එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus)

( ලොව ඉපැරණි ලෝක පුදුම 7 - 5 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙම දේවස්ථානය පුරාණ ග්‍රීක දෙවඟනක වූ ආටිමස් දෙවඟන වෙනුවන් ක්‍රි.පූ 800 දී පමණ ඉදිකරණ ලද්දකි. වර්තමාන තුර්කියේ සෙල්තුක් ආසන්නයේ එපිසස් හි මෙය පිහිටා තිබී ඇත. ඩයනා දේවස්තානය නමින් ද හැඳින්වී ඇති මෙහි වර්තමානයේ කිසිවක් දක්නට නොලැබේ.

ආර්ටිමස් යනු ග්‍රික දෙවියෙන් වූ සියුස් සහ ලෙටෝ ගේ දියණිය මෙන්ම ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට සහ දඩයමට අධිපති දෙවියන් ලෙස සැලකේ. 

පලමු දේවස්තානය ක්‍රි.පූ 800 දී පමණ ඉදිකෙරුන අතර ගංවතුර හෝ යුධ ආක්‍රමණයක් මගින් විනාශ වූ බව සැලකේ. ඉන් අනතුරුව ක්‍රි,පූ 550 දී පමණ නැවත ඉදි කිරීම ඇරඹුන අතර පලමු දෙවොලට වඩා හතර ගුණයක් පමණ විශාල වන ලෙස ඉදි කෙරුණ බව සඳහන් වේ. 


දෙවොල තිබූ ස්ථානය අද 
ක්‍රි.පූ 356 දී පමණ දෙවන වතාවට දෙවොල හෙරොස්ට්‍රේටස් නම් පුද්ගලයා විසින් තම නම එමගින් ප්‍රසිද්ධියට පත් කර ගැනීමේ අරමුණින් ගිනිබත් කරන ලදි. ඔහුට මරණ දඬුවම හිමිවුන අතර මින් පසු ඔහුගේ නම සඳහන් කිරීම පවා මරණ දඬුවම ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. 

තෙවන වතාවට ක්‍රි.පූ 323 දී පමණ නැවත දෙවොල ඉදි කිරීම ඇරඹුන අතර කලින් දෙවතාවටම වඩා විශාල වන ලෙස ඉදිකල බව සඳහන් වේ. එය මීටර 137ක් (අඩි 450) දිග මීටර 69ක්(අඩි 225) පළල, උසින් මීටර 18ක්(අඩි 60) වන ලෙස කණු 127 කින් සමන්විත දැවැන්ත ලෙස ඉදි කල බව සඳහන් වේ.
ආටිමස් දෙවගන 
මෙහි අලංකාරවත් බව පලමු ලෝක පුදුම 7 ලියන ලද ඇන්ටිපේටර සයිඩන් විසින් මෙසේ විස්තර කර ඇත.

"‍මම රථ මාර්ග දෙපස සිටින උඩඟු බැබිලෝනියානුවන්, ඇල්පස් කඳුවලට පසෙකින් පිහිටි සියුස් ප්‍රතිමාව, එල්ලෙන උයන්, හිරුගේ මහා ප්‍රතිමාව, උසැති පිරමීඩ සහ මවුලෝසගේ මහා සොහොන් ගෙවල් දැක ඇත්තෙමි. නමුත් අහස උසට තැනුණු ආටිමිස් ගෘහය දුටු විට ඉහත කී විශ්මයන් ගේ ශ්‍රී විභූතිය අතුරුදහන් වී ගියේය. එවිට මෙම “බලව, ඔලිම්පස් කන්ද දෙස හැරුණු විට හිරු මෙතරම් ආශාවෙන් වෙනත් කිසිදු දෙයක් දෙස බලා නැත” කියා කීවෙමි." (උපුටා ගැනීම සිංහල විකිපීඩියා)

අවසාන වතාවට ක්‍රි.ව 268 දී පමණ සතුරු ආක්‍රමණ හේතුවෙන් මෙය විනාශ වූ අතර නැවත ඉදි කිරීමක් සිදු නොවීය.

මීට පෙර ලිපි

1. ගීසා හි පිරමිඩ (The Pyramids of Giza, Egypt) - 2,600 B.C.
2. බැබිලෝනියාවේ එල්ලෙන උයන (Hanging Gardens of Babylon , Iraq ) - 600 B.C.
3. ඔල්ම්පියාහි Zeus පිලිරුව (Statue of Zeus at Olympia, Greece ) - 466 - 435 B.C.

6 comments: