නාසා ආයතනය ( NASA )

නාසා ආයතනය 1958 ජූලි 29 දින ඇමරිකාවේ වොශිංටන් නගරයේ දී එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ Dwight D. Eisenhower මහතාගේ මූලිකත්වයෙන් ඇරඹිනි.නාසා යන නාමය ඉංග්‍රීසියෙන් National Aeronautics and Space Administration ලෙස හඳුන්වන අතර  මුලකුරු කෙටිකර NASA ලෙස හඳුන්වනු ලබයි. මෙහි සිංහල අරුත වන්නේ "ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය" යන්නයි.

නාසා ආයතනය ඇරඹීමට ආසන්නතම හේතුව වන්නේ 1957 ඔක්තෝබර් 4 දින සෝවියට් රුසියාව ලෝකයේ ප්‍රතම වරට "ස්පුට්නික් 1" නැමති චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමයි. ඇමරිකාව මෙය තම රාජ්‍යය ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙසද තම අභිමානයට වූ කැලැලක් ලෙසද සැලකීය. ඒවන විට  ඔවුන්ගේ අභ්‍යාවකාශ කටයුතු හා පර්යේෂන සිදුකෙරුනේ 1915 දී ස්ථාපිත කරණ ලද NACA (National Advisory Committee for Aeronautics) නම් ආයතනය මගිනි. එය 1958 දී විසුරුවා හැරුනු අතර ඒ වෙනුවට තවත් පුලුල් බලතල සහ පසුකම් සහිතව නාසා ආයතනය ආරම්භ කරන ලදි.

නාසා මූලස්ථානය

මේ කාලය වනවිට සෝවියට් රුසියාව සහ ඇමරිකාව අතර අභ්‍යාවකාශ තරගය ඇරඹී තිබුනි. පළමුව මිනිසෙකු අභ්‍යාවකාශයට යැවීමේ කීර්තිය අත්කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුනි.මේ සඳහා නාසා ආයතනය "Project Mercury" නමින් ව්‍යාපෘතියක් ආරම්භකර තිබුනි.මෙය නාසා අයතනය දියත් කල ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතියයි.  1961 මැයි 5 වන දින ඔවුන් Freedom 7 නම් යානයෙන්  Alan Shepard නම් ගගනගාමියා අභ්‍යාවකාශගත කොට තම අරමුන සපුරාලීය. නමුත් ඊට මසකට පෙර සෝවියට් රුසියාව  Vostok යානයෙන් යූරි ගගාරින් ( Yuri Gagarin) ආභ්‍යාවකාශගත කොට පියවරක් ඉදිරියෙන් සිටියේය.

මිනිසුන් දෙදෙනෙකු අභ්‍යාවකාශයට යැවිය හැකි යානයක් නිපද වීමේ අරමුණෙන් "Project Gemini" ව්‍යාපෘතිය 1961 දී ඇරඹුනි. මෙයට සමගාමීව මිනිසෙකු පලමුව හඳට යැවීමේ අරමුනෙන් ඇපලෝ ව්‍යාපෘතියද (Project Apollo) ආරම්භ කිරිනි. ඇපලෝ ව්‍යාපෘතියට මූලිකත්වය ගෙන කටයුතු කලේ එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතාය. සෝවියට් රුසියාව අභිබවා අභ්‍යාවකාශ තරගය ජය ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

ප්‍රථම සඳ තරණය

අවසානයේ 1969 ජූලි මස ඇපලෝ 11 යානයෙන් මිනිසුන් සඳමත ගොඩබස්වා නාසා ආයතනයත් ඇමරිකාවත් තම අරමුන සපුරා ගන්නා ලදි. එතෙක් මෙතෙක් තුල ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්තානය ඉදිකිරීම ඇතුලුව ලෝකයේ අභ්‍යාවකාශ පර්යේෂණ වල පෙරමුන ගෙන කටයුතු කරන්නේ නාසා ආයතනයයි.

නාසා ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේය. 18000 කට අධික සේවක පිරිසක් නාසා ආයතනයට සම්බන්ධව කටයුතු කරයි.

අභ්‍යාවකාශ වැඩ සටහන් වලට අමතරව එය දිර්ඝ කාලීන සමාජයීය සහ යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. නාසා ආයතනයේ ප්‍රධානතම පාලකයා ලෙස කටයුතු කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාය. මෙමගින් සිදුකරන ලබන සියලුම අභ්‍යාවකාශ ව්‍යාපෘති වලට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සහ උපකරණ සපයා දෙමින් ජනාධිපතිවරයා නාසාහි කටයුතු වලට සෘදුවම මැදිහත්වේ.  


Related Links:
http://en.wikipedia.org/wiki/NASA
http://history.nasa.gov/brief.html

15 comments:

  1. ඇත්තටම ඔබ කරන්නටඋත්සාහ කරන්නේ ඉතාම හොඳ වැඩක් පුංචි දරුවන්ටත් බොහොම ප්‍රයෝජනවත් වේවි ඉදිරියටත් මෙවැනි ලීපි ලියාගෙන යන්නට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සාරිකා ඔබේ අගය කිරීමට. ඇත්තටම අපේ පරමාර්ථයත් ඔබ කිව්වා වගේ පාසල් දුවාදරුවන්ට පමණක් නෙමේ වැඩිහිටි පරපුරටත් වටිනා දැනුමක් බෙදා දිමයි. විශේෂයෙන්ම පාසල් ළමුන් දැන් පොත පත කියවිඉමෙන් ඇත්වෙමින් අන්තර්ජාලයට ඇබ්බැහි වෙමින් පවතිනවා. ඉතින් අපට ඔවුන්ට දැනුම දීමට මෙවැනි අන්තර්ජාල මාධ්‍ය යොදා ගන්න වෙනවා. ඔබේ අගය කිරිම ඇත්තටම අපට මෙ ගමන යන්න හයියක්.

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොහොම ස්තූතියී.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි

    ReplyDelete
  6. අදයි මට මේ සම්බන්ධය ලැබුනේ. එය ඉතා වැදගත්. මගේ ළමා වියේ ලෝකයේ සිදු වූ සිදුවිම සොයා ගන්න මට අවශ්‍යයි. එම සිදුවීම් අපේ ජීවිත වලට බලපෑ අයුරු සොයා ගැනිමටයි ඒ. ස්තූතියි.

    ReplyDelete
  7. ලංකාවේ පුද්ගලයන් නැති ද

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල (තවද: සරත් ඩේවිඩ් ගුණපාල) යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (සොලිඩ් ස්ටේට්) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.

      Delete