ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

පුරාණ ග්‍රීක ඉතිහාසයේ වැදගත් සිදුවීම් (Timeline of Ancient Greece )

පුරාණ ග්‍රීසිය - දෙවන කොටස


ඉතිහාසඥයන් පුරාණ ග්‍රීසියෙහි ඉතිහාසය කොටස් තුනකට බෙදා දක්වන ලදි. 

Greek Archaic Period (ක්‍රි.පූ 800 - ක්‍රි.පූ 480)

Greek Archaic Period (800 BC - 480 BC)
ක්‍රි.පූ 776 - පළමු ඔලිම්පික් තරගාවලිය පවත්වනු ලැබේ. සෑම අවුරුදු 4 කට වරක් ග්‍රීසියේ සියුස් දෙවියන් උදෙසා මෙම තරගාවලිය පවත්වනු ලැබේ.


ක්‍රි.පූ 757 - පළමු මෙසෙනියානු  යුද්ධය ආරම්භ වේ. මෙය වසර ගණනාවක් පුරා ස්පාටා හා මෙසෙනියා අතර යුද්ධයක් වනු ඇත

ක්‍රි.පූ 750 - හෝමර් විසින් ඉලියඩ් සහ ඔඩිසි ලිවීම ආරම්භ කරයි . මෙම කවි ග්‍රීක සාහිත්‍යයේ වඩාත්ම ජනප්‍රිය සාහිත්‍ය කෘතීන් දෙකක් බවට පත්ව වේ.


ක්‍රි.පූ 650 - ග්‍රීක පෞර රාජ්‍ය පාලකයන්ගේ බිහිවීම සිදුවේ. Cypselus කොරින්තියේ පළමු පාලකයා වේ.

ක්‍රි.පූ 621 - ඩ්රැකෝ නම් නීතිඥයා මරණයෙන් දඬුවම් පැමිණ විය හැකි වන ලෙස ඇතැන්ස් හි දැඩි නව නීති හඳුන්වා දෙයි. මේවා ඩ්රෝනියානු නීති ලෙස හඳුන්වයි.

ක්‍රි.පූ 600
- පළමු ග්‍රීක කාසි හඳුන්වා දෙනු ලැබේ.


පුරාණ ග්‍රීක කාසි
ක්‍රි.පූ 570 - පයිතගරස් උපත ලබයි . ඔහු විද්‍යාව, ගණිතය සහ දර්ශනය ආදී විෂයන්ගේ ප්‍රගමණයට විශාල සේවාවක් සිදු කළේය. ඔහුගේ  ජ්‍යාමිතිය පිලිබඳ පයිතගරස් ප්‍රමේය අදටද භාවිතා කරයි.


පයිතගරස්
ක්‍රි.පූ 508 - Cleisthenes විසින් ඇතන්ස්හිදී ප්‍රජාතන්ත්රවාදය හඳුන්වාදෙන ලදි. ඔහු ව්‍යවස්ථාවක් ස්ථාපිත කල අතර "ඇතිනියානු  ප්‍රජාතන්ත්රවාදයේ පියා" ලෙස හඳුන්වනු  ලබයි. මෙය ග්‍රීක සංස්කෘතියේ විශිෂ්ට ජයග්‍රහණයක් වේ. 


Greek Classical Period ( ක්‍රි.පූ 480 - ක්‍රි.පූ 323 )

ක්‍රි.පූ 490 - පර්සියානු රජෙකු වූ Xerxes විසින් ග්‍රිකයන්ට එරෙහි සටන අරඹයි 
Xerxes
ක්‍රි.පූ 490 - ග්‍රීකයන් සහ පර්සියානුවන් ග්‍රීක/පර්සියානු යුද්ධ වලදී සටන් කරයි. ක්‍රි.පූ. 490 දී මැරතන් සටන සහ ක්‍රි.පූ. 480 දී සලාමිස් සටන මෙහිදී සිදුවූ ප්‍රසිද්ධ සටන් දෙකකි. ග්‍රීකයන් ජයග්‍රහණය කල අතර පර්සියානුවන් පසු බැස්සේය.

ක්‍රි.පූ 480 - පර්සියානු හමුදාව සමග ස්පාර්ටන්වරුන් 300ක්  සටන් වැදුණු සුප්‍රසිද්ධ තර්මොපොලි සටන ( Battle of Thermopylae ) සිදුවේ.




ක්‍රි.පූ 468 - සොෆෝකලස් රඟ දැක්වීම සඳහා නාට්‍යය ලිවීම අරඹයි. ඉතා සුළු කාලයකදී නාට්‍ය කලාව ග්‍රීසියේ ජනප්‍රිය විනෝදාස්වාදය සපයන මාධ්‍යයක්  බවට පත් වේ.

ක්‍රි.පූ 461 - ස්පාටා සහ ඇතන්ස් අතර පළමු පෙලොපොනේසියානු යුද්ධය ආරම්භ වේ (ක්‍රි.පූ 461-446)


ක්‍රි.පූ 443 - ග්‍රේෂ්ට පාලකයෙකු වූ පෙරිකල්ස් ඇතන්ස්හි පාලකයා බවට පත්වේ. ( ක්‍රි.පූ 443 - 429 ) 

ක්‍රි.පූ 440 - ඇතන්ස්හි හොඳම නාට්‍යය සඳහා සුප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වන යුරිපීඩස් ප්‍රථම ත්‍යාගය දිනා ගනී.

ක්‍රි.පූ 432 - ඇතිනා දෙවගන වෙනුවෙන් පර්තිනන් දෙවොල ඇතන්ස් හි ඉදි කරණු ලබයි. අදටද මෙම ගොඩනැගිල්ල සුරැකිව පවතී 
 
පර්තිනන් දෙවොල

ක්‍රි.පූ 431 - ස්පාටා සහ ඇතන්ස් අතර දෙවන පෙලොපොනිසියානු යුද්ධ ආරම්භ වෙයි. වසර 27ක් පුරා ඇදුනු මෙම යුද්ධය අවසානයේ ක්‍රි.පූ 404 දී ස්පටාවරුන් ජයගනී.
 

ක්‍රි.පූ 399 - ප්‍රකට ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් ඔහුගේ රැඩිකල් ඉගැන්වීම් නිසා මරණයට පත් කරන ලදී.
 

ක්‍රි.පූ 386 - ග්‍රීක දාර්ශනිකයෙකු  සහ සොක්‍රටීස් ගේ සිසුවෙකු වූ  ප්ලේටෝ, බටහිර ලෝකයේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය "ඇකඩමි" ලෙස අරභයි.

ක්‍රි.පූ 384 - ඇරිස්ටෝටල් උපත ලබයි
 

ක්‍රි.පූ 359 - දෙවන පිලිප් ග්‍රීසියේ පාලකයා බවට පත් වේ 

ක්‍රි.පූ 356 - දෙවන පිලිප් රජුගේ පුත් මහා ඇලෙක්සැන්ඩර් උපත ලබයි  

ක්‍රි.පූ 342 - ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් ඇලෙක්සැන්ඩර් හට අධ්‍යාපනය ලබා දීම  ආරම්භ කරයි.
 

ක්‍රි.පූ 336 - තම පියා වූ පිලිප් රජු ගේ මරණින් පසු මහා ඇලෙක්සැන්ඩර් රජ වෙයි.  



ක්‍රි.පූ 333 - මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ විජයග්‍රහණයන් ආරම්භ කරමින් පර්සියානුවන් පරාජය කරයි
 

ක්‍රි.පූ 332 - ඇලෙක්සැන්ඩර් ඊජිප්තුව යටත් කරයි. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියාව  නව අගනුවර ලෙස පිහිටුවා ගන්නා ඔහු ඊළඟ වසර කිහිපය තුළ තම අධිරාජ්‍යය පර්සියාවේ සිට ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරයි 




ක්‍රි.පූ 323 - මහා ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාවේ දී මරණයට පත්වේ 

Greek Hellenistic Period (ක්‍රි.පූ 323  - ක්‍රි.පූ 146 )


ක්‍රි.පූ 323 - මහා ඇලෙක්සැන්ඩර්ගේ  මරණයත් Hellenistic යුගය ඇරබේ. පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ පරිහානිය ඇරබෙන අතර රෝම ශිෂ්ටාචාරය බලවත්ව වැඩෙයි.  

ක්‍රි.පූ 224 - රෝඩ්ස් හි සුවිසල් ප්‍රතිමාව භූමිකම්පාවකින් විනාශ වේ  


රෝඩ්ස් හි සුවිසල් ප්‍රතිමාව
ක්‍රි.පූ 146 - රෝමානුවන් ග්‍රීසිය යටත් කරගෙන එය තම රෝම අධිරාජ්‍යයට ඈදා ගනී 

ග්‍රීක ශිෂ්ටාචාරය ( Ancient Greek Civilization )


පුරාණ ග්‍රීසිය - පලමු කොටස 

පුරාණ ග්‍රීසිය යනු මීට වසර දහස් ගණනකට පෙර මධ්‍යධරණී ප්‍රදේශය පාලනය කළ ශිෂ්ඨාචාරයක් විය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ එහි උච්චතම අවස්ථාව විය. එකල ග්‍රීසිය යුරෝපයේ හා බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේය. ග්‍රීකවරුන් රෝමවරුන්ට පෙර බලවත්ව පැවති අතර රෝම සංස්කෘතියේ බොහෝ ලක්ෂණ ඔවුන් ග්‍රීකයන්ගෙන් ලබාගත් ඒවා විය.

ඉතිහාසඥයන් පුරාණ ග්‍රීසියෙහි ඉතිහාසය කොටස් තුනකට බෙදා දක්වන ලදි. 

1. Archaic Period - ක්‍රි.පූ. 800 දී ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවීමේ සිට ක්‍රි.පූ. 508 දී ප්‍රජාතන්ත්රවාදය හඳුන්වාදීම දක්වා වූ කාල පරාසය මිට අයත් වේ . ඔලිම්පික් උළෙලේ ආරම්භය හා හෝමර්ගේ ඔඩිසියස් සහ ඉලියඩ් කෘතීන් මෙකල බිහිවිය.

2. Classical Period - පුරාණ ග්‍රීසිය ගැන කතා කරන විට බොහෝ විට සලකනුයේ මෙම කාලය ගැනය. ඇතැන්ස්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වීමත් සොක්‍රටීස් හා ප්ලේටෝ වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ පහල වීමත් මෙකල සිදුවිය. එසේම ස්පාටා සහ ඇතන්ස් අතර යුධ ගැටුම් ද මේ අවධියේදී සිදුවිය. ක්‍රි.පූ. 323 දී මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමග මෙම කාලය අවසන් විය.


3. Hellenistic Period - මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් ක්‍රි.පූ. 146 දී රෝමය විසින් ග්‍රීසිය යටත් කර ගැනීමත් අතර අවසාන කාල පාරිච්චේදය මිට අයත් වේ 

බටහිරින් අයෝනියන් මුහුදටත් නැගෙනහිරින් ඊජියන් මුහුදටත් මැදිව මධ්‍යධරණී මුහුදට නෙරා පිහිටි අර්ධද්වීපය සහ ඊට දකුණින් ඇති ක්‍රීට දුපත ඇතුළු දුපත් සමුහය මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවිය. මෙම ශිෂ්ටාචාරයට අයත් දුපත් අතරින් විශාලතම් දුපත ක්‍රීට දිවයින වේ.



ග්‍රීක ශිෂ්ටාචාරය අරම්භ වීමට පෙර ක්‍රීට දිවයින මුල් කරගෙන පැරණි ශිෂ්ටාචාරයක් පැවතුනි.එය මිනොවන් ශිෂ්ටාචාරය ලෙස හැඳින්වේ.

අවට ප්‍රදේශවලින් විවිධ ජන කණ්ඩායම් පැමිණීම නිසා මිනොවන් ශිෂ්ටාචාරය පරිහානියට පත්විය.එසේ පැමිණි ජන කොටස් ඉන්දු යුරෝපියානු ජන කණ්ඩායම් ලෙස සැලකේ.එම ගෝත්‍ර සහ
ජන කොටස් කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන් ක්‍රි.පු 2000 පමණ වන විට ග්‍රීක ශිෂ්ටාචාරය ඇරඹිණි.   

ඉහත සඳහන් කල විවිධ ගෝත්‍ර සහ ජන කොටස් පිහිට වූ ගම් දියුණු වී නගර බිහිවිය. මෙසේ දියුණු වූ නගර ආශ්‍රිතව ක්‍රි.පු 700 පමණ වන විට නගර රාජ්‍යය (City-states) රැසක් බිහි විය. මෙම නගර රාජ්‍ය ක්‍රමය පෞර රාජ්‍ය ලෙස හැඳින්වුණු අතර



පුරාණ ග්‍රීසියේ බොහෝ ප්‍රදේශ පාලනය කළ ප්‍රධාන නගර දෙකක්  වූයේ  ඇතන්ස්(Athens) සහ ස්පාටා(Sparta) ය. ඔවුන් බොහෝ විට විරුද්ධවාදීන් ලෙස එකිනෙකා සමග සටන් කළහ. ග්‍රීක ඉතිහාසයේ සඳහන් වන පෙලොපොනේසියානු යුද්ධ (Peloponnesian wars) ලෙස හඳුන්වන්නේ මෙම නගර දෙක අතර වසර ගණනක් පුරා පැවති යුද්ධයයි. තවත් අවස්ථාවල දී ඔවුන් විදේශ ආක්‍රමණිකයන්ගෙන් ග්‍රීක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ විය.

නගර දෙකේ සංස්කෘතිය බෙහෙවින් වෙනස් විය. ස්පාටා වැසියන් යුද්ධය හා සටන් ක්‍රම පුරුදු පුහුණු කිරීමට මුලුමනින්ම පාහේ අවධානය යොමු කරන ලද අතර ඇතන්ස් වැසියන් කලාව සහ ඉගෙනුමට මුල් තැන දෙන ලදී.


ඇතන්ස් වැසියන්


ස්පාටා වැසියන්
ඊට අමතරව කොරින්ත්(Corinth),තෙබිස් (Thebes), ආර්ගෝස් (Argos), ඩෙල්ෆි (Delphi),රෝඩ්ස් (Rhodes) යන නගර රාජ්‍යය ද පැවතුනි. එම නගර රාජ්‍යය එකිනෙකාගෙන් වෙනස් ව පාලනය විය. මෙම රාජ්‍ය අතර ද වරින්වර සටන් ඇතිවිය.

නිරන්තර අභ්‍යන්තර  යුද්ධයන් හේතුවෙන්  කලක් බලවත්ව පැවති ස්පාටා, ඇතන්ස්, තීබ්ස් සහ කොරින්තියේ ආදී  රාජ්යයන් දුර්වල විය. මේ අතර ක්‍රි.පූ.338 දී උතුරු මැසිඩෝනියාවේ (උතුරු ග්‍රීසියේ) දෙවන පිලිප් බලයට පත්වූ අතර ඔහු ආක්‍රමණ මගින් ඇතන්ස්, තීබ්ස් ඇතුළු බොහෝ රාජ්‍යයන් යටත් කර ගත්තේය. ඔහුගේ මරණින් පසු රජ වූ මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා ඊජිප්තුව ද ඇතුළුව තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරිය.



මහා ඇලෙක්සැන්ඩර් ගේ මියයාමත් සමග ඔහු සතුව පැවතී අධිරාජ්‍යය ඔහුගේ සෙනෙවියන් අතර බෙදී ගියේය. ඉතා සුළු කලකදීම මෙම නව බෙදීම් අතර  සටන් ආරම්භ විය. 

මෙලෙස ග්‍රීකයන් පිරිහීමත් සමග ඉතාලියේ නව රෝමානු ශිෂ්ටාචාරය බලවත් වන්නට විය. කෙසේ හෝ බලවත් රෝමය ක්‍රි.පූ. 215 දී මැසිඩෝනියාව යටත් කර ගනිමින් ආරම්භ කල සටන තවත් වසර ගණනක දරුණු යුද්ධයන්ගෙන් පසුව අවසානයේ ක්‍රි.පූ 146 දී කොරින්ත් යටත් කර ගැනීමත් සමග අවසන් විය. ග්‍රීසිය සම්පුරණයෙන්ම රෝම අධිරාජ්‍යයට නතු විය 

අද බටහිර සංස්කෘතියේ පදනම බවට පත්ව ඇත්තේ පුරාණ ග්‍රීසියයි. ආණ්ඩුක්‍රමය, දර්ශනය, විද්‍යාව, ගණිතය, කලාව, සාහිත්‍යය මෙන්ම ක්‍රීඩාවට ද පදනම් වැටුනේ පුරාණ ග්‍රීසියෙනි.

ලොව ශ්‍රේෂ්ට පුද්ගලයන් රැසක් ඉපැරණි ග්‍රීසියෙන් බිහිවී ඇත . ඒ  අතර දාර්ශනිකයන් වන සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, කවීන් වන ඊසොප්, හෙසියොඩ්,හෝමර්, ඉතිහාසඥයන් වන හෙරෝඩෝටස්  , විද්‍යාඥයන් වන ආකිමිඩිස්,යුක්ලීඩ්,හිපොක්‍රොටිස්,පයිතගරස් කැපී පෙනෙන පුද්ගලයන් වේ.ග්‍රීක ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ට නායකයන් ලෙස මහා ඇලෙක්සැන්ඩර්, ක්ලෙයිස්ටර්න්, ඩෙමොස්තිනස්, ඩරෙකෝ, පෙරිකල්ස් ආදීන් හදුන්වා දිය හැක     
Athens and Sparta

Read more at: http://www.ducksters.com/history/ancient_greece.php
This text is Copyright © Ducksters. Do not use without permission.
Alexander the Great

Read more at: http://www.ducksters.com/history/ancient_greece/decline_and_fall_of_ancient_greece.php
This text is Copyright © Ducksters. Do not use without permissio

මායාවරුන්ගේ දින දර්ශනය (Maya Calendar)

මායා දින දර්ශනය ලෙස හඳුන්වනු ලබන්නේ ඉපැරනි මධ්‍යම ඇමරිකානු ශිෂ්ඨාචාර වල විශේෂයෙන්ම මායාවරුන් භාවිතා කරන ලද දින ගණන් කිරිමේ ක්‍රියා පටිපාටියකටයි. මෙහි භාවිතය ක්‍රි.පු 5 වන සියවසතෙක් ඇතට දිව යයි. අදටද විවිධ මායාවරුන්ගෙන් පැවතෙන්නන් මෙය භාවිතා කරනු ලබයි. මෙය මායා දින දර්ශනය ලෙස හැඳින්වුවද මෙහි නිර්මාපකයන් ඔවුන් නොවන බව පැවසේ. 

මෙහි ප්‍රධානම දින දර්ශන 3න ලෙස "Tzolkin", "Haab" සහ "
Long Count
"
දින දර්ශන හඳුන්වා දිය හැක.

මෙම දින දර්ශන විවිධ දින ගණන් වලින් යුක්ත චක්‍ර කිහිපයකින් සමන්විතවේ.දින 260 කින් සමන්විත චක්‍රය "Tzolkin" ලෙස හැඳින්වේ. එයට ඈඳුනු දින 365 චක්‍රය "Haab" ලෙස හැඳින්වේ. මෙම දින දර්ශන දෙකහි එකතුව "Calender Round" එකක් ලෙස හඳුන්වනු ලබන අතර සැම "Haab" 52 කට වරක්ම දින දර්ශන වල පිහිටීම මුල් අවස්ථාවට පැමිනේ. මෙකී දින දර්ශන කෙටි කාලින සිදුවීම් සඳහා පමණක් යොදා ගනී.

දිගුකාලීන දින ගණනය සඳහා මොවුන් තවත් වෙනස් දින දර්ශනයක් භාවිතා කරනු ලබයි.එය "Long Count." ලෙස හඳුන්වනු ලබයි.


Tzolkin
මෙය දින 20 ක නම් සමග දින 13 ක අංක වල සංකලනයෙන් සෑදුන,  දින 260 ක දින දර්ශනයකි. බොහෝ දුරට විවිධ ආගමික උත්සව සඳහා වූ දිනයන් හඳුනා ගැනීමට මෙය භාවිතා කරන්නට ඇතැයි සැලකේ.   





Haab
මෙය මසකට දින 20 බැගින් වූ මාස 18 කින්ද, අවසානයට තවත් අමතර දින 5 කින්ද සමන්විත වූ දින 365ක  දින දර්ශනයකි. වසර අවසානයට යෙදෙන මෙම අමතර දින 5 ක කාලය අසුබ කාල පරිච්චේදයක් ලෙස සැලකිය. එනිසා විවිධ ආගමික වතාවත් වල නියෙලෙමින් එම කාලය ගත කිරීමට එකල වැසියන් ගේ සිරිතක් වූ බව සැලකේ. 




Calendar Round
Tzolkin කැලැන්ඩරය සමග Haab කැලැන්ඩරය එකතු කිරිම මගින් මෙම දින ගණනය කරනු ලබයි. Calendar Round එකක් Haab වසර 52 කට හෙවත් දින 18,980 කට සමාන වේ. ඉන් පසු නැවත කැලැන්ඩරය මුල් අවස්ථාවේ සිට ගණනය කිරීම අරඹයි. 


Long Count

වර්තමානයේ අප භාවිතා කරනු ලබන දින දර්ශනයේ ආරම්භය ක්‍රි.ව 1 ලෙස සැලකුවද, මායා "Long Count."  දින දර්ශනයේ ආරම්භක දිනය ලෙස ක්‍රි.පූ 3114 අගෝස්තු 11 දිනය සලකනු ලබයි.

මෙහි දින ගණනය 13.0.0.0.0 හෙවත් ක්‍රි.පූ 3114 අගෝස්තු 11 දින සිට සිදු කරණු ලබයි.  මෙහි ඉලක්කම් 5 පිලිවෙලින් Baktun. Katun. Tun. Uinal. Kin. ලෙස හඳුන්වනු ලබයි.

Kin = 1 Day.
Uinal = 20 kin = 20 days.
Tun = 18 uinal = 360 days.
Katun = 20 tun = 360 uinal = 7,200 days.
Baktun = 20 katun = 400 tun = 7,200 uinal = 144,000 days.   


kin, tun සහ katun 0-19 දක්වාද, uinal 0-17 දක්වාද , baktun 0-13 (මෙය මතභේදයට ලක්විය )  දක්වාද ගණනය කරනු ලබයි.
උදා : 13.18.10.15.16 - 13 (baktun ) .18 (Katun) . 10 (Tun) . 15 (Uinal) . 16 (Kin) 


මෙලෙස ගත් කල Long Count දින දර්ශනයේ එක චක්‍රයක් baktun 13 ක කාලයක් හෙවත් දින  1.872.000 (වසර 5125.36) ක් පමණ වේ.
 

2012.12.21 ලෝක විනාශය
මෙම මතය ලොව පුරා පැතිරිමට හේතුව වුයේ මෙම Long Count දින ගණනයයි. එනම් දින දර්ශනයට අනුව අප මේ සිටින කාලයට පෙර ලෝකය 12.19.19.17.19 දින විනාශ වී  13.0.0.0.0 දින සිට නැවත ඇරම්භිනි. 2012,12.21 දිනට නැවත මායා Long Count දින දරශනය 12.19.19.17.19 දිනය පෙන්නුම් කරන ලදි. 


2012.12.21 ලෝක විනාශය

පර්යේෂකයන්ට අනුව මෙම ලෝක විනාශය පිලිබඳ මිත්‍යාමතය බොහෝ අය හුදෙක් වෙලඳ ප්‍රචාරනයක් ලෙස භාවිතා කල සත්‍යයෙන් තොර මතයකි. 






ටුටන්කාමන් සොහොන - 2 කොටස (Tutankhamun)

පෙර ලිපියේ සඳහන් කර තිබු පරිදි ටුටන්කමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1922 දී Howard Carter ඇතුළු පිරිසටයි.

ටුටන්කාමන් සොහොන් ගැබ ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් සමන්විතවේ. එනම් Antechamber, Annex, Burial Chamber සහ Treasury Room ලෙස කාමර 4කින් ද ඇතුළු වීමේ කුටීරය ද ( Passage ) ලෙසය. මෙතෙක් හමුවූ පාරෝ සොහොන් ගැබ් අතරින්, එහි වස්තුව සොරුන් විසින් කොල්ල නොකන ලද සොහොන් පවතින්නේ දෙකක් පමණි. එකක් මෙම ටුටන්කාමන් සොහොන් ගැබ වන අතර අනෙක Psusennes I නම් පාරෝවරයාගේ සොහොන් ගැබයි.

  


විශාල කර බලන්න
Antechamber
පළමුව හමුවන කුටීරය මෙය වන අතර අනෙකුත් සියලු කුටීර මෙයට සම්බන්ධව පවතී. රජු එදිනෙදා භාවිතයට ගත් උපකරණ 700 කට අධික ප්‍රමාණයක්  මෙහි තැන්පත් කර ඇත. ඒවා අතර කවිච්චි, පෙට්ටගම්,කූඩ, විශාල ප්‍රතිමා, ඇදන් සහ කුඩා මේස ආදිය අයත් වේ. මේවා අතරින් වෙන
වෙනම  හිපපොටේමස් , සිංහ සහ ගව හිස් නිරුපනය වන ලෙස ලීයෙන් තනවා රත්‍රන් ආලේපිත කර තනවා තිබෙන කවිච්චි 3 න විශේෂ වේ. එක පසක රජු ගමන් බිමන් වලට යොදාගත් රථ ද අනෙක් පස මුහුණට මුහුණලා තබා ඇති රජුගේ ප්‍රතිමා දෙකක්ද ඇත.  


Annex Room
කුඩාම කුටීරය වන අතර විශාල ප්‍රමාණයක් භාණ්ඩ අපිළිවෙලට එකපිට ගොඩ ගසා තිබුණි.හමු වූ භාණ්ඩ අතර විවිධ තෙල් වර්ග, කෑම , වයින්,මැටි භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ සහ කුඩ වේ.     


Burial Chamber
රජුගේ මමිය තැන්පත් කර තිබු කුටීරය මෙයයි. අනෙක් සියලු කුටීර වලට වඩා අලංකාර ලෙස සකස් කර ඇත. බිත්ති සතරම සම්ප්‍රධායික ලෙස චිත්‍රවලින් අලංකාර කර ඇත. එක තුල අනෙක ලෙස රත්‍රන් මිනිපෙට්ට් වැනි තුනක් ඇතුලත් පාෂාණ මිනීපෙට්ටියක් තුල රජුගේ මමිය තැන්පත් කර තිබුණි. 



Treasury Roomමෙතුල විවිධ පුජාසන,පෙට්ටගම්,බෝට්ටු මෙන්ම රජුගේ මියගිය දරුවන් දෙදෙනාගේ ලෙස සැලකෙන මමී දෙකක් ද තැන්පත් කර ඇත. හිවල් මුහුණක් ඇති පුරාණ ඊජිප්තු දෙව්දුවක් වූ Anubis ගේ පිළිරුවක් ඇති පුජාසනයක් දොරටුවට මුහුණ ලා  ඇත. රජුගේ කුඩා ප්‍රමාණයේ පිලිප 34 ක් ද, බෝට්ටු 14 ක් ඇතුළු තවත් උපකරණ රාශියක් මෙතුල තිබී සොයාගෙන ඇත.



ටුටන්කමන් සොහොන් ගැබ තුල තිබි හමුවූ පෞරාණික භාණ්ඩ ගණන 5000 කට අධික යයි ගණන් බලා ඇත. මෙම බොහෝ භාණ්ඩ ඊජිප්තුවෙ කයිරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මේවා අතරින් ටුටන්කාමන්ගේ රත්‍රන් වෙස් මුහුණ මෙතෙක් ලොව වැඩිම පිරිසක් බලන ලද කෞතුක වස්තුවක් ලෙස සැලකේ .

රත්රන් වෙස් මුහුණ

 පළමු ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/1-tutankhamun.html

 Reference : http://www.kingtutone.com/

ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)

පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ ටුටන්කාමන් (Tutankhamun)  යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද වන්නේ ටුටන්කාමන්ගේ වීමයි. ඊට අමතරව ටුටන්කාමන්ගේ සාපය (Curse of the pharaohs) ආදී ලෙස ඔහු වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද මිට හේතු විය.  

1922 දී , පුරවිද්යඥයෙකු වූ  Howard Carter ඇතුළු පිරිස මෙම සොහොන් ගැබ සොයාගැනීමත් සමග වසර 3000 කට අධික කාලයක් ලොවෙන් වසන්ව තිබු ටුටන්කාමන් පිලිබඳ ලොවට හෙළිවිය,
  
ටුටන්කාමන් (Tutankhamun)  පුරාණ ඊජීප්තු වේ 18 වන රාජ වංශයට අයත් 11 වන පාලකයා නොහොත් පාරෝවරයායි.  "King Tut" යන නාමයෙන්ද හැදින්වෙන ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ (1332–1323) දක්වා වසර 9 ක වැනි ඉතා සීමිත කාලයකට සිමා වුවද  වර්තමානයේ දී ද ඊජිප්තු පාරෝවරුන්ගෙන් වැඩිම අවධානයට ලක් වීමට සමත් වී ඇත. 

1922 දී Howard Carter මමිය පරික්ෂා කිරීම

තම පියා වූ  Akhenaten ගෙන් පසු වයස අවුරුදු 9-10 ක් තරම් ලාබාල වයසේ දී පාලනයට පත් වූ මොහු අවුරුදු 19 ක් පමණ තරුණ වයසක දී ජිවිතක්ෂයට පත් විය  

ටුටන්කාමන් රජකමට පත්විමෙන් පසු තමාගේ අර්ධ - සහෝදරියක වූ Ankhesenpaaten (පසුව නම Ankhesenamun ලෙස වෙනස් කර ගන්නා ලදි.) විවාහ කර ගන්නා ලදි. ඔවුනට දාව දරුවන් නොසිටි අතර දෙදෙනෙකුම කුස තුල දීම නැති වූ බව සඳහන් වේ.

ටුටන්කාමන් ඉතාම අඩු වයසකින් රජකමට පත් වීම නිසා බොහෝ රාජතාන්ත්‍රික තීරණ Vizier නම් තනතුර දැරූ Ay නැමැති ඉහල නිලධාරියාත්, ඔහුගේ සහයට හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ Horemheb නැමැත්තාත් විසින් ගනු ලැබුවායයි සඳහන් වේ.

සිය තෙවන පාලන කාලය තුලදී ටුටන්කාමන් , සිය පියා විසින් ගෙන තිබූ එහෙත් බලවත් ජන-අප්‍රසාදයට හා කෝපයට ලක්ව තිබූ තීරණ කිහිපයක්ම වෙනස් කරන ලදි. ඔහු Aten නැමැති දෙවියන් ඇදහීම අත්හිටවූ අතර ඒ වෙනුවට පෙර තිබූ පරිදි Amun නම් දෙවියන් ඇදහීම ස්ථාපිත කර ඊට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.මෙතෙක් කාලයක් ප්‍රධාන අගනගරය වූ Akhetaten අතහැරදමා එය පෙර තිබූ ලෙස Thebes වෙත ගෙන යන ලදි. මේ සියලු කාරණා සන්කෙතවත් කිරීම පිණිස ඔහු සිය නම Tutankhamun ("Living image of Amun") ලෙස වෙනස් කර ගන්නා ලදි.


සොහොන් ගැබෙන් හමුවූ ටුටන්කාමන් ලි පිළිරුව
ටුටන්කාමන්ගේ මමිය පිලිබඳ පර්යේෂණය කිරීමෙන් ඔහුගේ දේහ ලක්ෂණ පිලිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. ඔහු උස සෙ.මී 180 (අඩි 5 අඟල් 11) පමණ උසකින් යුක්ත එතරම් ශක්තිමත් ශරීර සෞඛ්‍යකින් යුක්ත නොවූ කෙනෙකු ලෙස සැලකේ. ඔහුගේ පාදයක අස්ථිවල තිබූ අබාධයක් හේතුවෙන් හැරමිටියක ආධාරයෙන් ඇවිදීම කලබව සොයාගෙන ඇත. එමෙන්ම ඔහු කීපවරක්ම මැලේරියා වෙරසයටද ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත.

කෙසේ නමුදු ඔහු වයස 19 ක් පමණ තරුණ කාලයකදී මිය යාමට හේතු හරි හැටි අනාවරණය කර ගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැත. බොහෝ විට නිරන්තර රෝගාබාධ වලට ගොදුරු වී ශරීර සෞඛ්‍යය දුර්වල වීම, මියයාමට ආසන්නතම හේතුව ලෙස සැලකේ.තවද තරුණ රජු කිසියම් ආකාරයට ඝාතනය වූවාද යන සැකයක්ද පවතී.

තරුණ රජුගේ අකල් මරණයත් සමග අසරණ වූ  Ankhesenamun රැජිණ අසල් වැසි Hittites  රාජ්‍යයයේ රජු වෙත තමන් ඔහුගේ එක් පුත්‍රයෙකුට විවාහ කර දෙන මෙන් ඉල්ලා පණිවුඩයක් යැවූ බව සඳහන් වේ. කෙසේ වෙතත් එම කුමරු අතර මගදී ඝාතනයට අතර අවසානයේ
රැජිණ Ay සමග විවාහ වූ බව සඳහන් වේ. 



ටුටන්කාමන් රජුගේ මරණයත් සමග ඔහු, රජුන්ගේ නිම්නයේ (Valley of the Kings) තැනූ සොහොන් ගැබක් තුල තැන්පත් කරන ලදි. රජුගේ තත්වයත් සමග සැසඳීමෙදී එම තැන්පත් කල සොහොන් ගැබ කුඩා මෙන්ම නොගැලපෙන එකක් ලෙස පර්යේෂකයන්ගේ මතය වී ඇත. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජුගේ හදිසි මරණයත් සමග වෙන කෙනෙකු වෙනුවෙන් ඉදි කර තිබූ සොහොන් ගැබක රජු තැන්පත් කල බවයි. චාරිත්‍රානුකූල ව දින 70 ක මමීකරණ ක්‍රියාවෙන් පසුව රජුගේ දේහය අනෙකුත් ආම්පන්න සමග සොහොන් ගැබතුල තැන්පත් කර වසා දමන ලදි. 


දෙවන ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/2-tutankhamun.html

(විකිපීඩියා ඇසුරෙනි) 
 

පොම්පෙයි නගරය ( Pompeii )

පොම්පෙයි නගරය වර්තමානයේ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යට අයත් නගරයකි. ක්‍රි.ව 79 දී පමණ ඒ ආසන්නයේ පිහිටා තිබූ විසූවියස් ගිණිකන්ද පුපුරායාම නිසා නගරය මුලුමනින්ම විනාශ වූ අතර පිටවූ අළු නිසා මීටර 4-6 (අඩි 13-20) පමණ ගැඹුරට වැලලී ගියේය.

මෙම නගරය ක්‍රි.පූ 7 වන සියවසේ දී පමණ ඔස්කන් නැමති ජන කොට්ඨාශයෙන් ජනාවාස වීම ඇරඹුනා යැයි සැලකේ. එහි තිබූ වරාය වෙළඳාම සඳහා ප්‍රසිද්ධව තිබූ අතර පෙර කාලවලදී ගිනිකන්ද පුපුරා ගැලූ ලාවා නිසා එහි පස සාරවත් වු බැවින් මිදි හා ඔලිව් වගාව සාරවත්ව සිදු කෙරිනි.

ක්‍රි.පූ 5 වන සියවසේ දී පමණ පොම්පේ නගරය සම්නයිට්ස්වරුන් (Samnites) යටත් කරගත් අතර පසුව රෝමවරුන් යටතට පත්විය. ක්‍රි.පූ 80 දී පමණ මෙය නිල වශයෙන් රෝම අධිරාජ්‍යට අයත් කොලොනියක් බවට පත් විය.



එකල පොම්පෙයි නගරය රෝමවරුන්ගේ ජනප්‍රිය නිවාඩු කලාපයක් විය. බොහෝ ධනවත් රෝමවරුන් ඔවුන්ගේ ග්‍රීෂ්ම සෘතුව ගත කිරීම සදහා මෙහි නිවාස තනවා ගෙන තිබුන අතර ඔවුන් එම කාලය මෙහි ගත කිරීම සිදු විය. 10000 - 20000 ත් අතර ජනගහනයක් මෙකල නගරය තුල ජීවත් වන්නට ඇතය සැලකේ.

පොම්පෙයි නගරයද එවකට සාම්ප්‍රදායික රෝම නගරයක ආකෘතිය ගත්තේය. නගරයේ එක් පසක ෆෝරම් (forum) ලෙස හැදින්වූ කලාපය වූ අතර සියලුම වෙළඳ කටයුතු සිදුකෙරුන  කඩ සල්පිල්, බැංකු ආදියෙන් සමන්විත ජනාකීරණ ප්‍රදේශයක් විය.
ඒ ආසන්නයට වන්නට පුරාණ රෝම දෙවියන් වූ වීනස්, ජුපිටර් සහ ඇපලෝ වෙනුවෙන් ඉදිකෙරුණු දෙවොල් තිබී ඇත. නගරය තුලට ජලය ගෙන ඒමට ජලමාර්ග පද්ධති සකසා තිබුනි. එමගින් පොදු ජනතාවගේ ස්නානය ආදී අවශ්‍යතාවයනට  ජලය සැපයුනි.


නගර වැසියන් විනෝදකාමී ජීවිත ගත කල පිරිසක් ලෙස සැලකේ. නගරය තුල 20000 කට පමණ අසුන්ගත හැකි, ග්ලැඩියේටර්වරුන්ගේ පවා සටන් පැවති විශාල රංග පීථයක් ඉදිකර තිබුනි. ඊට අමතරව විවිධ නාට්‍ය, සංගීත සංදර්ශන මෙන්ම ආගමික උත්සව පැවැත්වීමට රංග ශාලා බොහොමයක් ඉදිකර තිබූ බව පැවසේ.

පොම්පෙයි නගරය අවට ප්‍රදේශය නිරන්තර භුමිකම්පා වලට ලක්විය. එබැවින් එය ඔවුනට සාමාන්‍ය සිදුවීමක් වී තිබී ඇත. කෙසේ නමුදු ක්‍රි.ව 62 දී පමණ ඇති වූ අති දැවැන්ත භුමිකම්පාවෙන් නගරයට මහත් විනාශයක් සිදුවිය. ගොඩනැගිලි සියල්ලම පාහේ හානියට පත් විය.ඊට වසර 17 කට පසු එනම්  ක්‍රි.ව 79 දී මහා පිපිරීම සිදුවන කාලය වන විටද මෙමගින් විනාශ වූ ගොඩනැගිලි  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේමින් පැවති බව සඳහන් වේ.

ඒ වන විට විසූවියස් ගිණිකන්ද වසර 1800ක පමණ කාලයක් නිශ්ක්‍රීයව තිබී ඇත.මෙනිසා පොම්පෙයි වැසියන් එය ගිණිකන්දක් බව නොදැන සිටි බව සඳහන් වේ. ක්‍රි.ව 79 අගෝස්තු 24 දින ගිණිකන්ද පිපිරීම ආරම්භවී දුමාරය යන විට ද නගර වැසියන් වෙන්නේ කුමක් දැයි නොදැන එදෙස පුදුමයෙන් බලා සිටි බව සඳහන් වේ. අවසානයේ අනතුර වැටහෙන වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබුනි.

විද්‍යාඥනයන් ගණන් බලා ඇති ආකාරයට පිපිරීමේදී ගිණිකන්දෙන් සෑම තත්පරයකදීම අලු සහ ගිණියම් වූ ලාවා පාෂාණ ටොන් 1.5 ක් පමණ සැතපුම් 20ක් පමණ ඉහල අහසට විහිදී ඇත. මේවා මගින් අවට කලාපයම දුමෙන් වැසුන අතර බොහෝ වෙලාවක් යනතුරු අළු වැසි ඇති විය. ගොඩනැගිලි කඩා වැටුන අතර විෂ වායු දුම ආදිය නිසා බොහෝ දෙනෙකු ස්වසනය අපහසුතා නිසා මිය ගියේය. නගරය අඩි 20ක් පමණ සම්පූරණයෙන් අළුවලින් වැසී ගොස් ජීවිත 2000ක් පමණ විනාශ වී තිබුනි.

පොම්පෙයි නගරයේ ඛේදවාචකය ගැන තොරතුරු මුලින්ම සඳහන් වන්නේ ප්ලිනී (කනිෂ්ඨ) ( Pliny the younger) නම් එම පිපිරීම වන අවස්ථාවේ දුරින් නගරයක සිට එය නිරීක්ශණය කල පුද්ගලයෙකු විසින් ලියා තබන ලද සටහන් වලට අනුවය. පසු කලෙක ඔහු සිදුවීම පිළිබඳ ලියා තබා ඇත. තම මාමා වූ ප්ලිනී (ජෙෂ්ඨ) නම් වූ නාවුක සෙන්පතියා සිය නාවුක බල ඇණිය මිනිසුන් බේරා ගැනීමට යොදා ගැනීමේදී මිය ගිය බවද සඳහන් කර ඇත.

මෙසේ වසර 1500 කට අධික කාලයක් අතහැර දැමුන පොම්පෙයි නගරය නැවත කැණීම් මගින් 1748 දී මතු කර ගැනීම ආරම්භ විය. වාතාස්‍රය සහ තෙතමනය නොමැති නිසා ඒවා තිබුන ආකාරයටම සුරක්ෂිතව සංරක්ෂණය වී තිබුනි. 

1997 දී පොම්පෙයි නගරය සහ අවට කලාපය ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි. වසරකට සංචාරකයන් මිලියන 2.6 ක් පමණ නගරය නැරඹීමට පැමිණෙති ගණන් බලා ඇත. 


Related Links:

නුතන ලෝක පුදුම හත ( New 7 Wonders of the World )

හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර පිහිටා ඇති සංවිධානය විසින් නූතන ලෝක පුදුම 7 එලිදක්වන ලදි.

ලොවපුරා දැනට පවතින සුවිශේෂී සිහිවටන 200ක් මීට යොදා ගත් අතර අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ වර්ෂ 2001 සිට 2007 දක්වා මත විමසීම සිදුකිරිනි. 

අන්තර්ජාලය ඔස්සේ එක් කෙනෙකුට  එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර දුරකතන ඔස්සේ කෙනෙකුට කැමති ගණනක් ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව තිබුනි. මීට ලොවපුරා මිලියන 100ක පමණ ජන්ද ලැබී තිබුනි. ඒවා අතරින් 20ක් අවසාන වටයට තේරීපත් වූ අතර ජයග්‍රාහි සිහිවටන 7 , 2007/07/07 දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී එලිදක්වන ලදි. ඒවා පහත දක්වා ඇත.  

වැනීසිය ( Venice )

Grand Canal
ඊසාන දිග ඉතාලියේ, වැනීසියානු වගුරුබිම් සහිත කළපුවේ පිහිටා ඇති වැනීසිය කුඩා දූපත් 117 ක එකතුවකි. මෙවා ඇළ මාර්ග 177 කින් වෙන් වී තිබෙන අතර පාලම් 409 කින් එකිනෙක හා සම්බන්ධ වී පවතී. 

වැනීසිය ජනාවාස වීම ආරම්භ වූ වා යැයි සැලකෙන්නේ විවිධ ආක්‍රමණ හමුවේ අවට රෝම අධිරාජ්‍යට අයත් විවිධ නගර වලින් සංක්‍රමණය වූවන් ගෙන්ය.

වර්ශ 400 පමණ වනවිට ඉතාලි අධිරාජ්‍යය විවිධ බටහිර මිලේච්ච
ආක්‍රමණික ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරුවිය. මෙයට වඩා භයානක ලෙස මුහුන දුන්නේ ඊසාන දිග ඉතාලියේ නගරවල විසූ ජනයාය. මෙවන් ආක්‍රමණ අවස්ථාවල තම ගම්බිම අතහැර ඔවුන් ඒ සමීපයේ පිහිටා තිබූ වැනීසියා කළපුවේ ඇති වගුරුබිම් සහිත කුඩා දූපත් වලට තාවකාලිකව පැන යාම පුරුද්දක් ලෙස සිදු කිරීය. ආක්‍රමණ අවසන් වී ටික කලකට පසු ඔවුන් තම සුපුරුදු ගම් බිම් වලට නැවත පැමිනියේය.

අවසාන රාත්‍රී භෝජනය ( The Last Supper )

මෙය 15 වන සියවස අවසානයේ පමණ "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි. ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ.

මෙමගින් යෙසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග අවසාන රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරු දිනකදීම පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොත නිරූපණය වෙතැයි සැලකේ. මෙවිට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් සිතුවමෙන් අපූරුවට ඉස්මතු කර ඇත.  

චීන මහා ප්‍රාකාරය (Great Wall of China)

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් (Qin Shihuang) විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය (Ming dynasty) තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

"පීසා" හි ඇලවෙන කුළුණ ( Leaning Tower of Pisa )

ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන දෙව්මැදුරේ පිහිටා තිබෙන ඝණ්ටා කුළුණවන මෙය එක් පසකට ඇල්වී තිබීම නිසා ලොව පුරා අතිශය ප්‍රසිද්ධියට පත්විය. මෙය හුණු ගලින් නිමවා පිටත කිරිගරුඩයෙන් තනා තිබෙන අතර ඝණ්ටා කුටීරයද සමග මහල් 8 කින් සමන්විත වේ.  මෙසේ කුළුණ ඇලවීමට හේතුවී තිබෙන්නේ එය නිර්මාණය කරන අවස්ථාවේ යටිපස ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වී නොතිබීමයි.

පිසා හි කුළුණ නිර්මාණය වර්ෂ 1173 දී ඇරඹුන අතර  වසර 199 කට ආසන්න කාලයක් පුරා අවස්ථා 3කට නිර්මාණය කර ඇත. 1178 කුළුණේ දෙවන මහල නිමකරන අතරතුර ප්‍රථම වතාවට එක් පසකට ඇලවීම ආරම්භවිය. මෙනිසා මෙහි වැඩ කටයුතු ශතවර්ෂයක් පමන නතර විනි. නැවත 1272 පමණ කුළුණේ වැඩකටයුතු ආරම්භ වුන අතර ඇලවීම වැලැක් වීමට අනෙක් මහල් වල එක පැත්තක උස වැඩි වනලෙස නිර්මාණය කරන ලදි. ඒවන විට පසද ශක්තිමත් වී තිබුනි.

Easter දූපතේ "Moai" පිලිම ( Moai Statues - Easter Island )

Easter Island නොහොත් Rapa Nui යනු පැසිෆික් සාගරයේ පිහිටි චිලී රාජ්‍යට අයත් පොලිනීශියානු (Polynesian) දූපතකි. එය චිලී හි බටහිර ඉවුරට සැතපුම් 2300ක් දුරින් පිහිටා ඇත. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි ප්‍රථම යුරෝපීයා වූ ලන්දේසි  ජාතික Jacob Roggeveen  1722 අප්‍රේල් 5, Easter ඉරිදාවක ගොඩ බැසි නිසාය.

මෙම දූපත, එහි පිහිටුවා ඇති "Moai" ලෙස හඳුන්වන අතිවිශාල ගල් පිලිම 887 නිසා ලොව ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. මේවා 1100 -1680 AD අතර කාලය තුල එහි විසූ Rapa Nui ජනතාව විසින් ඉදිකර ඇතය සැලකේ.

පේරූ හි "මචූ පිචූ" නගරය ( Machu Picchu )

Machu Picchu යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි (Peru), "Urubamba" නිම්නයේ අඩි 8000 පමන උසින් කඳු මුදුනක පිහිටා ඇත.

මෙම නගරය 1450 දී පමන ඉන්කා අධිරාජයෙකුවූ Pachacuti විසින් ඉදි කෙරුන බව සැලකේ. එහෙත් ඊට වසර 100 කට පමන පසු ඇති වූ ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමග මෙම නගරය අතහැර දමන ලදි. කෙසේ නමුදු නගරය පිලිබඳ ස්පාඤ්ඤනයන්ට දැන ගන්නට නොලැබුන අතර ස්වදේශික වැසියන් පිරිසක් පමනක් මෙය පිලිබඳ දැන සිට ඇත. කාලයත් සමග මෙම නගරය මුලුමනින්ම ගස් වලින් වැසී ගොස් තිබුනි.1911 දී පමන ඇමරිකානු ඉතිහාසඥ්නයෙකු වූ Hiram Bingham විසින් මෙම සැඟවී ගිය නගරය නැවත සොයා ගැනීමත් සමග Machu Picchu පිලිබඳ අභිරහස ලොවට හෙලිවිනි. 

බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - තෙවන කොටස

එල්ලෙන උයනේ චිත්‍රයකි
මෙය පැවතුනායයි සැලකෙන්නේ පුරාණයේ බැබිලෝනියාව ලෙස සැලකුන වර්තමාන ඉරාකයේ බාබිල් ප්‍රාන්තයේ හිලාල් නම් ප්‍රදේශයේය.( Hillah, Babil province, in Iraq ). පුරාණ ලේඛනවල සදහන් වුවද මෙය පැවති බවට මෙතෙක් පුරාවිද්‍යාත්මක සාධක හමුවී නොමැත.

පලමු වරට මෙම එල්ලෙන උයන පිලිබඳ සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරයකු වූ Berossus විසින් 280 BC දී පමණ ලියන ලද Babyloniaca නම් ග්‍රන්ථයේය. එහිදී මෙය ශ්‍රේෂඨ බැබිලෝනියා රජෙකු වූ දෙවන Nebuchadnezzar (Nebuchadnezzar II) ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත.

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - පලමු කොටස

හෙරඩෝටස් (Herodotus) නම් ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් (Callimachus) විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. 

නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත. පලමු සහ දෙවන සියවස, නැගෙනහිර මධ්‍යධරණී  මුහුදු තීරයේ තිබු විශිෂ්ට නිරමාන 7ක් මීට අයත්ව ඇත. ඒවා නම්,  

ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty ) පිහිටුවා තිබෙන්නේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ  පිහිටි Liberty Island නම් කුඩා දූපතකය.මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්‍රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇතිවූ මිතුදම සංකේතවත් කිරීම සදහාය.

මෙය නිර්මාණය කරන ලද්දේ  Frédéric Auguste Bartholdi නම් වූ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියාය. ඇමෙරිකානු සහ ප්‍රංශ ජනතාවගේ ඒකාබද්ධ ව්‍යායාමයක් ලෙස නිමවුන ලිබර්ටි ප්‍රතිමාවේ පාදස්තලය ( Pedestal ) සෑදීමේ වගකීම ඇමෙරිකාවට පැවරුන අතර ප්‍රතිමාව නිර්මාණය කිරීම ප්‍රංශයට පැවරුනි. ප්‍රතිමාව ප්‍රංශයේදි කොටස් වශයෙන් නිපදවා ඇමෙරිකාවේදී එකලස් කිරීමට තීරණය කෙරිනි.