babil province, in Iraq ). පුරාණ ලේඛනවල සදහන් වුවද මෙය පැවති බවට මෙතෙක් පුරාවිද්‍යාත්මක සාධක හමුවී නොමැත.

පලමු වරට මෙම එල්ලෙන උයන පිලිබඳ සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරයකු වූ Berossus විසින් 280 BC දී පමණ ලියන ලද Babyloniaca නම් ග්‍රන්ථයේය. එහිදී මෙය ශ්‍රේෂඨ බැබිලෝනියා රජෙකු වූ දෙවන Nebuchadnezzar (Nebuchadnezzar II) ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත.

ගීසා හි පිරමිඩ ( The Pyramids of Giza - Egypt )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - දෙවන කොටස


මෙය ඊජීප්තුවේ cairo නගරයට උතුරින්, නයිල් නදියේ බටහිර ඉවුරේ Giza හි පිහිටා ඇත. ලෝක පුදුම අතරින් පැරණිම සහ අදට ද පවතිනින එකම නිර්මාණය මෙයයි.

ඊජීප්තුවේ පාරෝවරුන් (pharaohs) මරණින් පසු දෙවිවරුන් විමේ අපේක්ෂාවෙන් දෙවියන් උදෙසා දෙවොල්ද (Temples) තමන් සඳහා විශාල පිරමිඩාකාර සොහොන් ගෙවල්ද තනවන ලදි. මෙම පිරමිඩ තුල මරණින් මතු ලෝකයේ දී ඔවුනට අවශ්‍යය සියලු දේ ද තැන්පත් කරන ලදි. මෙහි විශාල පිරමිඩ 3ක් ඇත. ඒවානම්  Khufu (Cheops), Khafra (Chephren) සහ Menkaura (Mycerimus).

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - පලමු කොටස

හෙරඩෝටස් (Herodotus) නම් ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් (Callimachus) විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. 

නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත. පලමු සහ දෙවන සියවස, නැගෙනහිර මධ්‍යධරණී  මුහුදු තීරයේ තිබු විශිෂ්ට නිරමාන 7ක් මීට අයත්ව ඇත. ඒවා නම්,