ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Alexandria )

ඉපැරණි ලෝක පුදුම -7 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම ප්‍රදීපාගාරය පුරාතන ඊජීප්තුවෙ ටොලමික් රාජ සමයේ (ක්‍රි.පූ 247-280) දී ඉදිකරන ලද්දකි. මෙය පිහිටා තිබුනේ බටහිර නයිල් තුඩුව ආසන්නයේ Pharos නම් කුඩා දූපතේ වරායේය. උසින් මීටර 120-137 අතර වූ මෙය සියවස් ගනණාවක් යනතුරුම ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස පිලිගැනුනි.තවද ඉපැරණි ලෝක පුදුම අතරින් තුන්වනුවට වැඩිම කාලයක් පැවතුනු පුදුමය ලෙස ද මෙය සඳහන්වේ.

මහා ඇලෙක්සැන්ඩ්‍ර රජුගේ අකල් මරනයෙන් පසු ක්‍රි.පූ 305 දී පමණ පලමු ටොලමි (Ptolemy I Soter) ඊජීප්තුවෙ රාජත්වයට පත්විය. ප්‍රදීපාගාරයේ වැඩ ඇරම්බුනෙ ඔහුගේ රාජ සමයේ වුවද එහි වැඩ නිමාකිරීමට හැකි වුයේ ඔහුගේ ඇවෑමෙන් රජකමට පත් වු පුත් දෙවන ටොලමි (Ptolemy II Philadelphus. ) හටය. ප්‍රදීපාගාරයේ වැඩනිමා කිරීමට වසර 12ක කාලයක් ගත වූ බව සඳහන් වේ. නූතන ප්‍රදීපාගාරවල ආකෘතියට පාදක වුයේ මෙම ප්‍රදීපාගාරයයි.




ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කොටස් 3කට  තිබුණි. එනම් පාදම කොටස සමචතුරස්‍රාකාර පෙට්ටියක් හැඩයටත් දෙවැනි කොටස පැති 8ක් සහිතව උසට ද තෙවන කොටස සිලින්ඩරාකාර වන ලෙසටය.ඉහල කොටසේ බොහෝ දුරට  රාත්‍රියට පෙනෙන ලෙස විශාල ගිනිමැලයක් ගසන්නට ඇතය සැලකේ . මෙහි මුදුනේ ජලයට අදිපති පොසේයිඩන් දෙවියන්ගේ පිළිරුවක් තිබු බවද සඳහන් වේ.

ඉතිහාසයේ සඳහන් ආකාරයට මෙහි විනාශයට හේතු වී ඇත්තේ විටින් විට ඇති වූ භූමිකම්පාය. ක්‍රි.ව 956 සහ 1303 ඇති වූ භූමිකම්පා වලින් හානියට පත්ව නැවත ප්‍රතිසන්ස්කරනය කල ද 1323 දී පමන ඇති වූ භූමිකම්පාවෙන් විනාශ වූ පසු නැවත ගොඩ නැගීමක් සිදුනොකිරිනි. 


ඉපැරණි ලෝක පුදුම පිලිබඳ අනෙකුත් ලිපි මෙතනින් 
http://goo.gl/rICLJc

0 comments:

Post a Comment