ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )

ටින්ටින් ගේ වීරක්‍රියා (The Adventures of Tintin ) යනු Gerges Remi හෙවත් Herge යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත.

ටින්ටින් නම්වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවි වටා ගෙතුනු ත්‍රාසජනක කථා මෙයට පාදක වූ අතර පසුව Captain Haddock,  Professor Calculus, Thomson and Thompson  සහ  Bianca Castafiore. යන චරිත ඊට ඇතුලත් විය

ටින්ටින් කථා මාලාවේ පළමුවැන්න වූ  Tintin in the Land of the Soviets බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත් පතක් වූ  Le Vingtième Siècle හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පලවිනි. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවන සහ තෙවන කථා වූ Tintin in the Congo (1930–1931) සහ Tintin in America (1930–1931) එම පුවත්පතේම පලවිය.

1940 වන තෙක් තවත් කථාංග එම පුවත්පතේ පලවූ අතර ජර්මන් නාසි හමුදාව බෙල්ජියම යටත් කර ගැනීමත් සමග පුවත්පත් ආයතනය වසා
දමන ලදි. ඉන් ටික කලකට පසු Herge මහතා Le Soir නම් නව ආයතනයකට බැඳුන අතර එහිදී ටින්ටින් කථා මාලාව නැවත ආරම්භ විය. 1944 දී දෙවන ලෝක යුද්ධය නිමවීමත් සමගම එම ආයතනයද වසා දමන ලද අතර 1946 දී  Le Lombard  නම් ප්‍රකාශන ආයතනයක් සමග ප්‍රථම වරට ටින්ටින්ගේ වීරක්‍රියා මැගසිනයක් (Tintin Magazine) ලෙස පලවිනි.

මෙම මැගසිනයේ සාර්තකත්වයත් සමග 1950 දී Studios Hergé නමින් තමගේම ආයතනයක් ආරම්භ කරන ලද Herge මහතා  1983 දී මිය යන විට ටින්ටින් කථා මාලාවේ කථා පොත් 23ක් එලිදක්වා තිබුනි. 24 වන සහ අවසන් පොත වූ Tintin and Alph-Art, 1986 දී එලිදැක්විනි.

මෙතෙක් පලවී ඇති ටින්ටින් පොත් සහ ඒවා පලවූ වර්ෂ පහත දක්වා ඇත.

1. Tintin in the Land of the Soviets (1929 -1930)
2. Tintin in the Congo (1930 - 1931)
3. Tintin in America (1931 - 1932)
4. Cigars of the Pharaoh (1932 - 1934)
5. The Blue Lotus (1934 - 1935)
6. The Broken Ear (1935 - 1937)
7. The Black Island (1937 - 1938)
8. King Ottokar's Sceptre (1938 - 1939)
9. The Crab with the Golden Claws (1940 - 1941)
10. The Shooting Star (1941 - 1942)
11. The Secret of the Unicorn (1942 - 1943)
12. Red Rackham's Treasure (1943)
13. The Seven Crystal Balls (1943 - 1946)
14. Prisoners of the Sun (1946 - 1948)
15. Land of Black Gold (1948 - 1950)
16. Destination Moon (1950 - 1952)
17. Explorers on the Moon (1952 - 1953)
18. The Calculus Affair (1954 - 1956)
19. The Red Sea Sharks (1956 - 1958)
20. Tintin in Tibet (1958 - 1959)
21. The Castafiore Emerald (1961 - 1962)
22. Flight 714 (1966 - 1967)
23. Tintin and the Picaros (1975 - 1976)
24. Tintin and Alph-Art (1986)

0 comments:

Post a Comment