"පීසා" හි ඇලවෙන කුළුණ ( Leaning Tower of Pisa )

ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන දෙව්මැදුරේ පිහිටා තිබෙන ඝණ්ටා කුළුණවන මෙය එක් පසකට ඇල්වී තිබීම නිසා ලොව පුරා අතිශය ප්‍රසිද්ධියට පත්විය. මෙය හුණු ගලින් නිමවා පිටත කිරිගරුඩයෙන් තනා තිබෙන අතර ඝණ්ටා කුටීරයද සමග මහල් 8 කින් සමන්විත වේ.  මෙසේ කුළුණ ඇලවීමට හේතුවී තිබෙන්නේ එය නිර්මාණය කරන අවස්ථාවේ යටිපස ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වී නොතිබීමයි.

පිසා හි කුළුණ නිර්මාණය වර්ෂ 1173 දී ඇරඹුන අතර  වසර 199 කට ආසන්න කාලයක් පුරා අවස්ථා 3කට නිර්මාණය කර ඇත. 1178 කුළුණේ දෙවන මහල නිමකරන අතරතුර ප්‍රථම වතාවට එක් පසකට ඇලවීම ආරම්භවිය. මෙනිසා මෙහි වැඩ කටයුතු ශතවර්ෂයක් පමන නතර විනි. නැවත 1272 පමණ කුළුණේ වැඩකටයුතු ආරම්භ වුන අතර ඇලවීම වැලැක් වීමට අනෙක් මහල් වල එක පැත්තක උස වැඩි වනලෙස නිර්මාණය කරන ලදි. ඒවන විට පසද ශක්තිමත් වී තිබුනි.

1284 යුද ගැටුම් හේතුවෙන් වැඩ කටයුතු ඇන හිටි නමුත් 1319 වන විට 7 වන මහල දක්වා වැඩ නිම කෙරුණි.1372 දී අවසාන වශයෙන් ඝණ්ටා කුටීරය ද මෙයට එක් කරන ලදි. ඝණ්ටා කුටීරයේ සංගීත ස්වර හත නිරූපණය වන ලෙස ඝණ්ටාර හතක්ද සවිකර ඇත.

කෙටි දිශාවෙන් කුළුණ මීටර 55.86 (අඩි 183.27) ක් පමණ වන අතර උස දිශාවෙන් මීටර 56.67 (අඩි185.93)පමණ වේ. කුළුණ මුදුන දක්වා පඩි 294-296 ක් පමණ ඇත. මෙහි මුලු බර ටොන් 14,500 ක් පමණ වෙතැයි සැලකේ. මුලින්ම කුළුණ අංශක 5.5 ක් පමණ ඇලවී තිබුන අතර 1990 සහ 2001 අතර සිදුවූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය අංශක 3.97 පමණ දක්වා අඩුවිය.

පීසා හි ඇලවෙන කුළුණ 1987 දී යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි. 

වීඩියෝ දර්ශන බලන්න



1 comment:

  1. මට ආසයි එහේ යන්න....කොරෝනා වසංගතය ඉතාලිය මගේ රටඇතුලු සියලු රටවල් ඉක්මනින්ම දුරු වේවා!!!!

    ReplyDelete