ටුටන්කාමන් සොහොන - 2 කොටස (Tutankhamun)

පෙර ලිපියේ සඳහන් කර තිබු පරිදි ටුටන්කමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1922 දී Howard Carter ඇතුළු පිරිසටයි.

ටුටන්කාමන් සොහොන් ගැබ ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් සමන්විතවේ. එනම් Antechamber, Annex, Burial Chamber සහ Treasury Room ලෙස කාමර 4කින් ද ඇතුළු වීමේ කුටීරය ද ( Passage ) ලෙසය. මෙතෙක් හමුවූ පාරෝ සොහොන් ගැබ් අතරින්, එහි වස්තුව සොරුන් විසින් කොල්ල නොකන ලද සොහොන් පවතින්නේ දෙකක් පමණි. එකක් මෙම ටුටන්කාමන් සොහොන් ගැබ වන අතර අනෙක Psusennes I නම් පාරෝවරයාගේ සොහොන් ගැබයි.

  


විශාල කර බලන්න
Antechamber
පළමුව හමුවන කුටීරය මෙය වන අතර අනෙකුත් සියලු කුටීර මෙයට සම්බන්ධව පවතී. රජු එදිනෙදා භාවිතයට ගත් උපකරණ 700 කට අධික ප්‍රමාණයක්  මෙහි තැන්පත් කර ඇත. ඒවා අතර කවිච්චි, පෙට්ටගම්,කූඩ, විශාල ප්‍රතිමා, ඇදන් සහ කුඩා මේස ආදිය අයත් වේ. මේවා අතරින් වෙන
වෙනම  හිපපොටේමස් , සිංහ සහ ගව හිස් නිරුපනය වන ලෙස ලීයෙන් තනවා රත්‍රන් ආලේපිත කර තනවා තිබෙන කවිච්චි 3 න විශේෂ වේ. එක පසක රජු ගමන් බිමන් වලට යොදාගත් රථ ද අනෙක් පස මුහුණට මුහුණලා තබා ඇති රජුගේ ප්‍රතිමා දෙකක්ද ඇත.  


Annex Room
කුඩාම කුටීරය වන අතර විශාල ප්‍රමාණයක් භාණ්ඩ අපිළිවෙලට එකපිට ගොඩ ගසා තිබුණි.හමු වූ භාණ්ඩ අතර විවිධ තෙල් වර්ග, කෑම , වයින්,මැටි භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ සහ කුඩ වේ.     


Burial Chamber
රජුගේ මමිය තැන්පත් කර තිබු කුටීරය මෙයයි. අනෙක් සියලු කුටීර වලට වඩා අලංකාර ලෙස සකස් කර ඇත. බිත්ති සතරම සම්ප්‍රධායික ලෙස චිත්‍රවලින් අලංකාර කර ඇත. එක තුල අනෙක ලෙස රත්‍රන් මිනිපෙට්ට් වැනි තුනක් ඇතුලත් පාෂාණ මිනීපෙට්ටියක් තුල රජුගේ මමිය තැන්පත් කර තිබුණි. 



Treasury Roomමෙතුල විවිධ පුජාසන,පෙට්ටගම්,බෝට්ටු මෙන්ම රජුගේ මියගිය දරුවන් දෙදෙනාගේ ලෙස සැලකෙන මමී දෙකක් ද තැන්පත් කර ඇත. හිවල් මුහුණක් ඇති පුරාණ ඊජිප්තු දෙව්දුවක් වූ Anubis ගේ පිළිරුවක් ඇති පුජාසනයක් දොරටුවට මුහුණ ලා  ඇත. රජුගේ කුඩා ප්‍රමාණයේ පිලිප 34 ක් ද, බෝට්ටු 14 ක් ඇතුළු තවත් උපකරණ රාශියක් මෙතුල තිබී සොයාගෙන ඇත.



ටුටන්කමන් සොහොන් ගැබ තුල තිබි හමුවූ පෞරාණික භාණ්ඩ ගණන 5000 කට අධික යයි ගණන් බලා ඇත. මෙම බොහෝ භාණ්ඩ ඊජිප්තුවෙ කයිරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මේවා අතරින් ටුටන්කාමන්ගේ රත්‍රන් වෙස් මුහුණ මෙතෙක් ලොව වැඩිම පිරිසක් බලන ලද කෞතුක වස්තුවක් ලෙස සැලකේ .

රත්රන් වෙස් මුහුණ

 පළමු ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/1-tutankhamun.html

 Reference : http://www.kingtutone.com/

6 comments: