ගීසා හි පිරමිඩ ( The Pyramids of Giza - Egypt )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - දෙවන කොටස


මෙය ඊජීප්තුවේ cairo නගරයට උතුරින්, නයිල් නදියේ බටහිර ඉවුරේ Giza හි පිහිටා ඇත. ලෝක පුදුම අතරින් පැරණිම සහ අදට ද පවතිනින එකම නිර්මාණය මෙයයි.

ඊජීප්තුවේ පාරෝවරුන් (pharaohs) මරණින් පසු දෙවිවරුන් විමේ අපේක්ෂාවෙන් දෙවියන් උදෙසා දෙවොල්ද (Temples) තමන් සඳහා විශාල පිරමිඩාකාර සොහොන් ගෙවල්ද තනවන ලදි. මෙම පිරමිඩ තුල මරණින් මතු ලෝකයේ දී ඔවුනට අවශ්‍යය සියලු දේ ද තැන්පත් කරන ලදි. මෙහි විශාල පිරමිඩ 3ක් ඇත. ඒවානම්  Khufu (Cheops), Khafra (Chephren) සහ Menkaura (Mycerimus).


පාරෝ Khufu (Pharaoh Khufu)  විසින් 2550 B.C දී පමණ මින් පලමු සහ විශාලතම Khufu (Cheops) නම් පිරමිඩය තනවන ලදි. මෙය අක්කර 13 ක විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පවතින අතර  ටොන් 2 සිට 30 දක්වා බර කලුගල් ගඩොල් (Stone blocks ) මිලියන 2 ට අධික ප්‍රමාණයක් යොදාගෙන නිමවා ඇත. උසින් අඩි 450-480 පමන වන මෙය වසර 4000 කට අධික කාලයක් ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස පැවතුනි.

ඔහුගේ පුත් පාරෝ Khafra (Pharaoh Khafra) විසින් දෙවන පිරමිඩය (2520 B.C දී පමන) තනවන ලදි. මෙම සොහොන් භූමිය තුල පාරෝවකුගේ මුහුණක්ද සිංහයකුගේ ශරීරයක්ද ඇති විශාල පිලිමයක් තනවා ඇත. මෙම පිළිරුවින් එම සොහොන් ගැබට ආරක්ෂාව සපයන ආරක්ෂක භටයෙක් නිරුපනය වෙතැයි සැලකේ.

අනෙක් පිරමිඩ දෙකටම වඩා කුඩා වූ තුන්වන පිරමිඩය පාරෝ Menkaure (Pharaoh Menkaure) විසින් 2490 B.C දී පමන තනවා ඇත.

වර්තමානයේ පවතින නවීන උපකරණ නොමැතිව මෙවන් විශාල නිර්මාන ඔවුන් කෙසේ කලාද යන්න අදට ද ලෝකයට ගැටලුවක්ව පවතී. බොහෝ විට කලුගල් ගෙනයාමට විශාල ලී කොටන් යොදා ගන්නට ඇතය සැලකේ. 

0 comments:

Post a Comment