ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)

පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ ටුටන්කාමන් (Tutankhamun)  යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද වන්නේ ටුටන්කාමන්ගේ වීමයි. ඊට අමතරව ටුටන්කාමන්ගේ සාපය (Curse of the pharaohs) ආදී ලෙස ඔහු වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද මිට හේතු විය.  

1922 දී , පුරවිද්යඥයෙකු වූ  Howard Carter ඇතුළු පිරිස මෙම සොහොන් ගැබ සොයාගැනීමත් සමග වසර 3000 කට අධික කාලයක් ලොවෙන් වසන්ව තිබු ටුටන්කාමන් පිලිබඳ ලොවට හෙළිවිය,
  
ටුටන්කාමන් (Tutankhamun)  පුරාණ ඊජීප්තු වේ 18 වන රාජ වංශයට අයත් 11 වන පාලකයා නොහොත් පාරෝවරයායි.  "King Tut" යන නාමයෙන්ද හැදින්වෙන ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ (1332–1323) දක්වා වසර 9 ක වැනි ඉතා සීමිත කාලයකට සිමා වුවද  වර්තමානයේ දී ද ඊජිප්තු පාරෝවරුන්ගෙන් වැඩිම අවධානයට ලක් වීමට සමත් වී ඇත. 

1922 දී Howard Carter මමිය පරික්ෂා කිරීම

තම පියා වූ  Akhenaten ගෙන් පසු වයස අවුරුදු 9-10 ක් තරම් ලාබාල වයසේ දී පාලනයට පත් වූ මොහු අවුරුදු 19 ක් පමණ තරුණ වයසක දී ජිවිතක්ෂයට පත් විය  

ටුටන්කාමන් රජකමට පත්විමෙන් පසු තමාගේ අර්ධ - සහෝදරියක වූ Ankhesenpaaten (පසුව නම Ankhesenamun ලෙස වෙනස් කර ගන්නා ලදි.) විවාහ කර ගන්නා ලදි. ඔවුනට දාව දරුවන් නොසිටි අතර දෙදෙනෙකුම කුස තුල දීම නැති වූ බව සඳහන් වේ.

ටුටන්කාමන් ඉතාම අඩු වයසකින් රජකමට පත් වීම නිසා බොහෝ රාජතාන්ත්‍රික තීරණ Vizier නම් තනතුර දැරූ Ay නැමැති ඉහල නිලධාරියාත්, ඔහුගේ සහයට හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ Horemheb නැමැත්තාත් විසින් ගනු ලැබුවායයි සඳහන් වේ.

සිය තෙවන පාලන කාලය තුලදී ටුටන්කාමන් , සිය පියා විසින් ගෙන තිබූ එහෙත් බලවත් ජන-අප්‍රසාදයට හා කෝපයට ලක්ව තිබූ තීරණ කිහිපයක්ම වෙනස් කරන ලදි. ඔහු Aten නැමැති දෙවියන් ඇදහීම අත්හිටවූ අතර ඒ වෙනුවට පෙර තිබූ පරිදි Amun නම් දෙවියන් ඇදහීම ස්ථාපිත කර ඊට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.මෙතෙක් කාලයක් ප්‍රධාන අගනගරය වූ Akhetaten අතහැරදමා එය පෙර තිබූ ලෙස Thebes වෙත ගෙන යන ලදි. මේ සියලු කාරණා සන්කෙතවත් කිරීම පිණිස ඔහු සිය නම Tutankhamun ("Living image of Amun") ලෙස වෙනස් කර ගන්නා ලදි.


සොහොන් ගැබෙන් හමුවූ ටුටන්කාමන් ලි පිළිරුව
ටුටන්කාමන්ගේ මමිය පිලිබඳ පර්යේෂණය කිරීමෙන් ඔහුගේ දේහ ලක්ෂණ පිලිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. ඔහු උස සෙ.මී 180 (අඩි 5 අඟල් 11) පමණ උසකින් යුක්ත එතරම් ශක්තිමත් ශරීර සෞඛ්‍යකින් යුක්ත නොවූ කෙනෙකු ලෙස සැලකේ. ඔහුගේ පාදයක අස්ථිවල තිබූ අබාධයක් හේතුවෙන් හැරමිටියක ආධාරයෙන් ඇවිදීම කලබව සොයාගෙන ඇත. එමෙන්ම ඔහු කීපවරක්ම මැලේරියා වෙරසයටද ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත.

කෙසේ නමුදු ඔහු වයස 19 ක් පමණ තරුණ කාලයකදී මිය යාමට හේතු හරි හැටි අනාවරණය කර ගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැත. බොහෝ විට නිරන්තර රෝගාබාධ වලට ගොදුරු වී ශරීර සෞඛ්‍යය දුර්වල වීම, මියයාමට ආසන්නතම හේතුව ලෙස සැලකේ.තවද තරුණ රජු කිසියම් ආකාරයට ඝාතනය වූවාද යන සැකයක්ද පවතී.

තරුණ රජුගේ අකල් මරණයත් සමග අසරණ වූ  Ankhesenamun රැජිණ අසල් වැසි Hittites  රාජ්‍යයයේ රජු වෙත තමන් ඔහුගේ එක් පුත්‍රයෙකුට විවාහ කර දෙන මෙන් ඉල්ලා පණිවුඩයක් යැවූ බව සඳහන් වේ. කෙසේ වෙතත් එම කුමරු අතර මගදී ඝාතනයට අතර අවසානයේ
රැජිණ Ay සමග විවාහ වූ බව සඳහන් වේ. 



ටුටන්කාමන් රජුගේ මරණයත් සමග ඔහු, රජුන්ගේ නිම්නයේ (Valley of the Kings) තැනූ සොහොන් ගැබක් තුල තැන්පත් කරන ලදි. රජුගේ තත්වයත් සමග සැසඳීමෙදී එම තැන්පත් කල සොහොන් ගැබ කුඩා මෙන්ම නොගැලපෙන එකක් ලෙස පර්යේෂකයන්ගේ මතය වී ඇත. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජුගේ හදිසි මරණයත් සමග වෙන කෙනෙකු වෙනුවෙන් ඉදි කර තිබූ සොහොන් ගැබක රජු තැන්පත් කල බවයි. චාරිත්‍රානුකූල ව දින 70 ක මමීකරණ ක්‍රියාවෙන් පසුව රජුගේ දේහය අනෙකුත් ආම්පන්න සමග සොහොන් ගැබතුල තැන්පත් කර වසා දමන ලදි. 


දෙවන ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/2-tutankhamun.html

(විකිපීඩියා ඇසුරෙනි) 
 

0 comments:

Post a Comment