ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)

01 – Mona Lisa (La Gioconda) (c. 1503-05)

1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති  මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ  Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


02 – The Last Supper (1498)

ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ. මෙය ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි



03 – The Adoration of the Magi (1481)


මෙය 1480 දී ඩාවින්චි විසින් ෆ්ලොරන්ස් නගරයට ආසන්නයේ පිහිටි  "San Donato a Scopeto" දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය මත සිතුවම් කිරීම ඇරඹි අතර මාස 30ක් ඇතුලත නිම කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔහු ඊටපසු වසර තුල මිලාන් නගරය බලා පිටත් ව ගිය අතර සිතුවම නිම නොකෙරුණි 


04 – Baptism Of Christ (c. 1472)

මෙම චිත්‍රය ඩාවින්චි සහ Andrea del Verrocchio යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රමාණයෙන්  මීටර 1.77 x 1.51 ක් පමණ වේ. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ Uffizi කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.  


05 – Virgin of the Rocks (1483-1486)

මෙම සිතුවමේ පිටපත් දෙකක් දක්නට ලැබේ. එකක් ප්‍රංශයේ "Louvre" කෞතුකාගාරයේත් අනෙක ,"National Gallery" හිත් ප්‍රදර්ශනයට තබා ඇත  චිත්‍ර දෙකෙහිම මැඩෝනා සහ ළදරු ජේසුතුමා සමග කුඩා "John the Baptist " සහ දෙවගනක් නිරුපනය වේ.


06 – Madonna of the Carnation (1478-80)

තෙල් සායම් සිතුවමක් වන මෙය ප්‍රමාණයෙන් 62 cm x 48 cm පමණ වේ. ජර්මනියේ මියුනිච් හි Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


07 – St. John the Baptist (1513-16)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 69×57 පමණ වේ. ඩාවින්චිගේ අවසාන සිතුවම මෙය යයි සැලකේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.   


08 – The Virgin and Child with St Anne (1510)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 168 x 130 පමණ වේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.    



09 – Lady with an Ermine (1489–1490)

මෙය මිලාන්හි ආදිපාදවරයා වූ Lodovico Sforza ගේ බිරිඳ Cecilia Gallerani ගේ චිත්‍රයකි 





10 – Portrait of Ginevra de’ Benci (1474-1476)

මෙය ෆ්ලොරන්ස් නගරයේ ධනවත් බැංකුකරුවකුගේ දියණියගේ චිත්‍රයකි. වර්තමානයේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඇමරිකාවේ තිබෙන එකම ඩාවින්චිගේ චිත්‍රය වේ.  



Source : http://www.themost10.com/famous-leonardo-da-vinci-artworks/

සිකුරු ග්‍රහයා - Planet Venus


මෙහි සඳක් නොමැත.
ස්කන්ධය පෘතුවියෙන් 82% කි.
විෂ්කම්භය සැතපුම් 7520කි.
අවුරුද්දක් පෘතුවි දවස් 225කි.
දවසක් පෘතුවි දවස් 243 කි.
උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 850කි.
සූර්යයාගේ සිට දෙවෙනි ග්‍රහලෝකයි.
සූර්යයාට දුර සැතපුම් මිලියන  67කි.

සිකුරු ග්‍රහයා වලාකුලින් පිරි උෂ්ණත්වයෙන් ඉතා ඉහල ග්‍රහලෝකයකි.සිකුරු ග්‍රහයාගේ මතුපිට පදාසයම වලාකුලින් වැසී ඇත.මෙම වලාකුළු ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් සැදී ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකය සිකුරු ග්‍රහලෝකයයි.මෙය සූර්යයාට ඉතාම කිට්ටු වූ බුධ ග්‍රහයාටත් වැඩ උෂ්ණත්වයෙන් වැඩිය.

සිකුරු ග්‍රහයාද බුධ, පෘතුවි හා අඟහරු මෙන් පොලොවකින් යුක්ත ග්‍රහලෝකයකි.මෙහි තේරුම එහිද පාෂණ සහිත මතුපිටක් තිබීමයි.එහි භූගෝලීය වශයෙන් ගත්  විට පෘතුවියේ භූගෝලයට සමාන කඳු.මිටියාවත්,සානු හා ගිනි කඳු වලින් සමන්විත ආකාරය පෙනී යන අතර එහි දහස් ගණනින් ලෝදිය සහිත ගංගා හා ගිනිකඳු ඇති බව පිළිගැනේ.100km වඩා උසැති යෝධ ගිනි කඳු 100කට වඩා ඇති බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

දුරදක්නයක් නැතිවද සිකුරු ග්‍රහයා පෘතුවියේ සිට දැක ගත හැකි වුවත් මුලින්ම මෙම ග්‍රහයා සොයා ගත්තේ කව්ද යන්න වග සොයාගෙන නොමැත.ඉපැරණි ශිෂ්ටාචාරයන් පිළිගත් ආකාරයට එය ග්‍රහලෝක දෙකක් හෝ එක දීප්තිමත් තරුවක් විය.ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී  ග්‍රීක ගණිතඥයෙකු වූ Pythagoras එය තනි ග්‍රහලෝකයක් බව සොයා ගන්නා  ලදී.ක්‍රිස්තු වර්ෂ 1600 දී Galileo විසින් මෙම ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය වන බව සොයා ගත්තේය.

සිකුරු ග්‍රහයා නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා යැවුණු අතර ඉන් පළමුවන්න Venera 7 විය.සිකුරු ග්‍රහයා මත ගොඩබැස්සවූ මෙම යානාව රුසියානු නෞකාවකි.පසුව 1989 සිට 1994 දක්වා Magellan Probe නම් යානාව රේඩාර් මගින් සිකුරු ග්‍රහයාගේ මතුපිට  සිතියම් ගත කර වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කරගන්නා ලදී.

සිකුරු ග්‍රහයා පෘතුවි කක්ෂයෙන් ඇතුලත පිහිටි නිසා දහවල් කාලයේදී එය බැලීම සූර්ය එළියෙන්  බාධා වන  අතර හිරු නැගීමට පෙර හෝ හිරු බැසීමෙන් පසු සිකුරු ග්‍රහයා ඉතා දෙප්තිමත්ව බැබළෙනු දැකගත හැකිය.රාත්‍රී අහසේ ඇති දීප්තිමත්ම අකාෂ වස්තුව මෙයයි.

සිකුරු ග්‍රහයා ගැන සිත් අද ගන්න කරුණු කීපයක් 

සිකුරු ග්‍රහයා අනෙකුත් ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ .කිසියම් යෝධ ග්‍රාහකයක හෝ වල්ගා තරුවක බලපෑමෙන් මෙම ප්‍රතිවිරුද්ධ භ්‍රමණය සිදුවන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

පෘතුවියට වඩා  සිකුරු ග්‍රහයාගේ වායු පීඩනය 92 ගුණයක් වැඩිය.

සිකුරු ග්‍රහලෝකයටම විශේෂ වූ ලෝදියක් "pancake" ලෙස හදුන්වනු ලබයි.

සිකුරු ග්‍රහයාව නම් කරන ලද්දේ ආදරය සදහා ග්‍රීක දෙවතාවියක් වූ "Venus " නිසාවෙනි.කාන්තාවකගේ නම් ලද එකම ග්‍රහලෝකය මෙයයි.

සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 6වෙනි විශාලම ග්‍රහලෝකයයි.