දෙව් ලොව සටන ( Titanomachy )

(ග්‍රීක සාහිත්‍ය කථා - 3) 

තම පියා වූ යුරේනස් (Uranus) බලයෙන් පහකර දෙව්ලොව පාලනයට පත් වූ ක්රෝනස් (Cronus) තම සහෝදරිය වූ  රියා (Rhea) සමග විවාහ වූ අතර ඔවුනට දාව  Hera, Demeter, Hestia, Poseidon, Hades සහ Zeus ලෙස දරුවන් හයක්ද උපත ලැබීය. "ඔලිපිම්පියන්" දෙවිවරු (Olympians) ලෙස මොවුන් හදුන්වයි.


කෙසේ වුවද ක්රෝනස් (Cronus) තමා  තම පියා බලයෙන් පහ කර සේම තම දරුවෙකුගෙන්ද තමාට එම ඉරණම ඇත වේ යි බිය විය.ඒ නිසා ඔහු තමාගේ දරුවන්ද උපත ලද විගස ගිල දැමීම සිදු කෙරිණි.මෙයට බිරිද වූ රියා (Rhea) බලවත් කම්පාවට පත් වූ අතර තම බාලම  දරුවා වූ සීයුස් (Zeus) මෙයින් ගලවා ගැනීමේ අරමුණින් තම ස්වාමියා වූ ක්රෝනස් (Cronus ) හට Zeus වෙනුවට විශාල පාෂාණයක්  ගිල දැමීමට සලස්වන ලදී.

ඉන් අනතුරුව රියා (Rhea) කුඩා සීයස්ව ( Zeus ) ආරක්ෂාව සදහා ක්‍රීට් දූපතට පිටත් කර යැවුනි. එහිදී Amaltheia නම් එළු දෙනක් කුඩා zeus  රැකබලා ගත් අතර, පරවියන් දිව්‍යමය ආහාරද (Ambrosia) උකුස්සන් පානය කිරීමට දිව්‍යමය පානයක් වන  Nectar ද ගෙන එන ලදී,

වැඩිවියට පත් වූ සීයුස් තම අනන්‍යතාවය සඟවාගෙන තම පියා  වූ ක්රෝනස්ගේ මත් පැන් බෙදන්න බවට පත් විය.එහිදී මෙටිස් (Metis) නමැති ටයිටන් දෙවුදුගේ (ඇය පසුව සීයුස්ගේ පළමු බිරිද බවට පත් විය.) උදව් ඇතිව වයීන්  සහ අබ මිශ්‍රණයක් ක්රෝනස්ට පානය කිරීමට සලසවන ලදී. එමගින් ඇතිවූ වමනයත් සමග ඔහු විසින් ගිල දමන ලද දරුවන් 5 දෙනාම ඉවතට පැමිණෙන ලදී.

තම සහෝදර සහෝදරියන්ද එකතු කරගත් Zeus තම පියා ඇතුළු ටයිටන්වරුන්ට එරෙහිව සටන ඇරඹීය. මෙතෙක් කලක් Tatarus හි සිරකර සිටි Hecatonchires සහ  Cyclopes වරුන්ද, Zeus මුදවා ගත් අතර ,ඔවුන්ගේ සහයද Zeus  ඇතුළු ඔලිම්පියන්වරුන් හට ලැබුණි. 

Hecatonchires විශාල කදු කඩා වේගයෙන් ටයිටන්වරුනට දමා ගැසූ අතර Cyclopes, Zeus ගේ ප්‍රබල අවිය වූ  අකුණු සැරය (Thunderbolts) සාදා  දෙන ලදී. Giants ටයිටන්වරුන්ගේ සහයට සටන් කල අතර, ටයිටන්වරු අතරින් Themis සහ  Prometheus යන දෙදෙනා පමණක් ඔලිම්පියන්වරුන්ට සහයට සටන් කලෝය.

දස වසරක් පුරාවට සටන් පැවති අතර අවසානයේ Zeus ඇතුළු ඔලිම්පියන්වරුන්ට ජය අත්වුණි. Cronus ඇතුළු ටයිටන්වරු Tatarus හි සිරගත කෙරිණි. එහි මුරට බිහිසුණු Hecatonchires යොදවන ලදී. ඉන් පසු Zeus  ඇතුළු ඔලිම්පියන්වරු විශ්වයේ පාලනයට පත් විය.

1 comment:

  1. mama hiya hoya hoya hitya karunu piliwelatama hamba una. thank you very much.

    ReplyDelete