ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ග්‍රීක ඔලිම්පියන් දෙවිවරු - 2 ( 12 Olympian Greek Gods )

7. ඇෆ්රෝඩයිටි (Aphrodite)


ආදරය,ලිංගිකත්වය සහ රුපශ්‍රියට අධිපති දෙවඟන වන්නේ ඇයයි. Zeus විසින් තම පියා වූ Cronus ගේ ජනේන්ද්‍රය කපා මුහුදට විසිකළ කොටසින් Aphrodite දෙවඟන බිහි වූවායයි ග්‍රීක සාහිත්‍යයේ සඳහන් වේ.

Aphrodite දෙවඟනගේ අත ගැනීමට දෙවිවරුන් අතර සිදුවීමට ගිය ආරවුල මැඩපැවත් වීමට Zeus විසින් ඇයව අවලස්සන  Hephaestus හට විවාහ කර දුන් බව සඳහන් වේ. එහෙත් ඉන් පසුවත් ඇයගේ අනියම් ඇසුරු කිහිපයක්ම පැවතුනි.

පරෙවියා, හංසයා සහ රෝස මල් සංකේත වේ.  

රෝමන් නාමය වන්නේ  Venus  ය. 

8. ඇතිනා (Athena)


ප්‍රඥානයට සහ යුද්ධයට අධිපති දෙවඟන වන්නේ ඇය යි. යුද්ධයන් හිදී බොහෝ විට ග්‍රීක වීරයන් හට මග පෙන්වීම ලබා දෙනනේ මෙම දෙවගන බව සඳහන් වේ .ඇගේ උපත පිලිබඳ ග්‍රීක සාහිත්‍යයේ අපුරු පුවතක් සඳහන් වේ . එනම් වරක් Zeus හට තද බල  හිස රුදාවක් සෑදෙන අතර එකවරම ඔහුගේ නලලෙන් Athena දෙව්දුව සම්පුරණයෙන් වැඩුණු සහ යුද අවි , ඇදුම් දරා මතුවූ බවයි.

රෝමන් නාමය වන්නේ  Minerva ය. 

9. ආටෙමිස් (Artemis)


දඩයමට,වනාන්තර සහ කදු වලට,සඳට සහ දුණු විදීමට අධිපති දෙවඟන ලෙස සැලකේ. තවද වන සතුන්ගේ, දරු ප්‍රසුතියේ සහ කන්‍යභාවයේ දෙවඟන ලෙසද සැලකේ.  ග්‍රීකයන්ගේ මහත් ආදරයට සහ ගෞරවයට පාත්‍රවූ දෙවඟනක් ලෙස සැලකේ. පියා Zeus වන අතර මව ටයිටන් දෙවඟනක් වූ Leto ලෙස සඳහන් වේ. Apollo නිවුන් සහෝදරයා වේ. 

ඉපැරණි ලෝක පුදුම වල සඳහන් වන එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus) ඇය වෙනුවෙන් ඉදි කරන ලද්දකි. 

රෝමන් නාමය වන්නේ  Diana ය.

10. ඇපලෝ (Apollo)


සුර්යාට,ආලෝකයට,සංගීතයට සහ අනාගත වාක්‍ය කීමට අධිපති දෙවියන් ලෙස සැලකේ. පියා Zeus දෙවියන් වන අතර මව Leto දෙවඟන වේ. Artemis දෙවඟන නිවුන් සහෝදරිය වේ. ඔහු Delos නම් ග්‍රීක දුපතේ උපත ලද බව සැලකේ.

මිනිසාට වෛද්‍ය විද්‍යාව ලබා දෙන ලද්දේ Apollo දෙවියන් බව සැලකේ. එමෙන්ම ඔහු සතු දුන්න සහ රිදී ඊතල විදීම මගින් නොයෙක් වසංගත රෝග පැතිර  වීමේ හැකියාවද ඒවා සුව කිරීමේ හැකියාවද  ඔහු සතු වේ.

ඔලිම්පස් හි පැවති දෙවියන්ගේ සාද වලිදී ,ඔහු සතු  lyre නම් තත් සංගීතය  භාණ්ඩය වාදනය කරමින් ගීත ගායනයට රුසියෙකු වූ බව ග්‍රීක සාහිත්‍යයේ සඳහන් වේ.

ඩොල්පින් සහ හංසයා ඔහුගේ පුජනිය සත්වයන් වේ .

රෝමන් නාමය වන්නේද Apollo යන්නයි. 


11. හර්මිස් (Hermes)


වෙළදාමට,සංචාරකයන්ගේ,සොරුන්ගේ,ක්‍රීඩාවන්ගේ,දේශ සිමා තරණයේ සහ කථිකත්වයට අධිපති දෙවියන් ලෙස සැලකේ. එමෙන්ම දෙවියන්ගේ පණිවිඩ කරු ලෙස ද සැලකේ. පියා Zeus වන අතර මව ටයිටන් ඇට්ලස් දෙවියන්ගේ දියණිය වූ Maia වේ.ඔහු එක දිනක් තුල පිළිසිදගෙන එදිනම උපත ලද බව සඳහන් වේ.

ඔහු සතු කපටි සහ සුක්ෂම හැකියාවන් යොදාගෙන  යම් අවස්ථාවන් හිදී මිනිසුන්ට උදව් කිරීමත් තවත් විටක විනෝදයට දෙවියන් මුලාකොට සතුටු වීමත් සිදු කල බව සදහන් වේ.

රෝමන් නාමය වන්නේ Mercury යන්නයි.   


12. හෆෙස්ටස් (Hephaestus) 



ගින්දරට, ලෝහ කර්මාන්තයට අධිපති දෙවියන් ලෙස සැලකේ. පියා Zeus ද මව Hera ද වේ. දෙවියන් අතර සිටි එකම අවලස්සන සහ අබ්බගාත දෙවියන් වූ බැවින් උපතේදීම Hera විසින් ඔලිම්පස් කඳු මුදුනින් පහලට විසිකළ බව සඳහන් වේ. කෙසේ නමුදු ඉන් දිවි බේරා ගත්  ඔහු ,පසුව Zeus  විසින් දෙවියෙකු ලෙස ඔලිම්පස් කඳු මුදුනට පිළිගන්නා ලදී.

 Aphrodite දෙවඟනගේ අත ගැනීමට දෙවිවරුන් අතර සිදුවීමට ගිය ආරවුල මැඩපැවත් වීමට Zeus විසින් ඇයව අවලස්සන  Hephaestus හට විවාහ කර දුන් බව සඳහන් වේ. එහෙත් ඉන් පසුවත් ඇයගේ අනියම් ඇසුරු කිහිපයක්ම පැවතුනි.

දෙවියන්ගේ සියලු ආයුද උපකරණ තනා දුන් කම්මල්කරුවා වන්නේ  Hephaestus ය. Cupid නම් දෙවියන්ගේ ඊතල ද ට්‍රෝජන් යුද්ධයේදී Achilles විසින් භාවිතා කල අයුධ ද මොහුගේ නිර්මාණ විය.   

රෝමන් නාමය වන්නේ Vulcan යන්නයි.   

ග්‍රීක ඔලිම්පියන් දෙවිවරු - 1 ( 12 Olympian Greek Gods )

ග්‍රීක සාහිත්‍යයට අනුව විශ්වය දෙවිවරු සහ දෙවඟනන්  විසින් ග්‍රීසියේ ඔලිම්පස් කඳු මුදුනේ සිට පාලනය කරනු ලබයි. මොවුන් හඳුන්වනු ලබන්නේ ඔලිම්පියන්ස් (Olympians) යන නාමයෙනි. ඔලිම්පියන්වරු බලයට පැමිනෙන්නේ ඔවුන්ගේ නායකයාවූ (Zeus) විසින් තම පියා වූ (Cronos) ඇතුලු ටයිටන්වරු (Titans) පරාජය කිරීමත් සමගමය.

ඔවුන් කවුරුන් දැයි සැකෙවින් පහත දැක්වේ.

1. සීයුස් (Zeus)

සියලු දෙවියන්ට වඩා බලවත් වූ දෙවියන්ගේ රජුය. ආකාශයට සහ වර්ෂාවට අධිපතිය. අකුණු සැර ඔහුගේ ආයුධයයි. 

මොහුගේ පියා ටයිටන්වරුන්ට අධිපති වූ Cronus වන අතර මව Rhea වුවාය. ඔහුට Poseidon, Hades නමින් වැඩිමහළු සොහොයුරන් දෙදෙනෙකු ද Hestia, Hera, Demeter නමින් වැඩිමහළු සොහොයුරින් තිදෙනෙකුද විය.  

හේරා (Hera) දෙවඟන බිරිඳයි. එහෙත් වෙනත් අනියම් සබඳතා රැසක්ම පැවති බව පැවසේ. බොරු කියන්නන්ට සහ පොරොන්දු කඩ කරන්නන්ට දඬුවම් ලබා දෙන්නේ ද සියුස් බව පැවසේ. ඕක් සහ අකුණු සැර සංකේත වේ.

රෝමන් නාමය වන්නේ Jupiter ය.

2. පොසෙයිඩන් (Poseidon)  


සියුස්ගේ සහෝදරයා මෙන්ම ඔහුට පසු බලයෙන් වැඩිම දෙවියන් ලෙස සැලකේ.මුහුදට අධිපති දෙවියන්ය. ඕෂන්ස් නම් ටයිටන්වරයාගේ මිනිපිරියවූ Amphitrite ඔහුගේ බිරිඳයි. මොහු කෝපවූ විට භූකම්පන ඇතිවන බව පැවසේ. 

ඩොල්පින් මත්සයින් විසින් රැගෙන යන රත්රන් රියක නැගී මහ මුහුදු සාගර තරණයට මහත් ප්‍රියතාවයක් දැක්වූ බව සඳහන් වේ.  

Poseidon හට ඔලිම්පස් කදු මුදුනේද , ගැඹුරු සාගර පතුලේ ද යන තැන් දෙකෙහිම මාලිගා තිබුන අතර සිය බිරිද සමග සාගර පතුලේ මාලිගාවේ වැඩි කාලයක් ගත කල බව පැවසේ.

තිශූලය අයුධයයි. අශ්වයා සහ ත්‍රිශූලය සංකේතවේ.
රෝමන් නාමය වන්නේ Neptune ය. 

3. හේඩීස් (Hedes)


හේඩීස් සියුස්ගේ  සහෝදරයා වීය. තම පියාණන්වූ  ක්රෝනෝස් පරාජය කිරීමෙන්  පසු ඔහු තම සහෝදරයින් වන  සියුස් සහ පොසෙයිඩොන් සමග බලය බෙදා ගැනීමට සටන් කිරීමට පෙලබුනි. බලයට ඉතා කෑදර වූ ඔහු අතිශයින් දරුණු වු දෙවි කෙනෙකු විය.

මොහු පාතාල ලොවෙහි එනම් අපායෙහි ජීවත් වූ අයෙක් බව සැලකේ.පොළව කැනීමෙන් ලබාගත් ඉතා වටිනා අනර්ඝ ලෝහමය ද්‍රව්‍යයන්  විශාල ප්‍රමාණයක් ඔහු සතු වී තිබුණි.එම හේතුව නිසාවෙන් ධනයට අධිපති දෙවියන්වූ  හෙඩීස්, තමන් සතු ධනය නිතරම වැඩි කරගැනීමට  මහත් සැලකිල්ලක් දැක්විය. 

තමුන් අදෘශ්‍යමාන කරවන හිස්වසුමක්ද  ඔහු සතු විය.නමුත් මොහු තමන් ජීවත් වූ පාතාලයෙන් එලියට පැමිණුනේ ඉතාම කලාතුරකිනි.
හෙඩීස්  ඉතා කෘර හා අනුකම්පා රහිත දෙවි කෙනෙක් වුවත් ඔහු චපල අයෙක් නොවුවේය.ඔහුගේ බිරිඳ වූ ප්ර්සිෆෝන් වද ඔහු විසින් පැහැරගෙන ආ එක් අයෙකි. හෙඩීස් මරණයේ දෙවියන් ලෙසද සලකනු ලබයි.

රෝමන් නාමය වන්නේ Pluto ය.

4. හේශියා (Hestia)


Hestia සියුස්ගේ  සහෝදරිය විය . ඇය කන්‍යාවියන්ට අධිපති දේවතාවියයි .

ඇය කිසිදා විවාහ නොවුන අතර සදාකල් කන්‍යා දෙව්දුවක් ලෙස සිටි බව පැවසේ. කාරුණික ගති ගුණ වලින් සමන්විත යයි සඳහන් වන ඇය කිසිවිටක වාද විවාද ,යුද්ධයන්ට හවුල් නොවුන අතර මෙනිසා දෙවිවරු අතර ආදරයටත් ගෞරවයටත් පත් විය  
ඇය නිවසෙහි උදුනට අධිපති දේවිය ද විය. ඉතිහාසයේ සඳහන් වන පරිදි අලුත උපන් දරුවකු නිවසට රැගෙන යාමට පෙර Hestia දේවතාවියගේ සංකේතයක් නිවසට රැගෙන යාම සිරිතක් විය.

රෝමන් නාමය වන්නේ Vesta ය 


5. හේරා (Hera)


හේරා  සියුස්ගේ  සොහොයුරිය මෙන්ම බිරිඳ ද වුවාය. හේරා  විවාහයට අධිපති දේවිය මෙන්ම ඇය විවාහක කාන්තාවන්  රැකබලා ගන්නා බව ග්‍රීක ඉතිහාසයේ සඳහන්වේ.

සියුස් කොවුළකු ලෙස වෙස් ගෙන සිටි අවස්තාවකදී හේරා රවටා ඇය සමග යහන්  ගතවූ බව ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් වන අතර මෙම ලැජ්ජාව වසන් කරගැනීමට සියුස් සමග විවාහ වීමට හේරාට සිදුවී තිබුණි. හේරා නිතරම සියුස් සමග අඩදබර ඇති කරගත් අතර අගේ මුල් දරු පිළිසිඳ ගැනීම් ද අසාර්ථක විය.

සියුස්ගේ උඩගුකම අනෙකුත් දෙවියන්ටත් කරදරයක් වූ අතර හේරා ඔවුන්ගේ උදවුද ගෙන සියුස් දෙවියන්ව මත්ද්‍රව්‍යකින් සිහි නැති කොට සයනයක ඉතාම තදින් ගැට ගසන ලදී.නමුත් එම දෙවියන් අතරද වූ විවාදයකින් සියුස්ට පක්ෂපාතී දෙවියන් ජයග්‍රණය කිරීම නිසා  සියුස්ව නැවත නිදහස් කිරීමට සිදු වුනි.

අනෙකුත් දෙවියන් සියුස් ඉදිරියේ අභයදානය ඉල්ලා දණ නැමුහ.
පසුව කෝපයට පත් සියුස් හේරා දෙවියව  අහසෙහි යකඩ දම්වැල් වලින් එල්ලා තැබූ බව කියවේ.ඇය නොනවත්වාම වේදනාවෙන් විලාප තැබීම උහුලාගත නොහැකිව සියුස් විසින් ඇයව නිදහස් කරන ලදී.නමුත් දිගින් දිගටම ඇය සියුස්ගෙන් පලිගැනීමට අවශ්‍ය වූ  හේරා ඇතැම් විට සියුස්ගේ ඉදිරි සැලසුම් දැනගෙන ඔහුට කුමන්ත්‍රණ කරමින් හා  ඔහු රවටමින් පරාජය කරවීමට සමත් වුවාය.

ඇය ඉතා  පූජනීය සතුන් ලෙස ගවයා  හා මොනරා සැලකූ බව සදහන් වේ. ඇගේ ප්‍රියතම නගරය Argos වේ.

රෝමන් නාමය වන්නේ Juno ය 

6. ඒරස් (Ares )


Ares සියුස්ගේ හා හේරාගේ පුත්‍රයා විය. දෙමාපියන් දෙදෙනාම ඔහුට අකමැති විය. මිනීමැරුම් සිදුකරමින් ලේ තවරාගෙන ඇති ඔහු යුද්ධයට අධිපති දෙවියා වන අතර දෙවියන් සහ මිනිසුන් අතර එතරම් ප්‍රසාදයට පත් නොවූ චරිතයක්  ලෙස ග්‍රීක ඉතිහාසයේ සහදන් වේ. 

ඔහුගේ පක්ෂියා ගිජුලිහිණියා වන අතර  ඔහුගේ සත්ව බල්ලා වේ.

රෝමන් නාමය වන්නේ Mars ය.

ඉතිරිය මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

මොසලෝනස් ගේ සොහොන් ගෙය (Mausoleum at Halicarnassus)

ඉපැරණි ලෝක පුදුම - 8 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම සොහොන්ගෙය, Artemisia රැජිණවිසින් තම සැමියා  වු  Mausolus  රජු ක්‍රි.පූ  353 දී මිය ගිය පසු Halicarnassus (වර්තමාන තුර්කියේ Bodrum නම් ප්‍රදේශය) හීදී    ඉදි කරන ලදී

Halicarnassus හා අවට ප්‍රදේශය  Mausolus රජු හා Artemisia රැජිණ  විසින් වසර 24ක් පාලනය කර ඇත.

Mausolus රජු විවාහ කරගෙන සිටි Artemisia රැජිණ ඔහුගේ සහෝදරියයි. එකල තම සහෝදරිය වවාහ කරගැනීම රජ පවුල් වල සම්ප්‍රධායක් වී තිබුණි. ක්‍රි.පූ 353 දී තම සැමියා මිය  ගිය පසු බලවත් කම්පාවට පත් Artemisia රැජිණ ලෝකයේ වඩාත් චමත්කාරජනක සොහොන් ගෙය නිර්මාණය කිරීම වෙනුවෙන්  අතිදක්ෂ ග්‍රීක චිත්‍ර ශිල්පීන් කුලියට ගන්නා ලදී.



Mausoleum at Halicarnassus යන නාමය Mausolus නමෙන් මුලාරම්භයක් ලෙස ගෙන මෙම සොහොන් ගැබට නම් තබන ලදී.
ප්‍රකට ග්‍රීක චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු වූ Pytheos හා Satyros සොහොන් ගෙයි හැඩය නිර්මාණය කර ඇති බව සදහන් වේ. ග්‍රීක, Lycian හා ඊජිප්තු ඇතුළුව විවිධ සංස්කෘතික කලාකරුවන්  සොහොන් ගෙය නිර්මාණයට දායක විය.

Mausolus රජු මියගොස් අවුරුදු දෙකකින්, Artemisia රැජිණ  මරණයට පත් විය. සොහොන් ගැබ  නිමකිරීමට පෙර ඇය මරණයට පත්වී තිබුණි.
කෙසේ හෝ වැඩ නිම කරන විට  මෙම සොහොන්ගේය  අඩි 147 ක් උස වූ අතර සම්පුර්ණ Halicarnassus ප්‍රදේශයම පෙනෙන ලෙස එය කඳු ඉස්මත්තේ පිහිටා ඇත.




කිරිගරුඬ වලින්  මෙම  සොහොන් ගැබම නිර්මාණය කර ඇති අතර සොහොන් ගැබට නැගීමට කළුගලින් සෑදු සිංහයන් ඇති පඩිපෙළක්  සාදා ඇතසොහොන් ගැබෙහි බිත්ති මත යුධකාමී ස්ත්‍රීන්ගේ  හා රණශුරයන්ගේ සිතුවම්ද දක්නට ලැබේ.



මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි.පූ 334 දී මෙම නගරය යටත් කර ගත්තත් මෙම සොහොන් ගැබට කිසිඳු හානියක් වුයේ නැත. ක්‍රි.පූ 58 දී හා 62 දී මුහුදු කොල්ලකරුවන් විසින් නැවතත් මෙම ප්‍රදේශයට පහර දුන්නත් සොහොන් ගැබ ආරක්ෂාවී තිබුණි. නමුත් 13 වන සියවසේ ඇතිවූ භුමිකම්පාවකින් මෙම සොහොන් ගැබ බොහෝ දුරට විනාශයට පත් වූ බව සදහන් වේ.

13 වන සියවසේ දී කුරුස යුද්ධ භටයන් මෙම  නගරය අල්ලා ගන්නා ලද අතර  ඔවුන් තම ගොඩනැගිලි ඉදි කිරීමට මෙම සොහොන් ගෙ කොටස් යොදා ගත් බව පැවසේ. 

ක්‍රි.ව 1401 වන විට සොහොන් ගෙහි ඉතිරි වී තිබුනේ පදනම පමණකි .
පුරාවිද්යාඥ චාර්ල්ස් නිව්ටන් විසින් ක්‍රි.ව 1800 දී Artemisia රැජිණ ගේ  හා  Mausolus රජු ගේ ප්‍රතිමාවන් සමග තවත් පෞරාණික කොටස්   කීපයක් සොයා ගන්නා ලදී. දැන් මේවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇතැයි සඳහන් වේ.



පුරාතන ලෝකයේ පුදුම ලැයිස්තුව සැකසුවා යයි සැලකෙන  Sidon හි ඇන්ටිපේටර් විසින් මෙම දැවැන්ත නිර්මාණයේ තිබු විශ්මිත බව නිසා ඉපැරණි ලෝක පුදුම අතරට මෙය ඇතුලත් කල බව සදහන් වේ 

වැදගත් දින සහ සිදුවීම් - මාර්තු මාසය

මාසයේ  වැදගත් දින

මාර්තු 01 -  ලෝක සමානාත්මතා දිනය
මාර්තු 03 - ලෝක වන සත්ව දිනය 
මාර්තු 08 - ජාත්‍යන්තර කාන්තා දිනය 
මාර්තු 15 - ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය 
මාර්තු 20 - ජ්‍යාත්‍යන්තර සතුටු වීමේ දිනය
මාර්තු 21 - ජාතීන් අතර අසමානතාවය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
මාර්තු 21 - ලෝක කාව්‍ය දිනය
මාර්තු 21 - ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය
මාර්තු 21 - වනාන්තර සහ ශාක පිළිබඳ ජාත්‍යන්තර දිනය
මාර්තු 22 - ලෝක ජල දිනය
මාර්තු 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
මාර්තු 24 - ලෝක ක්ෂය රෝග දිනය
මාර්තු 25 - වහල් භාවයට  සහ අත්ලාන්තික් සාගරය හරහා වහල් වෙළදාමට ගොදුරු වුවන් සිහිපත් කිරීමේ දිනය
මාර්තු 25
අතුරුදහන්  වූ  සහ  රඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනය

මාසයේ වැදගත් සිදුවීම් 

මාර්තු 5 
සෝවියට් දේශයේ ඒකාධිපති පාලකයෙකු වූ ජෝසෆ් ස්ටාලින් වසර 29 ක් බලයේ සිට, වයස 73 දී මිය යයි.- 1953

මාර්තු 7
ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ටෙලිෆෝනයට පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී  - 1876

මාර්තු 13
Sir William Herschel විසින් යුරේනස් ග්‍රහලොව සොයාගන්නා ලදී  - 1781

මාර්තු 14
ඇල්බර්ට් අයින්ස්ටයින් ජර්මනියේ Ulm හි උපත ලැබිය. - 1879

මාර්තු 15
Brutus,Cassius ඇතුළු වංශවතුන් පිරිසක් කුමන්තනයක් මගින් ජුලියස් සීසර් ඝාතනය කරන ලදී  - 44 B.C.

මාර්තු 18
Schick ආයතනය පළමු වරට විද්‍යුත් රේසරය වෙළඳපොලට හඳුන්වා දෙන ලදී - 1931

මාර්තු 20
එංගලන්තයේ 4 වන හෙන්රි රජු මිය යයි - 1413
සර් අයිසැක් නිව්ටන් ලන්ඩන් නුවරදී මියයයි - 1727 

මාර්තු 22
පැරිස් නුවරදී ප්‍රථම වරට චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනයට තබන ලදී - 1895

මාර්තු 25
RCA ප්‍රථම වරට වර්ණ රුපවාහිනිය නිපද වන ලදී  - 1954

මාර්තු 26
ශ්‍රේෂ්ට සංගීතඥයෙකු වූ බිතෝවන වියානා හිදී මිය යයි - 1827
පීලි සහිත ජීවිතාරක්ෂක බෝට්ටුවට හිමි පේටන් බලපත්‍රය ලබා ගන්නා ලදී  - 1845

මාර්තු 28
Nathaniel Briggs විසින් රෙදි සෝදන යන්ත්‍රයට හිමි පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී - 1797
කොන්ස්තන්තිනොපල් සහ අන්ගෝරා ලෙස තිබු තුර්කි නගර වල නම් ඉස්තාන්බුල් සහ අන්කාරා ලෙස වෙනස් කරන ලදී - 1930

මාර්තු 30
සෝවියට් රුසියාව විසින් ඇලස්කාව අමෙරිකාවට විකුණන ලදී - 1867