ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

Showing posts with label මෝටර් රථ. Show all posts
Showing posts with label මෝටර් රථ. Show all posts

පෝෂේ ( Porsche )

ජර්මනියට අයත් සුපිරි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පෝෂේ (Porsche) හි මුලස්ථානය පිහිට ඇත්තේ ජර්මනියේ Stuttgart නගරයේය.මෙහි  ආරම්භය ලෙස සැලකෙන්නේ 1931 වසරයි. ආරම්භකයා වන්නේ Ferdinand Porsche මහතාය. 

පෝෂේ (Porsche) සමාගම පළමුව තම නාමය යටතේ මෝටර් රථ නිපද වීමක් සිදු නොකෙරුණි. ඒ වෙනුවට අනෙක් මෝටර් සමාගම් වෙනුවෙන් මෝටර් රථ නිපද වීමත් උපදේශනය සැපයීමත් සිදු කෙරුණි. 
 
Ferdinand Porsche

මේ අනුව ජර්මානු Volkswagen සමාගමෙන් මහජනයාට භාවිතයට ගත හැකි මෝටර් රථයක් නිපදවීමේ කාර්යය Porshe සමාගම වෙත පැවරුණි. මෙහිදී ඔවුන් නිපද වූ මෝටර් රථය වන්නේ මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ සාර්ථකම නිර්මාණයක් වන “Volkswagen Beetle” රථයයි.

Volkswagen Beetle
1939 දී Volkswagen Beetle රථයේ උපාංග උපයෝගී කර ගනිමින් Porsche 64 රථය නිපදවන ලදී. 1945 දී දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග Volkswagen කර්මාන්ත ශාලාව බ්‍රිතාන්‍ය යටතට පත්විය. එහි සමාගම් ප්‍රධානි තනතුර දෑරූ Ferdinand ඉවත් කෙරුණු අතර යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ මාස 20ක් සිරබත් කෑමටද සිදු වුනි. 
Porsche 356
මේ අතර තුර ඔහුගේ පුත් Ferry Porsche, Porche නාමය යටතේ රථයක් නිපද වීමේ කාර්යය සැලසුම් කෙරුණි. මෙහි ප්‍රතිපලයක් ලෙස Porche 356 නිපද වන ලදී. මෙය ඔවුන්ගේ ප්‍රථම නිර්මාණය ලෙස බොහෝ දෙනා සලකනු ලබයි.මෙම රථයට සැදීමට Volkswagen රථයේ කොටස් භාවිතා කරන ලද  අතර  Porsche නාමය දැරූ  පළමු roadster මෝටර් රථය විය. 

"Coat of Arms of the Free People State" යන තේමාවෙන් Porsche සිය ලාංඡනය නිර්මාණය කලේද මෙම කාලය තුලයි. 1951 දී Ferdinand Porsche හෘදයාබාධයකින් මරණයට පත්වීමත් සමග  ඔහුගේ පුත්‍රයා වන Ferry  Porsche හට  සමාගමේ අයිතිය පැවරුණි.

Porsche 550 Spyder
1953 වන විට ඔවුන් තම වඩාත්ම ප්‍රසිද්ධ මෝටර් රථය  වූ Porsche 550 Spyder වෙළද පලට නිකුත් කිරීම අරඹන ලදී. එය වාහන කර්මාන්තය තුල වඩාම සාර්ථක මෝටර් රථය බවට පත් විය. ඉන් වසර තුනකට පසුව Porsche සමාගම තම 25 වන සංවත්සරය  සැමරුයේ  තම 10,000 වන නිෂ්පාදිත මෝටර් රථයත් වෙළඳපොළට නිකුත් කරමිනි. 

1961 දී Porsche සමාගම Ferry  Porsche ගේ පුතු වූ  Alexander  Porsche ගේ නිර්මාණ සැලසුමකට අනුව කරන ලද නව මෝටර් රථය වූ 
Porsche 911 එලි දැක්වීය. 

 Porsche 911 (1967)
1974 දී, 911 Turbo මෝටර් රථයත් 1988 දී , 911 Carrera 4 මෝටර් රථයත් Porsche සමාගම විසින් වෙළඳ පලට නිකුත් කරන ලදී.

1993 දී Detroit මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Boxter සංකල්පය යටතේ මෝටර් රථයක් එලි දැක්වීමත් සමඟ එයට ලැබූ සීග්‍ර ඉල්ලුම නිසා  Porsche සමාගම ඉන්  වසර දෙකකට පසු නව 911 Turbo මෝටර් රථය එලි දක්වන ලදී.


වර්තමානයේ Porsche හි අයිතිය සතු වන්නේ Volkswagen සමාගමටයි.
 
Porche Boxter

ෆෙරාරි ( Ferrari )


ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික  Enzo Ferrari මහතාය. ඔහු 1898 පෙබරවාරි 18 දින ඉතාලියේ Modena හි උපත ලැබිය.තරුණ වියේදී  ඔහු Alfa Romeo මොටරථ ධාවකයෙකු ලෙසද කටයුතු කලේය.

ෆෙරාරි සමාගමේ ආරම්භක අඩිතාලම ලෙස සැලකෙන්නේ 1929 දී Enzo Ferrari විසින් පිහිටවනු ලැබූ Scuderia Ferrari නම් මෝටර් රථ ධාවකයන්ට තරග වලදී  අනුග්‍රහය දක්වන ආයතනයයි. 1933 දී Alfa Romeo සමාහම තම මෝටර් රථ ධාවන කණ්ඩායම විසුරුවා හැර එය Scuderia Ferrari කණ්ඩායම වෙත පවරන ලදී. නැවත 1938 දී Alfa Romeo සමාහම ඔවුන්ගේම කණ්ඩායම ලෙස Alfa Corse පිහිටුවා ගත් අතර Enzo Ferrari මහතා කළමණාකරු ලෙස පත් කරන ලදී. මේ සමගම Scuderia Ferrari කණ්ඩායම විසුරුවා හරින ලදී.



Ferrari 458 Speciale A
1939 දී එයින් ඉවත් වූ ඔහු Auto Avio Costruzioni නමින් මුලිකවම ගුවන් යානා අමතර කොටස් සහ විවිධ යන්ත්‍ර කොටස් නිපදවන තමාගේම ව්‍යාපාරයක් අරඹන ලදී .1949 දී ඔවුන් Tipo 815 නමින් ධාවන තරඟ වලට භාවිතා කරන මෝටර් රථයක් නිපදවන ලදී. දෙවන ලෝක යුද සමයේ 1944 දී මිත්‍ර හමුදා විසින් බෝම්බ දැමීම නිසා කර්මාන්ත ශාලාව විනාශයට පත්විය. දෙවන් ලෝක යුද්ධය නිමවීමත් සමග 1946 දී නැවත කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කල අතර මෙවර සාමාන්‍ය මාර්ගවල ගමන් කල හැකි (road cars) මෝටර් රථ නිපද වීමද ආරම්භ කර තිබුණි.

මෙහි ප්‍රතිපලයක් ලෙස 1947 දී පළමු Ferarri මෝටර් රථය ( Road Car)  වූ 125 S එළිදක්වන ලදී. මෙය Ferarri මෝටර් රථ වල ඇරඹුම ලෙස සැලකේ.

Ferarri ලාංජනය ලෙස යොදා ගන්නා අශ්වයාගේ සංකේතය (cavallino rampante) පිලිබඳ ද ඉතිහාස කතාවක් පවතී. එනම් එම සංකේතය පළමුව භාවිතා කර ඇත්තේ පළමු  ලෝක යුද්ධ සමයේ ඉතාලිය වෙනුවෙන් සටන් කර දිවි පිදු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම පළමු ලෝක යුධ විරුවෙකු වූ  Francesco Baracca ය. ඔහු  තම ගුවන් යානයේ බඳ කොටසේ මෙම අශ්වයාගේ රුපය සිතුවම් කරගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි. 


1923 දී Enzo මෝටර් රථ ධාවන තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Francesco Baracca ගේ මව මුණ ගැසිනි.එහිදී
ය කල ඉල්ලීමකට අනුව විවිධ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව 1929 සිට එය තම නිල ලාංජනය ලෙස භාවිතා කිරීම ඇරඹිය. තම උපන් ගම වූ Modena හි සංකේතත්මක් වර්ණය වූ කහ ලාංජනයේ පසුබිම ලෙස යොදා ගැනුන අතර මුදුනේ ඉතාලි ජාතික කොඩියේ වර්ණ වූ කොළ සුදු සහ රතු සිතුවම් කරන ලදී. S F යන අක්ෂර දෙකෙන් Scuderia Ferrari යන්න නිරුපනය වේ .



Ferarri මෝටර් රථ වලට බොහෝ විට යොදා ගන්නා රතු වර්ණයට හේතු වී ඇත්තේ 1920 ගණන් වල සිට මෝටර් රථ ධාවන තරග වලදී රථ නිරුපන කරන රට වෙන්ව හඳුනා ගැනීමට යොදා ගන්නා වර්ණය අනුවයි. ඒ අනුව Alfa Romeo, Maserati,Ferrari, Abarth ආදී ඉතාලි මෝටර රථ රතු වර්ණයෙන්ද , Bugatti වැනි ප්‍රංශ මෝටර් රථ නිල් වර්ණයෙන්ද , Benz වැනි ජර්මානු මෝටර් රථ සුදු වර්ණයෙන්ද (1934 සිට රිදී පැහැය), බ්‍රිතාන්‍ය මෝටර් රථ කොළ පැහැයෙන්ද වර්ණ ගන්වයි .

තවත් සුපිරි ඉතාලි මෝටර් රථ සමාගමක් වන Lamborghini සමාගමේ ආරම්භයට ද පාදක වී ඇත්තේ Enzo Ferarri මහතා සහ Ferruccio Lamborghini මහතා අතර ඇති වූ මත ගැටුමකි. (එය කියවන්න )   

1969 දී Fiat සමාගම Ferarri හි 50% ක කොටස් මිලදී ගන්නා ලද අතර 1988 වන විට 90% ක කොටස් මිල දී ගන්නා ලදී. වර්තමානය වන විට (2015) 80% ක කොටස්  Fiat Chrysler සමාගම සතුවන අතර තවත් 10% ක් කොටස් මහජනයා වෙත නිකුත් කොට තිබුණි.ඉතිරි 10% ක කොටස් Enzo Ferarri මහතාගේ  පුත්‍රයකු වන Piero Ferrari සතු වේ.

වර්තමානයේ වෙළඳපොල ඇති Ferrari මෝටර් රථ කිහිපයක් පහත දක්වා ඇත  

Ferrari 488 GTB


Ferrari 458 Speciale


Ferrari California


www.ferrari.com වෙබ් අඩවිය ඔස්සේ වැඩි තොරතුරු ලබාගත හැක

මසරාටි ( Maserati )

මසරාටි මෝටර් රථ සමාගම 1914 දෙසැම්බර් 1 දින ඉතාලියේ බොලොග්නා හිදී ආරම්භ කරන ලදි. මසාරාටි සහෝදරයන් වන ඇල්ෆෙයරි, බින්ඩෝ, කාර්ලෝ, එටොර් සහ අර්නෙස්ටො යන අය විසින් මෙය අරබන ලදි.

වර්තමානයේ මෙහි අයිතිය ඉතාලියේ ෆියට් (Fiat) සමාගමට හිමිවන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ මොඩෙනා හිය.
 
මසරාටි ලාංඡනය

 මසරාටි මෝටර් රථයේ වෙළඳ සංකේතය වන්නේ ත්‍රිශුලයයි (Trident). ත්‍රිශූලය වෙලඳ සංකේතය ලෙස ගැනීමට හේතුවී ඇත්තේ ඔවුන්ගේ උපන් ගම වූ බොලොග්නා හි Piazza Maggiore හි පිහිටුවා ඇති ත්‍රිශූලයක් අතදරාගෙන සිටින නෙප්චූන්ගේ පිලිරුවයි. එමගින් ශක්තිය සහ ජවය නිරූපනය වීමත් මෙන්ම තම උපන් ගම සිහිවීමත් පිණිස මෙය සංකේතය ලෙස ගැනීමට තීරනය කෙරුණි.

මසරාටි සහෝදරයන්

1937 දී පමන මසරාටි සහෝදරයන් තම සමාගම Adolfo Orsi පවුලට විකුනා දැමුන නමුත් තවදුරටත් මෝටරථ නිෂ්පාදනයට හවුල් විය. 1939 සහ 1940 වසර දෙක තුලදීම Maserati 8CTF  රථය සුපිරි Indianapolis 500 තරඟාවලිය ජය ගෙන එසේ කල පලමු ඉතාලි මෝටරථ සමාගම බවට පත් විය. 1957 දී Maserati 250F රථය ලෝක ශූරතාව දිනා ගැනීම විශේෂ සිදුවීමක් විය.

1957 සිදුවූ සිදුවීමක් නිසා මසරාටි මෝටරථ ධාවනයෙන් ඉවත් වී සාමාන්‍ය වෙළඳපොලට නිර්මාණය ඇරඹිය. එසේ වෙළඳපොළට නිකුත්කල Maserati 3500 GT රථය බෙහෙවින් ජනප්‍රිය විය.   


Maserati-3500

1968 දී සමාගම ප්‍රංශ මෝටරථ සමාගමක් වන Citroen අතට පත්විය. මෙහිදී Maserati Indy, Maserati Bora, Maserati Merak, Maserati Khamsin යන රථ වෙළඳ පොලට නිකුත් කරන ලදි. 1973 ලෝක තෙල් අර්බුදයත් සමග Citroen සමාගම බලවත් අවදානමකට මුහුණ පෑමට සිදුවිය. අවසානයේ ඔවුන් මසරාටි සමාගම වසා දමන බවට නිවේදනය කරන ලදි. එහි සේවයේ නියුතු 800 කගේ පමණ රැකියා නැතිවීමේ අවධානමකට පත්විය.කෙසේ නමුදු විවිධ පාර්ශවල මැදිහත් වීම නිසා අවසානයේ Alejandro De Tomaso මහතා සහ Benelli සමාගම මසරාටි සමාගම මිලදී ගන්නා ලදි.

Maserati 2015 Alfieri

1993 වසරෙදී Fiat සමාගම Maserati සමාගම මිලදී ගන්නා ලදී. මෙම ගණුදෙනුවද  වැඩිකල් නොපැවතුනු අතර Ferarri සමාගම විසින් 1997 දී මිලට ගන්නා ලදි. 2002 වසරේදී Maserati රථ ඇමරිකානු වෙලඳ පොලට නැවත නිකුත් කෙරුනි. 2005 දී Ferarri සමාගමෙන් නැවත වරක් Fiat සමාගම අතට පත් විය. අද වනවිට ද (2015) මෙහි අයිතිය Fiat සමාගම සතුවේ.  

වර්ෂ 2014 දී මසරාටි තම සියවස සමරන ලදි.

බුගාටි ( Bugatti )

බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.

Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය.

ලැම්බොගිනි ( Lamborghini )

සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත.

මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ  Ferruccio Lamborghini  මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන ඇරඹූ අතර එමගින් හා තවත් ව්‍යාපාර නිසා 1960 ගනන් වන විට මහත්
ධනවතෙකු බවට පත්විය. දිනක් ඔහු එවකට ඔහු සතුව තිබූ මෝටර් රථ අතරින් ( Ferrari ) රථයේ ඇතිවූ දෝෂයක් නිරාකරණය කර ගැනීම සඳහා ඒ ආසන්නයේ  පිහිටි ( Ferrari ) ආයතනයේ සිටි එහි හිමිකරුවූ  Enzo Ferrari මහතා හමුවීමට ගිය අතර,  Enzo Ferrari මහතා ඔහු හමුවීමට කැමැත්තක් දක්වා නැත. මෙයින් කෝපයටපත්  Ferruccio Lamborghini  මහතා තමාගේම මෝටර් රථ ව්‍යාපාරයක් වූ Automobili Lamborghini  1963 දී අරඹන ලදි. ඔහු ගවපොර ( bullfighting ) පිලිබඳ මහත් උනන්දුවක් දැක්වූ අතර Lamborghini  මෝටර් රථ ලාංඡනය ලෙස fighting bull තෝරා ගන්නා ලදි.

අවුඩි ( Audi )

Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ  Ingolstadt, Bavaria හිය.
මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින  August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි


නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි