ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)

01 – Mona Lisa (La Gioconda) (c. 1503-05)

1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති  මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ  Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


02 – The Last Supper (1498)

ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ. මෙය ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි



03 – The Adoration of the Magi (1481)


මෙය 1480 දී ඩාවින්චි විසින් ෆ්ලොරන්ස් නගරයට ආසන්නයේ පිහිටි  "San Donato a Scopeto" දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය මත සිතුවම් කිරීම ඇරඹි අතර මාස 30ක් ඇතුලත නිම කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔහු ඊටපසු වසර තුල මිලාන් නගරය බලා පිටත් ව ගිය අතර සිතුවම නිම නොකෙරුණි 


04 – Baptism Of Christ (c. 1472)

මෙම චිත්‍රය ඩාවින්චි සහ Andrea del Verrocchio යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රමාණයෙන්  මීටර 1.77 x 1.51 ක් පමණ වේ. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ Uffizi කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.  


05 – Virgin of the Rocks (1483-1486)

මෙම සිතුවමේ පිටපත් දෙකක් දක්නට ලැබේ. එකක් ප්‍රංශයේ "Louvre" කෞතුකාගාරයේත් අනෙක ,"National Gallery" හිත් ප්‍රදර්ශනයට තබා ඇත  චිත්‍ර දෙකෙහිම මැඩෝනා සහ ළදරු ජේසුතුමා සමග කුඩා "John the Baptist " සහ දෙවගනක් නිරුපනය වේ.


06 – Madonna of the Carnation (1478-80)

තෙල් සායම් සිතුවමක් වන මෙය ප්‍රමාණයෙන් 62 cm x 48 cm පමණ වේ. ජර්මනියේ මියුනිච් හි Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


07 – St. John the Baptist (1513-16)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 69×57 පමණ වේ. ඩාවින්චිගේ අවසාන සිතුවම මෙය යයි සැලකේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.   


08 – The Virgin and Child with St Anne (1510)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 168 x 130 පමණ වේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.    



09 – Lady with an Ermine (1489–1490)

මෙය මිලාන්හි ආදිපාදවරයා වූ Lodovico Sforza ගේ බිරිඳ Cecilia Gallerani ගේ චිත්‍රයකි 





10 – Portrait of Ginevra de’ Benci (1474-1476)

මෙය ෆ්ලොරන්ස් නගරයේ ධනවත් බැංකුකරුවකුගේ දියණියගේ චිත්‍රයකි. වර්තමානයේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඇමරිකාවේ තිබෙන එකම ඩාවින්චිගේ චිත්‍රය වේ.  



Source : http://www.themost10.com/famous-leonardo-da-vinci-artworks/

සිකුරු ග්‍රහයා - Planet Venus


මෙහි සඳක් නොමැත.
ස්කන්ධය පෘතුවියෙන් 82% කි.
විෂ්කම්භය සැතපුම් 7520කි.
අවුරුද්දක් පෘතුවි දවස් 225කි.
දවසක් පෘතුවි දවස් 243 කි.
උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 850කි.
සූර්යයාගේ සිට දෙවෙනි ග්‍රහලෝකයි.
සූර්යයාට දුර සැතපුම් මිලියන  67කි.

සිකුරු ග්‍රහයා වලාකුලින් පිරි උෂ්ණත්වයෙන් ඉතා ඉහල ග්‍රහලෝකයකි.සිකුරු ග්‍රහයාගේ මතුපිට පදාසයම වලාකුලින් වැසී ඇත.මෙම වලාකුළු ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් සැදී ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකය සිකුරු ග්‍රහලෝකයයි.මෙය සූර්යයාට ඉතාම කිට්ටු වූ බුධ ග්‍රහයාටත් වැඩ උෂ්ණත්වයෙන් වැඩිය.

සිකුරු ග්‍රහයාද බුධ, පෘතුවි හා අඟහරු මෙන් පොලොවකින් යුක්ත ග්‍රහලෝකයකි.මෙහි තේරුම එහිද පාෂණ සහිත මතුපිටක් තිබීමයි.එහි භූගෝලීය වශයෙන් ගත්  විට පෘතුවියේ භූගෝලයට සමාන කඳු.මිටියාවත්,සානු හා ගිනි කඳු වලින් සමන්විත ආකාරය පෙනී යන අතර එහි දහස් ගණනින් ලෝදිය සහිත ගංගා හා ගිනිකඳු ඇති බව පිළිගැනේ.100km වඩා උසැති යෝධ ගිනි කඳු 100කට වඩා ඇති බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

දුරදක්නයක් නැතිවද සිකුරු ග්‍රහයා පෘතුවියේ සිට දැක ගත හැකි වුවත් මුලින්ම මෙම ග්‍රහයා සොයා ගත්තේ කව්ද යන්න වග සොයාගෙන නොමැත.ඉපැරණි ශිෂ්ටාචාරයන් පිළිගත් ආකාරයට එය ග්‍රහලෝක දෙකක් හෝ එක දීප්තිමත් තරුවක් විය.ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී  ග්‍රීක ගණිතඥයෙකු වූ Pythagoras එය තනි ග්‍රහලෝකයක් බව සොයා ගන්නා  ලදී.ක්‍රිස්තු වර්ෂ 1600 දී Galileo විසින් මෙම ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය වන බව සොයා ගත්තේය.

සිකුරු ග්‍රහයා නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා යැවුණු අතර ඉන් පළමුවන්න Venera 7 විය.සිකුරු ග්‍රහයා මත ගොඩබැස්සවූ මෙම යානාව රුසියානු නෞකාවකි.පසුව 1989 සිට 1994 දක්වා Magellan Probe නම් යානාව රේඩාර් මගින් සිකුරු ග්‍රහයාගේ මතුපිට  සිතියම් ගත කර වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කරගන්නා ලදී.

සිකුරු ග්‍රහයා පෘතුවි කක්ෂයෙන් ඇතුලත පිහිටි නිසා දහවල් කාලයේදී එය බැලීම සූර්ය එළියෙන්  බාධා වන  අතර හිරු නැගීමට පෙර හෝ හිරු බැසීමෙන් පසු සිකුරු ග්‍රහයා ඉතා දෙප්තිමත්ව බැබළෙනු දැකගත හැකිය.රාත්‍රී අහසේ ඇති දීප්තිමත්ම අකාෂ වස්තුව මෙයයි.

සිකුරු ග්‍රහයා ගැන සිත් අද ගන්න කරුණු කීපයක් 

සිකුරු ග්‍රහයා අනෙකුත් ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ .කිසියම් යෝධ ග්‍රාහකයක හෝ වල්ගා තරුවක බලපෑමෙන් මෙම ප්‍රතිවිරුද්ධ භ්‍රමණය සිදුවන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

පෘතුවියට වඩා  සිකුරු ග්‍රහයාගේ වායු පීඩනය 92 ගුණයක් වැඩිය.

සිකුරු ග්‍රහලෝකයටම විශේෂ වූ ලෝදියක් "pancake" ලෙස හදුන්වනු ලබයි.

සිකුරු ග්‍රහයාව නම් කරන ලද්දේ ආදරය සදහා ග්‍රීක දෙවතාවියක් වූ "Venus " නිසාවෙනි.කාන්තාවකගේ නම් ලද එකම ග්‍රහලෝකය මෙයයි.

සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 6වෙනි විශාලම ග්‍රහලෝකයයි.


ඊ-බේ ( Ebay)

ebay නිර්මාණය කිරිමේ ගෞරවය හිමිවන්නේ  ප්‍රංශයේ උපන් ඉරාන ජාතික පරිගණක ඉංජිනෙරුවෙකු වු Pierre Omidyar හටය. ඔහු විසින් 1995 සැප්තැම්බර් මස, සිය වයස 29 දී පමණ ඇමරිකාවේ කැලිෆොර්නියා හිදි මෙය ආරම්භ කරන ලදි.

අන්තර්ජාල වෙලඳ පොල වෙබ් අඩවියක් ආරම්භ කිරිමේ අරමුනින් ඔහු විසින් පලමුව මෙය Auction Web යන නාමයෙන් ඉදිරිපත් කෙරුණි.


පලමුව මෙම වෙබ් අඩවිය මගින් අලෙවිකරණ ලද්දේ, ඩොලර් 14.83 කට කැඩුණ ලේසර් තුඩකි (Laser Pointer). මෙය ඔහු විසින්  විසින් තම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා අලෙවියට 
Pierre Omidyar
තබන ලදදකි. මෙහි අලෙවියත් සමග පුදුමයට පත් හෙතෙම,මිලදී ගත් තැනැත්තා අවබොධයකින් තොරව වැරදීමකින් මෙය මිලදී ගන්නට ඇතය සිතා ඔහුව ඇමතීමක් කර මෙය කැඩුණු ලෙසර් තුඩක් බව දැනුම් දීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු තමා කඩුණු ලෙසර් තුඩවල් එකතු කරන්නෙක් බැවින් මෙය මිලදී ගත් බව දැනුම් දී ඇත.


ආරම්භයේදී  Pierre විසින් හුදෙක් විනෝදය උදෙසා තම වෙබ් අඩවිය පවත්වා ගෙන ගියද වෙබ් අඩවිය පරීෂීලකයන් වැඩි වීමත් සමග වෙබ් අඩවි සේවා සපයන්නන් (hosting provider) ඔහුට එවකට තිබූ පැකේජයට වඩා වැඩි මිලකට තිබූ පැකෙජය වෙත මාරුවීමට දැනුම් දී තිබුණි. මෙසේ වියදම වැඩිවීමත් සමග වෙබ් අඩවියේ නඩත්තුව සඳහා භාවිතා කරන්නන්ගෙන් මුදලක් අය කිරීමට හෙතෙම තීරණය කරන ලදි. ඒත් සමගම ඔහු තම ප්‍රතම සේවකයා ලෙස Chris Agarpao බඳවා ගන්නා ලදි. ඊට ටික කලකට පසු තම ව්‍යාපාරික හවුල්කරු ලෙස , Jeffrey Skoll  බඳවා ගන්නා ලදි.

1996 වසර තුල දී මෙම වෙබ් අඩවිය විසින් අලෙවි කිරීම්  250000 පමණ පවත්වා තිබුනි. එම වසර අවසානයෙදී Electronic Travel Auction  නම් සමාගමක් සමග එලබුනු ගිවිසුමකට අනුව ගුවන් ටිකත්පත් සහ ඒ අදාල දෙ අලෙවිය ආරම්හ කිරීම ebay තැබූ පලමු විශාලතම පියවර විය. මේ හෙතුව නිසා 1997 වසර ජනවාරි මස තුල ebay මගින් සිදුකල අලෙවි  ප්‍රමාණය මිලියන 2ක ඉක්මවා තිබුනි. එම වසර අවසානය වන විට තම ව්‍යාපාරයේ සහ වෙබ් අඩවියේ නාමය ebay ලෙසට වෙනස් කරන ලදි.

1998 මුල් භාගය වන විට ebay හි සේවය කල ගණන 30 ක් පමණ වූ අතර ලක්ෂ 5කට අධික භාවිතා කරන්නන් පිරිසක් විය  එම වසර අවසානයේ ebay කොටස් වෙළඳපොලට  සිය කොටස් නිකුත් කල අතර ඩොලර් 18 ට නියම කල කොටසක මිල පළමු දිනය තුල දීම ඩොලර් 53.50 දක්වා ඉහල නැගුනි 1999 වසර තුල ප්‍රථම වරට ebay ශාඛා යුරෝපයේ ආරම්භ කරන ලදී 

මෙතෙක් (2016 වන විට) ebay තුල වැඩිම මිලකට අලෙවිකරණ ලද භාණ්ඩය වන්නේ ඩොලර් මිලියන 168 කට අලෙවිකරන ලද සුපිරි නෞකාවයි. 2006 වසරේ දී මෙය මිලදී ගනු ලැබුවේ රුසියානු සුපිරි ධනපතියෙකු වූ  Frank Mulder විසිනි. ඩොලර් මිලියන 4.9 කට අලෙවිවුණු සුපිරි ගුවන් යානය සහ ඩොලර් මිලියන 2.6කට ලොව සුපිරි ධනවතෙකු වූ Warren Buffett සමග දිවා ආහාරය ගැනීමට අවස්ථාව පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනී.


ඩොලර් මිලියන 4.9 ගුවන් යානය 

ඩොලර් මිලියන 168 නෞකාව
ebay විසින් 2002 වසරේ දී paypal ද, 2005 දී skype,shopping.com, rent.com සහ 2007 දී StubHub ඇතුළු තවත් වෙබ් අඩවි රැසක් මිලදී ගන්නා ලදී. (2009 දී skype නැවත විකුණා දමන ලදී)   

අද වන විට ebay ලෝකයේ වැඩිම අදායමක් උපයන ආයතනයක් වන අතර අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි අතරින් පළමු තැනට පත්ව තිබේ. මෙහි ප්‍රධානම තරගකරුවා ලෙස සැලකෙන්නේ amazon වෙබ් අඩවියයි    

Forbes වෙබ් අඩවි දත්ත වලට අනුව 2015 වන විට Pierre Omidyar වත්කම ඩොලර් බිලියන 8.9ක් පමණ වේ.     

ඔරයන් තරු රටාව (Orion Constellation)

  • තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක.
  • උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැක 
  • මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් සමන්විතවේ 
  • මිට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී
  • මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එහි අරය අප සුර්යාගේ මෙන් දහස් ගුණයක් පමණ විශාලවේ   
  • Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යාමෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි  
  • ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තරු 3න මෙහි විශේෂත්වයක් උසුලයි 
ග්‍රීක පුරාවෘත්ත

ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ඔරායන් යනු ඉතා ජවසම්පන්න දඩයක්කරුවෙකි.ඔහුගේ මරණයෙන් පසු සියුස් දෙවියන් විසින් ඉහල අහසේ තරු අතර රැඳ වූ බව පැවසේ. රාත්‍රී අහසේ ඔරායන් ,ඊට ආසන්න තරු රටාව වූ ගවයා (Taurus) සමග සටනේ යෙදෙන බව පුරාණ ග්‍රීකයන්ගේ මතය විය.

ඔරායන් පිලිබඳ විවිධ පුරාවෘත්ත රාශියක් පවතී.ඉන් එකකින් පැවසෙන පරිදි ඔහු, සාගරයට අදිපති ග්‍රීක දෙවියන් වූ පොසේයිඩන් (Poseidon) ගේ පුත්‍රයෙකි. තම පිය උරුමයෙන් දියමත ඇවිදයාමේ හැකියාවක් ඔහු සතු විය. දිනක් අධික ලෙස මත්පැන් පානය කල ඔහු දියමත ඇවිද ගොස් Chios නම් දුපතට පැමිණ එහි ප්‍රධානියාගේ දියණියට බලපෑම් කරන ලදී. එහිදී ප්‍රධානියා විසින් කල පහරදීමකදී ඔරායන් අන්ධභාවයට පත්විය. පසුව ග්‍රීක හිරු දෙවියන්වූ හිලියස් විසින්  නැවත පෙනීම ලබා දෙන ලදී. 

තම දඩයම් කිරීමේ හැකියාව පිලිබඳ මහත් ආඩම්බරයට පත් ව හිස උදුම්මවා ගත් ඔරායන්, තමා විසින් මිහිපිට සිටින සියලුම දෙන විනාශ කරන බවට සපත කරන ලදී. මින් කෝපයට පත් පොළොවට අදිපති දෙවගන වූ Gaia විසින් දැවැන්ත ගොනුස්සෙකු (scorpion) ඔරායන් විනාශ කිරීමට එවන ලදී.එහිදී ඇතිවූ බිහිසුණු සටනින් දෙදෙනාම ජිවිතක්ෂයට පත් වූ අතර, දෙදෙනාම ඉහල අහසේ තරු අතර රඳවන ලදී    
රාත්‍රී අහසේ පෙනෙන අයුරු 

   

ඔරායන් තරු රටාවේ ප්‍රධාන තරු ලෙස Betelgeuse, Meissa, Bellatrix, Alnitak, Alnilam,Mintaka,Saiph,Rigel,M42 ආදී තරු හඳුන්වා දිය හැක. 

රෝඩ්ස් හි සුවිසල් ප‍්‍රතිමාව (Colossus of Rhodes)

 ( ඉපැරණි ලෝක පුදුම  -  6 කොටස )

ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙය  පුරාණ ග්‍රීක ටයිටන් දෙවියෙකු වූ "හිලියස් " ගේ මීටර 30 (අඩි 98) ක් වූ දැවැන්ත හිටි පිළිමයකි. මෙය ඉදිකර තිබුනා යයි සැලකෙන්නේ ග්‍රීක රෝඩ්ස් දුපතේ,රෝඩ්ස් නගරයේය. ක්‍රි.පු 292 දී පමණ ඉදිකිරීම් ආරම්භ කල මෙම ප්‍රතිමාව ක්‍රි.පු 280 දී වැඩ නිමවන විට එකල ලොව තිබු උසින් වැඩිම ප්‍රතිමාව බවට පත්ව තිබුණි. නමුත් ක්‍රි.පු 226 දී පමණ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශ වීම නිසා අද වන විට දක්නට නොලැබේ.

මෙය ඉදිකිරීමට මුලිකම හේතුව වී ඇත්තේ ක්‍රි.පු 305 දී පමණ රෝඩ්ස් දූපත ආක්‍රමණය කල සයිප්‍රස් පාලකයා පරාජය කිරීම සමරනුවස්ය. පරාජය වී පළාගිය සයිප්‍රස් ආක්‍රමණිකයන් අත්හැර දමාගිය උපකරණ සම්භාරය විකුණා ලැබූ අදායමින් සහ ඉතිරි වූ ලෝහමය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන ප්‍රතිමාව ඉදිකිරිම පැවරුනේ මිට පෙර විශාල ප්‍රතිමා නිමවා අත්දැකීම ඇති
Lindos හි Chares නැමැත්තාටය. 


යකඩ රාමුව මත පිත්තල/තඹ  තහඩු ආවරණය කර ප්‍රතිමාව නිර්මාණය කර තිබු බව පැවසේ. අඩි 98 ක් උස ප්‍රතිමාව අඩි 50ක් පමණ වන පාදමක් මත ඉදිකර අතර නිම කිරීමට වසර 12ක් ගත විය. 


වසර 50 කට අධික කාලයක් රෝඩ්ස් හි වරාය පිවිසුම තුල පැවති මෙම දැවැන්ත පිළිමය ක්‍රි.පු 226 දී ඇතිවූ භුකම්පනයක් හේතුවෙන් විනාශයට පත් විය. එකල ඊජිප්තු පාලකයා වූ Ptolemy III නැවත ප්‍රතිමාව ඉදිකිරීමට ආධාර දීමට ඉදිරිපත් වුවද, ප්‍රතිමාව විනාශ වීම හිලියස් දෙවියන්ගේ කෝපවිමක් නිසා සිදුවුවක්  ලෙස සැලකු රෝඩ්ස් වැසියන් එය ප්‍රතික්ෂේප කළහ.   

වසර දහසකට අධික කාලයක් විනාශ වූ ප්‍රතිමාවේ සුන්බුන් කොටස් ඒ අවට විසිරි තිබු බව සඳහන් වන අතර ක්‍රි,ව 654 දී රෝඩ්ස් ආක්‍රමණය කල අරාබි ජාතිකයන් මෙම ලෝහ කොටස් කැබලි කොට විකිනු බව පැවසේ.

(විකිපීඩියා ඇසුරෙනි.)

අනෙකුත් ලිපි බලන්න  : http://goo.gl/9FebwQ

උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )

   1. Burj Khalifa

   රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
   නගරය - ඩුබායි
   උස - මිටර 828  / අඩි 2,717

   තට්ටු ගණන - 163
   නිම කල වසර - 2010




   2. Shanghai Tower

   රට - චීනය
   නගරය - ෂැන්හයි
   උස -
මිටර 632  / අඩි 2,073  
   තට්ටු ගණන - 123   
   නිම කල වසර - 2015



 3. Abraj Al-Bait Clock Tower

 රට - සවුදි අරාබිය 
 නගරය - මක්කම් 
 
උස - මිටර 601  / අඩි 1,971
 තට්ටු ගණන - 120
 නිම කල වසර - 2012




   4. Ping An Finance Centre

  රට - චීනය
  නගරය - ෂෙන්ෂෙන් 
 
උස - මිටර 599  / අඩි 1,965 
  තට්ටු ගණන - 115
  නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)




 5. Goldin Finance 117

 රට - චීනය
 නගරය - ටියාන්ජින්  
 
උස - මිටර 596.5   / අඩි 1,957 
 තට්ටු ගණන - 117
 නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)




   6. One World Trade Center

   රට - ඇමරිකා එක්සත් ජනපදය 
   නගරය - නිව්යෝක්
   උස -
මිටර 541.3  / අඩි 1,776
   තට්ටු ගණන - 104
   නිම කල වසර - 2014




   7. CTF Finance Centre

   රට - චීනය
   නගරය - ගුවන්ශෝ
   උස -
මිටර 530  / අඩි 1,740  
   තට්ටු ගණන - 111
   නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)




 8. Taipei 101

 රට - තායිවානය 
 නගරය - තායිපේ
 උස -
මිටර 509 / අඩි 1,670  
 තට්ටු ගණන - 101
 නිම කල වසර - 2004




    9. Shanghai World Financial Center

    රට - චීනය
    නගරය - ෂැන්හයි
    උස -
මිටර 492  / අඩි 1,614  
    තට්ටු ගණන - 101  
    නිම කල වසර - 2008



10. International Commerce Centre

රට - හොංකොං
නගරය - හොංකොං
උස -
මිටර 484  / අඩි 1,588 
තට්ටු ගණන - 118
නිම කල වසර - 2010



( විකිපීඩියා ඇසුරෙනි )





ටුටන්කාමන් සොහොන - 2 කොටස (Tutankhamun)

පෙර ලිපියේ සඳහන් කර තිබු පරිදි ටුටන්කමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1922 දී Howard Carter ඇතුළු පිරිසටයි.

ටුටන්කාමන් සොහොන් ගැබ ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් සමන්විතවේ. එනම් Antechamber, Annex, Burial Chamber සහ Treasury Room ලෙස කාමර 4කින් ද ඇතුළු වීමේ කුටීරය ද ( Passage ) ලෙසය. මෙතෙක් හමුවූ පාරෝ සොහොන් ගැබ් අතරින්, එහි වස්තුව සොරුන් විසින් කොල්ල නොකන ලද සොහොන් පවතින්නේ දෙකක් පමණි. එකක් මෙම ටුටන්කාමන් සොහොන් ගැබ වන අතර අනෙක Psusennes I නම් පාරෝවරයාගේ සොහොන් ගැබයි.

  


විශාල කර බලන්න
Antechamber
පළමුව හමුවන කුටීරය මෙය වන අතර අනෙකුත් සියලු කුටීර මෙයට සම්බන්ධව පවතී. රජු එදිනෙදා භාවිතයට ගත් උපකරණ 700 කට අධික ප්‍රමාණයක්  මෙහි තැන්පත් කර ඇත. ඒවා අතර කවිච්චි, පෙට්ටගම්,කූඩ, විශාල ප්‍රතිමා, ඇදන් සහ කුඩා මේස ආදිය අයත් වේ. මේවා අතරින් වෙන
වෙනම  හිපපොටේමස් , සිංහ සහ ගව හිස් නිරුපනය වන ලෙස ලීයෙන් තනවා රත්‍රන් ආලේපිත කර තනවා තිබෙන කවිච්චි 3 න විශේෂ වේ. එක පසක රජු ගමන් බිමන් වලට යොදාගත් රථ ද අනෙක් පස මුහුණට මුහුණලා තබා ඇති රජුගේ ප්‍රතිමා දෙකක්ද ඇත.  


Annex Room
කුඩාම කුටීරය වන අතර විශාල ප්‍රමාණයක් භාණ්ඩ අපිළිවෙලට එකපිට ගොඩ ගසා තිබුණි.හමු වූ භාණ්ඩ අතර විවිධ තෙල් වර්ග, කෑම , වයින්,මැටි භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ සහ කුඩ වේ.     


Burial Chamber
රජුගේ මමිය තැන්පත් කර තිබු කුටීරය මෙයයි. අනෙක් සියලු කුටීර වලට වඩා අලංකාර ලෙස සකස් කර ඇත. බිත්ති සතරම සම්ප්‍රධායික ලෙස චිත්‍රවලින් අලංකාර කර ඇත. එක තුල අනෙක ලෙස රත්‍රන් මිනිපෙට්ට් වැනි තුනක් ඇතුලත් පාෂාණ මිනීපෙට්ටියක් තුල රජුගේ මමිය තැන්පත් කර තිබුණි. 



Treasury Roomමෙතුල විවිධ පුජාසන,පෙට්ටගම්,බෝට්ටු මෙන්ම රජුගේ මියගිය දරුවන් දෙදෙනාගේ ලෙස සැලකෙන මමී දෙකක් ද තැන්පත් කර ඇත. හිවල් මුහුණක් ඇති පුරාණ ඊජිප්තු දෙව්දුවක් වූ Anubis ගේ පිළිරුවක් ඇති පුජාසනයක් දොරටුවට මුහුණ ලා  ඇත. රජුගේ කුඩා ප්‍රමාණයේ පිලිප 34 ක් ද, බෝට්ටු 14 ක් ඇතුළු තවත් උපකරණ රාශියක් මෙතුල තිබී සොයාගෙන ඇත.



ටුටන්කමන් සොහොන් ගැබ තුල තිබි හමුවූ පෞරාණික භාණ්ඩ ගණන 5000 කට අධික යයි ගණන් බලා ඇත. මෙම බොහෝ භාණ්ඩ ඊජිප්තුවෙ කයිරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මේවා අතරින් ටුටන්කාමන්ගේ රත්‍රන් වෙස් මුහුණ මෙතෙක් ලොව වැඩිම පිරිසක් බලන ලද කෞතුක වස්තුවක් ලෙස සැලකේ .

රත්රන් වෙස් මුහුණ

 පළමු ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/1-tutankhamun.html

 Reference : http://www.kingtutone.com/

ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)

පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ ටුටන්කාමන් (Tutankhamun)  යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද වන්නේ ටුටන්කාමන්ගේ වීමයි. ඊට අමතරව ටුටන්කාමන්ගේ සාපය (Curse of the pharaohs) ආදී ලෙස ඔහු වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද මිට හේතු විය.  

1922 දී , පුරවිද්යඥයෙකු වූ  Howard Carter ඇතුළු පිරිස මෙම සොහොන් ගැබ සොයාගැනීමත් සමග වසර 3000 කට අධික කාලයක් ලොවෙන් වසන්ව තිබු ටුටන්කාමන් පිලිබඳ ලොවට හෙළිවිය,
  
ටුටන්කාමන් (Tutankhamun)  පුරාණ ඊජීප්තු වේ 18 වන රාජ වංශයට අයත් 11 වන පාලකයා නොහොත් පාරෝවරයායි.  "King Tut" යන නාමයෙන්ද හැදින්වෙන ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ (1332–1323) දක්වා වසර 9 ක වැනි ඉතා සීමිත කාලයකට සිමා වුවද  වර්තමානයේ දී ද ඊජිප්තු පාරෝවරුන්ගෙන් වැඩිම අවධානයට ලක් වීමට සමත් වී ඇත. 

1922 දී Howard Carter මමිය පරික්ෂා කිරීම

තම පියා වූ  Akhenaten ගෙන් පසු වයස අවුරුදු 9-10 ක් තරම් ලාබාල වයසේ දී පාලනයට පත් වූ මොහු අවුරුදු 19 ක් පමණ තරුණ වයසක දී ජිවිතක්ෂයට පත් විය  

ටුටන්කාමන් රජකමට පත්විමෙන් පසු තමාගේ අර්ධ - සහෝදරියක වූ Ankhesenpaaten (පසුව නම Ankhesenamun ලෙස වෙනස් කර ගන්නා ලදි.) විවාහ කර ගන්නා ලදි. ඔවුනට දාව දරුවන් නොසිටි අතර දෙදෙනෙකුම කුස තුල දීම නැති වූ බව සඳහන් වේ.

ටුටන්කාමන් ඉතාම අඩු වයසකින් රජකමට පත් වීම නිසා බොහෝ රාජතාන්ත්‍රික තීරණ Vizier නම් තනතුර දැරූ Ay නැමැති ඉහල නිලධාරියාත්, ඔහුගේ සහයට හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ Horemheb නැමැත්තාත් විසින් ගනු ලැබුවායයි සඳහන් වේ.

සිය තෙවන පාලන කාලය තුලදී ටුටන්කාමන් , සිය පියා විසින් ගෙන තිබූ එහෙත් බලවත් ජන-අප්‍රසාදයට හා කෝපයට ලක්ව තිබූ තීරණ කිහිපයක්ම වෙනස් කරන ලදි. ඔහු Aten නැමැති දෙවියන් ඇදහීම අත්හිටවූ අතර ඒ වෙනුවට පෙර තිබූ පරිදි Amun නම් දෙවියන් ඇදහීම ස්ථාපිත කර ඊට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.මෙතෙක් කාලයක් ප්‍රධාන අගනගරය වූ Akhetaten අතහැරදමා එය පෙර තිබූ ලෙස Thebes වෙත ගෙන යන ලදි. මේ සියලු කාරණා සන්කෙතවත් කිරීම පිණිස ඔහු සිය නම Tutankhamun ("Living image of Amun") ලෙස වෙනස් කර ගන්නා ලදි.


සොහොන් ගැබෙන් හමුවූ ටුටන්කාමන් ලි පිළිරුව
ටුටන්කාමන්ගේ මමිය පිලිබඳ පර්යේෂණය කිරීමෙන් ඔහුගේ දේහ ලක්ෂණ පිලිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. ඔහු උස සෙ.මී 180 (අඩි 5 අඟල් 11) පමණ උසකින් යුක්ත එතරම් ශක්තිමත් ශරීර සෞඛ්‍යකින් යුක්ත නොවූ කෙනෙකු ලෙස සැලකේ. ඔහුගේ පාදයක අස්ථිවල තිබූ අබාධයක් හේතුවෙන් හැරමිටියක ආධාරයෙන් ඇවිදීම කලබව සොයාගෙන ඇත. එමෙන්ම ඔහු කීපවරක්ම මැලේරියා වෙරසයටද ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත.

කෙසේ නමුදු ඔහු වයස 19 ක් පමණ තරුණ කාලයකදී මිය යාමට හේතු හරි හැටි අනාවරණය කර ගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැත. බොහෝ විට නිරන්තර රෝගාබාධ වලට ගොදුරු වී ශරීර සෞඛ්‍යය දුර්වල වීම, මියයාමට ආසන්නතම හේතුව ලෙස සැලකේ.තවද තරුණ රජු කිසියම් ආකාරයට ඝාතනය වූවාද යන සැකයක්ද පවතී.

තරුණ රජුගේ අකල් මරණයත් සමග අසරණ වූ  Ankhesenamun රැජිණ අසල් වැසි Hittites  රාජ්‍යයයේ රජු වෙත තමන් ඔහුගේ එක් පුත්‍රයෙකුට විවාහ කර දෙන මෙන් ඉල්ලා පණිවුඩයක් යැවූ බව සඳහන් වේ. කෙසේ වෙතත් එම කුමරු අතර මගදී ඝාතනයට අතර අවසානයේ
රැජිණ Ay සමග විවාහ වූ බව සඳහන් වේ. 



ටුටන්කාමන් රජුගේ මරණයත් සමග ඔහු, රජුන්ගේ නිම්නයේ (Valley of the Kings) තැනූ සොහොන් ගැබක් තුල තැන්පත් කරන ලදි. රජුගේ තත්වයත් සමග සැසඳීමෙදී එම තැන්පත් කල සොහොන් ගැබ කුඩා මෙන්ම නොගැලපෙන එකක් ලෙස පර්යේෂකයන්ගේ මතය වී ඇත. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජුගේ හදිසි මරණයත් සමග වෙන කෙනෙකු වෙනුවෙන් ඉදි කර තිබූ සොහොන් ගැබක රජු තැන්පත් කල බවයි. චාරිත්‍රානුකූල ව දින 70 ක මමීකරණ ක්‍රියාවෙන් පසුව රජුගේ දේහය අනෙකුත් ආම්පන්න සමග සොහොන් ගැබතුල තැන්පත් කර වසා දමන ලදි. 


දෙවන ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/2-tutankhamun.html

(විකිපීඩියා ඇසුරෙනි) 
 

බ්‍රසීලයේ ක්‍රිස්තූස් වහන්සේගේ ප්‍රතිමාව (Christ The Redeemer)

(නූතන ලෝක පුදුම හත - 6 කොටස)

නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන, ජේසු තුමන්ගේ කළා ප්‍රතිරුවක් වන Christ the Redeemer පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ  නගරයේය. මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන Paul Landowski  සහ තනවන ලද්දේ බ්‍රසීල ජාතික ඉන්ජිනේරුවකු වන Heitor da Silva Costa ගේ සහ ප්‍රංශ ඉන්ජිනේරුකු වන Albert Caquot ගේ සහයෝගයෙනි. පිළිරුවෙහි මුහුණ නිර්මාණය කරන ලද්දේ රුමනියානු කලාකරුවකු වන Gheorghe Leonida විසිනි.

මෙවැනි අති විශාල කතෝලික සිහිවටන ස්මාරකයක් තැනවීමට මුලින්ම යෝජනාව ගෙන එනු ලැබුවේ 1850 දී කතෝලික පූජකයෙකු වූ Pedro Maria Boss විසිනි.නමුත් ඉසබෙල් රැජිණ  මෙම අදහසෙහි කැමැත්තක් නොවුණු නිසා මූල්‍යමය කටයුතු සඳහා කල ඉල්ලීම ඉටු නොවුනි. 

1920 මුල් බාගයේදී රියෝ ද ජනයිරෝ හී Catholic Circle නම් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල පෙත්සමක්  සාර්ථක වූ අතර 1922 දී මෙය ඉදිකිරීම ආරම්භ විය. මෙහි වැඩ වසර 9ක් පුරා සිදුකර 1931 දී නිම කෙරුණි .
ඇතට පෙනෙන අයුරු
මෙම ප්‍රතිමාව සඳහා විවිධ සැලස්මන් තෝරාගන්නා ලද අතර ඉන් එකක් වුයේ ක්‍රිස්තියානු කුරුසයයි.අනික වුයේ ජේසුස්  ලෝක ගෝලය අතට ගෙන සිටින පිළිරුවයි.නමුත්  අවසානයේදී පිළිරුව සඳහා තෝරාගන්නා තේමාව වුයේ ජේසුස් වහන්සේ සියල්ලන්ටම ආදරය කරන බව හා ඔහු වෙත පැමිණෙන සියල්ලන්වම වැළඳ ගන්නා බව විදහා දැක්වෙන පිළිරුවයි.

පාදස්තලහි උස නොමැතිව  ප්‍රතිමාව අඩි 98ක් හා පළල මීටර් 30ක් වන අතර එහි පාදස්තලයේ උස අඩි 26ක් හා පළල මීටර් 8ක් වේ. එහි අතක වට ප්‍රමාණය මීටර් 28ක් හා අඩි 92ක් දිග වේ.


සමීප රුපයක්
ප්‍රතිමාව මෙට්‍රික් ටොන් 635 ක් අතර බර වන අතර පිහිටියේ රියෝ  නගරය ඉහලින්  පෙනෙන ආකාරයට Tijuca ජාතික උද්‍යානයේ Corcovado කඳු වලයි. මුළු ලෝකයේම ක්‍රිස්තියානු සංකේතයක් වන මෙම ප්‍රතිමාව  බ්‍රසීලයේ රියෝ  ජැනයිරෝ හී සංස්කෘතික සුරුවමක් ලෙස සැලකේ.  

මෙම ප්‍රතිමාව නිමවා ඇත්තේ මේද්‍යෝපාෂාණ  (soapstone) හා කොන්ක්‍රීට් වලිනි.අවශ්‍ය පාෂාණ ස්වීඩනයෙන් ගෙන්වා ඇති අතර කොටස් වශයෙන් නිමවා කඳු මුදුනේ දී එකලස් කර ඇත. 

2008 වසරේ සිදුවූ තදබල අකුණු ප්‍රහාරයකින් ප්‍රතිමාවට භානි සිදුවිය. නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණ අතර ක්‍රමවත් අකුණු සන්නායක පද්ධතියක් ද සවි කරන ලදි. 2010 දී පුද්ගලයෙකු ප්‍රතිමාවට තීන්ත ඉස භානි කල අතර පසුව ඔහු අත්අඩංගුවට ගන්න ලදී.

බ්‍රසීලයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව 2007 ජුලි 7 දින ලෝකයේ නුතන පුදුම හතෙන් එකක් ලෙසට නම් කරන ලදී.  

( විකිපීඩියා ඇසුරිනි ) 

බුධ ග්‍රහයා ( Mercury )

මෙහි සඳක් නොමැත.
ස්කන්ධය - පෘතුවියෙන් 5.5% කි.
විෂ්කම්භය - සැතපුම් 3031 කි.
පෘතුවියේ දින 60 ක් බුධ ග්‍රහයාගේ එක දිනයකි. එනම් එය තම අක්ෂය වටා කර කැවීමට දින 58 පැය 15 ක පමණ කාලයක් ගනී 
 බුධ ග්‍රහයා, සුර්යා වටා  ගමන් කිරීමට දින 87.97 (වසර 0.2) ක පමණ කාලයක් ගනී 

උෂ්ණත්වය - ෆැරන්හයිට් අංශක -300 සිට + 800 වේ. සූර්යයාගේ සිට දුර සැතපුම් මිලියන 36ක් වන අතර සූර්යයාට ලඟම ග්‍රහයා බුධ ග්‍රහයායි.

දැනට වර්ගීකරණය කර ඇති ආකාරයට Pluto ග්‍රහලෝකයක් නොවන නිසා බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වේ. බුධ ග්‍රහයාගේ මතුපිට පාෂාණ සහිත වන අතර එහි මධ්‍යයේ යකඩ ඇති බව සැලකේ. විශාල ග්‍රහයන් වන පෘතුවිය හා අඟහරු සමග සැසදීමේදී බුධ ග්‍රහයාගේ පිහිටි යකඩ ප්‍රමාණය ඉතා වැඩි බව සොයාගෙන ඇත.ඉතා කුඩා බුධ ග්‍රහයාගේ ප්‍රමාණයෙන් වැඩි පරාසයක්ම  යකඩ වලින් යුක්ත වේ.

ප්‍රමාණ සන්සන්ධනය

බුධ ග්‍රහයා නිසරු ග්‍රහයෙක් වන අතර එය ආවාට සහ ග්‍රහාංශ කොටස් වලින් වටවී ඇත.මෙය පෘතුවියේ සඳට ඉතා සමාන වේ.

බුධ ග්‍රහයාගේ එක අවුරුද්දක් ඉතා කෙටි වන අතර දිනයක් ඉතා දිගු වේ.හුස්ම ගැනීමට සුදුසු වායුවක් එහි නොමැත.උෂ්ණත්වයද දිනෙන් දින නපුරු ලෙස වෙනස් වේ.නමුත් මෙම ග්‍රහයාගේ මතුපිට නම් පෘතුවියේ ආකාරයටම ගල් සහිත වේ.

බුධ සහ පෘතුවිය සුර්යා වටා ගමන් කිරීම

ක්‍රිස්තු වර්ෂ 3000 දී පමණ Sumerian හා Babylonian ශිෂ්ටාචාර වලදී බුධ ග්‍රහයා සොයා ගනු ලැබිණි.වර්ෂ 1600 දී  Galileo විසින් මුලින්ම දුරදක්නය භාවිතා කොට බුධ ග්‍රහයා ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.
සූර්යයාට ඉතාම කිට්ටුවෙන්ම ඇති නිසා මෙම ග්‍රහයා ගවේෂණය කිරීමට ඉතා අසීරු වී ඇත.නමුත් මේ වනවිට අභ්‍යාවකාශ සොයා බැලීම් යානා දෙකක් බුධ ග්‍රහයා වෙත යවා ඇත.එහි පළමුවැන්න Mariner 10 ලෙස 1975 දී යැවුණු අතර ග්‍රහයාගේ සමීප ඡයාරූප ලබාගැනීමට හා එහි චුම්බක කලාපයක් ඇති බවට සාක්ෂි ලබාගෙන එන්නට එයට හැකිවිය. දෙවැනි යානය Messenger නම් වූ අතර 2008-2009 දී එය බුධ ග්‍රහයාට ලගා වන ලදී.

බුධ ග්‍රහයා ගැන සිත් අද ගන්නා කරුණු කීපයක්:

1. බුධ ග්‍රහයාට Caloris Basin නම් වූ විශාල ආවාටයක් ඇත.

2. මෙම ග්‍රහයාගෙන් රත්තරන් නිපදවිය හැකි බව රසවිද්‍යාඥයන්ගේ මතයක් ද විය.

3. Mercury නම් වූ රෝමානු දෙවියෙකු නිසා මෙම ග්‍රහලෝකයට එම නම ලැබුණු බව සැලකේ.ඔහු දෙවියන්ගේ පණිවිඩකරු වූ අතර සංචාරකයන්ගේ හා වෙළෙන්දන්ගේ ද දෙවියා ලෙස එකල විශ්වාස කරන ලදී.

4. අනෙකුත් සියලුම ග්‍රහයන්ට වඩා වේගයෙන් බුධ ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය  වේ.

5. අතීතයේ තාරක විද්‍යාඥයින් මෙම ග්‍රහයා ග්‍රහලෝක දෙකක් ලෙස දුටු අතර හිරු නැගෙනා විට එය දුටුවහොත් Apollo ලෙසද හිරු බැසීමෙන් පසු දුටුවහොත් Hermes ලෙසද නම් කරන ලදී.

6. අනෙකුත් සියලු ග්‍රහලෝක වලට වඩා වෙනස් වූ ඒකාකාර නොවූ කක්ෂයක් වටා මෙම බුධ ග්‍රහයා ගමන් කරයි.

Reference : http://www.ducksters.com

නස්කා රටා ( Nazca Lines )

නස්කා රටා යනුවෙන් හඳුන්වන්නේ දකුණු දිග පේරු හි නස්කා කාන්තාරයේ පොලොව මත මිට වසර දහස් ගණනකට පෙර නිර්මාණය කරන ලද  විශාල ප්‍රමාණයේ රුප සමුහයකටයි. මේවා ක්‍රි.පු 500 සහ ක්‍රි.ව 500 අතර කාලය තුල විසු නස්කා වැසියන් විසින් නිර්මාණය කරන්නට ඇතයි සැලකේ .එහෙත්  මේවා නිර්මාණය කිරීමේ පරමාර්ථය තවමත් ලොවට අබිරහසක්ව පවතී. 

පළමු වරට නස්කා රටා පිලිබඳ සඳහන් වන්නේ 1553 Pedro Cieza de
León විසින් ලියන ලද කෘතියකය. එහිදී ඔහු මේවා ගමනාගමනයට යොදා ගන්නා අඩි පාරවල් ලෙස වරදවා වටහා ගෙන තිබුණි. කෙසේ නමුත් 1927 පේරු ජාතික පුරවිද්යඥයෙකු වූ Toribio Mejia Xesspe, නස්කා අවට කඳු නැගීමේදී මෙම විවිධාකාර රටා නිරීක්ෂණය කිරීමත් සමග ලෝකයේම අවධානය මිට යොමු විය. පළමු වරට නස්කා රටා පිලිබඳ ක්‍රමවත් පර්යේෂණයක් නියුතු වුවයයි සැලකෙන්නේ Paul Kosok ය. 1940 දී පමණ ඔහු ගුවන් යානයක නැගී නස්කා කාන්තාරය ප්‍රදේශය නිරීක්ෂණය කල අතර එහිදී විවිධ හැඩයේ නිර්මාණ නිරීක්ෂණය කරන ලදී.   



නස්කා රටා ප්‍රදේශයේ රුපසටහනක්
කාන්තාරයේ රතු පැහැයට හුරු ඝන අයන් ඔක්සයිඩ් මිශ්‍ර බොරළු පොලොව  ඉවත්කර, නොගැඹුරු සුදට හුරු අදුරු මැටි සහිත පස මතු කිරීම මගින් මෙම රටා සියල්ල නිමවා තිබේ. බොහෝ විට මේවා   සෙ.මි 10-15 අතර ගැඹුරු වේ. ප්‍රදේශයේ වසර මුළුල්ලේම තිබෙන වියලි සුළං රහිත කාලගුණය නිසා වසර දහස් ගණනක් මුළුල්ලේ මේවා සුරැකිව පැවතුනි.

වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක්  පුරා විවිධ හැඩතල වලින් යුත් රුප 300 කට අධික ප්‍රමාණයක් දක්නට ඇත. ඒවා අතරින් බොහොමයක් විවිධ ජ්‍යාමිතික හැඩතල නිරුපනය කරන අතර 70 කට අසන්න ප්‍රමාණයක් විවිධ සතුන්ගේ, මිනිසුන්ගේ රුප නිරුපනය කෙරේ. ඒවා අතර කුරුල්ලන්,වදුරන්,මකුළුවන්,මිනිසුන්,මාළුන් ජගුවර් කොටියන් ආදීන් ද  විවිධ ගස් සහ මල් වල රුප ද නිරුපනය වේ.

සමහර ජ්‍යාමිතික නිර්මාණ මීටර 270 ක් ( අඩි 890) පමණ විශාල වේ. කුරුළු රුපය (hummingbird) මීටර 93 ( අඩි 310 ) ක් ද , රාජාලිය (condor ) මීටර 134 ( අඩි 440 ) ක් ද, වඳුරු රුපය (monkey ) මීටර 93 ( අඩි 310 ) ක් ද , මකුළු රුපය (spider) මීටර 47 ( අඩි 150 ) ක් ද වෙතයි ගණන් බලා ඇත.

 
Monkey

Condor
Hand

Shark
Spider

Astronut
Humming Bird

නස්කා රටා කුමන අරමුණක් උදෙසා නිර්මාණය කලාද යන්න පිලිබඳ විවිධ අදහස් පවතී. ඉන් එකකින් කියවෙන්නේ පුරාණ නස්කා වැසියන් ආගමික අරමුණු උදෙසා ඉහල සිටින දෙවියන්ට දිස්වන පරමාර්ථයෙන් මේවා නිර්මාණය කරන්නට ඇතය කියාය. තවකකින් කියවෙන පරිදි ඉපැරණි වැසියන් විශ්වය පිලිබන්ධ අවබෝධයකින් සහ වඩා සම්බන්ද තාවයකින් සිට ඇති බවත්,මේවා මගින් විශ්වයේ යම්කිසි සම්බන්ධයක් නිරුපනය වන බවත්ය. ඔවුන් පවසන පරිදි විවිධ තාරකා මණ්ඩල සහ නස්කා රටා අතර කිසියම් සම්බන්ධතාවයක් පවතී. ඊට උදාහරණ ලෙස ඔරයන් තාරකා මණ්ඩලය සහ වඳුරු රුපය අතර සම්බන්ධතාවයක් ගෙන හැරපායි. එමෙන්ම මේවා ඉපැරණි ආගමික විස්වාස හා බැඳුනු වාරිමාර්ග පද්ධතික් ලෙසටද මත පවතී. 

1994 සිට මෙම ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී.

 වීඩියෝව මෙතනින් බලන්න