පෝෂේ ( Porsche )

ජර්මනියට අයත් සුපිරි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පෝෂේ (Porsche) හි මුලස්ථානය පිහිට ඇත්තේ ජර්මනියේ Stuttgart නගරයේය.මෙහි  ආරම්භය ලෙස සැලකෙන්නේ 1931 වසරයි. ආරම්භකයා වන්නේ Ferdinand Porsche මහතාය. 

පෝෂේ (Porsche) සමාගම පළමුව තම නාමය යටතේ මෝටර් රථ නිපද වීමක් සිදු නොකෙරුණි. ඒ වෙනුවට අනෙක් මෝටර් සමාගම් වෙනුවෙන් මෝටර් රථ නිපද වීමත් උපදේශනය සැපයීමත් සිදු කෙරුණි. 
 
Ferdinand Porsche

මේ අනුව ජර්මානු Volkswagen සමාගමෙන් මහජනයාට භාවිතයට ගත හැකි මෝටර් රථයක් නිපදවීමේ කාර්යය Porshe සමාගම වෙත පැවරුණි. මෙහිදී ඔවුන් නිපද වූ මෝටර් රථය වන්නේ මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ සාර්ථකම නිර්මාණයක් වන “Volkswagen Beetle” රථයයි.

Volkswagen Beetle
1939 දී Volkswagen Beetle රථයේ උපාංග උපයෝගී කර ගනිමින් Porsche 64 රථය නිපදවන ලදී. 1945 දී දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග Volkswagen කර්මාන්ත ශාලාව බ්‍රිතාන්‍ය යටතට පත්විය. එහි සමාගම් ප්‍රධානි තනතුර දෑරූ Ferdinand ඉවත් කෙරුණු අතර යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ මාස 20ක් සිරබත් කෑමටද සිදු වුනි. 
Porsche 356
මේ අතර තුර ඔහුගේ පුත් Ferry Porsche, Porche නාමය යටතේ රථයක් නිපද වීමේ කාර්යය සැලසුම් කෙරුණි. මෙහි ප්‍රතිපලයක් ලෙස Porche 356 නිපද වන ලදී. මෙය ඔවුන්ගේ ප්‍රථම නිර්මාණය ලෙස බොහෝ දෙනා සලකනු ලබයි.මෙම රථයට සැදීමට Volkswagen රථයේ කොටස් භාවිතා කරන ලද  අතර  Porsche නාමය දැරූ  පළමු roadster මෝටර් රථය විය. 

"Coat of Arms of the Free People State" යන තේමාවෙන් Porsche සිය ලාංඡනය නිර්මාණය කලේද මෙම කාලය තුලයි. 1951 දී Ferdinand Porsche හෘදයාබාධයකින් මරණයට පත්වීමත් සමග  ඔහුගේ පුත්‍රයා වන Ferry  Porsche හට  සමාගමේ අයිතිය පැවරුණි.

Porsche 550 Spyder
1953 වන විට ඔවුන් තම වඩාත්ම ප්‍රසිද්ධ මෝටර් රථය  වූ Porsche 550 Spyder වෙළද පලට නිකුත් කිරීම අරඹන ලදී. එය වාහන කර්මාන්තය තුල වඩාම සාර්ථක මෝටර් රථය බවට පත් විය. ඉන් වසර තුනකට පසුව Porsche සමාගම තම 25 වන සංවත්සරය  සැමරුයේ  තම 10,000 වන නිෂ්පාදිත මෝටර් රථයත් වෙළඳපොළට නිකුත් කරමිනි. 

1961 දී Porsche සමාගම Ferry  Porsche ගේ පුතු වූ  Alexander  Porsche ගේ නිර්මාණ සැලසුමකට අනුව කරන ලද නව මෝටර් රථය වූ 
Porsche 911 එලි දැක්වීය. 

 Porsche 911 (1967)
1974 දී, 911 Turbo මෝටර් රථයත් 1988 දී , 911 Carrera 4 මෝටර් රථයත් Porsche සමාගම විසින් වෙළඳ පලට නිකුත් කරන ලදී.

1993 දී Detroit මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Boxter සංකල්පය යටතේ මෝටර් රථයක් එලි දැක්වීමත් සමඟ එයට ලැබූ සීග්‍ර ඉල්ලුම නිසා  Porsche සමාගම ඉන්  වසර දෙකකට පසු නව 911 Turbo මෝටර් රථය එලි දක්වන ලදී.


වර්තමානයේ Porsche හි අයිතිය සතු වන්නේ Volkswagen සමාගමටයි.
 
Porche Boxter

0 comments:

Post a Comment