ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ගූගල් සමාගම ( Google )

අප කවුරුත් හොඳින් දන්නා  Google  හි ආරම්භකයන් වන්නේ, 1996 දී එවකට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ (Stanford University , California.) පශ්චාත් 
අධ්‍යන සිසුන් (PhD) දෙදෙනෙකුවූ Larry Page(වයස 22) සහ Sergey Brin(වයස 21) ය. ඔවුන් තම පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස මෙය අරඹන ලදි.

එවකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල (Web search engines) භාවිතා වූ ක්‍රමයට වඩා වෙනස් වූ නව ක්‍රමයක් වූ PageRank  ක්‍රමය ඔවුන් හඳුන්වා දෙන ලදි.

පලමුව මෙම සෙවුම් යන්ත්‍රය "BackRub" ලෙස නම් කරන ලදි. පසුව එහි නම "googol" ලෙස නම් කිරීමට අවශ්‍ය වුවත් අකුරු ගැලපීමෙදී වූ අත්වැරදීමක් නිසා එය "google" බවට පත් විය. Google සෙවුම් යන්ත්‍රය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ වෙබ් පිටුවෙහි google.stanford.edu  සහ  z.stanford.edu  යන domain යටතේ භාවිතය ඇරඹ්නි.

ලැම්බොගිනි ( Lamborghini )

සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත.

මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ  Ferruccio Lamborghini  මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන ඇරඹූ අතර එමගින් හා තවත් ව්‍යාපාර නිසා 1960 ගනන් වන විට මහත්
ධනවතෙකු බවට පත්විය. දිනක් ඔහු එවකට ඔහු සතුව තිබූ මෝටර් රථ අතරින් ( Ferrari ) රථයේ ඇතිවූ දෝෂයක් නිරාකරණය කර ගැනීම සඳහා ඒ ආසන්නයේ  පිහිටි ( Ferrari ) ආයතනයේ සිටි එහි හිමිකරුවූ  Enzo Ferrari මහතා හමුවීමට ගිය අතර,  Enzo Ferrari මහතා ඔහු හමුවීමට කැමැත්තක් දක්වා නැත. මෙයින් කෝපයටපත්  Ferruccio Lamborghini  මහතා තමාගේම මෝටර් රථ ව්‍යාපාරයක් වූ Automobili Lamborghini  1963 දී අරඹන ලදි. ඔහු ගවපොර ( bullfighting ) පිලිබඳ මහත් උනන්දුවක් දැක්වූ අතර Lamborghini  මෝටර් රථ ලාංඡනය ලෙස fighting bull තෝරා ගන්නා ලදි.

බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - තෙවන කොටස

එල්ලෙන උයනේ චිත්‍රයකි
මෙය පැවතුනායයි සැලකෙන්නේ පුරාණයේ බැබිලෝනියාව ලෙස සැලකුන වර්තමාන ඉරාකයේ බාබිල් ප්‍රාන්තයේ හිලාල් නම් ප්‍රදේශයේය.( Hillah, Babil province, in Iraq ). පුරාණ ලේඛනවල සදහන් වුවද මෙය පැවති බවට මෙතෙක් පුරාවිද්‍යාත්මක සාධක හමුවී නොමැත.

පලමු වරට මෙම එල්ලෙන උයන පිලිබඳ සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරයකු වූ Berossus විසින් 280 BC දී පමණ ලියන ලද Babyloniaca නම් ග්‍රන්ථයේය. එහිදී මෙය ශ්‍රේෂඨ බැබිලෝනියා රජෙකු වූ දෙවන Nebuchadnezzar (Nebuchadnezzar II) ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත.

ගීසා හි පිරමිඩ ( The Pyramids of Giza - Egypt )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - දෙවන කොටස


මෙය ඊජීප්තුවේ cairo නගරයට උතුරින්, නයිල් නදියේ බටහිර ඉවුරේ Giza හි පිහිටා ඇත. ලෝක පුදුම අතරින් පැරණිම සහ අදට ද පවතිනින එකම නිර්මාණය මෙයයි.

ඊජීප්තුවේ පාරෝවරුන් (pharaohs) මරණින් පසු දෙවිවරුන් විමේ අපේක්ෂාවෙන් දෙවියන් උදෙසා දෙවොල්ද (Temples) තමන් සඳහා විශාල පිරමිඩාකාර සොහොන් ගෙවල්ද තනවන ලදි. මෙම පිරමිඩ තුල මරණින් මතු ලෝකයේ දී ඔවුනට අවශ්‍යය සියලු දේ ද තැන්පත් කරන ලදි. මෙහි විශාල පිරමිඩ 3ක් ඇත. ඒවානම්  Khufu (Cheops), Khafra (Chephren) සහ Menkaura (Mycerimus).

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - පලමු කොටස

හෙරඩෝටස් (Herodotus) නම් ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් (Callimachus) විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. 

නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත. පලමු සහ දෙවන සියවස, නැගෙනහිර මධ්‍යධරණී  මුහුදු තීරයේ තිබු විශිෂ්ට නිරමාන 7ක් මීට අයත්ව ඇත. ඒවා නම්,  

මොනාලිසා ( Mona Lisa )

ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලාකරුවා අතින් නිමවුන මොනාලිසා  සිතුවම ලොව අතිවිශිෂ්ට කලා නිර්මාණයකි. මෙම සිතුවම නිර්මානය කර ඇත්තේ 1505-1517 කාල වකවානුව තුල දී යයි සැලකේ.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ  Lisa Gherardini නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. ඇය ධනවත් සිල්ක් වෙලෙන්දෙකු වූ Francesco del Giocondo ගේ බිරිඳ විය. තම නව නිවසේ  කටයුතු අවසන් වීමත් දෙවන පුතුගේ උපත සැමරීමත් සඳහා Francesco del Giocondo තම බිරිඳගේ සිතුවමක් නැගීම ලියනාඩෝ ඩාවින්චි හට පවරන ලදි. 

ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty ) පිහිටුවා තිබෙන්නේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ  පිහිටි Liberty Island නම් කුඩා දූපතකය.මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්‍රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇතිවූ මිතුදම සංකේතවත් කිරීම සදහාය.

මෙය නිර්මාණය කරන ලද්දේ  Frédéric Auguste Bartholdi නම් වූ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියාය. ඇමෙරිකානු සහ ප්‍රංශ ජනතාවගේ ඒකාබද්ධ ව්‍යායාමයක් ලෙස නිමවුන ලිබර්ටි ප්‍රතිමාවේ පාදස්තලය ( Pedestal ) සෑදීමේ වගකීම ඇමෙරිකාවට පැවරුන අතර ප්‍රතිමාව නිර්මාණය කිරීම ප්‍රංශයට පැවරුනි. ප්‍රතිමාව ප්‍රංශයේදි කොටස් වශයෙන් නිපදවා ඇමෙරිකාවේදී එකලස් කිරීමට තීරණය කෙරිනි. 

අවුඩි ( Audi )

Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ  Ingolstadt, Bavaria හිය.
මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින  August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි


නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි

ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )

ටින්ටින් ගේ වීරක්‍රියා (The Adventures of Tintin ) යනු Gerges Remi හෙවත් Herge යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත.

ටින්ටින් නම්වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවි වටා ගෙතුනු ත්‍රාසජනක කථා මෙයට පාදක වූ අතර පසුව Captain Haddock,  Professor Calculus, Thomson and Thompson  සහ  Bianca Castafiore. යන චරිත ඊට ඇතුලත් විය

ටින්ටින් කථා මාලාවේ පළමුවැන්න වූ  Tintin in the Land of the Soviets බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත් පතක් වූ  Le Vingtième Siècle හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පලවිනි. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවන සහ තෙවන කථා වූ Tintin in the Congo (1930–1931) සහ Tintin in America (1930–1931) එම පුවත්පතේම පලවිය.