පාම් දූපත් - ඩුබායි ( The Palm Islands Dubai )

ඩුබායි හි කෘත්‍රීම දූපත් - දෙවන කොටස 

palm jumeirah
Palm Jumeirah
Palm දූපත් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ කෘතිමව සාදන ලද දූපත් දෙකකි. මෙයට  Palm Jumeirah  සහ Palm Jebel Ali යන දූපත් අයත් වේ. පලමුව මෙය  Palm Deira නමින් තවත් විශාල දූපතක්ද සහිතව දූපත් තුනක් ලෙස සෑදීමට සැලසුම් කර තිබුනද පසුව මෙය  Deira Island නමින් වෙනස් කරන ලදි. 2014 වන විට සාදා නිම කර ඇත්තේ Palm Jumeirah නම් කුඩා දූපත පමණි.

මෙම දූපත් සංකල්පය ඩුබාහි පාලකයා වූ ෂේක් Mohammed bin Rashid Al Maktoum ගේ වන අතර, කෙමෙන් කෙමෙන් අඩුවන් තෙල් ආදායමට ඉදිරි කාලයේ විකල්පයක් ලෙස සංචාරක කර්මාණ්තය දියුණු කිරීම අරමුණ වී තිබේ. 

Palm Jumeirah 
2001 දී පලමු දූපත වන Palm Jumeirah හි වැඩ කටයුතු ඇරඹුන අතර 2006 දී වැඩ අවසන් විය. එය පැවරුනේ Nakheel Properties නම් ඩුබායි සමාගමකටය. මුහුදු පතුලෙන් ගන්නා ලද වැලි මගින් සම්පූරණයෙන් මෙම දූපත් සකසා තිබෙන අතර පිටත දාරය පමනක් විශාල ගල් යොදා සකස්කරණ ලද දිය කඩනයකින් ආරක්ෂාකර ඇත. මේ සඳහා යොදාගත් ගල් ප්‍රමාණය මිලියන 7ක් පමණ වෙතැයි සැලකේ.

මෙම දූපතේ හැඩය "පාම්" ගසක හැඩය ගන්නා අතර ප්‍රධාන වශයෙන්ම  විශාල කඳකින් සහ අතු 17 කින් සමන්විත වන ලෙස සකසා ඇත. මෙය ආවරණය වන ලෙස පිටතින් අඩ සඳක හැඩයට තවත් කොටසක් නිර්මාණය කර ඇත. මෙහි සුපිරි හෝටල්,නිවාස සංකීරණ,අවන්හල් හා සාප්පු සංකීරණ පිහිටුවා ඇත. මෙහි ඇති සුපිරි නිවාස ගණන 4500 ක් පමණ වෙතැයි සැලකෙන අතර. 2009 වනවිට සුපිරි හෝටල් 28 ක්  පමණද  විවෘත විය. සුපිරි "Atlantis" හෝටලයද පිහිටා ඇත්තේද මෙහිය.

Atlantis හෝටල
දූපතේ ඉහල කෙලවරේ "Atlantis" හෝටලය සහ අනෙක් කෙලවරේ ගොඩබිම්ට සම්බන්ධ වන "Gateway Towers" දක්වා, කි.මී 5.4  දිගින් යුතු Monorail ප්‍රවාහන පද්ධතියක් සකසා තිබීම තවත් සුවිශේෂි කරුණකි.

Palm Jebel Ali 
Palm Jebel Ali 

අනෙක් දූපත වූ Palm Jebel Ali හි වැඩකටයුතු 2002 දී ඇරඹුන අතර 2008 වන විට අවසන් කිරීමට සැලසුම් කොට තිබුනි. මෙය පලමු දූපතට වඩා 50% ක් පමණ විශාලය. මෙහි විනෝදාස්වාදය සඳහා යොදා ගන්නා නැව් නවත්වන වරායන් 6ක් (marinas),water theme park, 'Sea Village', ජලය මත කණුමත ඉදිවුනු නිවාස මෙන්ම ඇවිදින දිගු මංතීරු නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුනි. කෙසේ නමුදු 2008 දී ඇතිවූ ආර්ථික අර්බුදයද සමග මෙහි වැඩකටයුතු තාවකාලිකව අතරමග නතර විය. වැඩ නිමවුන පසු 250,000ක පමණ ප්‍රමාණයකට මෙහි නිවාස පහසුකම් ලබාගත හැකියි සැලකේ.

Palm Jebel Ali ඉහල මුදුනේ "World of Discovery" නමින් විනෝදාස්වාදය සඳහා කලාප ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒවා SeaWorld, Aquatica, Busch Gardens සහ Discovery Cove ලෙස 4කට වෙනකර ඇත.

පළමු ලිපිය  - ඩුබායි හි කෘත්‍රීම දූපත්

(අන්තර්ජාලය සහ විකිපීඩියා ඇසුරේනි)  

0 comments:

Post a Comment