ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ග්‍රීක සාහිත්‍ය කථා (Greek Mythology)

*** 1 කොටස ***

ලෝක සාහිත්‍ය ඉතිහාසය ගත් කල ග්‍රීක සාහිත්‍යයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. පුරාණ ග්‍රීක වැසියන් තමන්ට තේරුම් ගැනීමට නොහැකිවූ වර්ෂාව, විදුලි කෙටීම්, මුහුද, ඇල දොල  වැනි නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, විශ්වයේ (ජීවයේ) ආරම්භය වැනි දේ විස්තර කිරිමට ගත් උත්සාහය  ග්‍රීක සාහිත්‍යයේ උපත ලෙස සැලකේ.

එය Zeus , Athena,Apollo,Hedes  ආදී දෙවිවරුන් , දෙවඟනන් ගෙන්ද, Heracles(Hercules), Hector, Achilles, Odysseus  ආදී වීරයන්ගෙන් ද, Cyclopes, Centaur, Unicorn, Giants ආදී  අද්භූත මනක්කල්පිත සතුන්ගෙන් ද, Andromeda ,Pandora, Helen, Europa  ආදී කාන්තා චරිත කතා වලින් පිරුණු ඉතා සිත්ගන්නා සුලු සාහිත්‍යකි.

Olympian God Zeus
දැනට සඳහන් වන පැරණිම ග්‍රීක වීරකාව්‍යයන් දෙකක් වන Homer ගේ ඉලියඩ් (Iliad) සහ ඔඩෙසි (Odyssey) මගින් සුප්‍රසිද්ධ Trojan War  සහ ඊටපසු ඇති වූ ප්‍රතිවිපාක ඇතුලත් කාල පරිච්චේදය විස්තර කෙරේ. එයට සමකාලීනයෙකු වූ Hesiod විසින් රචිත  Theogony (Origin of the Gods) සහ  Works and Days යන කාව්‍යය මගින් විශ්වයේ උපත, බලගතු දෙවියන්ගේ ඇතිවීම (Titans, Olympians) සහ ඔවුන්ගේ විකාශනය, මිනිසා ඇතුලු සත්වයන්ගේ උපත සහ මිනිසාගේ දුකෙහි උපත (Prometheus, Pandora) ආදී බොහෝ කරුණු විස්තර කෙරේ. මීට අමතරව එකල ලියවුනු බොහෝ පොත්ද ග්‍රීක සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු විය.
Centaur
ග්‍රීක සාහිත්‍යය ඇසුරෙන් නිපැයුණු " Clash of the Titans" , Wrath of the Titans , Percy Jackson , The Trojan Wars ආදී චිත්‍රපට මෙන්ම Hercules ආදී ටෙලි කතා මාලා ඔබ නරඹා ඇත්නම් මෙම ග්‍රීක සාහිත්‍යයේ අපූර්වත්වය ඔබට අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවේ.

ග්‍රීක සාහිත්‍යයේ චරිත මෙන්ම සිද්ධීන් බොහොමයක් රෝම සාහිත්‍යයේද දක්නට ලැබෙන අතර එවා වෙනත් නම් වලින් ඔවුන් හඳුන්වනවා. (උදා: ග්‍රීක : Zeus. රෝම : Jupiter /  ග්‍රීක Hercles. රෝම : Hercules ) . ඉදිරි ලිපි මහින් ග්‍රීක සාහිත්‍යයේ එන රසබර තොරතුරු ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙන අතර එමගින් ග්‍රීක සාහිත්‍ය පිලිබඳ අවබෝධයක් ලබා දීමට හැකිවෙතැයි සිතනවා.

මසරාටි ( Maserati )

මසරාටි මෝටර් රථ සමාගම 1914 දෙසැම්බර් 1 දින ඉතාලියේ බොලොග්නා හිදී ආරම්භ කරන ලදි. මසාරාටි සහෝදරයන් වන ඇල්ෆෙයරි, බින්ඩෝ, කාර්ලෝ, එටොර් සහ අර්නෙස්ටො යන අය විසින් මෙය අරබන ලදි.

වර්තමානයේ මෙහි අයිතිය ඉතාලියේ ෆියට් (Fiat) සමාගමට හිමිවන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ මොඩෙනා හිය.
 
මසරාටි ලාංඡනය

 මසරාටි මෝටර් රථයේ වෙළඳ සංකේතය වන්නේ ත්‍රිශුලයයි (Trident). ත්‍රිශූලය වෙලඳ සංකේතය ලෙස ගැනීමට හේතුවී ඇත්තේ ඔවුන්ගේ උපන් ගම වූ බොලොග්නා හි Piazza Maggiore හි පිහිටුවා ඇති ත්‍රිශූලයක් අතදරාගෙන සිටින නෙප්චූන්ගේ පිලිරුවයි. එමගින් ශක්තිය සහ ජවය නිරූපනය වීමත් මෙන්ම තම උපන් ගම සිහිවීමත් පිණිස මෙය සංකේතය ලෙස ගැනීමට තීරනය කෙරුණි.

මසරාටි සහෝදරයන්

1937 දී පමන මසරාටි සහෝදරයන් තම සමාගම Adolfo Orsi පවුලට විකුනා දැමුන නමුත් තවදුරටත් මෝටරථ නිෂ්පාදනයට හවුල් විය. 1939 සහ 1940 වසර දෙක තුලදීම Maserati 8CTF  රථය සුපිරි Indianapolis 500 තරඟාවලිය ජය ගෙන එසේ කල පලමු ඉතාලි මෝටරථ සමාගම බවට පත් විය. 1957 දී Maserati 250F රථය ලෝක ශූරතාව දිනා ගැනීම විශේෂ සිදුවීමක් විය.

1957 සිදුවූ සිදුවීමක් නිසා මසරාටි මෝටරථ ධාවනයෙන් ඉවත් වී සාමාන්‍ය වෙළඳපොලට නිර්මාණය ඇරඹිය. එසේ වෙළඳපොළට නිකුත්කල Maserati 3500 GT රථය බෙහෙවින් ජනප්‍රිය විය.   


Maserati-3500

1968 දී සමාගම ප්‍රංශ මෝටරථ සමාගමක් වන Citroen අතට පත්විය. මෙහිදී Maserati Indy, Maserati Bora, Maserati Merak, Maserati Khamsin යන රථ වෙළඳ පොලට නිකුත් කරන ලදි. 1973 ලෝක තෙල් අර්බුදයත් සමග Citroen සමාගම බලවත් අවදානමකට මුහුණ පෑමට සිදුවිය. අවසානයේ ඔවුන් මසරාටි සමාගම වසා දමන බවට නිවේදනය කරන ලදි. එහි සේවයේ නියුතු 800 කගේ පමණ රැකියා නැතිවීමේ අවධානමකට පත්විය.කෙසේ නමුදු විවිධ පාර්ශවල මැදිහත් වීම නිසා අවසානයේ Alejandro De Tomaso මහතා සහ Benelli සමාගම මසරාටි සමාගම මිලදී ගන්නා ලදි.

Maserati 2015 Alfieri

1993 වසරෙදී Fiat සමාගම Maserati සමාගම මිලදී ගන්නා ලදී. මෙම ගණුදෙනුවද  වැඩිකල් නොපැවතුනු අතර Ferarri සමාගම විසින් 1997 දී මිලට ගන්නා ලදි. 2002 වසරේදී Maserati රථ ඇමරිකානු වෙලඳ පොලට නැවත නිකුත් කෙරුනි. 2005 දී Ferarri සමාගමෙන් නැවත වරක් Fiat සමාගම අතට පත් විය. අද වනවිට ද (2015) මෙහි අයිතිය Fiat සමාගම සතුවේ.  

වර්ෂ 2014 දී මසරාටි තම සියවස සමරන ලදි.

නොබෙල් ත්‍යාගය ( Nobel Prize )

නොබෙල් ත්‍යාගයේ නිර්මාපකයා වන්නේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් මහතාය ( Alfred Bernard Nobel ). සෑම වසරකම දෙසැම්බර් 10 දින රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය,වෛද්‍ය විද්‍යාව , ආර්ථික විද්‍යාව සහ සාමය යන අංශ 6 සඳහා විශිෂ්ට සේවාවක් කල පුද්ගලයන් වෙත මෙය පිරිනමනු ලබයි.

ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතා 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක්හෝම හිදී ඉංජිනේරු පවුලකට දාව උපත ලැබීය. ඔහුගේ පියා හමුදාව සඳහා යුද අවි ආයුධ නිපද වීමේ නියුතු වූ බව සඳහන් වේ. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉතා දක්ෂ රසායන විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් මෙන්ම නව නිපැයුම්කරුවෙක් ද විය. ඩයිනමයිට් ඇතුලු නව සොයා ගැනීම් 355 ක පමණ හිමිකරුවා වන්නේ ඔහුය. ඔහු සොයාගත් ඩයිනමයිට් මිනිස් ඉතිහාසයේ ඉතා තීරණාත්මක සොයා ගැනීමක් විය.

1888 දී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ බාල සොහොයුරා වූ ලුඩ්විග් නොබෙල් කර්මාණ්ත ශාලාවේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමක් අතරතුර සිදුවූ පිපිරීමක් නිසා මරණයට පත් විය. එනමුත් පුවත් පත් වල වැරදීමකින් පලවූයේ "මරණයේ වෙලෙන්දා මිය යයි" යන ශීර්ෂ පාථයෙන්  ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය බවය. මෙයින් බොහෝ දෙනා සතුටට පත් වූ අතර නොබෙල් මහත් කම්පණයට පත් විය. තමා මිය ගිය පසු ඔහු පිලිබඳ මිනිසුන්ගේ මතකයේ රැඳෙන ආකාරය පිලිබඳ බියට පත් විය.මෙය නොබෙල් ත්‍යාගය බිහිවීමට මූලිකවම පලපෑ සිදුවීම විය.

1896 දෙසැම්බර් 10 දින වයස අවුරුදු 63ක් වන විට නොබෙල් මහතා මිය ගිය අතර 1895 දී ලියන ලද ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව, ඔහු සතු මුලු ධනයෙන් 94%ක් එනම් ස්වීඩන් ක්‍රෝනා මිලියන 31ක් (ඩොලර් මිලියන 265ක්) නොබෙල් ත්‍යාගය වෙනුවෙන් යෙදවීමට කටයුතු යොදා තිබේ.

නොබෙල් ත්‍යාග පිරිනැමිම සඳහා "නොබෙල් පදනම" 1900 දී පිහිටවන ලදි.මෙය ස්වීඩනයේ ස්ටොක්හෝමහි පිහිටා තිබේ. ත්‍යාග සඳහා සුදුස්සන් තෝරාගනු ලබන්නේ නොබෙල් පදනම විසින් නොවේ. එය සිදුකරනු ලබන්නේ පත්කරන ලද විද්වත් මණ්ඩල සහ ඒ ඒ ක්ෂේත්‍රයට අදාල පිලිගත් ආයතන එකමුතු වීමෙනි. නොබෙල් සාම ත්‍යාගය පිලිබඳ නොර්වීජියානු නොබෙල් කමිටුව වගකීම දරන අතර අනෙකුත් ත්‍යාග පිලිබඳව පත්කරන ලද ස්වීඩන් ආයතන වගකීම් දරයි.

ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ගේ අවසන් කැමති පත්‍රයේ කිසිවක් සඳහන් කර නොතිබුනි. එහෙත් නොබෙල් කමිටුවේ සංකල්පයකට අනුව 1968 සිට අර්ථික විද්‍යාව පිලිබඳ ත්‍යාගයද ඇතුලත් කරන ලදි.

පලමු නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුනේ 1901 දෙසැම්බර් 10 වැනිදාය.(දෙසැම්බර් 10 යොදා ගන්නේ එය ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගිය දිනය වන බැවින් ඔහුට ගරු කිරීමක් වශයෙනි). නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ ඔස්ලෝ නුවර්දීත් අනෙකුත් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම නුවර්දීත් ප්‍රධානය කරනු ලබයි.

නොබෙල් ත්‍යාග ලාභීන්ට රන් පදක්කමක්, සහතික පත්‍රයක් සහ මුදල් ත්‍යාගයක් හිමිවේ. සෑම වසරකම ඔක්තෝම්බර් මස දෙවන සතියේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කරනු ලබයි.