ඔලිම්පියාහි "සීයුස්" ගේ පිළිරුව (Statue of Zeus at Olympia)

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - හතරවන කොටස


සීයුස්" ගේ පිළිරුවේ චිත්‍රයකි
ඉපැරණි ග්‍රීකයන්ට අනුව සියලු දෙවියන්ට අධිපති වූ සියුස් දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද මෙය අඩි 42 (මීටර 13) ක් පමණ උසකින් යුතු වූවයි සැලකෙන හිඳි පිලිමයකි. 

ක්‍රි.පූ 435 දී පමණ ග්‍රීක මූර්ති ශිල්පියෙකු වූ ෆීඩියස් ( phidias ) විසින් සාදන ලද්දකි. මෙය තැන්පත් කර තිබුනා යයි සැලකෙන්නේ පුරාණ ඔලිම්පියාහි සියුස්ගේ දෙවොලේය. (Temple of Zeus)

ලොව ඉපැරණි ලෝක පුදුම අතරටද අයත් මෙම පිළිමය සෑදීමට ෆීලියස් හට වසර 12ක් පමණ ගත වුනි යයි සැලකේ. ඔහු විසින් නිමකරන ලද මෙම පිලිමයේ තොරතුරු පුරාණ ග්‍රීක පොත පත් වල සහ ඉපැරණි කාසි වල නිරූපණ කර ඇත. දෙවොලට ආසන්න ප්‍රදේශයක ඔහුගේ වැඩ බිම පිටුවා තිබී ඇත.

පුරාණ ග්‍රීක කාසියක මෙය නිරූපණය වන ආකාරය
ලී රාමුවක් වටා ඇත්දල සහ රත්‍රන් තහඩු යොදා ගෙන පිලිමය නිමවා තිබී ඇත අතර එය කළුවර,ඇත් දල,රත්‍රන් සහ මැණික් වර්ග යොදා විචිත්‍ර කැටයමින් අලංකාර කරන ලද සිහසුනක් මත තැන්පත් කර තිබී ඇත. පිළිමයේ හිස වටා ඔලිව් කොල වලින් නිමවන ලද සාම්ප්‍රදායික ඔටුන්නක් නිරූපනය වන කැටයමක්ද , පාද වලට රතන් මිරිවැඩි සඟලක්ද තිබී ඇති අතර සීයුස් දෙවියන් ගේ ශරීරය, රත්තරනින් නිම කරන ලද ලෝගුවක් අවරණය කර තිබී ඇත. පිලිමයේ දකුණත මත ජයග්‍රහණයේ සංකේතය වූ Nike නම් ග්‍රීක දෙවඟනගේ කුඩා පිලිරුවක් තිබෙන අතර වම අතින්, පහලින් උකුස්සෙකු ද අල්ලාගෙන සිටින රාජ සෙංකෝලයක් දරා සිටී.

වසර 800කට වඩා කාලයක් මහත් ගෞරවයට පාත්‍ර වෙමින් ඔලිම්පියාහි දෙවොලේ පැවති මෙය  අද වන විට දක්නට නොලැබෙන අතර මෙහි විනාශය පිලිබඳ විවිධ මත පවතී. ඉන් එකකින් කියවෙන්නේ වර්ෂ 462 A.D දී  පමණ දෙවොලේ ඇතිවූ ගින්නකින් පිලිමය මුලුමනින්ම විනාශ වූ බවකි. තවකෙකින් කියවෙන්නේ එය "කොන්ස්තන්තිනොපල්" නගරයට ගෙන ගිය බවත්, එහි තැන්පත් කර තිබියදී ඇති වූ ගින්නකින් සම්පූරණයෙන් විනාශ වූ බවත්ය.

1950 දී හමුවූ ෆීඩියස්ගේ වැඩ බිම
1950 දී සිදුකරන ලද කැනීම වලින් "ෆීඩියස්" විසින් පිලිමය නිර්මාණය කිරීම සිදු කල වැඩ බිම සොයා ගන්නා ලදි.  

(අන්තර්ජාලය සහ විකිපීඩියා ඇසුරේනි)  

මීට පෙර පලවූ ලිපි



පින්තූර ගත්තෙ :



0 comments:

Post a Comment