බ්‍රසීලයේ ක්‍රිස්තූස් වහන්සේගේ ප්‍රතිමාව (Christ The Redeemer)

(නූතන ලෝක පුදුම හත - 6 කොටස)

නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන, ජේසු තුමන්ගේ කළා ප්‍රතිරුවක් වන Christ the Redeemer පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ  නගරයේය. මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන Paul Landowski  සහ තනවන ලද්දේ බ්‍රසීල ජාතික ඉන්ජිනේරුවකු වන Heitor da Silva Costa ගේ සහ ප්‍රංශ ඉන්ජිනේරුකු වන Albert Caquot ගේ සහයෝගයෙනි. පිළිරුවෙහි මුහුණ නිර්මාණය කරන ලද්දේ රුමනියානු කලාකරුවකු වන Gheorghe Leonida විසිනි.

මෙවැනි අති විශාල කතෝලික සිහිවටන ස්මාරකයක් තැනවීමට මුලින්ම යෝජනාව ගෙන එනු ලැබුවේ 1850 දී කතෝලික පූජකයෙකු වූ Pedro Maria Boss විසිනි.නමුත් ඉසබෙල් රැජිණ  මෙම අදහසෙහි කැමැත්තක් නොවුණු නිසා මූල්‍යමය කටයුතු සඳහා කල ඉල්ලීම ඉටු නොවුනි. 

1920 මුල් බාගයේදී රියෝ ද ජනයිරෝ හී Catholic Circle නම් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල පෙත්සමක්  සාර්ථක වූ අතර 1922 දී මෙය ඉදිකිරීම ආරම්භ විය. මෙහි වැඩ වසර 9ක් පුරා සිදුකර 1931 දී නිම කෙරුණි .
ඇතට පෙනෙන අයුරු
මෙම ප්‍රතිමාව සඳහා විවිධ සැලස්මන් තෝරාගන්නා ලද අතර ඉන් එකක් වුයේ ක්‍රිස්තියානු කුරුසයයි.අනික වුයේ ජේසුස්  ලෝක ගෝලය අතට ගෙන සිටින පිළිරුවයි.නමුත්  අවසානයේදී පිළිරුව සඳහා තෝරාගන්නා තේමාව වුයේ ජේසුස් වහන්සේ සියල්ලන්ටම ආදරය කරන බව හා ඔහු වෙත පැමිණෙන සියල්ලන්වම වැළඳ ගන්නා බව විදහා දැක්වෙන පිළිරුවයි.

පාදස්තලහි උස නොමැතිව  ප්‍රතිමාව අඩි 98ක් හා පළල මීටර් 30ක් වන අතර එහි පාදස්තලයේ උස අඩි 26ක් හා පළල මීටර් 8ක් වේ. එහි අතක වට ප්‍රමාණය මීටර් 28ක් හා අඩි 92ක් දිග වේ.


සමීප රුපයක්
ප්‍රතිමාව මෙට්‍රික් ටොන් 635 ක් අතර බර වන අතර පිහිටියේ රියෝ  නගරය ඉහලින්  පෙනෙන ආකාරයට Tijuca ජාතික උද්‍යානයේ Corcovado කඳු වලයි. මුළු ලෝකයේම ක්‍රිස්තියානු සංකේතයක් වන මෙම ප්‍රතිමාව  බ්‍රසීලයේ රියෝ  ජැනයිරෝ හී සංස්කෘතික සුරුවමක් ලෙස සැලකේ.  

මෙම ප්‍රතිමාව නිමවා ඇත්තේ මේද්‍යෝපාෂාණ  (soapstone) හා කොන්ක්‍රීට් වලිනි.අවශ්‍ය පාෂාණ ස්වීඩනයෙන් ගෙන්වා ඇති අතර කොටස් වශයෙන් නිමවා කඳු මුදුනේ දී එකලස් කර ඇත. 

2008 වසරේ සිදුවූ තදබල අකුණු ප්‍රහාරයකින් ප්‍රතිමාවට භානි සිදුවිය. නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණ අතර ක්‍රමවත් අකුණු සන්නායක පද්ධතියක් ද සවි කරන ලදි. 2010 දී පුද්ගලයෙකු ප්‍රතිමාවට තීන්ත ඉස භානි කල අතර පසුව ඔහු අත්අඩංගුවට ගන්න ලදී.

බ්‍රසීලයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව 2007 ජුලි 7 දින ලෝකයේ නුතන පුදුම හතෙන් එකක් ලෙසට නම් කරන ලදී.  

( විකිපීඩියා ඇසුරිනි ) 

3 comments: