කොලෝසියම ( The Colosseum )

( නූතන ලෝක පුදුම හත  - 5 කොටස )

නූතන ලෝක පුදුම 7 න් එකක් ලෙසද සැලකෙන කොලෝසියම හෙවත් ෆ්ලේවියන් රංග පීඨය ( Flavian Amphitheater ) රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස හඳුන්වා දිය හැක.

මෙය ඉදිකෙරීම් ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව 72 දී (72 A.D) පමණ රෝමයේ ෆ්ලේවියන් අධිරාජ්‍යයේ ( Flavian Dynasty ) ආරම්භකයා වූ වෙස්පාසියන් අධිරාජ්‍යයාය. ( Emperor Vespasian ). ඉදිකිරීම් අවසන් කරන ලද්දේ ඔහුගේ මරණින් වසරකට පසු එනම් ක්‍රි.ව 80 දී (80 A.D) ඔහුගේ පුතා වූ ටයිටස් ( Titus ) විසිනි. ඔහු විසින් මෙය විවෘත කිරීම සනිටුහන් කිරීමට දින 100ක් පුරා නොකඩවා ග්ලැඩියේටර්වරුන්ගේ සටන්, වනසතුන්ගේ සටන් ඇතුලු විවිධ උත්සව මෙතුල පවත්වා ඇත.

ග්ලැඩියේටර් සටනක චිත්‍රයකි
ඉලිප්සාකාර හැඩයක් ගන්නා කොලෝසියම දිග අතට මීටර 190 ක් ද පළල අතට මීටර 155 ක් පමණ ද වේ. මෙහි ඉදිකිරීම් කටයුතු කොන්ක්‍රීට් සහ ගල් යොදා නිමවා මාර්බල් මගින් අලංකාර කර ඇත. පොලොවේ සිට තට්ටු හතරකට වනසේ නිර්මාණය කර ඇති අතර මුලු උස ප්‍රමාණය මීටර 48 ක් පමණ වේ.

ඉහලට පෙනෙන අයුරු
ප්‍රේක්ෂකයන් 50,000 කට පමණ එකවර ආසන ගැනීමේ හැකියාව මෙතුල තිබී ඇත. ඇතුල් වීමේ දොරටු 80 ක් පමණ තිබේ. ආසන පැනවීම සිදුකර ඇත්තේ සමාජ තත්වයට අදාලවයි. එනම් ඉහලම මහල කාන්තාවන්ට සහ පහල පැලැන්තියට ද ක්‍රමයෙන් පහලම මහල වංශාධිපතියන්ට ද වන ලෙසය. රෝම අධිරාජ්‍යයා ඇතුලු සම්භාවනීය විශේශ අමුත්තන්ට ආසන ගැනීමට විශේෂ පීඨිකාවක් සකස් කර තිබී ඇත. පොලොව තුල ඉදිකර තිබූ කාමර තුල ක්‍රීඩා සඳහා ගෙන ආ සතුන්, උපකරණ ආදිය රඳවා තබා ඇත.

හිරු එලියෙන් සහ වර්ෂාවෙන් ප්‍රේක්ශකයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවන් වලදී, රංග පීඨය වටා ඉහලින් රෙදි යොදා ආවරණය කිරීමේ හැකියාවද තිබී ඇත.

රෝම අධිරාජ්‍යයන් විසින් මෙහි තරඟ සියල්ල ජනතාවට නොමිලයේ නැරඹීමට ලබා දී ඇත. එමගින් පොදු ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමත් තම කීර්තිය සහ බලය පෙන්වීමත් ඔවුන්ගේ අරමුණ වී ඇත.

වසර 400ක පමණ  කාලයක් පුරා භාවිතයට ගත මෙම රංග පීඨය රෝම අධිරාජ්‍යයන්ගේ ඇති වූ ගැටුම්, භූමිකම්පා ආදියත් නිසා ක්‍රමයෙන් භාවිතයෙන් ඇත්වන්නට විය. පසු කාලීනව මෙහි කඩා වැටුන කොටස් , මාබල් ආදිය වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමට රැගෙන ගිය බව සඳහන් වේ.

1990 දී පමණ මෙහි සංරක්ෂණ කටයුතු ඇරබිනි. වර්තමානයේ ලෝකයේ වැඩිම සංචාරක පිරිසක් නරඹන ස්තාන අතරට මෙයද එක් වේ. 
පසුගිය ලිපි:

Reference: 
http://www.history.com/topics/ancient-history/colosseum
http://www.aviewoncities.com/rome/colosseo.htm

5 comments:

  1. වටිනා ලිපි පෙළක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුරුටු ...

      Delete
  2. මේ ලිපි ලියනවාට නැවත නැවතත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අපව දිරිමත් කිරිම ගැන ඔබටත් ස්තුතියි ගුනසිංහ ....

      Delete