ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

මිථුන තරු රටාව ( Gemini Constellation )

Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ.

දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ  උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි.

ග්‍රීක පුරාවෘත්තය 


Gemini  යනු ලතින් භාෂාවෙන් නිවුන් දරුවන් වේ. ග්‍රීක මිත්‍යාවන්ට අනුව මිථුන තාරකා මණ්ඩලය නිවුන් සහෝදරයන් නියෝජනය කරයි. එයට අනුව මිථුන රාශියේ චරිත සංයෝජනයන් වන Pollux සහ Castor එකම මවකගේ දරුවන් දෙදෙනෙකු  වුවත් ඔවුන්ට පියවරුන් දෙදෙනෙකු වේ.ඔවුන් දෙදෙනාගේම  මව sparta රැජින Leda වූ අතර Castor ගේ පියා Sparta රජු Tyndarus ද, Pollux ගේ පියා ග්‍රීක දෙවියන් වන Zeus (සියුස් ) ද බව පැවසේ.


එක කථාවකට අනුව  Sparta රැජිනගේ රුපයට වශීවී Zeus හංසයෙකු ලෙසින් වෙස්වලා ගෙන ඇය සමග එකතු වීමෙන් Pollux බිහිවූ බව පැවසේ.එනිසා Pollux අමරණිය කෙනෙක් විය.නමුත් Castro සාමාන්‍ය මනුෂ්‍යයෙකු විය. ඔවුන්ගේ සහෝදරිය වන්නේ Trojan යුද්ධයට මුලිකවූ හෙලන්ය (Helen of Troy).

Castro කීර්තිමත් අසරුවෙකු වූ අතර Pollux අසිමිත් කාය ශක්තිය පිලිබදව ප්‍රසිද්දියට පත්ව තිබුණි.

ජිවිත කාලයක් පුරාවට එකට ජීවත්ව බොහෝ වික්‍රමයන්ට එකට මුහුණ දී අවසානයේ Castro මරණයට පත්වන අවස්ථාව පැමිණියේය. මහත් කණගාටුවට පත් Pollux සිය පියා වූ Zeus ගෙන් උදවු පැතුවේය. Pollux අමරණිය බැවින් ඔහු මරණයට පත්කිරීම පලක් නොවන බැවින් Zeus, Castro ද අමරණිය බවට පත් කරන ලදී.    

Pollux සහ  Castor පුරාණ නාවිකයන් විසින් නැවියන්ගේ ආරක්ෂකයින් ලෙසද  සලකන ලදී.

මිථුන තාරකා මණ්ඩලය චක්‍ර දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වේ.

මිථුන තරු රාශියේ ප්‍රධාන තාරකාවන්:




Pollux
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 34 ක් පමණ දුරින් පිහිටා ඇති එය තැඹිලි පැහැති  යෝධ තරුවකි , එය  එහි ස්කන්ධය දෙවරක් සමග  ඉරට වඩා නව ගුණයක් විශාල වේ.
Pollux වන මිථුන රාශියේ දීප්තිමත්ම තරුව වන අතර මෙය බීටා Geminorum ලෙසද  හැඳින්වේ.

Castor
Alpha Geminorum ලෙසද මෙම තාරකාව හැදින්වේ.
එකිනෙකා වටා පරිභ්‍රමණය වන ද්විතීය තරු තුන බැගින් ඇති තාරකා සයකින් යුතු පද්ධතියකි.

Wasat
Delta Geminorum ලෙසද හැදින්වේ.පෘතුවියේ සිට ආලෝක වර්ෂ 60ක් පමණ ඇති මෙම තාරකාව තරු තුනකින් යුත් පද්ධතියකි.

Mekbuda
Zeta Geminorum ලෙසද හැදින්වේ.හිරු හා සමාන මතුපිට උෂ්ණත්වයක් මෙහි ඇති බව සැලකේ. 

තවද Mebsuta, Alzirr , Alhena හා  Tejat Posterior යන තාරකාද මිථුන තාරකා මණ්ඩලයේ ප්‍රධාන තාරකා වේ.


සූර්යයා - The Sun

සූර්යයා ක්ෂීර පථයේ මධ්‍යයේ ඇති කහ පැහැති ක්ෂුද්‍ර තාරකාවකි. සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයින් සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා සහ සියලුම ග්‍රහයන් ක්ෂීර පථය මධ්‍යයේ භ්‍රමණය වේ.

සූර්යයා, විශ්වයේ සාපේක්ෂව කුඩා තාරකාවක් වුවත් එය සෞරග්‍රහ මණ්ඩලයට ඉතා විශාලම බන්ධනයක් ඇති ආකාශ වස්තුවයි.

ස්කන්ධය - පෘතුවියේ ස්කන්ධය  මෙන් 333,000 ගුණයක් පමණ වේ.
විෂ්කම්භය - පෘතුවියේ විෂ්කම්භය  මෙන් 109 ගුණයක් විශාල වේ.එය තුල පෘතුවියේ ප්‍රමාණයේ වස්තු 1,300,000 පමණ අන්තර්ගත කල හැකි බව පැවසේ.   
උෂ්ණත්වය - මතුපිට උෂ්ණත්වය 5,500 degrees C (10,000 degrees F) වේ.
පෘතුවියේ සිට දුර - සැතපුම් මිලියන 93 ( කි. මි මිලියන 149.6 ) ක් වේ.
වයස - අවුරුදු බිලියන 4.5ක් වේ.



බ්‍රහස්පති හා සෙනසුරු ආදී වායුන් සහිත විශාල ග්‍රහයන් සිටියත් සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% ක් ම අත්පත් කරගෙන සිටී.
සූර්යයා සෑදී ඇත්තේ අධිතප්ත හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලිනි.එහි හයිඩ්‍රජන් ප්‍රතිශතය 74%ක් වේ. හයිඩ්‍රජන් වායුව දැවීමෙන්  සූර්යාගේ ශක්තිය පිටවන අතර , එම ශක්තිය අපට ආලෝකය හා තාපය ලෙස ලැබේ. 


සූර්යයාගෙන් පිටවන ආලෝක කිරණ, කි.මී.මිලියන 150ක දුරක් ගෙවාගෙන පෘථීවියට ළඟා වීම සඳහා විනාඩි 8ක කාලයක් ගතවේ. ආලෝකයේ වේගය තත්පරයට කි.මී. තුන්ලක්ෂයකි (300,000) කි.

සූර්යයා කලාප 6කට බෙදා ඇත. ඇතුලත සිටගත් කල ඒවා වන්නේ 

1.  මධ්‍යය (The core)
2.  විකිරණ කලාපය (The radioactive zone)
3.  සංවහන කලාපය (The convective zone)
4.  ප්‍රකාශ ගෝලය (The Photosphere)
5.  වර්ණ ගෝලය (The Chromosphere )
6.  පිටත රැස් වළල්ල (The corona)



මිහිපිට ඇති ප්‍රධානම ශක්ති ප්‍රභවය සූර්යයා වන අතර ශාක ප්‍රභාසංස්ලේෂණය  කිරීමද මෙම සන්නද්ධ ශක්තියෙන් සිදුවේ. එමෙන්ම තෙල් වැනි පොසිල ඉන්ධන වලින් අප ලබාගන්නා ශක්තියත් සූර්යයාගේ ආධාරයෙන් හිමි වූවකි.

සූර්ය කෝෂ මගින් සූර්යාගේ ශක්තිය පරිවර්තනය කිරීමෙන්ද විදුලිය නිපදවා ගත හැකිය.

1900 දී Albert Einstein නම් විද්‍යාඥයා E=MC^2 යන සූත්‍රය යොදා ගනිමින් මෙතරම් ශක්තියක් සූර්යයා විසින් නිපදවන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලදී.

1920 දී  Arthur Eddington විසින් තවදුරටත් සූර්යයා මධ්‍යස්තයේ ඇති අධි බලති පීඩනය මගින් න්‍යෂ්ටික සංයෝජනයන්, අධික තාපයන් හා   ශක්තියන් නිපදවන අයුරු සොයාගන්නා  ලදී.

මළ මුහුද ( Dead Sea )

ලුණු මුහුද ලෙසද හඳුන්වන මළ මුහුද, නැගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ්‍රායලයට මායිම්ව පිහිටා තිබේ. එය සැබැවින්ම පෘථිවියේ අද්විතීය ස්ථානවලින් එකක් වේ.

අධි ලවණතාවයක් ඇති මළ මුහුද දේ ගැඹුර මීටර් 377 ක් (අඩි 1237)  පමණ  වේ. මෙහි සෝඩියම් ක්ලෝරයිඩ් හා වෙනත් ඛනිජ ලවණ සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගු වේ.  

33.7% ක් ලවණ සමඟ මළ මුහුද ජල ලෝකයේ ලවණතාවයෙන් වැඩිම මුහුද වේ. මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසා බැක්ටීරියා වර්ග වලට හැර එහි කිසිදු ජීවියෙකුට හෝ පැලෑටියකට ජිවත් වීමට නොහැක. මළ මුහුදට  ඒ නම වැටීමට  හේතුව වී ඇත්තේ මෙම කාරණාවයි. 

මළ මුහුද පළලින් වැඩිම තැන කිලෝ මීටර් 18 (11 සැත) ක් හා දිගින්  වැඩිම තැන කිලෝ මීටර් 67 (42 සැත)  ක් වේ.  එය ජෝර්දාන්  Rift නිම්නය තුල පවතිප්‍රධාන  අතු ගංඟාව වන්නේ ජෝර්දාන් නදියයි. 


මළ මුහුදේ අසාමාන්‍ය  ඉහල ලුණු සාන්ද්‍රණය නිසා මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය.අනෙක් සාගර වලට  වඩා දළ වශයෙන් 8.6 ගුණයක් ලවණතාවයෙන් වැඩි මෙය එක්සත් ජනපදයේ ඌටා හී Great Salt Lake එකට සමාන වේ.



ඔෂදිය ගුණය සැලකීමේදී ,මළ මුහුදදිගු ඉතිහාසයක් ඇතමෙහි ඇති මඩවල සුවපත් කිරීමේ සුවිශේෂී ගුණයක් ඇතැයි සැලකේ. එබැවින් ඇරිස්ටෝටල්,  සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින යන මේ  අය පවා අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට මළ මුහුදේ ජලය සහ මඩ භාවිතා කල යයි සදහන් වේ. 

ජෝර්දානයේ පරිසරවේදීන් විසින් මළ මුහුදේ වත්මන් අනුපාතය පහත වැටීම දිගටම සිදුවුවහොත්  එය  වසර 2050 වන විට අතුරුදහන් වනු ඇති  බවට අනතුරු අඟවති.

ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries )

1. රුසියාව (Russia) - ව.කි.මි 17,098,242




2. කැනඩාව (Canada) -  ව.කි.මි 9,984,670





3. ඇමරිකා එක්සත් ජනපදය (USA)-  ව.කි.මි 9,826,675






4. චීනය (China) - ව.කි.මි 9,596,960





5. බ්‍රසීලය (Brazil) -  ව.කි.මි 8,514,877





6. ඔස්ට්‍රේලියාව (Australia) -  ව.කි.මි 7,741,220




7. ඉන්දියාව (India) - ව.කි.මි 3,287,263




8. ආර්ජන්ටිනාව (Argentina) -  ව.කි.මි 2,780,400




9. කසකස්ථානය (Kazakhstan) - ව.කිමි 2,724,900





10. ඇල්ජිරියාව (Algeria) - ව.කිමි 2,381,741








සිංහ තරු රටාව ( Leo Constellation)

  • රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. 
  • මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. 
  • ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. 
  • මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. 
  • දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. 
  • දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. 
  • Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. 
  • රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000 කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. 
  • මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.

ග්‍රීක පුරාවෘත්තය 



අනෙකුත් බොහෝ තරු රටා සේම සිංහ තාරකා රටාවද පැවත එන්නේ ග්‍රීක ප්‍රබන්ධ වල වීරයා සහ Zeus ගේ පුතණුවන්  වන Hercules ගේ වික්‍රමයන්ගෙනි. තම කුඩම්මාගේ නොමග යැවීම නිසා උන්මාද ස්වාභාවයට පත්වුණු මොහු තම ලෙයින් උපන් පිරිමි දරුවන් සය දෙනාම ඝාතනය කරන ලදී.පසුව තමන්ගේ තාවකාලික උන්මන්තක බවින් සිදුවූ අපරාධයන්  මහත් කලකිරීමට පත් විය.

කෙසේ හෝ පසුව මොහු  Eurystheus රජුගේ ඉල්ලීම පරිදි ඔහු වෙනුවෙන් රාජකාරි 12ක්  ඉටු කිරීමට පොරොන්දු විය . මුල්ම රාජකාරිය වුයේ Nemea නම් වූ නගරයට බිහිසුණු ක්‍රියා සිදු කල සිංහයෙකු  මරා දැමීමයි. 

මෙම සිංහයාගේ ලෝම රන්වන් වූ අතර ඊතල, කඩු වලට පසාරු කිරීම නොහැකි විය.මෙය නොදත් Hercules සතුව තිබුනේ සිංහයා පසාරු කරගෙන යාමට තරම් සවිමත් නොවන ඊතල ඇති දුන්නක් සහ කඩුවකි. ඔහු මුලින්ම සිංහයාගේ  විදින  ඊතල සිංහයාගේ ඇගේ වැදී නැවත ආපස්සට විසිවිය. නමුත් දෙවැනි වර  විශාල මුගුරකින් සිංහයාට පහරදී සිංහයා මරණයට පත්කරවන ලදී. කෙසේ වුවද සිංහයා ප්‍රධාන තරු රටා අතරට පැමිණි අකාරය පිලිබඳ පැහැදිලි සටහනක් නොමැත.

ප්‍රධාන තරු
Denebola, Zosma, Chort, Regulus, Algieba, Adhafera
 උත්තර අර්ධද්ගෝලයේ දක්නට ලැබෙන ආකාරය


දක්ෂිණ අර්ධද්ගෝලයේ දක්නට ලැබෙන ආකාරය


 Source : www.solarsystemquick.com

වැදගත් දින සහ සිදුවීම් (මැයි මාසය)

මැයි 01 - ලෝක කම්කරු දිනය                  
මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය 
මැයි 04 - මළවුන් සිහි කිරීමේ දිනය *
මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය 
මැයි 08 - ලෝක රතු කුරුස දිනය 
මැයි 08 - ලෝක තැලිසීමියා දිනය 
මැයි 10 - 11 ලෝක සංක්‍රමණික පක්ෂි දිනය 
මැයි 12 - ජාත්‍යන්තර හෙද දිනය 
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය 
මැයි 17 - ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය 
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය 
මැයි 21 - ලෝක සංස්කෘතික දිනය 
මැයි 22 - ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය 
මැයි 23 - ලෝක කැස්බෑ දිනය *
මැයි 25 - ජාත්‍යන්තර අතුරුදන් වූ ළමුන් සිහිපත් කිරීමේ දිනය*  
මැයි 29 - එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිලිබඳ ජාත්‍යන්තර දිනය 
මැයි 31 - ලෝක දුම්කොළ විරෝධී දිනය 

* එක්සත් ජාතීන්ගේ නොවන දින 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Alexandria )

ඉපැරණි ලෝක පුදුම -7 කොටස 

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම ප්‍රදීපාගාරය පුරාතන ඊජීප්තුවෙ ටොලමික් රාජ සමයේ (ක්‍රි.පූ 247-280) දී ඉදිකරන ලද්දකි. මෙය පිහිටා තිබුනේ බටහිර නයිල් තුඩුව ආසන්නයේ Pharos නම් කුඩා දූපතේ වරායේය. උසින් මීටර 120-137 අතර වූ මෙය සියවස් ගනණාවක් යනතුරුම ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස පිලිගැනුනි.තවද ඉපැරණි ලෝක පුදුම අතරින් තුන්වනුවට වැඩිම කාලයක් පැවතුනු පුදුමය ලෙස ද මෙය සඳහන්වේ.

මහා ඇලෙක්සැන්ඩ්‍ර රජුගේ අකල් මරනයෙන් පසු ක්‍රි.පූ 305 දී පමණ පලමු ටොලමි (Ptolemy I Soter) ඊජීප්තුවෙ රාජත්වයට පත්විය. ප්‍රදීපාගාරයේ වැඩ ඇරම්බුනෙ ඔහුගේ රාජ සමයේ වුවද එහි වැඩ නිමාකිරීමට හැකි වුයේ ඔහුගේ ඇවෑමෙන් රජකමට පත් වු පුත් දෙවන ටොලමි (Ptolemy II Philadelphus. ) හටය. ප්‍රදීපාගාරයේ වැඩනිමා කිරීමට වසර 12ක කාලයක් ගත වූ බව සඳහන් වේ. නූතන ප්‍රදීපාගාරවල ආකෘතියට පාදක වුයේ මෙම ප්‍රදීපාගාරයයි.




ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කොටස් 3කට  තිබුණි. එනම් පාදම කොටස සමචතුරස්‍රාකාර පෙට්ටියක් හැඩයටත් දෙවැනි කොටස පැති 8ක් සහිතව උසට ද තෙවන කොටස සිලින්ඩරාකාර වන ලෙසටය.ඉහල කොටසේ බොහෝ දුරට  රාත්‍රියට පෙනෙන ලෙස විශාල ගිනිමැලයක් ගසන්නට ඇතය සැලකේ . මෙහි මුදුනේ ජලයට අදිපති පොසේයිඩන් දෙවියන්ගේ පිළිරුවක් තිබු බවද සඳහන් වේ.

ඉතිහාසයේ සඳහන් ආකාරයට මෙහි විනාශයට හේතු වී ඇත්තේ විටින් විට ඇති වූ භූමිකම්පාය. ක්‍රි.ව 956 සහ 1303 ඇති වූ භූමිකම්පා වලින් හානියට පත්ව නැවත ප්‍රතිසන්ස්කරනය කල ද 1323 දී පමන ඇති වූ භූමිකම්පාවෙන් විනාශ වූ පසු නැවත ගොඩ නැගීමක් සිදුනොකිරිනි. 


ඉපැරණි ලෝක පුදුම පිලිබඳ අනෙකුත් ලිපි මෙතනින් 
http://goo.gl/rICLJc

මායාවරුන්ගේ දින දර්ශනය (Maya Calendar)

මායා දින දර්ශනය ලෙස හඳුන්වනු ලබන්නේ ඉපැරනි මධ්‍යම ඇමරිකානු ශිෂ්ඨාචාර වල විශේෂයෙන්ම මායාවරුන් භාවිතා කරන ලද දින ගණන් කිරිමේ ක්‍රියා පටිපාටියකටයි. මෙහි භාවිතය ක්‍රි.පු 5 වන සියවසතෙක් ඇතට දිව යයි. අදටද විවිධ මායාවරුන්ගෙන් පැවතෙන්නන් මෙය භාවිතා කරනු ලබයි. මෙය මායා දින දර්ශනය ලෙස හැඳින්වුවද මෙහි නිර්මාපකයන් ඔවුන් නොවන බව පැවසේ. 

මෙහි ප්‍රධානම දින දර්ශන 3න ලෙස "Tzolkin", "Haab" සහ "
Long Count
"
දින දර්ශන හඳුන්වා දිය හැක.

මෙම දින දර්ශන විවිධ දින ගණන් වලින් යුක්ත චක්‍ර කිහිපයකින් සමන්විතවේ.දින 260 කින් සමන්විත චක්‍රය "Tzolkin" ලෙස හැඳින්වේ. එයට ඈඳුනු දින 365 චක්‍රය "Haab" ලෙස හැඳින්වේ. මෙම දින දර්ශන දෙකහි එකතුව "Calender Round" එකක් ලෙස හඳුන්වනු ලබන අතර සැම "Haab" 52 කට වරක්ම දින දර්ශන වල පිහිටීම මුල් අවස්ථාවට පැමිනේ. මෙකී දින දර්ශන කෙටි කාලින සිදුවීම් සඳහා පමණක් යොදා ගනී.

දිගුකාලීන දින ගණනය සඳහා මොවුන් තවත් වෙනස් දින දර්ශනයක් භාවිතා කරනු ලබයි.එය "Long Count." ලෙස හඳුන්වනු ලබයි.


Tzolkin
මෙය දින 20 ක නම් සමග දින 13 ක අංක වල සංකලනයෙන් සෑදුන,  දින 260 ක දින දර්ශනයකි. බොහෝ දුරට විවිධ ආගමික උත්සව සඳහා වූ දිනයන් හඳුනා ගැනීමට මෙය භාවිතා කරන්නට ඇතැයි සැලකේ.   





Haab
මෙය මසකට දින 20 බැගින් වූ මාස 18 කින්ද, අවසානයට තවත් අමතර දින 5 කින්ද සමන්විත වූ දින 365ක  දින දර්ශනයකි. වසර අවසානයට යෙදෙන මෙම අමතර දින 5 ක කාලය අසුබ කාල පරිච්චේදයක් ලෙස සැලකිය. එනිසා විවිධ ආගමික වතාවත් වල නියෙලෙමින් එම කාලය ගත කිරීමට එකල වැසියන් ගේ සිරිතක් වූ බව සැලකේ. 




Calendar Round
Tzolkin කැලැන්ඩරය සමග Haab කැලැන්ඩරය එකතු කිරිම මගින් මෙම දින ගණනය කරනු ලබයි. Calendar Round එකක් Haab වසර 52 කට හෙවත් දින 18,980 කට සමාන වේ. ඉන් පසු නැවත කැලැන්ඩරය මුල් අවස්ථාවේ සිට ගණනය කිරීම අරඹයි. 


Long Count

වර්තමානයේ අප භාවිතා කරනු ලබන දින දර්ශනයේ ආරම්භය ක්‍රි.ව 1 ලෙස සැලකුවද, මායා "Long Count."  දින දර්ශනයේ ආරම්භක දිනය ලෙස ක්‍රි.පූ 3114 අගෝස්තු 11 දිනය සලකනු ලබයි.

මෙහි දින ගණනය 13.0.0.0.0 හෙවත් ක්‍රි.පූ 3114 අගෝස්තු 11 දින සිට සිදු කරණු ලබයි.  මෙහි ඉලක්කම් 5 පිලිවෙලින් Baktun. Katun. Tun. Uinal. Kin. ලෙස හඳුන්වනු ලබයි.

Kin = 1 Day.
Uinal = 20 kin = 20 days.
Tun = 18 uinal = 360 days.
Katun = 20 tun = 360 uinal = 7,200 days.
Baktun = 20 katun = 400 tun = 7,200 uinal = 144,000 days.   


kin, tun සහ katun 0-19 දක්වාද, uinal 0-17 දක්වාද , baktun 0-13 (මෙය මතභේදයට ලක්විය )  දක්වාද ගණනය කරනු ලබයි.
උදා : 13.18.10.15.16 - 13 (baktun ) .18 (Katun) . 10 (Tun) . 15 (Uinal) . 16 (Kin) 


මෙලෙස ගත් කල Long Count දින දර්ශනයේ එක චක්‍රයක් baktun 13 ක කාලයක් හෙවත් දින  1.872.000 (වසර 5125.36) ක් පමණ වේ.
 

2012.12.21 ලෝක විනාශය
මෙම මතය ලොව පුරා පැතිරිමට හේතුව වුයේ මෙම Long Count දින ගණනයයි. එනම් දින දර්ශනයට අනුව අප මේ සිටින කාලයට පෙර ලෝකය 12.19.19.17.19 දින විනාශ වී  13.0.0.0.0 දින සිට නැවත ඇරම්භිනි. 2012,12.21 දිනට නැවත මායා Long Count දින දරශනය 12.19.19.17.19 දිනය පෙන්නුම් කරන ලදි. 


2012.12.21 ලෝක විනාශය

පර්යේෂකයන්ට අනුව මෙම ලෝක විනාශය පිලිබඳ මිත්‍යාමතය බොහෝ අය හුදෙක් වෙලඳ ප්‍රචාරනයක් ලෙස භාවිතා කල සත්‍යයෙන් තොර මතයකි. 






ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)

01 – Mona Lisa (La Gioconda) (c. 1503-05)

1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති  මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ  Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


02 – The Last Supper (1498)

ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ. මෙය ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි



03 – The Adoration of the Magi (1481)


මෙය 1480 දී ඩාවින්චි විසින් ෆ්ලොරන්ස් නගරයට ආසන්නයේ පිහිටි  "San Donato a Scopeto" දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය මත සිතුවම් කිරීම ඇරඹි අතර මාස 30ක් ඇතුලත නිම කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔහු ඊටපසු වසර තුල මිලාන් නගරය බලා පිටත් ව ගිය අතර සිතුවම නිම නොකෙරුණි 


04 – Baptism Of Christ (c. 1472)

මෙම චිත්‍රය ඩාවින්චි සහ Andrea del Verrocchio යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රමාණයෙන්  මීටර 1.77 x 1.51 ක් පමණ වේ. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ Uffizi කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.  


05 – Virgin of the Rocks (1483-1486)

මෙම සිතුවමේ පිටපත් දෙකක් දක්නට ලැබේ. එකක් ප්‍රංශයේ "Louvre" කෞතුකාගාරයේත් අනෙක ,"National Gallery" හිත් ප්‍රදර්ශනයට තබා ඇත  චිත්‍ර දෙකෙහිම මැඩෝනා සහ ළදරු ජේසුතුමා සමග කුඩා "John the Baptist " සහ දෙවගනක් නිරුපනය වේ.


06 – Madonna of the Carnation (1478-80)

තෙල් සායම් සිතුවමක් වන මෙය ප්‍රමාණයෙන් 62 cm x 48 cm පමණ වේ. ජර්මනියේ මියුනිච් හි Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


07 – St. John the Baptist (1513-16)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 69×57 පමණ වේ. ඩාවින්චිගේ අවසාන සිතුවම මෙය යයි සැලකේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.   


08 – The Virgin and Child with St Anne (1510)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 168 x 130 පමණ වේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.    



09 – Lady with an Ermine (1489–1490)

මෙය මිලාන්හි ආදිපාදවරයා වූ Lodovico Sforza ගේ බිරිඳ Cecilia Gallerani ගේ චිත්‍රයකි 





10 – Portrait of Ginevra de’ Benci (1474-1476)

මෙය ෆ්ලොරන්ස් නගරයේ ධනවත් බැංකුකරුවකුගේ දියණියගේ චිත්‍රයකි. වර්තමානයේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඇමරිකාවේ තිබෙන එකම ඩාවින්චිගේ චිත්‍රය වේ.  



Source : http://www.themost10.com/famous-leonardo-da-vinci-artworks/

සිකුරු ග්‍රහයා - Planet Venus


මෙහි සඳක් නොමැත.
ස්කන්ධය පෘතුවියෙන් 82% කි.
විෂ්කම්භය සැතපුම් 7520කි.
අවුරුද්දක් පෘතුවි දවස් 225කි.
දවසක් පෘතුවි දවස් 243 කි.
උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 850කි.
සූර්යයාගේ සිට දෙවෙනි ග්‍රහලෝකයි.
සූර්යයාට දුර සැතපුම් මිලියන  67කි.

සිකුරු ග්‍රහයා වලාකුලින් පිරි උෂ්ණත්වයෙන් ඉතා ඉහල ග්‍රහලෝකයකි.සිකුරු ග්‍රහයාගේ මතුපිට පදාසයම වලාකුලින් වැසී ඇත.මෙම වලාකුළු ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් සැදී ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකය සිකුරු ග්‍රහලෝකයයි.මෙය සූර්යයාට ඉතාම කිට්ටු වූ බුධ ග්‍රහයාටත් වැඩ උෂ්ණත්වයෙන් වැඩිය.

සිකුරු ග්‍රහයාද බුධ, පෘතුවි හා අඟහරු මෙන් පොලොවකින් යුක්ත ග්‍රහලෝකයකි.මෙහි තේරුම එහිද පාෂණ සහිත මතුපිටක් තිබීමයි.එහි භූගෝලීය වශයෙන් ගත්  විට පෘතුවියේ භූගෝලයට සමාන කඳු.මිටියාවත්,සානු හා ගිනි කඳු වලින් සමන්විත ආකාරය පෙනී යන අතර එහි දහස් ගණනින් ලෝදිය සහිත ගංගා හා ගිනිකඳු ඇති බව පිළිගැනේ.100km වඩා උසැති යෝධ ගිනි කඳු 100කට වඩා ඇති බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

දුරදක්නයක් නැතිවද සිකුරු ග්‍රහයා පෘතුවියේ සිට දැක ගත හැකි වුවත් මුලින්ම මෙම ග්‍රහයා සොයා ගත්තේ කව්ද යන්න වග සොයාගෙන නොමැත.ඉපැරණි ශිෂ්ටාචාරයන් පිළිගත් ආකාරයට එය ග්‍රහලෝක දෙකක් හෝ එක දීප්තිමත් තරුවක් විය.ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී  ග්‍රීක ගණිතඥයෙකු වූ Pythagoras එය තනි ග්‍රහලෝකයක් බව සොයා ගන්නා  ලදී.ක්‍රිස්තු වර්ෂ 1600 දී Galileo විසින් මෙම ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය වන බව සොයා ගත්තේය.

සිකුරු ග්‍රහයා නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා යැවුණු අතර ඉන් පළමුවන්න Venera 7 විය.සිකුරු ග්‍රහයා මත ගොඩබැස්සවූ මෙම යානාව රුසියානු නෞකාවකි.පසුව 1989 සිට 1994 දක්වා Magellan Probe නම් යානාව රේඩාර් මගින් සිකුරු ග්‍රහයාගේ මතුපිට  සිතියම් ගත කර වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කරගන්නා ලදී.

සිකුරු ග්‍රහයා පෘතුවි කක්ෂයෙන් ඇතුලත පිහිටි නිසා දහවල් කාලයේදී එය බැලීම සූර්ය එළියෙන්  බාධා වන  අතර හිරු නැගීමට පෙර හෝ හිරු බැසීමෙන් පසු සිකුරු ග්‍රහයා ඉතා දෙප්තිමත්ව බැබළෙනු දැකගත හැකිය.රාත්‍රී අහසේ ඇති දීප්තිමත්ම අකාෂ වස්තුව මෙයයි.

සිකුරු ග්‍රහයා ගැන සිත් අද ගන්න කරුණු කීපයක් 

සිකුරු ග්‍රහයා අනෙකුත් ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ .කිසියම් යෝධ ග්‍රාහකයක හෝ වල්ගා තරුවක බලපෑමෙන් මෙම ප්‍රතිවිරුද්ධ භ්‍රමණය සිදුවන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

පෘතුවියට වඩා  සිකුරු ග්‍රහයාගේ වායු පීඩනය 92 ගුණයක් වැඩිය.

සිකුරු ග්‍රහලෝකයටම විශේෂ වූ ලෝදියක් "pancake" ලෙස හදුන්වනු ලබයි.

සිකුරු ග්‍රහයාව නම් කරන ලද්දේ ආදරය සදහා ග්‍රීක දෙවතාවියක් වූ "Venus " නිසාවෙනි.කාන්තාවකගේ නම් ලද එකම ග්‍රහලෝකය මෙයයි.

සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 6වෙනි විශාලම ග්‍රහලෝකයයි.


ඊ-බේ ( Ebay)

ebay නිර්මාණය කිරිමේ ගෞරවය හිමිවන්නේ  ප්‍රංශයේ උපන් ඉරාන ජාතික පරිගණක ඉංජිනෙරුවෙකු වු Pierre Omidyar හටය. ඔහු විසින් 1995 සැප්තැම්බර් මස, සිය වයස 29 දී පමණ ඇමරිකාවේ කැලිෆොර්නියා හිදි මෙය ආරම්භ කරන ලදි.

අන්තර්ජාල වෙලඳ පොල වෙබ් අඩවියක් ආරම්භ කිරිමේ අරමුනින් ඔහු විසින් පලමුව මෙය Auction Web යන නාමයෙන් ඉදිරිපත් කෙරුණි.


පලමුව මෙම වෙබ් අඩවිය මගින් අලෙවිකරණ ලද්දේ, ඩොලර් 14.83 කට කැඩුණ ලේසර් තුඩකි (Laser Pointer). මෙය ඔහු විසින්  විසින් තම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා අලෙවියට 
Pierre Omidyar
තබන ලදදකි. මෙහි අලෙවියත් සමග පුදුමයට පත් හෙතෙම,මිලදී ගත් තැනැත්තා අවබොධයකින් තොරව වැරදීමකින් මෙය මිලදී ගන්නට ඇතය සිතා ඔහුව ඇමතීමක් කර මෙය කැඩුණු ලෙසර් තුඩක් බව දැනුම් දීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු තමා කඩුණු ලෙසර් තුඩවල් එකතු කරන්නෙක් බැවින් මෙය මිලදී ගත් බව දැනුම් දී ඇත.


ආරම්භයේදී  Pierre විසින් හුදෙක් විනෝදය උදෙසා තම වෙබ් අඩවිය පවත්වා ගෙන ගියද වෙබ් අඩවිය පරීෂීලකයන් වැඩි වීමත් සමග වෙබ් අඩවි සේවා සපයන්නන් (hosting provider) ඔහුට එවකට තිබූ පැකේජයට වඩා වැඩි මිලකට තිබූ පැකෙජය වෙත මාරුවීමට දැනුම් දී තිබුණි. මෙසේ වියදම වැඩිවීමත් සමග වෙබ් අඩවියේ නඩත්තුව සඳහා භාවිතා කරන්නන්ගෙන් මුදලක් අය කිරීමට හෙතෙම තීරණය කරන ලදි. ඒත් සමගම ඔහු තම ප්‍රතම සේවකයා ලෙස Chris Agarpao බඳවා ගන්නා ලදි. ඊට ටික කලකට පසු තම ව්‍යාපාරික හවුල්කරු ලෙස , Jeffrey Skoll  බඳවා ගන්නා ලදි.

1996 වසර තුල දී මෙම වෙබ් අඩවිය විසින් අලෙවි කිරීම්  250000 පමණ පවත්වා තිබුනි. එම වසර අවසානයෙදී Electronic Travel Auction  නම් සමාගමක් සමග එලබුනු ගිවිසුමකට අනුව ගුවන් ටිකත්පත් සහ ඒ අදාල දෙ අලෙවිය ආරම්හ කිරීම ebay තැබූ පලමු විශාලතම පියවර විය. මේ හෙතුව නිසා 1997 වසර ජනවාරි මස තුල ebay මගින් සිදුකල අලෙවි  ප්‍රමාණය මිලියන 2ක ඉක්මවා තිබුනි. එම වසර අවසානය වන විට තම ව්‍යාපාරයේ සහ වෙබ් අඩවියේ නාමය ebay ලෙසට වෙනස් කරන ලදි.

1998 මුල් භාගය වන විට ebay හි සේවය කල ගණන 30 ක් පමණ වූ අතර ලක්ෂ 5කට අධික භාවිතා කරන්නන් පිරිසක් විය  එම වසර අවසානයේ ebay කොටස් වෙළඳපොලට  සිය කොටස් නිකුත් කල අතර ඩොලර් 18 ට නියම කල කොටසක මිල පළමු දිනය තුල දීම ඩොලර් 53.50 දක්වා ඉහල නැගුනි 1999 වසර තුල ප්‍රථම වරට ebay ශාඛා යුරෝපයේ ආරම්භ කරන ලදී 

මෙතෙක් (2016 වන විට) ebay තුල වැඩිම මිලකට අලෙවිකරණ ලද භාණ්ඩය වන්නේ ඩොලර් මිලියන 168 කට අලෙවිකරන ලද සුපිරි නෞකාවයි. 2006 වසරේ දී මෙය මිලදී ගනු ලැබුවේ රුසියානු සුපිරි ධනපතියෙකු වූ  Frank Mulder විසිනි. ඩොලර් මිලියන 4.9 කට අලෙවිවුණු සුපිරි ගුවන් යානය සහ ඩොලර් මිලියන 2.6කට ලොව සුපිරි ධනවතෙකු වූ Warren Buffett සමග දිවා ආහාරය ගැනීමට අවස්ථාව පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනී.


ඩොලර් මිලියන 4.9 ගුවන් යානය 

ඩොලර් මිලියන 168 නෞකාව
ebay විසින් 2002 වසරේ දී paypal ද, 2005 දී skype,shopping.com, rent.com සහ 2007 දී StubHub ඇතුළු තවත් වෙබ් අඩවි රැසක් මිලදී ගන්නා ලදී. (2009 දී skype නැවත විකුණා දමන ලදී)   

අද වන විට ebay ලෝකයේ වැඩිම අදායමක් උපයන ආයතනයක් වන අතර අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි අතරින් පළමු තැනට පත්ව තිබේ. මෙහි ප්‍රධානම තරගකරුවා ලෙස සැලකෙන්නේ amazon වෙබ් අඩවියයි    

Forbes වෙබ් අඩවි දත්ත වලට අනුව 2015 වන විට Pierre Omidyar වත්කම ඩොලර් බිලියන 8.9ක් පමණ වේ.