#1 චීටා ( Cheetah )
වේගය : පැ.කි 109.4–120.7 (පැ.සැ 68.0–75.0)
චිටා හට තත්පර 3ක් වැනි සුළු කාලයක් තුල වේගය පැ.කි 0 සිට 96.6 දක්වා වේගය වැඩි කර ගත හැක. එසේ වුවද දරා ගැනීමේ හැකියාව අඩු බැවින් බොහෝ විට එක වරකට තත්පර 60 ක පමණ කාලයක් වේගයෙන් ධාවනය කෙරේ.
#2 ප්රොන්ග්න් හෝර්න් ( Pronghorn )
වේගය : පැ.කි 88.5 (පැ.සැ 55.0)
දිගු දුරක් වේගයෙන් දිවිය හැකි සත්වයා ලෙස සැලකේ. American Antilope ලෙසද හඳුන්වයි. කි.මි 0.8 ක පමණ දුරක් පැ.කි 88.5 ක වේගයෙන් ද , කි.මි 1.6 ක පමණ දුරක් පැ.කි 67 ක වේගයෙන් ද ,කි.මි 6 ක පමණ දුරක් පැ.කි 56 ක වේගයෙන් ද දිවිය හැක.
#3 ස්ප්‍රින්ග්බොක් ( Springbok )
වේගය : පැ.කි 88 (පැ.සැ 55)
දකුණු ඇමරිකාවට ආවේනික මුව වර්ගයක් වේ. දුවන අතර තුර දිගු දුරක් පැනීමටත්, ක්ෂණයකින් වෙනත් දිශාවකට හැරීමටත් හැකියාවක් ඇත. දක්ෂ දිගු දුර ධාවකයන් නොවේ.
#4 වයිල්ඩ් බීස්ට් ( Wildebeest )
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)
blue wildebeest සහ black wildebeest ලෙස වර්ග දෙකක් ඇත. දෙවර්ගයටම ඉතා වේගයෙන් දිව යාමේ හැකියාව ඇත. කෙටි දුර දිවීමට වට දිගු දුර දිවීමේ ධක්ෂයන් වේ
#5 සිංහයා ( Lion )
වේගය : පැ.කි 80.5 (පැ.සැ 50.0)
බලල් පවුලට අයත් දෙවන විශාලතම මෙන්ම දෙවන වේගවත්ම සත්වයා වේ. උපරිම වේගයෙන් ඉතා කෙටි දුරක් පමණක් දිවිය හැකි බැවින් ගොදුරක් ඇල්ලීමට පැනීමට පෙර හැකිතාක් එයට ලංවිම සිදු කරයි.
#6 බ්ලැක් බක් ( Blackbuck )
වේගය : පැ.කි 80 (පැ.සැ 50)
කි.මි 1.5 ක පමණ දුරක් පැ.කි 80 ක වේගයක් පවත්වා ගෙන දිවීමේ හැකියාවක් ඇත.
#7 හාවා ( Hare )
වේගය : පැ.කි 80 (පැ.සැ 50)
මීටර 20 ක පමණ දුරක් උපරිම වේගයෙන් දිවිය හැක
#8 ග්රේහවුන්ඩ් ( Greyhound )
වේගය : පැ.කි 74 (පැ.සැ 46)
ලොව වේගවත්ම සුනඛ වර්ගය වේ. ප්‍රධාන වශයෙන්ම දඩයම් ක්‍රීඩාවට සහ දිවීමේ තරග ක්‍රීඩාව සඳහා යොදා ගනී.
#9 ජැක් රැබිට් ( Jackrabbit )
වේගය : පැ.කි 72 (පැ.සැ 45)
එකවර සාමාන්‍යයෙන් මීටර 3ක ( අඩි 9.8 ) පමණ පිම්මක් පැනීමේ හැකියාව ඇත. සමහර අවස්ථාවලදී එය මීටර 6 ක් පමණ වන බව සඳහන් වේ .
#10 කැන්ගරු ( Kangaroo )
වේගය : පැ.කි 71 (පැ.සැ 44)
පැ.කි 21–26 ක පමණ පමණ සාමාන්‍ය වේගයෙන් දිවීම කරන අතර පැ.කි 71 ක උපරිම වේගයෙන් ඉතා කෙටි වෙලාවක් දිවීමට හැක. වේගයෙන් දුවන විට සාමාන්‍ය වේගය පැ.කි 40 පමණ වන අතර, කි.මි 2ක පමණ දුරක් එම වේගයෙන් දිවීමට හැක
( විකිපීඩියා ඇසුරෙනි )
ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals )
Related Posts:
ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries )1. රුසියාව (Russia) - ව.කි.මි 17,098,242 2. කැනඩාව (Canada) - ව.කි.මි 9,984,670 3. ඇමරිකා එක්සත් ජනපදය (USA)- ව.ක… Read More
ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)01 – Mona Lisa (La Gioconda) (c. 1503-05) 1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ&nbs… Read More
උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings ) 1. Burj Khalifa රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය නගරය - ඩුබායි උස - මිටර 828 / අඩි 2,717 … Read More
ලොව උසම කඳු 10 - ( Highest Mountains ) 1. එවරස්ට් කන්ද ( Mount Everest ) උස - මීටර් 8848 / අඩි 29029 ප්‍රදේශය - නේපාල සහ ටිබෙට් දේශ සීමාව කඳු පන්තිය - හිමාලය 2. K2-… Read More
ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals ) #1 චීටා ( Cheetah ) වේගය : පැ.කි 109.4–120.7 (පැ.සැ 68.0–75.0) චිටා හට තත්පර 3ක් වැනි සුළු කාලයක් තුල වේගය පැ.කි 0 සිට 96.6 දක්වා වේගය ව… Read More
වටිනා දැනුමක්!
ReplyDeleteThank you ashini :)
Deleteවටිනාවා ගොඩාක්......
ReplyDelete