ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )

බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යාකරමින් ඇතැයි සැලකෙන මන:කල්පිත ප්‍රදේශයකටයි. 

මෙම ප්‍රදේශය තුලදී සිදුවූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් වීමත් සමග ලෝකයේම අවධානය මේ ප්‍රදේශය වෙතට යොමු විය. යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil’s Triangle) ලෙසින්ද හඳුන්වන මෙම ප්‍රදේශය වර්ග සැතැපුම් 500,000 ක් පුරා පැතිර පවතී.     




ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා යාත්‍රා කල ප්‍රථම නාවුක ගමනේදී, වරෙක මෙම ප්‍රදේශයේ දී විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු  දුටු බව සඳහන් කර ඇත. ඊට සති කීපයකට පසුව ඇතින් විශාල අද්භූත ආලෝකයක් දුටු බවද ඔහු සදහන් කර ඇත. තවද මේ ප්‍රදේශයේදී මාලිමා යන්ත්‍රවල අසාමාන්‍ය  කියවීම් ඇතිවූ බවද ඔහු සඳහන් කර ඇත .


බර්මියුඩා කලාපය තුල අභිරහස් අතුරුදහන් වීම් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වීමට පටන් ගනු ලැබුවේ, 1918 මාර්තු මස මැන්ගනිස් ලෝහ පස් ටොන් 10,000 ක් පමණ පටවා ගත්  ඇමරිකානු USS Cyclops නම් අඩි 542 ක් දිග නාවුක බඩු ප්‍රවාහන යාත්‍රාව  එහි සිටි 300 ක පිරිස ද සමග අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමගය. නවුකාව කිසිම විටක අනතුරු සඥයාවක්  නිකුත් කර නොතිබූ අතර කිසිම දිනක නැවේ සුන්බුන් කොටස් හමු නොවිණි. 1941 දී මෙම මාර්ගයේ ගමන් කල තවත් නැව් දෙකක්ද අතුරුදහන් විය. 




1945 දෙසැම්බර් දිනක ඇමරිකානු ගුවන් යානා 5ක් 14 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග බෝම්බ හෙලීමේ පෙර පුහුණුවක් සඳහා ෆ්ලොරිඩා හි ගුවන් තොටුපලකින් පිටත් වුන අතර බර්මියුඩා කලාපය තුලදී ඔවුන්ගේ දිශාව දැන ගැනීමේ උපාංග ක්‍රියාවිරහිත වී තිබුණි. මෙනිසා හරි මාර්ගය සොයා ගැනීමට නොහැකිව යානා ඉන්ධන අවසන් වනතුරුම පියාසර කර ඉන් අනතුරුව අතුරුදන් වී තිබුණි. 

එදිනම ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්ව ගිය ගුවන් යානවද 13ක කාර්යය මණ්ඩලය ද සමග අතුරුදන් විය. සති ගණනාවක්  යනතුරු ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුනද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේ සම්බන්දව නිකුත් කෙරුණු නාවුක හමුදා නිල නිවේදනයේ සදහන් වුයේ "ඔවුන් අඟහරු ලොවට ගියා සේ අතුරුදහන් වූ බවයි".

මෙම ප්‍රදේශය හරහා ගමන් කල තවත් නාවුක යාත්‍රා කිහිපයක්ම අතුරුදන් වී තිබුන අතර තවත් නැව් අත්හැර දමන ලදව හමු වී තිබුණි.



1964 දී Vincent Gaddis නම් කතුවරයා "argosyනම් සඟරාවකට "Bermuda Triangle" යන නම යොදා ගනිමින් ලියු ලිපියත් සමගම මුළු ලෝකයම එම ප්‍රදේශය බර්මුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වීම ඇරඹුණි.


බර්මියුඩා ත්‍රිකෝණය ප්‍රදේශයේ මෙම අභිරහස ලෝකය එතෙක් මෙතෙක් කාලයක් තුල සඳහන් කල ජනප්‍රියම මාතෘකාවකි. සමහරුන් මෙය විවිධ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශයක් ලෙසද තවත් සමහරුන් මෙය කාලය හරහා ගමන් කල හැකි දොරටු සහිත ප්‍රදේශයක් ලෙසද හඳුන්වා දී ඇත. තවත් මතයකින් කියවෙන්නේ ලොවෙන් අතුරුදන් වුවයයි සැලකෙන් පුරාණ ඇට්ලන්ටිස් "Atlantis" නගරය පිහිටා තිබුනේ මෙම ප්‍රදේශයේ බවය. අද්භූත මුහුදු මකරුන් ජිවත්වන ප්‍රදේශයක් බවට ද, ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියා කරන ප්‍රදේශයක් බවට ද විවිධ මත පලවී තිබේ. 


විද්‍යාත්මක පර්යේෂකයන්ද මෙය ගැන විවිධ මත පළකර තිබේ. ඔවුන් පෙන්වා දෙන පරිදි ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්‍රයේ සිදුවන විවිධ සංකුලතා, ක්ෂණිකව අහසට නැඟෙන දියසුළි, මුහුදු පතුලේ සිදුවන විශාල ගිණි කඳු පිපිරීම් සහ ඉන් පිටවන විෂ වායු මෙම සිදුවීම් වලට හේතු විය හැක.  

එහෙත් මෙම කිසිදු මතයක් තවමත් සනාථකර ගැනීමට නොහැකි වී ඇති අතර මෙකි සියලු සිදුවීම් අදටද ලොවට අභිරහසක් ව පවතී. 

වැදගත් දින සහ සිදුවීම් - ජුනි මාසය

මාසයේ  වැදගත් දින

ජූනි 01 - ලෝක දෙමාපිය දිනය
ජුනි 04 - අාක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය
ජූනි 05 - ලෝක පරිසර දිනය
ජුනි 08 - ලෝක සාගර දිනය
ජුනි 12 - ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය
ජුනි 13 - ඇලිතාවය පිළිබඳ (Albinism ) ලෝක දිනය
ජුනි 14ලෝක රුධිර දන්දීම පිළිබඳ  දිනය
ජුනි 15 - වැඩිහිටි අපයෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය
ජුනි 17 - කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන්වැදීමේ ලෝක දිනය
ජුනි 20 -  ලෝක සරණාගත දිනය
ජූනි 21 - ලෝක සංගීත දිනය
ජූනි 21 - පියවරුන්ගේ දිනය
ජුනි 21 - යෝගා පිළිබද වූ ලෝක දිනය 
ජුනි 23 - එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය
ජුනි 23 - ජාත්‍යන්තර වැන්දඹු දිනය
ජුනි 23 - මහජන සේවය පිළිබද වූ ලෝක දිනය
ජුනි 26 - මත්ද්‍රව්‍ය අපයෝජනය සහ නීති විරෝධී ප්‍රවාහනයයට එරෙහි ජාත්‍යන්තර දිනය
ජුනි 26 - වද හිංසනයට ගොදුරුවූවන්ට සහාය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය
ජුනි 29 - ජාත්‍යන්තර නිවර්තන දිනය
ජුනි 30 - ජාත්‍යන්තර ග්‍රාහක දිනය 

මාසයේ වැදගත් සිදුවීම්

ජුනි 3
ගගනගාමී Edward White අභ්‍යවකාශයේ ගමන්  කල ප්‍රථම ඇමරිකානුවා  බවට පත්වේ. - 1965

ජුනි 9
රෝම අධිරාජ්යෙකු වූ නීරෝ මිය යයි - ක්‍රි.ව 68
ප්‍රකට ගත්කතුවරයෙකු වූ චාල්ස් ඩිකන්ස් එංගලන්තයේ Godshill හිදී මිය යයි - 1870
ප්‍රථම ඇමෙරිකානු බැලස්ටික් මිසයිල සබ්මැරීනය එළිදක්වයි - 1959
  
ජුනි 14
ඇමෙරිකානු යුධහමුදාව ස්ථාපනය කරයි - 1775 

ජුනි 18
ගගනගාමී Sally K. Ride අභ්‍යවකාශයේ ගමන්  කල ප්‍රථම ඇමරිකානු කාන්තාව බවට පත්වේ. - 1983

ජුනි 19
ඇමරිකානු ජනපදවල වහල් සේවාව තහනම් කෙරේ  - 1862

ජුනි 23
යතුරු ලියනය සදහා පේටන්ට් බලපත්‍රය හිමි කර ගනී - 1868

ජුනි 26
කොරියානු යුද්ධය අවසන් වේ - 1953

ජුනි 30
නැපෝලියන් බොනපාර්ට් මියයි - 1821

පෝෂේ ( Porsche )

ජර්මනියට අයත් සුපිරි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පෝෂේ (Porsche) හි මුලස්ථානය පිහිට ඇත්තේ ජර්මනියේ Stuttgart නගරයේය.මෙහි  ආරම්භය ලෙස සැලකෙන්නේ 1931 වසරයි. ආරම්භකයා වන්නේ Ferdinand Porsche මහතාය. 

පෝෂේ (Porsche) සමාගම පළමුව තම නාමය යටතේ මෝටර් රථ නිපද වීමක් සිදු නොකෙරුණි. ඒ වෙනුවට අනෙක් මෝටර් සමාගම් වෙනුවෙන් මෝටර් රථ නිපද වීමත් උපදේශනය සැපයීමත් සිදු කෙරුණි. 
 
Ferdinand Porsche

මේ අනුව ජර්මානු Volkswagen සමාගමෙන් මහජනයාට භාවිතයට ගත හැකි මෝටර් රථයක් නිපදවීමේ කාර්යය Porshe සමාගම වෙත පැවරුණි. මෙහිදී ඔවුන් නිපද වූ මෝටර් රථය වන්නේ මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ සාර්ථකම නිර්මාණයක් වන “Volkswagen Beetle” රථයයි.

Volkswagen Beetle
1939 දී Volkswagen Beetle රථයේ උපාංග උපයෝගී කර ගනිමින් Porsche 64 රථය නිපදවන ලදී. 1945 දී දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග Volkswagen කර්මාන්ත ශාලාව බ්‍රිතාන්‍ය යටතට පත්විය. එහි සමාගම් ප්‍රධානි තනතුර දෑරූ Ferdinand ඉවත් කෙරුණු අතර යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ මාස 20ක් සිරබත් කෑමටද සිදු වුනි. 
Porsche 356
මේ අතර තුර ඔහුගේ පුත් Ferry Porsche, Porche නාමය යටතේ රථයක් නිපද වීමේ කාර්යය සැලසුම් කෙරුණි. මෙහි ප්‍රතිපලයක් ලෙස Porche 356 නිපද වන ලදී. මෙය ඔවුන්ගේ ප්‍රථම නිර්මාණය ලෙස බොහෝ දෙනා සලකනු ලබයි.මෙම රථයට සැදීමට Volkswagen රථයේ කොටස් භාවිතා කරන ලද  අතර  Porsche නාමය දැරූ  පළමු roadster මෝටර් රථය විය. 

"Coat of Arms of the Free People State" යන තේමාවෙන් Porsche සිය ලාංඡනය නිර්මාණය කලේද මෙම කාලය තුලයි. 1951 දී Ferdinand Porsche හෘදයාබාධයකින් මරණයට පත්වීමත් සමග  ඔහුගේ පුත්‍රයා වන Ferry  Porsche හට  සමාගමේ අයිතිය පැවරුණි.

Porsche 550 Spyder
1953 වන විට ඔවුන් තම වඩාත්ම ප්‍රසිද්ධ මෝටර් රථය  වූ Porsche 550 Spyder වෙළද පලට නිකුත් කිරීම අරඹන ලදී. එය වාහන කර්මාන්තය තුල වඩාම සාර්ථක මෝටර් රථය බවට පත් විය. ඉන් වසර තුනකට පසුව Porsche සමාගම තම 25 වන සංවත්සරය  සැමරුයේ  තම 10,000 වන නිෂ්පාදිත මෝටර් රථයත් වෙළඳපොළට නිකුත් කරමිනි. 

1961 දී Porsche සමාගම Ferry  Porsche ගේ පුතු වූ  Alexander  Porsche ගේ නිර්මාණ සැලසුමකට අනුව කරන ලද නව මෝටර් රථය වූ 
Porsche 911 එලි දැක්වීය. 

 Porsche 911 (1967)
1974 දී, 911 Turbo මෝටර් රථයත් 1988 දී , 911 Carrera 4 මෝටර් රථයත් Porsche සමාගම විසින් වෙළඳ පලට නිකුත් කරන ලදී.

1993 දී Detroit මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Boxter සංකල්පය යටතේ මෝටර් රථයක් එලි දැක්වීමත් සමඟ එයට ලැබූ සීග්‍ර ඉල්ලුම නිසා  Porsche සමාගම ඉන්  වසර දෙකකට පසු නව 911 Turbo මෝටර් රථය එලි දක්වන ලදී.


වර්තමානයේ Porsche හි අයිතිය සතු වන්නේ Volkswagen සමාගමටයි.
 
Porche Boxter