ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ඊ-බේ ( Ebay)

ebay නිර්මාණය කිරිමේ ගෞරවය හිමිවන්නේ  ප්‍රංශයේ උපන් ඉරාන ජාතික පරිගණක ඉංජිනෙරුවෙකු වු Pierre Omidyar හටය. ඔහු විසින් 1995 සැප්තැම්බර් මස, සිය වයස 29 දී පමණ ඇමරිකාවේ කැලිෆොර්නියා හිදි මෙය ආරම්භ කරන ලදි.

අන්තර්ජාල වෙලඳ පොල වෙබ් අඩවියක් ආරම්භ කිරිමේ අරමුනින් ඔහු විසින් පලමුව මෙය Auction Web යන නාමයෙන් ඉදිරිපත් කෙරුණි.


පලමුව මෙම වෙබ් අඩවිය මගින් අලෙවිකරණ ලද්දේ, ඩොලර් 14.83 කට කැඩුණ ලේසර් තුඩකි (Laser Pointer). මෙය ඔහු විසින්  විසින් තම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා අලෙවියට 
Pierre Omidyar
තබන ලදදකි. මෙහි අලෙවියත් සමග පුදුමයට පත් හෙතෙම,මිලදී ගත් තැනැත්තා අවබොධයකින් තොරව වැරදීමකින් මෙය මිලදී ගන්නට ඇතය සිතා ඔහුව ඇමතීමක් කර මෙය කැඩුණු ලෙසර් තුඩක් බව දැනුම් දීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු තමා කඩුණු ලෙසර් තුඩවල් එකතු කරන්නෙක් බැවින් මෙය මිලදී ගත් බව දැනුම් දී ඇත.


ආරම්භයේදී  Pierre විසින් හුදෙක් විනෝදය උදෙසා තම වෙබ් අඩවිය පවත්වා ගෙන ගියද වෙබ් අඩවිය පරීෂීලකයන් වැඩි වීමත් සමග වෙබ් අඩවි සේවා සපයන්නන් (hosting provider) ඔහුට එවකට තිබූ පැකේජයට වඩා වැඩි මිලකට තිබූ පැකෙජය වෙත මාරුවීමට දැනුම් දී තිබුණි. මෙසේ වියදම වැඩිවීමත් සමග වෙබ් අඩවියේ නඩත්තුව සඳහා භාවිතා කරන්නන්ගෙන් මුදලක් අය කිරීමට හෙතෙම තීරණය කරන ලදි. ඒත් සමගම ඔහු තම ප්‍රතම සේවකයා ලෙස Chris Agarpao බඳවා ගන්නා ලදි. ඊට ටික කලකට පසු තම ව්‍යාපාරික හවුල්කරු ලෙස , Jeffrey Skoll  බඳවා ගන්නා ලදි.

1996 වසර තුල දී මෙම වෙබ් අඩවිය විසින් අලෙවි කිරීම්  250000 පමණ පවත්වා තිබුනි. එම වසර අවසානයෙදී Electronic Travel Auction  නම් සමාගමක් සමග එලබුනු ගිවිසුමකට අනුව ගුවන් ටිකත්පත් සහ ඒ අදාල දෙ අලෙවිය ආරම්හ කිරීම ebay තැබූ පලමු විශාලතම පියවර විය. මේ හෙතුව නිසා 1997 වසර ජනවාරි මස තුල ebay මගින් සිදුකල අලෙවි  ප්‍රමාණය මිලියන 2ක ඉක්මවා තිබුනි. එම වසර අවසානය වන විට තම ව්‍යාපාරයේ සහ වෙබ් අඩවියේ නාමය ebay ලෙසට වෙනස් කරන ලදි.

1998 මුල් භාගය වන විට ebay හි සේවය කල ගණන 30 ක් පමණ වූ අතර ලක්ෂ 5කට අධික භාවිතා කරන්නන් පිරිසක් විය  එම වසර අවසානයේ ebay කොටස් වෙළඳපොලට  සිය කොටස් නිකුත් කල අතර ඩොලර් 18 ට නියම කල කොටසක මිල පළමු දිනය තුල දීම ඩොලර් 53.50 දක්වා ඉහල නැගුනි 1999 වසර තුල ප්‍රථම වරට ebay ශාඛා යුරෝපයේ ආරම්භ කරන ලදී 

මෙතෙක් (2016 වන විට) ebay තුල වැඩිම මිලකට අලෙවිකරණ ලද භාණ්ඩය වන්නේ ඩොලර් මිලියන 168 කට අලෙවිකරන ලද සුපිරි නෞකාවයි. 2006 වසරේ දී මෙය මිලදී ගනු ලැබුවේ රුසියානු සුපිරි ධනපතියෙකු වූ  Frank Mulder විසිනි. ඩොලර් මිලියන 4.9 කට අලෙවිවුණු සුපිරි ගුවන් යානය සහ ඩොලර් මිලියන 2.6කට ලොව සුපිරි ධනවතෙකු වූ Warren Buffett සමග දිවා ආහාරය ගැනීමට අවස්ථාව පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනී.


ඩොලර් මිලියන 4.9 ගුවන් යානය 

ඩොලර් මිලියන 168 නෞකාව
ebay විසින් 2002 වසරේ දී paypal ද, 2005 දී skype,shopping.com, rent.com සහ 2007 දී StubHub ඇතුළු තවත් වෙබ් අඩවි රැසක් මිලදී ගන්නා ලදී. (2009 දී skype නැවත විකුණා දමන ලදී)   

අද වන විට ebay ලෝකයේ වැඩිම අදායමක් උපයන ආයතනයක් වන අතර අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි අතරින් පළමු තැනට පත්ව තිබේ. මෙහි ප්‍රධානම තරගකරුවා ලෙස සැලකෙන්නේ amazon වෙබ් අඩවියයි    

Forbes වෙබ් අඩවි දත්ත වලට අනුව 2015 වන විට Pierre Omidyar වත්කම ඩොලර් බිලියන 8.9ක් පමණ වේ.     

ඔරයන් තරු රටාව (Orion Constellation)

  • තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක.
  • උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැක 
  • මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් සමන්විතවේ 
  • මිට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී
  • මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එහි අරය අප සුර්යාගේ මෙන් දහස් ගුණයක් පමණ විශාලවේ   
  • Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යාමෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි  
  • ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තරු 3න මෙහි විශේෂත්වයක් උසුලයි 
ග්‍රීක පුරාවෘත්ත

ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ඔරායන් යනු ඉතා ජවසම්පන්න දඩයක්කරුවෙකි.ඔහුගේ මරණයෙන් පසු සියුස් දෙවියන් විසින් ඉහල අහසේ තරු අතර රැඳ වූ බව පැවසේ. රාත්‍රී අහසේ ඔරායන් ,ඊට ආසන්න තරු රටාව වූ ගවයා (Taurus) සමග සටනේ යෙදෙන බව පුරාණ ග්‍රීකයන්ගේ මතය විය.

ඔරායන් පිලිබඳ විවිධ පුරාවෘත්ත රාශියක් පවතී.ඉන් එකකින් පැවසෙන පරිදි ඔහු, සාගරයට අදිපති ග්‍රීක දෙවියන් වූ පොසේයිඩන් (Poseidon) ගේ පුත්‍රයෙකි. තම පිය උරුමයෙන් දියමත ඇවිදයාමේ හැකියාවක් ඔහු සතු විය. දිනක් අධික ලෙස මත්පැන් පානය කල ඔහු දියමත ඇවිද ගොස් Chios නම් දුපතට පැමිණ එහි ප්‍රධානියාගේ දියණියට බලපෑම් කරන ලදී. එහිදී ප්‍රධානියා විසින් කල පහරදීමකදී ඔරායන් අන්ධභාවයට පත්විය. පසුව ග්‍රීක හිරු දෙවියන්වූ හිලියස් විසින්  නැවත පෙනීම ලබා දෙන ලදී. 

තම දඩයම් කිරීමේ හැකියාව පිලිබඳ මහත් ආඩම්බරයට පත් ව හිස උදුම්මවා ගත් ඔරායන්, තමා විසින් මිහිපිට සිටින සියලුම දෙන විනාශ කරන බවට සපත කරන ලදී. මින් කෝපයට පත් පොළොවට අදිපති දෙවගන වූ Gaia විසින් දැවැන්ත ගොනුස්සෙකු (scorpion) ඔරායන් විනාශ කිරීමට එවන ලදී.එහිදී ඇතිවූ බිහිසුණු සටනින් දෙදෙනාම ජිවිතක්ෂයට පත් වූ අතර, දෙදෙනාම ඉහල අහසේ තරු අතර රඳවන ලදී    
රාත්‍රී අහසේ පෙනෙන අයුරු 

   

ඔරායන් තරු රටාවේ ප්‍රධාන තරු ලෙස Betelgeuse, Meissa, Bellatrix, Alnitak, Alnilam,Mintaka,Saiph,Rigel,M42 ආදී තරු හඳුන්වා දිය හැක. 

රෝඩ්ස් හි සුවිසල් ප‍්‍රතිමාව (Colossus of Rhodes)

 ( ඉපැරණි ලෝක පුදුම  -  6 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙය  පුරාණ ග්‍රීක ටයිටන් දෙවියෙකු වූ "හිලියස් " ගේ මීටර 30 (අඩි 98) ක් වූ දැවැන්ත හිටි පිළිමයකි. මෙය ඉදිකර තිබුනා යයි සැලකෙන්නේ ග්‍රීක රෝඩ්ස් දුපතේ,රෝඩ්ස් නගරයේය. ක්‍රි.පු 292 දී පමණ ඉදිකිරීම් ආරම්භ කල මෙම ප්‍රතිමාව ක්‍රි.පු 280 දී වැඩ නිමවන විට එකල ලොව තිබු උසින් වැඩිම ප්‍රතිමාව බවට පත්ව තිබුණි. නමුත් ක්‍රි.පු 226 දී පමණ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශ වීම නිසා අද වන විට දක්නට නොලැබේ.

මෙය ඉදිකිරීමට මුලිකම හේතුව වී ඇත්තේ ක්‍රි.පු 305 දී පමණ රෝඩ්ස් දූපත ආක්‍රමණය කල සයිප්‍රස් පාලකයා පරාජය කිරීම සමරනුවස්ය. පරාජය වී පළාගිය සයිප්‍රස් ආක්‍රමණිකයන් අත්හැර දමාගිය උපකරණ සම්භාරය විකුණා ලැබූ අදායමින් සහ ඉතිරි වූ ලෝහමය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන ප්‍රතිමාව ඉදිකිරිම පැවරුනේ මිට පෙර විශාල ප්‍රතිමා නිමවා අත්දැකීම ඇති
Lindos හි Chares නැමැත්තාටය. 


යකඩ රාමුව මත පිත්තල/තඹ  තහඩු ආවරණය කර ප්‍රතිමාව නිර්මාණය කර තිබු බව පැවසේ. අඩි 98 ක් උස ප්‍රතිමාව අඩි 50ක් පමණ වන පාදමක් මත ඉදිකර අතර නිම කිරීමට වසර 12ක් ගත විය. 


වසර 50 කට අධික කාලයක් රෝඩ්ස් හි වරාය පිවිසුම තුල පැවති මෙම දැවැන්ත පිළිමය ක්‍රි.පු 226 දී ඇතිවූ භුකම්පනයක් හේතුවෙන් විනාශයට පත් විය. එකල ඊජිප්තු පාලකයා වූ Ptolemy III නැවත ප්‍රතිමාව ඉදිකිරීමට ආධාර දීමට ඉදිරිපත් වුවද, ප්‍රතිමාව විනාශ වීම හිලියස් දෙවියන්ගේ කෝපවිමක් නිසා සිදුවුවක්  ලෙස සැලකු රෝඩ්ස් වැසියන් එය ප්‍රතික්ෂේප කළහ.   

වසර දහසකට අධික කාලයක් විනාශ වූ ප්‍රතිමාවේ සුන්බුන් කොටස් ඒ අවට විසිරි තිබු බව සඳහන් වන අතර ක්‍රි,ව 654 දී රෝඩ්ස් ආක්‍රමණය කල අරාබි ජාතිකයන් මෙම ලෝහ කොටස් කැබලි කොට විකිනු බව පැවසේ.

(විකිපීඩියා ඇසුරෙනි.)

අනෙකුත් ලිපි බලන්න  : http://goo.gl/9FebwQ